WHO KILLED OSAMA BIN LADEN?? කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    WHO KILLED OSAMA BIN LADEN?? කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????

    කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????
    WHO KILLED OSAMA BIN LADEN??

    :eek::eek::eek::eek:
    මැයි මාසයේ 01 හා 02 දිනය....ජෙරනිමෝ මෙහෙයුම..
    :):):):)
    (NSWDG) හෙවත් UNITED STATES NAVAL SPECIAL WARFARE DEVELOPMENT GROUP එහෙමත් නැතිනම් DEVGRU එහේමත්ම නැත්නම් SEAL TEAM 6(ST6) නමින් හදුන්වා ගත් බලකායක් UNITED STATE ARMY’S 160TH SPACIAL OPARATIONS AVIATION REGIMENT නම් රෙජිමේන්තුවට අයත් MH-60 නම් වු අලුත් කරන ලද හෙලිකොප්ටර යානා 02 කින් සෙබළුන් 24 දෙනෙකු පාකිස්ථානයට රැගෙන ගොස් සාර්ථකව මෙහෙයුම අවසන් කරන ලදි...
    අපි ඇහුවේ ඔය ටික තමා නේද???
    :nerd::nerd:

    NavySealsDEVGRUDesign.jpg


    හා....හා....:lol::lol: මාතෘකාව එහේම තිබුනට කතාවත් එහේම වුනාට කට්ටිය හැමෝම දන්නවා ඇමරිකානු හමුදාව තමා ඔසාමා මරා දැම්මේ කියාලා..ඒහේම නේද?? :yes::yes::yes:
    ඒත් මේ කියන්න යන්නේ කවුරුත් දන්න කියන අල්කයිඩා නායකයා මරන්න හවුල් වෙච්ච එහේමත් නැත්නම් සැලසුම් හදලා,තොරතුරු හොයලා මේ ජෙරනිමෝ මෙහෙයුමට හවුල් වුන ඇමරිකානු ප්‍රධානතම අංශ ගැන කෙටි විස්තරයක්...:nerd::nerd:
    හමුදා,ඒජන්සි,බුද්ධි අංශ ආදි අංශ සියල්ලම මේකට ඇතුලත්...සමහර ඒවයේ නම් හොදට අහලා පුරුදුයි.... :):):)
    මොනවාද මේ ගොල්ලෝ කරන්නේ ??? :shocked::shocked::shocked::shocked:
    මම හිතනවා මේක වැදගත් දෙයක් වෙයි කියාලා! අන්තර්ජාලයෙන් ම තමා මේ විස්තර හොයාගත්තේ.....:yes::yes:
    කියවලාම බලලා අදහසක් දාලාම යන්න හොදද!
    :)

    UNITED STATES SPECIAL OPARATION COMMAND (USSOCOM)
    US+Special+Operations+Command+Emblem%255B1.5x1.5%255D.png

    ඇමරිකානු යුධ ගුවන්,නාවික හා මැරීන් සෙබලුන්ගේ විවිධ වු විශේෂ රහස් මෙහෙයුම් සඳහා භාරව අණදෙන කටයුතු සිදුකරනුයේ මෙයයි.ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේම කොටසක් ලෙස හදුන්වන මෙය ට්‍රැම්පා, පෝලෝරිඩාවේ ට්‍රැම්ප්‍රා මැක්ඩ්‍රිල් ගුවන් හමුදා කදවුරේ මුලස්ථානය පිහිටා ඇත.මෙහි විවිධ මෙහෙයුම් සඳහා ශාඛා ඇත.එනම් රහසිගත මෙහෙයුම්,යුධ මෙහෙයුම්,වෙනත් රටවල් තුල සිදුවන මෙහෙයුම්,ක්ෂණික මෙහෙයුම්,මත්ද්‍රව්‍ය වැටලීම් , යන ආදි මෙහෙයුම් එම අංශ වලට වෙන්කොට ඇති අතර ප්‍රධාන මෙ‍හෙයුමකදි සාමුහික මෙහෙයුම් කිරීමද සිදුකෙරේ...:):)

    CENTRAL INTELIGENCE AGENCY – (CIA)
    CIA+%255BEMBLEM%255D%255B1.5x1.5%255D.png

    දෙවන ලෝක යුධ සමයේ Office Strategic Service (OSS) නැමති ආයතනය දියුණු කරමින් පිහිටවු තම රටේ ජාතික ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වන ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු ඒජන්සිය මෙයයි..:yes::yes:
    බුද්ධි අංශ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ. ඇමරිකානු ජනපති හා එරට ඉහල පෙල නීති සකසන්නන්ගේ උපදෙස් හා ඉල්ලීම් මත ක්‍රියාත්මක වේ.ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂතුමාගේ යටතේ ක්‍රියාත්මක වේ. මේ ඒජන්සිය මගින් වෙනත් රටවල තොරතුරු සෙවීම්,ආයතන පුද්ගලයන් ගැන තොරතුරු සෙවීම් හා නිතී සකසන්නන් හට උපදෙස් ලබා දීම සිදුවේ.


    NATIONAL SECURITY AGENCY (NSA)
    National+Security+Agency+Seal+%255BNSA%255D%255B1.5x1.5%255D.png


    CSA යනු ඒකාබද්ධ මෙහෙයුම් වලදි NSA හා ඇමරිකානු හමුදා අතර සම්බන්ධය ඇති කර දෙනු ලබන ඒජන්සිය වේ.
    NSA හෝ CENTRAL SECURITY SERVICE යනු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති වෙනත් රටවල හා තම රටේ සන්නිවේදන ක්‍රියාවලි හෙවත් රහස් වචන වලින් කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලින්ගේ තොරතුරු සොය බලන ඒජන්සිය වේ.ඒ වාගේම ඇමරිකාව සතුව ඇති රහසිගත තොරතුරු පද්ධති හා සන්නිවේදන ක්‍රම ආරක්ෂා කර ගැනීමද මෙහි කාර්යයක් වේ.. ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂතුමාගේ යටතේ ක්‍රියාත්මක වේ.:yes:
    මෙහි රාජකාරි සන්නිවේදන ක්‍රියා සම්බන්ධ බුද්ධිකටයුතු පමණක් වන අතර පුද්ගල බුද්ධි තොරතුරු සොයනු නොලැබේ.:no::no:

    JOINT SPECIAL OPERATIONS COMMAND (JSOC)
    Joint+Special+Operations+Command+Emblem+%255B1.5x1.5%255D.png


    (USSOCOM) හීම ශාඛාවක් වන අතර 1980දී කර්නල් චාල්ස් බොක්විත් විසින් ආරම්භ කරන ලදි. මෙමගින් (SMU) SPECIAL MISSON UNITS ආදිය පාලනය කරනු ලබන අතර විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය,අවි ආයුධ භාවිතය,තාක්ෂණය, සැලසුම අධ්‍යනය, පුහුණුව අදාල වන අංශ එකතු කොට සංවිධානය කරවන්නේ මෙයයි. මෙහි පුහුණුවන්නන් විශේෂ මෙහෙයුම් සඳහාම යොදවන අතර අප කවුරුත් අසා පුරුදු DELTA FORCES :yes::yes: හෙවත් THE ARMY’S 1ST SPECIAL FORCES OPARATIONAL DETACHMENT -
    කුඩා කණ්ඩායම්ද අයිති වන්නේ මෙයටයි.


    UNITED STATES NAVAL SPECIAL WARFARE COMMAND (NSWC)
    DEVGRU+Emblem+%255B1.5x1.5%255D.png

    (NAVSOC) ලෙසද දක්වයි. 1987 /04/16 දින කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ Naval amphibious කදවුරේ දි ආරම්භ කරන ලද අතර, මුලස්ථානය ට්‍රම්පා මැක්ඩ්‍රිල්, පෝලෝරිඩාවේ පිහිටා ඇත.විශේෂ මෙහෙයුම් වලට අදාල වන පුහුණු වීම් ලබා දිම සිදුකරන අතර විශේෂයෙන් ම ලෝක ත්‍රස්ථවාදයට එරෙහිව සටන් කල හැකි කුඩා කණ්ඩායම් ලෙසද තනි තනිව සටන් කිරීම් සඳහා පුහුණුවීම් ලබාදෙන අතර සබ්මැරීන්, නැව් හා ගුවන් යානා පැද වීම පිලිබඳව ද වු පුහුණු ලබා දෙනු ලබයි.

    UNITED STATES NAVY SEALS

    US+Navy+Seals+Emblem+%255B1.75x1.3%255D.png

    NavySealsDEVGRUDesign.jpg


    ඇමරිකානු නාවික සීල් බලකාය... SE a - මුහුද, Air -ගුවන් Land -භූමීය යන තුනෙහිම සටන් සඳහා පුහුණුව ලත් විශේෂ බලකායක් වන අතර සාමාන්‍ය යෙන් “නේවි සීල්“ “NAVY SEALS” ලෙස හදුන්වනු ලැබේ.වෙනත් රටවල මෙවැනි බලකා ඇතත් මේ බලකායේ තවත් විශේෂතාවයක් වන්නේ කිමිදුම් මෙහෙයුම් හෙවත් දිය යටදී එල්ල කරනු ලබන මෙහෙයුම් සඳහාද දක්වන දක්ෂතායි...ක්ෂණික ප්‍රහාර, වෙනත් රටවල් තුලට ඇතුල්වී පහර දීම්,ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම් ආදි සඳහා යොදවන අතර සාමාජිකයින් සියල්ලම පිරිමි අය පමණක් වේ...මෙහි 06 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද පිහිටවා ඇති අතර UNITED STATES NAVAL SPECIAL WARFARE DEVELOPMENT GROUP (NSWDG) එසේ නොමැති නම් DEVGRU යන නමින් හදුන්වයි.
    US+Navy+Seals+-+Seal+Team+6+%255BSSI%255D%255B1.5x1.5%255D.png


    UNITED STATE ARMY’S 160TH SPACIAL OPARATIONS AVIATION REGIMENT
    (AIR BORNE)

    160th+SOAR+%255BDUI%255D%255B1.5x1.5%255D.png


    විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන විශේෂ ආකාර වල ගුවන් යානා හෙලිකොප්ටර් යානා ලබා දෙනු ලබන්නේ මෙම රෙජිමේන්තුවයි.කෙටි දැනුම් දීමකින් ඉතාමත් ඉක්මනින් ප්‍රහාර එල්ල කිරීමේ හා රාත්‍රි කාලයේ ප්‍රහාර සඳහා විශේෂිත පුහුණුව ලැබුවන් වේ. සෝර්,කැම්ප්බෙල්,කෙන්ටකී හි මුල්ස්ථානය පිහිටා ඇති අතර NIGHT STALKERS යන නමින්ද හදුන්වනු ලබයි.

    NATIONAL GEOSPATIAL INTELIGENCE AGENCY (NGA)
    National+Geospatial-Intelligence+Agency+NGA+%255BSeal%255D%255B1.5x1.5%255D.png

    ඇමරිකානු හමුදාවන්ගේ මෙහෙයුම් සදහා අවශ්‍ය වන්නාවු සිතියම් හා භුමිය පිළබඳ චන්ද්‍රිකා ජයාරූප ආදිය සපයා දෙනු ලබන්නේ මෙම ඒජන්සිය මගිනි.උතුරු වර්ජිනීයා,වොෂින්ටන් ඩී සී හි මුලස්ථානය පිහිටා ඇති අතර ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල සහෝ............
    ස්තූතියි විස්තර වලට................
    නොදන්න දේවල්............
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mamath oya ekakata set wenna inne ban job ekak nathuwa weli weli inna nisa application ekak dala balanna one chamika ithin apita sup eka aragena denawaneee