ජීවිතයක් දානය කළෙමි.
කැම්පස් (කැළණිය ) යනකොට හැමදාමත් දකින දර්ශනයකින් හිත සසල වෙනවා.. මාලිගාවත්තෙ මස් කඩ පේලියට .. කීප තැනකම පණ පිටින් කුකුළොත් ඉන්නවා.. එයාලව ස්ටොක් එක අඩු වෙනකොට මරනව වෙන්න ඇති. ඔක්කොම එක පාරටම මැරුවොත් Freezer එකේ තියන්න වෙනව.. එතකොට light bill එක වැඩි වෙනව නෙ.
මස් කඩ පේලියෙ එක තැනක මේ පණ තියෙනෙ කුකුළො ටික ඉන්නෙ ගහක එල්ලලා. ගිනි අව්වෙ. කොහොමත් මරන නිසා එයාලව අව්වෙ තිබ්බට කමක් නෑ කියල මස් කඩේ මුදලාලි හිතනව වෙන්න ඇති. මට නම් හරිම දුකයි . ගහේ එල්ලල ඉන්න කුකුළන්ට පේන තැනක තමයි විකුණන්න තියෙන චිකන් තියෙන්නෙත්. එයාලටත් පේනව ඇති drumsticks, wings, gizzards, whole chicken.... එල්ලිලා ඉන්න ගමන් මොනවා හිතනව ඇතිද ??
කුකුළන්ට විචක්ෂණ බුද්ධියක් නෑ කියල තමයි කියන්නෙ. ඒත් එක එක ඇතුළට අරන් ගිහින් , පිහාටු ගැළවිලා, කෑලි වෙලා, display rack එකට ආපහු එනකොට පොඩ්ඩක් හරි මරණ බය හිතෙනව ඇති කියල මට හිතුණ. හැමදාම සෙනසුරාදට දකින මේ දර්ශනය දර්ශනය නිසා මම vegitarian උන එක ගැන ගොඩාක් සතුටුයි.
මට හිතුණ මේ වගේ මරණෙට නියම වෙච්ච සතෙක්ව නිදහස් කරන්නම් කියල.
ඒත් logistical ගැටළු ගොඩාක්:
අන්තිමට මෙහෙමයි උනේ:
අද 2011 මැයි මාසෙ 15 වෙනිදා උදේම මම ගියා රත්මලානෙ මස් කඩේට. ඒ වෙලාවෙ තමයි ලොකු ලොරියකින් පණ ඇති කුකුළ්ලු ගෙනාවෙ. පොඩි පෙට්ටි වල හිර වෙලා වකුටු වෙලා හිටියෙ. ඊයෙ රෑ වැස්සට තෙමිලද කොහෙද පිහාටු ඔක්කොම තෙතයි. ඉවසන්න බැරි තරම් ගඳ. මුදලාළිගෙන් අහුවා "මේ එක්කෙනෙක් මට පණ පිටින් ගන්න පුළුවන් ද" කියලා. මම හිතාගෙන හිටියෙ මසට මරන්නෙ කුකුළො කියල.. ඒත් ලොරියෙ තිබුණ හැම පෙට්ටියෙම කිකිළියො හිටියෙ.
මට 2KG සතෙක් තෝරලා දුන්නා. රුපියල් 700යි.
සල්ලි ගන්න ගමන් මුදලාළි කියනව "ඔයා තමයි පළවෙනි බිස්නස් එක අද දවසට.. හොඳ දෙයකට නෙ" කියලා. පවු.. මම හපොයි මේ පව් කාර බිස්නස් එකක් කියල හිතෙන් කිය කියා හිටියෙ.. අද බිස්නස් පාඩු වෙන්න ඇති.. ඒ පැත්තෙ ආයෙම යන්න නම් හොඳ නෑ ටික දවසකට..
කිකිළිව shopping බෑග් එකකට දාල දුන්නා. පවු එයාගෙ බඩ පැත්ත අර පෙට්ටියට තෙරපිලා අසුචි වලින් නෑවිලා තිබුණෙ.
මම එයාව නිදහස් කරන්න හිතුවෙ ලුනාව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයෙ. ගෙදර ගෙනියන්න ආසයි. ඒත් බලු රාල ඉන්නව නෙ. අනික අපිට ලොකු මිදුලකුත් නෑ. ඉතින් හාමුදුරුවන්ගෙ අවසරෙයෙන් පන්සලේ ඉන්න කිකිළිට පුලුවන්. පන්සලේ දේවාලවලට පූජාකරපු තවත් කුකුළො ඉන්නවා.. ඉතින් මිනිස්සුන්ගෙන් පරිස්සම් ඇති කියල මම හිතනව. පන්සලේදි කකුල් වල ලණු ලිහලා මම කිකිළිව අතෑරියා. පවු.. බයටම ගල් ගැහිල වගේ.. ටිකකින් එහාට මෙහාට අවිද්දා.. එයාව බලන්න boyfriends ල දෙන්නෙකුත් දුවගෙන ආවා.. සතුටින් ඉන්න කියල මම කිකිළි වෙනුවෙන් හිතුවා.
අනාගතය හොඳ වෙන්න කියල හිතනවා.. ඒක කිකිළිගෙ වෙලාව.. මම කලේ අද මස් කඩේදි නියත මරණයකින් බේරගත්ත එක විතරයි. කළවැද්දෙකුට, මස් වැද්දෙකුට කිකිළි අහු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. ඒත් සත්තු, මනුශ්‍යයො ඔක්කොම තම තමන් ගෙ කුසල අකුසල කර්ම විදියට නෙ ඉතින් ඉන්නෙ.
ගොඩාක් සතුටුයි මට.

හරකෙක්? එළුවෙක්? කුකුළෙක්? ද ?
- නිදහස් කලාට පස්සෙ එයා ඉන්නෙ කොහෙද ?
- එක දං ගෙඩියකින් තවත් දං ගෙඩියකටද මම මේ එක්කගෙන යන්නෙ (හැම වෙලාවෙම එයා ආරක්ෂිතද ?)

Last edited: