දියවැඩියාව-Diabetes.වරක් වත් කියවන්න

lifeisfantacy

Member
Nov 24, 2006
20
9
0
දියවැඩියාව-Diabetes.වරක් වත් කියවන්න

දියවැඩියාව-Diabetes.වරක් වත් කියවන්න

(godak mahansi wela liyapu ekak.samahara images EK eke danna be.e nisa puluwan nam www.****.blogspot.com ekata gihin sampoornayen kiyawala comment ekak danna)

www.***.blogspot.com

මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝදයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

1.Type 1
මෙය බොහෝ විට උපතේ පටන් පැවත එන්නක් විය හැකි.මෙහිදී ඉන්සියුලින් නිපදවීම සිදුවන්නෙ නැහැ.
මාරාන්තික ලෙස සලකන්න පුලුවන්.මොවුන්ට කුඩා කල පටන් ඉන්සියුලින් කෘතිමව ලබාදිය යුතු අතර රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය පිලිබදව නිතරම සෙවිල්ලෙන් සිටිය යුතු වෙනව.

2.Type 2
මෙය සාමාන්යෙන් මැදිවිය එලැඹීමත් සමග ඇතිවන තත්ත්වයක්.පවුල් පසුබිම මෙන්ම ජීවන රටාවත් මෙම රෝගය සදහා බලපානවා.
අප බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන්නෙ මෙම තත්ත්වයයි.මෙය ඉහත කී ආකාරයෙන්ම මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා.
දිනපතා ප්‍රතිකාර ගැනීම මගින් හා ආහාර පාලනය මගින් මෙම තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.නමුත් සුවකල නොහැක්කක් ලෙස සලකන්න පුලුවන්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවද??
ඔබ පහත සදහන් තත්ත්වයන් අත්දකිනවා නම් එය දියවැඩියා රෝගය නිසා වියහැකි.


නිතර නිතර මුත්‍රා පිට වීම
අඨික පිපාසය
රාත්‍රිය කාලයේදී නිතර නිතර මුත්‍රා පිට වීම
අසාමාන්්‍ය ලෙස මහන්සි ගතියක් දැනීම
අසාමාන්්‍ය ලෙස බර අඩු වීම(කෙට්‍ටු වීම)
දෑස් පෙනීමේ දුර්වලතා



මේ ලක්ෂන එකක් හො කිහිපයක් ඔබ අත් දකිනවානම්,අත්විදිනවානම් ඔබ මැදිවයසෙ හෝ ඔබේ පවුලෙ දියවැඩියා තත්වය තියනවා නම් රුඨිර පරීක්ෂනයක් කර ගැනීම නුවණට හුරුයි.

දියවැඩියාව ඇතිවග තහවුරු කරගන්නේ කොහොමද?


එය සරල රුඨිර පරීක්ෂවකින් කරගන්න පුලුවන්.
ඔයාලා දන්නවා ඇති Glucometerඑක. එමගින් කෙරෙන්නේ රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මනින එක.(lab එකකින් බලාගන්න එක වඩා යොග්්‍යයි.)
අපි කිසිම සූදානමකින් තොරව අහම්බෙන් රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මැන බැලුවිට එය 200mg/dl (11.1 mmol/l)නම් හෝ ඊට වැඩි නම් එය දියවැඩියා තත්ත්වය
ඇති බව දක්වනවා.නමුත් දියවැඩියාව තහවුරු කර ගැනීමට පහත සදහන් පරීක්ෂනය සිදුකරනවා.

OGTT(Oral Glucose Tolerance Test)

දින 3ක් පමන රොගියාට තම සුපුරුදු ආහාර පාන අනුභව කරන්නට සලස්වන අතර දින 3 අවසානයෙදී රොගියාට කිසිම ආහාරයක් නොගෙන(තේ වත් නොගෙන)
පැය 8ක් 10ක් පමන රාත්‍රියේ සිට නිරාහාරව සිට පසුදා පැමිනෙන ලෙස දන්වනවා.
රොගියා පැමිනි පසු ඔහුගෙන් රුඨිර සාඅම්පලයක් ලබාගෙන පසුව,
ඔහුට ග්ලුකෝස් ග්‍රෑම් 75ක් වතුර 250ml පමන දියකර බොන්න සලස්වා පැය 2කට පසු නැවත රුඨිර සාම්පලයක් ලබා ගන්නවා(ඇතම් විට ආවස්ථා 2දීම මුත්‍රා සාම්පල්ද ලබා ගන්නවා.)



සාමාන්්‍ය නිරාහර රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 3.9-6.1 mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 7mmol/l දක්වා හො ඊට වඩා වෙවැඩි වෙනවා

2HAG(එනම් ග්ලුකොස් දීමෙන් පසු) සාමාන්ය රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 4.4-7.8mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 11.1mmol/l හෝ ඊට වඩා වැඩි වනවා.මෙමගින් දියවැඩියා තත්ත්වය හදුනාගන්න පුලුවන්.......

දියවැඩියාව silent killer කෙනෙක් .එම නිසා අවබෝදයෙන් හා අවදානයෙන් සිටීම වැදගත් කියා මා සිතනවා..
මෙම ලිපියෙන් දියවැඩියාව පිලිබදව හා එය හදුනා ගන්නා ආකාරය පිලිබද දල අවබෝදයක් ලැබෙන්න ඇතැයි සිතනවා
 
Apr 19, 2011
5,700
210
0
එල එල හොඳ ලිපියක්.ස්තුතියි මචන් (කොහෙන්ද බං 2006 එකක් හොයාගත්තේ ? :shocked: :lol:)
 

lifeisfantacy

Member
Nov 24, 2006
20
9
0
සිංහළයා;10159953 said:
එල එල හොඳ ලිපියක්.ස්තුතියි මචන් (කොහෙන්ද බං 2006 එකක් හොයාගත්තේ ? :shocked: :lol:)
hehe..yaluwek gen..sinhala typ karanna thama purudu wenawa..samahara images EK eke danna be.www.sabithl.blogspot.com eke full articl eka tiyanawa
aluth eka baaganna thenak kiyanawada???
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න වරක් කියෙව්වා...... නියමයි මචන් :P