යථාර්තය වියතෙකු ඇසින්
සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන්නේ කවුද ?
Source
=>http://www.divaina.com/2011/04/24/feature13.html
බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වර්ෂ 2011 වන විට වසර 2600 ක් සම්පූර්ණ වීම නූතනයෙහි දැකිය හැකි බොහොමයක් බෞද්ධ ක්‍රියාකාරකම්වලට ආකර්ශනීය හේතු පාඨයක් වී ඇත. සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය වන්නේ එකම ආකාරයකට සකස් කළ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් සැරසෙමුය යන උදාන වැකිය සහිත දැන්වීම් පුවරුය. එකම තැනකින් එකම ආකාරයට එකම වැකියක් රට පුරා ප්‍රදර්ශනය කරවමින් මේ පෙන්වා දෙන්නේ සම්බුද්ධත්වය අප හැමට අතිශය ගෞරවයෙන් සැමරිය යුතු බවය. සැබවින්ම සම්බුද්ධත්වය මිනිසකු විසින් සාක්‌ෂාත් කරගත හැකි අග්‍රතර ඵලය බව විවාද රහිත කරුණකි. අපමණ දුකින් පිරී ඇති මිනිස් දිවියෙහි සැප ලෙස අප දකින දෙයද සැබවින්ම දුකකි. එසේ නම් මානව ජීවිතයෙහි කේන්ද්‍රීය සංරචකය දුකය. මුලු මහත් මානව දිවිය පාලනය කරන මෙම දුක කුමක්‌ද? එය නැති කිරීමේ වැදගත් අවශ්‍යතාව, දුක ඇති වන්නේ ඇයි? දුක නැති කරන මග කුමක්‌ද යන කාරණා මේ නිසාම ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් අවබෝධ කර ගැනීම මුලු මහත් විශ්මයම තේරුම් ගත හැකි අසිරිමත් ප්‍රඥවන්ත දැනුමකි. එම දැනුම ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් පිරිසිඳ අවබෝධ කර ගැනීම අප සැමරිය යුත්තේ කෙසේද? නවීකරණයට බඳුන් වූ නූතන සමාජයෙහි සිටින අප නූතනයෙහි ආගම මුහුණ දෙන අභියෝග තේරුම් ගෙන මෙම උත්කෘෂ්ට ප්‍රඥවන්තභාවය දෙස බැලිය යුතුය. පිළිවෙතින් පෙළ ගැසෙමුය යන්න විවිධාකාරව අර්ථ දැක්‌විය හැකි වදනකි. එහෙත් සම්බුද්ධත්වයෙහි සුවිශේෂත්වය බලන විට එය සමරන අප පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කුමන සමාජ සන්දර්භයකද? එහිදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද? කියා විමසුන් නැණින් තීරණය කළ යුතුය.
මෙයට වසර 55 කට පෙර බුදුන්වහන්සේ පිරිනිවීමෙන් වසර 2500 ක් පිරීම සැමරීමට බෞද්ධ සමාජය දායක වූ ආකාරය ඒ සමයේ පැවති සමාජ සමය අවශ්‍යතා තේරුම් ගැනීමට පහසුවකි, එකළ සිදුකළ ප්‍රබල කාර්යයක් වූයේ බුද්ධ ජයන්ති කාරක සභාවක් මගින් ත්‍රිපිටක ධර්මය සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කිරීමයි. ඒ සඳහා ත්‍රිපිටක සංස්‌කාරක මණ්‌ඩලයක් පත් කෙරුණේ ධර්මධර බහුශ්‍රැත මහ සඟරුවනේ මූලිකත්වයෙනි. මේ වනවිට සියලු ත්‍රිපිටක ග්‍රන්ථ අංග සම්පූර්ණ ශුද්ධියකින්ද යුතුව සිංහල පිරිවර්තනයකින්ද නිම කොට ඇත. ඒ සමග අට්‌ඨකථාද මේ වනවිට සිංහලයට නගා අවසන් කොට ඇත. මෙය ලක්‌දිව බුදු සසුනේ චිරජීවනය පිණිස ඉටුකළ අද්විතීය කාර්යයකි. මෙවැනි වැදගත් කාර්යයක් කිරීමට හැකි අධ්‍යාපනික ශාස්‌ත්‍රිය හා සමාජ පසුබිමක් පනහ හැට හැත්තෑව දශකවල මෙරට දක්‌නට ලැබුණි. මෙවැනි හරවත් කාර්යයන් ඉල්ලා සිටින සමාජයක් එවකට ගොඩනැඟී පැවතුණි. එහෙත් දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමට බලා සිටින සමාජය සැබවින්ම එසේද? නූතනය ආචාරාත්මක පදනමකින් තොරව හඳුන්වා දුන් විවෘත ආර්ථිකයෙන් බැට කෑ සමාජයකි. දියුණු ධනවාදී රටවල දැකිය හැකි වෙළෙඳ පළ ආර්ථික ක්‍රමයන්හි, දුර්විපාක ජනිත කරන බලයක් මැඬලීමේ යාන්ත්‍රනයන්ද දක්‌නට ලැබෙතත්, මෙරටෙහි එවැන්නක් දක්‌නට ලැබුවේ නැත. එම අර්ථ ක්‍රමයේ දර්ශනය කෙසේ හෝ මුදල් උපයා ගැනීමයි. එය සදාචාරමය පසුබිමක සිදු විය යුතුය යන්න ඉන් ඉඳුරා අදහස් නොවේ.
මෙම ආර්ථික අවශ්‍යතාව සහ ආගම එකම සමාජයක පවතින විට දැකිය හැකි දුර්දාන්ත ලක්‍ෂණ අද අප සමාජයෙහි දැකිය හැකිය. නූතන මිනිසා මුදල් ඉපයීමේ උපකරණයක් වී ඇත. මෙලෙස උපකරණයක් වූ මිනිසාට තමන් කරන්නේ නරක දෙයක්‌ය යන්න නොවැටහෙනවාත් මෙන්ම තමා අවසානයේ ඒ සමාජයෙන්ම රැවටෙන බවද නොවැටහේ. මෙබඳු පසුබිමක ආගම හා බැඳුණු ප්‍රජා චාරිත්‍ර යාතු කර්ම හා විචිත්‍ර වැඩසටහන් නවීකරණය වෙමින් ඉදිරියට ඇදී යයි. මිනිසුන් ආගම ලෙස දකිනුයේ තම ජීවිතයට සමීප කරගත් ආගමික ධර්මතා නොවේ. එම පුද පූජාවල පවතින බිස්‌තාරික විචිත්‍ර බවයි. බෝධි පූජා, පහන් පූජා, පැවිදි කිරීමේ පිංකම්, නායක උත්සව ආදී සියල්ලම නූතනයෙහි පෙරට එන්නේ නිවන් ලබා ගන්නා බලගතු පිංකම් හැටියටය. තෘෂ්ණාවෙහි දාසයෙකු වී, නොයෙක් බඩු භාණ්‌ඩ අයිතිකර ගැනීමේ නොනවතින සටනක යෙදී සිටින නූතන මිනිසාට තෘෂ්ණාව අඩුකර ගත යුතුය යන පණිවුඩය නිකම්ම නිකම් නීරස වාක්‍යයකි. වෛර්ණ භෞතික ආවිචින්න කරා ඇදී යන නූතන බෞද්ධයාට තමා දන්නා ආගමද එලෙස නවීකරණය කොට ගැනීමට අවශ්‍යතාවක් ඇත. එසේ නොමැතිව එම ආගමට හා ආගමික සංස්‌ථාවලට පැවතිය නොහැක.
මේ තත්ත්වය අද zජනප්‍රිය බුදු දහමZ තුළ දර්ශනය නොවෙයිද? ඉතාමත් ප්‍රබල ආරක්‍ෂණ පූජාවක් වන පිරිත් ශ්‍රද්ධාවෙන් දිනපතා කියවීම එදා බෞද්ධයන්ගේ ආගමික වන්දනය විය. අද නවීකරණ සමාජයේ සියලුම ජනමාධ්‍යයන් පිරිත් සියල්ලම ප්‍රචාරය කරන්නේ එකම වේලාවටය. ගුවන් විදුලිය හෝ රූපවාහිනියෙන් එම නාලිකා ක්‍රියාත්මක කොට තම තමන්ගේ සුපුරුදු කාර්යයන් කර ගැනීමට නූතන බෞද්ධයා හුරුවී ඇත. ඔවුන් ඉල්ලා සිටින ඝෝෂාකාරී සමාජයේ පිරිස් තවත් ඝෝෂාවක් පමණි. පිරිත් ගෙදරක දැකිය හැක්‌කේ ද මෙබඳුම අලස නීරස තත්ත්වයකි. මේ සියල්ලම කරන්නේ කළ යුතුම නාමික තත්ත්වයෙනි. මේ මතුපිට පුද පූජාවලට විචාරයෙන් තොරව නැඹුරුවීමට නූතන සමාජය පෙළඹී සිටින්නේ ආගම් මූලික අන්තර්ගතයෙන් ඔවුන් බොහෝ ඈතක සිටින හෙයිනි. මෙබදු සමාජයක් පෙළ ගැසෙන්නේ සම්බුද්ධ ජයන්තිය තවත් සැණකෙළියක් කොට උද්දාම වීමට පමණි. එහෙත් සිදුවිය යුත්තේ එය නොවේ. අඩුම තරමේ පන්සිල් සුරකින සමාජයක් කරා මූලික අඩිතාලම දැමීමටය. සැබවින්ම එය අද කළ හැකිද?
ශ්‍රී ලංකාව මත් පැන් පානයෙන් ඉතා ඉහළ තැනක සිටින්නේ දැනට දශක ගණනාවක සිටය. සිංහලයාගේ ප්‍රධාන ජාතික උළෙල මුලුමනින්ම අරක්‌කු විසින් අපිරිසිදු කළ උත්සවයකි. මෙවැනි දැය හදා ගැනීමට බොදු ආකල්ප ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේ ඉඩ හසර කියා දිය යුතුය. හුදු උත්සව පැවැත්වීමෙන් මේ තත්ත්වයෙහි වෙනසක් අපේක්‍ෂා කළ නොහැක.

) 