පාලම යට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයරිං ජොසපිං රොසලිං කැතරිං...
    ටැමරිං බැමලිං කෝ බොල එමලිං...
    ජිංගලිං ජිංගලිං ගහපං වයලිං....
    නටපං කැතරිං නටපං කැතරිං.... :lol::lol:

    පාලම යට අපෙ ෆන් වැඩි ලෝකේ...
    දවල්ට වැඩියෙං රෑ මරු ඒකේ.....
    කට්ටි මාරුවට නින්දත් ඕකේ....
    කියල දෙන්න අද අහපං බොක්කේ... :yes::yes:

    උඩ ලොකු ලොක්කෝ කාර් වල යන්නේ...
    අපෙ පොඩි ටික්කෝ රිම් එක ගන්නේ...
    ගානට කෝට්ට සෙට් කරගන්නේ...
    හිතමින් ප්රාඩෝ එක එළවන්නේ... :):):yes:

    ඇරපං ඇරපං කරාමෙ ඇරපං......
    දුවපං දුවපං හනිකට දුවපං....
    නාපං නාපං හොද හැටි නාපං...
    දීපං දීපං මට ඉඩ දීපං.... :cool:

    පව්ල් දෙසීයක් ඉන්නා වත්තේ
    එක පයිප්පයයි හැමටම ඇත්තේ....
    හැම වැඩටම එයමයි උඩ අත්තේ...
    පොලිමෙ ඉදලා වැඩ කර ගත්තේ... :yes::yes:

    උදෙන්ම වැඩකට යන්ටයි කියලා....
    පහට නැගිටලා ගියෙ ටැප් බලලා...
    බාගෙට නාද්දි වතුරත් හිටලා...
    හුටා බැලින්නම් අද ජෝ කපලා... :shocked::shocked: :growl::growl::nerd:

    එක ටැප් එකකට ටොයිලට් හතරයි...
    ලැට් අමාරු නං මහ ගොඩක් තියෙයි...
    තිස් පස් දෙනෙක්ට පෝලිමක් හැදෙයි...
    බලං ඉන්නකොට මගදිම ලැට් යයි... :shocked: :eek:

    මදන මොදකේ ගහලද ඉන්නේ...
    ඔය කුඩු පොඩ්ඩක් මට දීපන්නේ.....
    කූරු මලක් ගෙන ඔතලා බොන්නේ...
    කුමටද කුසලට කම්මැලි වෙන්නේ... :yes::yes:

    ගල් කාලක් ගසලා අමු අමුවෙන්....
    සියදෝරිස් එයි බාගෙට හෙලුවෙන්...
    උදේ යද්දි උගෙ ගමන සයිකලෙන්...
    හවස බලද්දී ගමන කානුවෙන්... :lol::lol:

    කැතරිං අක්කා ෆැන්ටා විකුනයි...
    සුරලොව ගාවට ට්රාන්ස්පෝට් ඇතිවයි...
    ගානට පදමට දී ඈ සෙලවෙයි...
    බඹන ‍මතෙන් අපෙ ඔළු ගෙඩි සෙලවෙයි... :confused::cool::cool:

    දාමු සාජ්ජයක් අව්රුදු දවසට...
    නැතිනං අව්රුදු හෝ ජය මගුලට...
    සර්පිනාව හා ඩොල්කි එකතු කොට...
    නටෝලා අරගමු නංගිලා ටිකකට... :yes::yes:;)

    ඇසිලින් අක්කා ලොකු ලොකු වැඩ දෙයි...
    මැගිලිං අක්කා ඈ පස්සෙන් යයි...
    දෙන්නම බෙලිකටු සෙට් එක සොලවයි...
    දන්නෙ නැද්ද ඔය වැඩ හරිම සැරයි.... :shocked::shocked: ;)

    මොනව කලත් අපි එක පණ වාගේ...
    කොයි දේටත් ගන්නවා සහයෝගේ....
    අගහිග කම් තිබුනත් ගෙයි බාගේ...
    නෑ හැර යන්නේ මේ ආ දීගේ....

    කදුලට සුසුමට නෑ පඩි ගෙව්වේ...
    සතුට සොම්නසම පමණකි හෙව්වේ...
    වැස්සට තෙමිලා වේලුනි අව්වේ...
    පාලම යට ඉදලයි කවි ලිව්වේ...
    :yes::yes::yes:
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පාලම යට කීවම මම හිතුවා ෆිල්ම් එකවත්ද කියලා.. කවි පෙල හොදට කරලා තියනවා මචන් එල!