සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං

    වසරින් වසරට කාලය ගෙවුනා....
    මා ඉපදී විසි වසරක් ගෙවුනා...
    විභාග තරගය අඩපන කෙරුනා..
    කැම්පස් යන්නට ලකුණු අඩු උනා..

    මොනව කරන්නද හිතා ගන්න බෑ...
    ආයෙත් උ පෙළ ලියන්නටත් බෑ...
    කොල්ලෙ සෙට් එකේ ඇසුර තවත් බෑ..
    මගෙ නිදහස දැං මා හට ගනු බෑ.....

    ගොං බානක් දක්කනවා වාගේ...
    මව්පියො අල්ලං දෑතම මාගේ..
    ප්රයිවට් ක්ලාස් දෙක තුනක් ම වාගේ..
    ගෙනිහින් දැම්මා ඒ මළ දීගේ....

    සදුදා අගහරුවාදා බදාදා....
    ඉංග්ලිශ් ක්ලාස් එක බ්රහස්පතින්දා..
    සිකුරාදා ශනිදා හා ඉරිදා...
    කොම්පියුටර් එක ඇතුලේ වලිදා...

    කවදද ආයෙක් වලක් බහින්නේ....
    කූරු ගහන්නේ මලක් නෙලන්නේ..
    යාළුවො සෙට් එක තාමත් බොන්නේ...
    නෑ මට ඒ පින ගෙදරින් දෙන්නේ...

    අනේ මචං හෙට උදේට එන්නේ...
    බොරුවක් කියලා ගෙදරින් යන්නේ...
    දවසම ෆන් ගෙන පින් කර ගන්නේ..
    කුමටද කුසලට කම්මැලි වෙන්නේ...

    ගල් බෝතල් කුඩු වෙන්නට ගහලා...
    හවසට ගෙනල්ලා බොමු පොල් හොයලා ...
    රෑ වෙද්දී ගල්කිස්සට නැගලා...
    නාමු සෙට් එකම අපි පීනාලා.....

    දිනයක අපි යමුකෝ මල් වත්තේ....
    ලොකු ලොකු පදුරුය වැඩිපුර ඇත්තේ...
    කිසිම බියක් නෑ සැකයක් ඇත්තේ...
    දවසම අපි දුව පැන ඉමු වත්තේ....

    පෙම් රැගුමට ඉඩ නැති කළ එලියේ...
    යමු යමු රව්මක් ඉන්ටර සිටියේ....
    පැය ගනනක් ගෙව්වත් හරි හරියේ...
    කොහෙද යන්නෙවත් නොදනිමි බසයේ

    අද මම එනවා යන්නට කැන්ටින්...
    ක්ලාස් එකේ ඉන්නකො වී වෙයිටිං...
    පමා වෙන්නෙ මම හින්දා ශූටිං..
    සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං
    9.gif