අසහන කාරයෝ..

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    අසහන_කාරයෝ..

    පහුගිය දවසක හරියටම කිව්වොත් 25 වෙනිදා රෑ 8.30 ට තමා හරියටම මේ වැඩේ පටන් ගත්තේ. මුම්බායි ඉන්දියා සහ කල්කටා කණ්ඩායම් දෙක හුරේ කියල IPL එකේ ගහගන්නවා. මමත් ඉතින් දෙය්යනේ කියල පුටුවකට ඇලට් එකක් එහෙම දාගෙන මැච් එක බලනවා.

    ඔන්න මගේ පෝන් එක රිං වෙනවා.

    අනිත් කෙනා : හලෝ
    මම : හලෝ
    අනිත් කෙනා : (පොඩ්ඩක් අව්ලෙන් වගේ) මේ.. මේ.. රොෂාන් ඉන්නවද?
    මම : සොරි. වැරදි නම්බරයක්.
    කෝල් එක ඉවරයි.

    මෙන්න බොලේ තප්පරයක් යන්න උනේ නෑ ආයෙත් රිං වෙනවා.
    කලින් දෙබස වගේම දෙබසක් හැබැයි වෙන කෙනෙක්ව හොයන්නේ වෙන නම්බරයකින්.

    ඔය විදියට විනාඩි30 ක විතර ඇතුලත මට කෝල් 100 ක් 200 ක් විතර ආව. මට ආන්ස්වර් කරන්නත් බෑ. එක කෝල් එකක ඉන්නකොට වෙටින් තව කෝල් 10 ක් විතර.

    මගේ සිගිති මොලේට වැටහුනා කවුරු නමුත් මාව දෙය්යනේ කියල බයිට් කරනවා. එත් වැඩේ කියන්නේ එක නොම්බරයක්වත් දෙපාරක් එන්නේ නෑ. කොල්ලෙක් කොච්චර කරත් ඔච්චර කොරන්න බෑ කියල මම දන්නවා. මොකද මමත් ඔයවගේ බයිට් අනන්තවත් දීල තියනවා.

    හැම කෝල් එකක්ම එන්නේ කොල්ලොන්ගෙන් සහ ඔක්කොම මම ගත්තම එක්කෝ කට් කරනවා නැත්නම් වෙන කෙනෙක් අහනවා. මම දැනගත්ත අනිවා වෙබ් සයිට් එකක ගොනෙක්(පුරගනක්) කියල මගේ නොම්බරේ දාල කියල. මට ඉතින් සුපිරි මල. මම නෙට් එකෙත් හෙව්වා හම්බුනේ නෑ. කොහොම හරි 10.00 වෙනකොට මට කෝල් 300 ක් විතර ඇවිල්ල. මමත් කරේ මොකද්ද, දෙන්නම් වැඩක් කියල ඔටෝ ආන්ස්වර් වෙන ඇප්ලිකේෂන් එකක් පෝන් එකට දාගත්ත. දැන් එන එන ඔක්කොම කෝල් අන්ස්වර් වෙනවා. ලෝකේ වටෙන්ම එන කෝල්.

    කොහොම හරි එදා රෑ මම පුපුරා පුපුර නිදාගත්තා පෝන් එක ඔෆ් කරලා. අනිත් දවසේ උදේ පෝන් එක ඔන් කර විතරයි ඇලට් එනවා හුරේ කියල. අර ඉස්කෝලේ ලියන්න දෙන රචනා වගේ ඇලට්. එතනත් කෝල් 50-60 ක් තිබුන. උදේ පාන්දර මගේ හැගීම වචනෙන් කියන්න ඕනේ නෑනේ. (ඔන්න මේක ලියන කොට දැනුත් කෝල් එකක් ආව. එක +82... ඒ කියන්නේ පිට රට නොම්බරයක්.. අය්යෝ..)

    කොහොම හරි මම ඔය මලෙන්ම ලේස්ති වෙලා වැඩද එන්න පිටත් උනා. අයිය ගිය සතියේ නිවාඩු නිසා මම බස් එකේ තමා. ඔහොම යනකොට මට ආව කෝල් එකක්. එකත් රට නොම්බරයක්.

    මම: හලෝ
    අනිත් කෙනා: හලෝ ....
    මම: කියන්න...
    අනිත්: ඔයා කවුද??
    මම: (මල කටුව රතු වේගෙන එනවා) දැන් මමද ඔයාට කෝල් කරේ?? ඔයානේ මට කෝල් කරේ?? ඉතින් මමද දැන් කවුද කියල කියන්න ඕනේ??
    අනිත්: මගේ පෝන් එකේ ඔයාගේ නොම්මරේ තිබුන. එකයි ගත්තේ.
    මම: (රතු කටුව පැන්න) නිකන් මෝඩ කතා කියන්න එපා. ඔය රට කෙනෙක්. මම ලංකාවේ. ඉතින් මගේ නොම්බරේ ඔයාගේ පෝන් එකට යන්න විදියක් නෑනේ.
    අනිත්: අනේ සොරි.
    මම:(ටිකක් හොද බුවෙක් වගේ. තරහ නිවුන. මොලේ පෑදුනා) මචං මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. මම දන්නවා මේ නොම්බරේ ඔයා ගත්තේ නෙට් ඒකෙන කියල. මගේ නොම්බරේ නෙට් එකට දාල මොකෙද්ද නොසන්ඩාලයෙක්. මට හෝ ගාල කෝල් එනවා. කරුණා කරලා කියපන් බං නොම්බරේ ගත්ත විදිය.
    අනිත්: අප්පා.. මල කෙලියයි. සමාවෙන්න ඕනේ මචං. මම නොම්බරේ ගත්තේ නම් නෙට් ඒකෙන තමා. ITN එකේ කතාවක් යනවා මචං "පබළු" කියල. ඔන්න ඔකේ ඊයේ කතාවේ කෙල්ල කොල්ලට දෙනවා CV එකක්. ඒකෙ කෙල්ලගේ පෝන් නම්බරේ විදියට තියෙන්නේ ඔය නම්බරේ. මම මේ කෝල් කරලා මොනවා හරි කරගන්න පුලුවන්ද බලන්නයි ගත්තේ. (මට හිනා)

    කොහොම හරි ඒ කොල්ල මම එක්ක විනාඩි 10 ක් විතර කතා කරා. ඌ ඉන්නේ නෙදර්ලන්ඩ් වලලු. මේ නොම්බරේ තියන සයිට් එහෙම ඔක්කොම ඌ කිව්වා. කෝල් එක ඉවර වෙනකොට මම ඔෆිස් එක ගාවටත් ඇවිත්. මටත් දැන් හරි ආතල්. ඇයි බං කතාව යන්නේ ITN එකේලු. මම ඉතින් කොහොමත් රාජ අලියනේ (ඒක හැමෝම දන්නා රහසක්නේ). ඉතින් ITN එකට හුරේ කියල බනින්න සෙට් වෙනවනේ. මම මුලින්ම ඔෆිස් ගිහින් බැලුව ඔය කතාව ඇත්තද කියල.

    එලම කිරි කතාව ඇත්ත. මගේ නොම්බරේ පට්ටටම තියනවා. මම ගත්ත ITN ඒකෙ හොට් ලයින් එකට කෝල් එකක්. කතාව කියල කෝල් එක ගත්ත කෙල්ලට ලුණු අබුල් ඇතුව බැන්න. එකී දුන්න තව එකෙක්ට, උටත් බැන්න. ඌ උගේ ලොක්කට දැම්ම, ඌටත් බැන්න. පස්සේ දැම්ම ITN ඒකෙ ඩිරෙක්ටර කෙනෙක්ට. අවරුදු ගානක තිබුන තරහ සහ කලින් දවසේ මල බහිනකල් මම උටත් බැන්න. කුණුහරප නෑ. ශිෂ්ට වචනෙන් පොයින්ට් එකට බැන්නේ.

    "මහා ලොකු රජයේ නාලිකාව"
    "දැම්මොත් බොරුවක්"
    "අහිංසක මෝඩ මිනිස්සුන්ව රවට්ටනවා"
    වගේ කතා ගොඩක් ඔය අතරේ කිය උනා. හිකිස්‌...

    උට මට රිටන් බනින්නත් බෑ වැරැද්ද උන්ගේ. කොහොමත් මම උට කතා කරන්න වෙලාවක් දුන්නේ නෑ. කොහොම හරි මම ඉවර උනාම උ මගෙන් සමාව ඉල්ලලා පබළු නාට්ටියේ කෙනෙක්ව කොන්ටක්‌ කරන්නම් කිව්වා. මම කිව්වා මට වැඩක් නෑ කවුරු කරත් මගේ නොම්බරේ අයින් වෙන්න ඕනේ කියල.

    එතනින් ඌ හා කියල. පෝන් එක තිබ්බ.
    විනාඩි 5-10 කින් මහේෂ් කියල පබළු ඒකෙ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර කෙනෙක් කතාකරල විස්තරේ ඇහුව. මම ඌටත් බැන්න.

    කෙහොමෙන් කොහොමෙන් හරි මම වැඩේ එතනින් ඇත ඇරලා දැම්ම. නිකන් මහා ලොකු කෙස් එකක්කරගන්න මට ඕන උනේ නෑ. මගේ හිතට හරියන්න බැනගත්ත එක ඇති මට ඕනෑවටත් වඩා. හිකි හිකි.

    තාම නොම්බරේ තියනවා ඒකෙ. අයින් කරලා නෑ. තාම කොලුත් එනවා ටික ටික. අද දවසට 5 ක් විතර ආවේ. මේ වෙනකොට ඔක්කොම කෝල් 400 කට වඩා මට ආව මේ දවස දෙක තුනට.

    දැන් කතාව ඉවරයි. රසවත් කතාවක් කියල හිතුනට ඇත්තටම අපි අඩන්නයි ඕනේ. ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා. අනිත් එක නාට්ටියේ පෙන්නන නොම්බරේ ඇත්තටම ඒ කෙල්ලගේ කියල හිතන්න තරම්ම මේ සිංහලයෝ මෝඩයෝද කියල මට හිතාගන්නවත් බෑ.. කතාව මතක් වනකොට හිනා ගියාට අපි මේ හිනාවෙන්නේ අපිටම නේද කියල මතක් වෙනකොට ඇඩේනවා නේද??

    මේක ඔයාලට හිතෙන විදිය කියල කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

    උපුටා ගැනීම:මට දැනෙන දේ
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මාර පොරවල් නේ ඉන්නේ..:baffled: කොල්ලට ** සීන් එකක් වෙලා තියෙන්නේ. :oo:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මුලදිම මට හිතුනේ (ටිකක් කියවද්දි) ඇයි උබ ෆෝන් එක ඔෆ් කරන්නේ නැත්තේ කියලා... අන්තිම වෙනකොට හිතුනා උබේ කතාවේ ගන්න දෙයක් තියනවා. කියලා ඇත්ත මචන් උබ දන්නෑ පුදුමාකාර අසහනයෙන් පෙලෙන අය ඉන්නවා ඒ කතා කියන්න ගියොත් කට්ටිය හිතයි මම චීත්තයක් කියලා වෙනස කියන්නේ මේ අසහනයෙන් පෙලෙන උන් හොයන්නේම taboo ක්‍රමයක් ඒ කියන්නේ සමාන්ය විදිහට කෙල්ලෙක් යාලු කරගන්න බලන්නේ නෑ...
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සිරා කතාව මචන්...ඇත්තටම ලoකවෙ ඉන්න උන්ගෙ අසහනේ කොහොමද කියල නම් තේරෙනවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    incoming calls වලට ඔච්චර මැරෙන්න ඕනෙ නෑනෙ. කෝල් එක ගන්න එකාටනෙ බිල යන්නෙ.
    ඔය වගේ කෝල් ආවහම මම නං කරන්නෙ කෝල් එක අරං phone එක පැත්තකට කරලා තියෙනවා. :lol: