Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
Rail Hike from Ohiya to Idalgashinna
Tweet
Page 1 of 36
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Mr PERERA
Senior Member
Posts: 15,518
Blog Entries:
22
Join Date: Feb 2009
Location: Death Vally
Rail Hike from Ohiya to Idalgashinna -
05-31-2011, 11:16 AM
ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන දුම්රිය ස්ථාන දෙක තමයි ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ගොඩාක් කාලෙක ඉඳලා මගේ හිතේ තුබුන ආසාවක් තමයි මේ බිංගෙවල් 14 පිහිටා තියෙන දුම්රිය ස්ථාන දෙක අතර Rail Hike එකක් කරන්න. මේ වටපිටාව ඇත්තටම ඉතාමත් ලස්සනයි. කොහොම හරි Traveler Team එකත් එක්ක පසුගිය දවසේ අපි ගිය ගම්පොල සංචාරයේදී අපිට හැකි උනා මේ ගමන යන්නට. දුෂ්කර වගේම තරමක් බියජනක ගමනක් උනත් ඇත්තටම පොඩ්ඩක්වත් මහන්සි දැනෙන ගමනක් නම් නෙමෙයි. ඒ තරමටම වටපිටාව ලස්සනයි. සෞම්‍ය දේශගුණය නිසා විඩාවක් දැනෙන්නේම නැති තරම්.
එහෙනම් මුල ඉඳලාම පටන් ගමු.
අපි ගමන ආරම්භ කලේ කොටුව දුම්රිය ස්ථානයෙන්. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ තමයි අපි ගමන් කරන්නට තීරනය කරලා තිබුනේ. මමත් චාමිකත් කොටුවෙන් ප්‍රවේශපත්‍ර රැගෙන සිටියා. දිලුමත්, ජේ.කේ. ත් මරදානෙන් කොටුවට පිටත්වෙන දුරියට කලින්ම නැගලා අසුන් වෙන්කරගෙන හිටියා. ඔහියට තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 144යි.
අපි කොටුව දුරියපොලේ ඉන්න අතරේ 7:30 වවුනියාව බලා පිටත්වෙන Meenagaya (මීනගයා කියන දෙමළ වචනේ සිංහල තේරුම සින්දු කියන මාළුවා කියන එක) ලහි ලහියේ දිගු ගමනකට ලෑස්ති වෙනවා.
මේ M2-629 ඇන්ජින් එක තමයි ඒ ගමන යන්න සූදානම් වෙන්නේ.
මේ තියෙන්නේ මීනගයා දුම්රිය. (ඇතුලෙන් පේන්නේ පළමු පන්තියේ නිදන මැදිරි)
කොහොම හරි අපි රාත්‍රී 8 වෙනකොට කොටුවෙන් පිටත් උනා. දුම්රියේ වෙච්ච රසබර සිදුවීම් ගොඩාක් තියෙනවා. දැනටමත් එකක් ඔයාල දැකලා ඇති.ඒවා ඉදිරි කාලයේ දී දැක බලා ගන්නට පුළුවන්.
තුන්වන පන්තියේ මැදිරිවල විදුලි පහන් හා විදුලි පංකා.
ඔන්න ඉතින් අපි ඔහියෙන් බැස්සා. බහිනකොට වෙලාව පාන්දර 4:30ට විතර ඇති.
අපි ආපු කෝච්චිය බදුල්ලට යනවා.
අපි ලඟ තිබුන කඩෙන් රොටියක් කාලා තේ එකක් එහෙම බීලා ඉස්ටේසමට ආවා. යාන්තම් එලිය වැටීගෙන එනවා. තද සීතලක් තිබුනා. ඉස්ටේසම අවට ගොඩාක් ලස්සනයි. ඉස්ටේසමේ කාර්යමන්ඩලයත් ඉස්ටේසම ගොඩාක් පිරිසිදුවට ලස්සනට තියාගෙන ඉන්නවා.
දුම්රිය කාලසටහන.
ප්‍රවේශපත්‍ර කවුළුව.
දුම්රියපොල අවට වටපිටාව.
ඩක්කුවලට මම හරි ආසයි.
වැලි,ගල් ප්‍රවාහනයට ගන්න කුඩා ප්‍රමානයේ ඩක්කුවක්.
ඔහිය මාර්ග පරීක්ෂක කාර්යාලය.
අපේ චාමික ඉදිරියටම ගමනේ.
පැරණි සිග්නල් කණු. තවමත් තිතට වැඩ.
ඔහිය දුම්රිය පලේ Shunt Limit එක.
දුම්රිය මාර්ගය. දුම්රිය කීයක් නම් ධාවනය වෙලා ඇතිද?
අවට වටපිටාව ගොඩාක් ලස්සනයි.
අපි ලං වෙන්නේ පළවෙනි බිංගෙය වෙතට.
ඔහියත් ඉදල්ගස්හින්නත් අතර දුර කි.මී. 09යි. ඒ දුර අතර බිං ගෙවල් 14ක් පිහිටලා තියෙනවා. ඒ සෑම බිංගෙයකටම අංකයක් තියෙනවා. පටන් ගන්නේ 22න්. මේ අපි ලඟා වෙන්නේ නොම්මර 22 කියන බිංගෙය වෙතටයි. ඔය ගහලා තියෙන පුවරුවෙන් කියවෙන්නේ බිං ගෙයි අංකය. ඊට උඩින් තියෙන අකුරු වලින් M යන්නෙන් සැතපුම් (Miles) හා C යන්නෙන් දම්වැල් (Chains) යන්නත් තමයි දැක්වෙන්නේ. උඩ සංඛ්‍යාවෙන් කියවෙන්නේ බිංගෙය පටන් ගන්න තැනට දුම්රිය මාර්ගයේ කොළඹ සිට දුරයි. (0 පටන් ගැනෙන ස්ථානයේ සිට) යට ඇති සංඛ්‍යාවෙන් බිංගෙය නිමවන ස්ථානයට දුම්රිය මාර්ගයේ කොළඹ සිට දුර පෙන්වා තියෙනවා.
I Love This.
මාත් එක්ක මේ ගමන ආපු අපේ ටීම් එකට ගොඩාක් ස්තුතියි.
බිං ගෙයක් ඇතුලට යනවා කියන්නේ ටිකක් විතර භයානක වැඩක්. දුම්රියක් බිංගෙය හරහා එන්නට පුළුවන්. ඒ නිසා දුම්රිය ගමන් වෙලාවන් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කල යුතු වෙනවා. ඒ වගේම බිං ගෙවල් තුල එවැනි හදිසි අවස්ථාවල නැවතී සිටීමට කුඩා කුහර ඉදි කර තිබෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක් උදා උනොත් කලබල නොවී කටයුතු කිරීම තමයි වැදගත්. අනිවාර්යෙන්ම ටෝච් කීපයක් රැගෙන යා යුතු වෙනවා.
ඊගාව එක ඉදිරියෙන්.
කට්ට කළුවරයි.
වටපිටාව නම් අපූරුයි.
නොම්මර 24 ඉදිරියෙන්.
වටපිටාවේ ලස්සන බලන්න ටිකක් නැවතුනා.
සංචාරකයන් ඉදිරියටම.
අපිට හම්බවෙච්ච පළවෙනි පාලම.
ඒ අසලම කුඩා දිය ඇල්ලක්.
25 ඊගාවට.
ඒ බිංගෙය පහු උනා විතරයි තව පාළමක්.
නොම්මර 26ට ඇතුල් වෙන්නයි හදන්නේ. පොඩි බිං ගෙයක්.
ඒක ඉවර වෙච්ච ගමන්ම 27ත් තියෙනවා.
ඉදිරියෙන් පේන්නේ 28 වෙනි එක.
29 වෙනි එක ඉදිරියෙන්.
30 වෙනි එක.
අපේ සැට් එක.
31 වෙනි බිං ගෙය.
ඇතුලේ වවුල්ලු හා වවුල් වසුරු පිරිලා.
අවට සුන්දරත්වය.
නොම්මර 32.
ඉදිරියටම ඇදෙන අපි.
නොම්මර 33
තවත් පාලමක්.
නොම්මර 34.
Last edited by Mr PERERA; 05-31-2011 at
11:50 PM
.
Mr PERERA
View Public Profile
Send a private message to Mr PERERA
Find all posts by Mr PERERA
View Blog
(#
2
)
Mr PERERA
Senior Member
Posts: 15,518
Blog Entries:
22
Join Date: Feb 2009
Location: Death Vally
05-31-2011, 11:17 AM
34 ඉවර වෙනකොටම 35 ඉදිරියෙන්.
ඒතනින් බිං ගෙවල් 14ම අවසාන වෙනවා. අපේ දැන් උත්සහය 8:10ට ඉදල්ගස්හින්නෙන් පිටත් වෙන දුම්රිය අල්ලාගැනීම. අපි පය ඉක්මන් කරලා දුම්රියපොල වෙත පිය මැන්නා.
වට පිටාව ඉර නැගගෙන එන වෙලාවේ ගොඩාක් ලස්සනයි.
ඈතින් පේන්නේ උඩවේරිය ස්ටේට් එක.
අපේ රටේ ප්‍රධානම අපනයන බෝගය. තේ..
උඩවේරිය තේ වත්ත තමයි මේ.
දුම්රිය පොලවෙත ඉක්මන් ගමනින්.
අපි ඉදල්ගස්හින්නට එනකොට දුම්රිය පිටත් වෙන්න සයිරන් නලාවත් ගහලා ඉවරයි. කොහොම හරි අදින කෝච්චියට ටිකටුත් නොගෙන අපි ගොඩ උනා. අපිට මගදී හම්බ වෙලා අපිත් එක්ක ඉස්ටේසම වෙනකන් ආපු පොඩි මල්ලිව ආදරෙන් අපි හැමෝම මතක් කරන්න ඕන. අපිට ගොඩාක් සහයෝගය දුන්නා ඒ මල්ලියා. දුම්රිය පිටත් වෙච්ච නිසා ඉදල්ගස්හින්න දුම්රියපොල හා ඒ අවට පින්තූර ගැනීමට හැකි උනේ නෑ.
ඔහියට ඇදෙන දුම්රිය.
ඔහිය දුම්රියපොලෙන් අපි ගම්පොලට ටිකට් ගත්තා.
ටිකට් අරගෙන අපි නැවත කෝච්චියට ගොඩ උනා.
ගම්පොල බලා ගමනේ.
තුන්වන පන්තියේ විදුලි පහන්.
පට්ටිපොලට ලඟා වෙනවා.
පට්ටිපොල.
මේ අතරේ චාමික ඉස්සෝ වඩේ කනවා.
පට්ටිපොලින් පිටත් වෙලා...
කෝච්චි පෙරේරා මහතා.
අඹේවෙල.
අඹේවෙලින් පිටත් වෙන්න අවසර.
පාලමක් මතින්.
පසු උන පාලම.
දුම්රියේ පසුපසින් තිරිංග යොදන ආකාරය.
අපේ ටීම් එක.
ජේ.කේ.
දිලුමා
චාමියා.
බන්ඩා
Love You All Guys!
Mr PERERA
View Public Profile
Send a private message to Mr PERERA
Find all posts by Mr PERERA
View Blog
(#
3
)
Mr PERERA
Senior Member
Posts: 15,518
Blog Entries:
22
Join Date: Feb 2009
Location: Death Vally
05-31-2011, 11:17 AM
නානුඔයට ලඟාවෙන දුම්රිය.
මේ තියෙන්නේ නානුඔය turn table එක.
උඩරට ට්‍රැක් එකේ වැඩකාරයා. M6 - 788 නානුඔයට ඇවිදිල්ලා.
අපේ දුම්රියේ නැරඹුම් මැදිරිය.
නැවතත් ගමනේ.
ග්‍රේට්වෙස්ටර්න් වෙත.
තලවාකැලේ.
ඉදිරියෙන් W3 එකක්.
දුම්රිය සේවයේ කෞතුක වස්තූන්. ආදරය කරමු. රැකගමු.
එදා සහ අද.
නැවත ගමනේ.
සිග්නල් දෙනකන් පොඩ්ඩක් නැවතුනා.
ඔන්න 794 එක එනෝ.....
අපේ ගමනේ අවසානය ගම්පොල දුම්රිය ස්ථානය.
ඔන්න ඔහොමයි අපේ ගමන අවසාන උනේ. ඇත්තටම ජීවිත කාලයටම අමතක නොවන විදියේ අත්දැකීමක්. ලස්සන සංචාරයක්. මේ ගමනට සහයෝගය දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. පුළුවන් උපරිමෙන් ඔයාලා වෙත තොරතුරු ගෙන එන්නට මම උත්සහ කලා. එය සාර්ථකයි කියලා හිතෙනවා. කැමතියි අදහස් දැනගන්න.
Mr PERERA
View Public Profile
Send a private message to Mr PERERA
Find all posts by Mr PERERA
View Blog
(#
4
)
Mal Bada
Senior Member
Posts: 2,172
Join Date: Mar 2010
05-31-2011, 11:24 AM
ela
Mal Bada
View Public Profile
Send a private message to Mal Bada
Find all posts by Mal Bada
(#
5
)
nadimal
Senior Member
Posts: 9,589
Join Date: Dec 2008
Location: Badulla
05-31-2011, 11:31 AM
pattai
nadimal
View Public Profile
Send a private message to nadimal
Find all posts by nadimal
(#
6
)
migaramk
Senior Member
Posts: 42,967
Blog Entries:
23
Join Date: Jul 2007
Location: https://www.facebook.com/Migaramk.Exclusive
05-31-2011, 11:33 AM
නියමයි........
migaramk
View Public Profile
Send a private message to migaramk
Visit migaramk's homepage!
Find all posts by migaramk
View Blog
(#
7
)
kosalarc
Senior Member
Posts: 792
Join Date: Oct 2009
05-31-2011, 11:34 AM
maaaxxahhh..!!! keep it up..thnxx 4 sharing...
kosalarc
View Public Profile
Send a private message to kosalarc
Find all posts by kosalarc
(#
8
)
niko111
Senior Member
Posts: 6,360
Join Date: Feb 2010
Location: Behind U
05-31-2011, 11:35 AM
maxxsane..........
niko111
View Public Profile
Send a private message to niko111
Find all posts by niko111
(#
9
)
mudrana
Senior Member
Posts: 10,867
Join Date: Jan 2007
Location: where LIONS roar
05-31-2011, 11:38 AM
Shaa. hariyata mamath oya gamana giya kiyala hithenawa. report eka kiyawanakota
Thank you, nice report
Rep+5
mudrana
View Public Profile
Send a private message to mudrana
Find all posts by mudrana
(#
10
)
Djram
Senior Member
Posts: 33,896
Join Date: Mar 2007
Location: PaNaDuRa : The City of HeAvEn
05-31-2011, 11:39 AM
ado maxxa ban
adenawa
pissu hadenawa... ubala koheda hadissiyemane yanne
Djram
View Public Profile
Send a private message to Djram
Find all posts by Djram
Page 1 of 36
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
අර දෙන්නා කෝ
,
පෙරේරා ගේ ඩක්කුව
,
පෙරේරා බෙස්ට්
,
පෙරේරා ftw ! :cool:
,
badulla rail way track
,
dakku perera
,
elakiri
,
ohiya
,
perera divorce
,
perera don't bump
,
rail hike
,
railway hike
,
travel sri lanka
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.14166
seconds with
6
queries