නෝනා එක්ක ‍ශොපින්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනා එක්ක ‍ශොපින්..

    අපි බැදලා පස් වසරක් ගෙවිලා ගිහිං මේ පොඩ්ඩට..
    තාමත් මම කොල්ල වගේ ජැන්ඩි පාට් හැන්ඩි වැඩට...
    පොඩි එකාව මොන්ටිසෝරි ඇරලවලා උදේ අටට....
    බයික් එකෙන් වැඩට යන්නෙ ඇහැක් ගහං කඩේ ලදට..
    7.gif


    බැන්දා කියා වෙනසක් නෑ ඔෆිස් එකෙත් කොල්ලා වගේ....
    ෆන් එකටයි ෆිට් එකටයි කොල්ලො දනියි මගේ අගේ....
    ඔෆිස් එකේ කෙල්ලන් හට මම නැතුවම බැරිම වගේ...
    හැම තිස්සෙම මා පස්සෙන් මමත් ඉතිං කරමි අගේ...
    9.gif


    දවස් තිහක් වැඩ කලාම පඩි දවසක් පැමිනෙනවා....
    ඒ දවසට ගෙදර නොනා මට නියමෙට සලකනවා....
    ආපු ගමන් තේ හදලා හිස අතගා නලවනවා.....
    :)
    පර්ස් එකත් මට නොදැනිම ඇයගේ දෑතට යනවා....:shocked:

    පහු වෙනිදා සෙනසුරාදා වී නම් මම විකිනෙනවා....:sorry:
    දවසම ඈ එක්ක ගිහින් එම් සී එකෙ ඇවිදිනවා....
    පොඩි එකාව අම්මලාගෙ දෙර ගිහින් නවතනවා...
    අපි දෙන්නා බයික් එකේ කොළඹ වටේ කැරකෙනවා....:lol:

    නෝලිමිට්ද ෆෑශන් බග් ද ඔඩෙල්ද යන්නට ඕනෑ....
    අනේ ඩලා මට නම් අද කිට් දහයක් වත් ඕනෑ...
    අර ස්ටෝ එකේ තිබ්බ පර්ෆියුම් එක හරි නෑ නෑ..
    ඒක ගනං අඩු හින්දා මේක ගත්තා වැඩි නෑ නෑ... :shocked:

    උදේ ඉදං කඩ ගානේ තවමත් මම වේලෙනවා.....
    නෝනා මගේ විනාඩියට කඩ දෙකකට රිංගනවා....
    එක කඩේට දෙවතාවත් සමහරවිට ඇය යනවා...
    ටික ටික මගෙ දෑතම ලොකු බෑග් වලින් පිරවෙනවා...:sorry::(

    රැජින වගේ මගෙ නොනා වීදි දිගේ ඇවිද යතේ....
    මෙහෙකරුවා වගේ මමත් ඈ පස්සෙන් හෙමින් යතේ...
    බඩත් ගිනියි නෑ කිසිවක් තවමත් මම කා ඇත්තේ...
    අනේ ඩියර් ලන්ච් එකට කොහෙටද අප යා යුත්තේ....:dull:

    එම්සී එක ලග තියෙනා කේ ඇෆ් සී එක දුටුවා.....
    දැක්ක ගමන් ඈ හනිකට ඒකට ඇතුලත් වූවා...
    චිකන් බකට් කෝක් සමග අයිස්ද ඕඩර් කෙරුවා...
    දෙදහක් අද ලන්ච් එකට මාගෙන් වියදම් කෙරුවා...:baffled::baffled:

    අතේ තියෙන සොච්චම මගෙ ටික ටික ඉවරම වෙනවා....
    බයික් එකෙත් පෙට්රල් ටික ඉවර වෙන්න ලං වෙනවා...
    මට නොදැනිම අද දවසත් ගෙවිලා යන්නට යනවා..
    හවස් උනා යමු නෝනේ පාරත් දැං බ්ලොක් වෙනවා...:oo:

    පිස්සු අනේ ඔයාටනං කොහොමද අපි තව යන්නේ...
    හවස් වෙලා තමයි නේද ගෝල් ෆේස් එක වෙත යන්නේ...
    යං යං දැං මරු වෙලාව ගෝල් ෆේස් එක වෙත යන්නේ...
    අනේ මචං තව දාහක් එතනදි මට කෙලවෙන්නේ....:nerd:

    ඈත සයුර නිල් පාටට හිරු එළියට දිලිසෙනවා...
    ප්රේම යුවලවල් අතිනත් පටලවගෙන ඇවිදිනවා....
    ඒ කාලේ මමත් ඔහොම ගිය හැටි මට සිහි වෙනවා....
    දැන් ගියොතින් මුහුදට පැනලා මම දුර පීනනවා.... :sorry::(:(

    හා හා ඇති ගෙදරට යමු දැං හොදටම රෑත් වෙලා....
    දරුවත් ඇති අඩ අඩ දැං අපි එනතුරු මග බලලා...
    ගන්න හැකිද පොඩි එකාව බයික් එකම පිරවීලා....
    හා එහෙනං ටැක්සි එකක් අරගමු අපි නැවතීලා...:eek:

    කොලඹ ඉදං කඩවතටම ටැක්සියකින් ඇය යනවා..
    පිටිපස්සෙන් ගොනා වගේ බයික් එකෙන් මම යනවා...
    මොඩ කමට ගෙදරින් දුන් කසාදයට මැලි වෙනවා...
    ආදරේට ඉඩදී කළ ගොන්කම මට තේරෙනවා.....:sorry::sorry:

    ටැක්සියටම බර ගානක් ගෙවලා අපි ගෙදර බලා...
    යනකොට ඇත පුංචි එකා අපිත් එක්ක තරහ වෙලා..
    අතට ගත්ත මුළු පඩියම අද දවසට ඉවර වෙලා....
    හෙට ඉදලා ගෙවන විදිහ දැං මට ප්රස්නයක් ඩලා.....:shocked:

    ගිය මාසේ බිල් ගෙවන්න මගුල් මුද්ද උගස් කලේ...
    මේ මාසෙට බෙල්ලේ ඇති චේන් පොටත් මදියි මලේ....
    නාස්තියයි විකාරයයි ඇති නෝනලා ඉන්න කලේ....
    යන්න යන්න මඩ නාගෙන අන්තිමටම එරෙයි වලේ...
    :sorry::sorry::(
     
    Last edited: