ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු....

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු....

    ලොව භාවිතා වන ප්ලාස්ටික් වර්ග සිය ගණනකි. එහෙත් සාමාන්‍යයෙන් නිතර වෙළඳපලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් වර්ග 7 කට අයත් වේ.

    සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක පහළ කොටසේ එය කුමන වර්ගයට අයත් දැයි දක්වා ඇත. මේ ආකාරයේ සංකේතයක් ඔබට දකගත හැකිවේ.

    fm6ihf.jpg




    1. Polyethylene Terephthalate (PETE or PET, andPETG)

    recycle-resin-logos-lr_01.jpg


    PETE / PET
    නමින් මෙම වර්ගය හැඳින්වේ.


    භාවිතා වන්නේ පළතුරු යුෂ බෝතල්, සෝඩා බෝතල්, පානීය ජල බෝතල්, විවිධ සිරප් වර්ග අඩංගු බෝතල්, සමහර ආහාර ද්‍රව්‍ය ඇසුරුම්, එළවළු තෙල් බෝතල් ආදියේය.



    SPI1PET_550x367.jpg


    මෙය ඉතා විෂ අඩු ප්ලාස්ටික් වර්ගයකි. වඩාත්ම බහුල ලෙස භාවිතා වන රෙසින් වර්ගයයි. මෙය ප්‍රතිචක්‍රීකරණය කිරීම පහසුය.

    නිශ්පාදන වියදම අඩුය, ඝනත්වයෙන් අඩුය, විනිවිද පෙනෙන සුළුය.


    petg.gif



    PETG යන්නෙන් හැදින්වෙන්නේ polyethylene terephthalate glycolයන නමයි. මෙයද පළමු වර්ගයටම අයත් වේ. මෙය තැලීම් වලට ඔරොත්තු දෙන ඉතා පැහැදිළි ප්ලාස්ටික් වර්ගයකි. සේදුම් කාරක, බෙහෙත් සිරප් වර්ග ආදිය ඇසිරීමට යොදා ගනී.





    2. High Density Polyethylene (HDPE)

    recycle-resin-logos-lr_02.jpg


    HDPE නමින් මෙම වර්ගය හැඳින්වේ.


    භාවිතා වන්නේ සේදුම් කාරක, ශැම්පූ වර්ග, මෝටර් ඔයිල්, කිරි බෝතල්, සුවඳ විලවුන්, සෙල්ලම් බඩු, යෝගට් කෝප්ප ආදිය සඳහාය.


    SPI2HDPEn_550x367.jpg


    බොහෝවිට විනිවිද නොපෙනෙන ස්වභාවයක් ඇත. වර්ණ ගන්වන ලද හා වර්ණ රහිත ලෙස මේවා ඇත. මෙහි වර්ණ ගන්වන ලද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම අපහසුය.


    PETE වලට පසු වඩාත්ම බහුල ලෙස භාවිතා වන රෙසින වර්ගයයි.


    සැ. යු. - ප්ලාස්ටික් බෑග් සාදන්නන් ඇතැම් විට මෙම වර්ගය සඳහා භාවිතා කරන්නේ පහත සංකේතයයි.


    peHD.gif





    3. Polyvinyl Chloride (PVC, sometimes V)

    recycle-resin-logos-lr_03.jpg



    අප කවුරුත් දන්නා PVC යනු මේ වර්ගයයි.


    දැඩි බව, රසායන ද්‍රව්‍ය වලට ඔරොත්තු දෙන ස්වභාවය, ඉරු එළියට ඔරොත්තු දීම ආදිය මෙහි ලක්ෂණ වේ.


    විවිධ කර්ටන් වර්ග, මස් හා චීස් ආවරණ, පයිප්ප, ඉදිකිරීමේ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, වයර් ආවරණ, එන්නත් ටියුබ ආදියට යොදයි.


    SPI3PVCn_443x600.jpg


    වඩාත්ම විශ සහිත ප්ලාස්ටික් වර්ගයයි. නිශ්පාදනයේදී මෙන්ම ඉවත් කිරීමේදීද විශ ද්‍රව්‍ය පරිසරයට මුසු වේ. දැවීමේදී පිළිකා කාරක ද්‍රව්‍ය පිටවේ.

    ක්‍රම ක්‍රමයෙන් ආහාර ද්‍රව්‍ය සඳහා මෙහි භාවිතය සීමා වෙමින් පවතින්නේ මෙම ලක්ෂණ නිසාය.


    එහෙත් තවදුරටත් නැතිව බැරි වර්ගයකි.




    4. Low Density Polyethylene (LDPE)

    recycle-resin-logos-lr_04.jpg

    LDPEනමින් මෙම වර්ගය හැඳින්වේ.

    භාවිතා වන්නේ ශොපින් බෑග්, පරිඝණක කේසින් වල, CD හා DVD ආවරණ වල සහ සමහර බෝතල් වලය.

    SPI4LDPEn_550x367.jpg


    මෙය තුන් වන වර්ගය තරම් අවදානම් නැත.

    නමුත් සමහර රටවල මෙම වර්ගයේ අසුරණ තහනම් කර ඇත.

    නම්‍යශීලී ශක්තිමත් බව නිසා තාප ආවරණ අවශ්‍ය තැන් වල භාවිතා වේ. විද්යුත් උපාංග වල හා වයර් ආවරණ වලද යොදයි.

    සැ. යු. - ප්ලාස්ටික් බෑග් සාදන්නන් ඇතැම් විට මෙම වර්ගය සඳහා භාවිතා කරන්නේ පහත සංකේතයයි.

    peLD.gif
    peLDmobius.gif

    මෙයටද වඩා මෞලික ඝනත්වයෙන් අඩු වර්ගයක් වන
    low low density polyethylene ප්ලාස්ටික් බෑග් සාදන්නන් ඇතැම් විට යොදා ගනී. මෙහි සංකේතය නම්-
    plasticLLDPE.gif


    5. Polypropylene (PP)

    recycle-resin-logos-lr_05.jpg


    PP නමින් මෙම වර්ගය හැඳින්වේ. අවම ඝනත්වය සහිත වර්ගයයි.

    ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දේ.

    භාවිතා වන්නේ බෙහෙත් බෝතල්, යෝගට් කෝප්ප, බෝතල් මූඩි, පරීක්ෂණාගාර භාජන, උණුසුම් ආහාර රඳවන ඇසුරුම් ආදියටයි.

    SPI5PPn_550x387.jpg


    විශ ගතිය ඉතා අඩු වර්ගයක් ලෙස සැලකෙතත් මේ පිළිබඳ තවමත් පරීක්ෂණ සිදුවේ.


    6. Polystyrene (PS)
    recycle-resin-logos-lr_06.jpg


    PS නමින් මෙම වර්ගය හැඳින්වේ.

    තාපයට ඔරොත්තු දීම අඩුය. භාවිතා වන්නේ පාවිච්චි කර ඉවත දැමිය හැකි කෝප්ප වර්ග, දීසි වර්ග, බිත්තර රඳවන, CD රඳවන ආදියටයි.

    SPI6PSn_460x600.jpg


    මෙහි අඩංගු
    Styreneනම් ද්‍රව්‍යයේ පිළිකා කාරක ස්වභාවය තවමත් පරීක්ෂණ මට්ටමින් ඇත.

    7. Other

    recycle-resin-logos-lr_07.jpg


    ඉහත වර්ග හයට අයත් නොවන සියල්ල මෙම සංකේතයෙන් දැක්වේ.

    උදා-
    polycarbonate bottles නම් බෝතල් වර්ගය - මෙහි ශරීරයට අහිතකර bisphenol-A නම් රසායනය අඩංගු වන නිසා භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. විශාල පානීය ජල බෝතල් (ලීටර් 20වැනි )භාවිතා කරන්නේ මෙම වර්ගයයි.

    SPI7n_550x367.jpg


    නමුත් ශාක අනුසාරයෙන් සාදන ලද දිරාපත් වන ප්ලාස්ටික් වර්ගද මෙම සංකේතයටම අයත් වේ. මේවා පරිසර හිතකාමීය.

    ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාලා යන්න...:)
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    වටින ත්‍රේඩ් එකක් යාළුවා
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා බේදා ගත්තාට..
    මේ දේවල් අපි දැකලා තිබ්බාට මේ විස්තර දැනන් හිටියේ නෑ..
    රෙප් + 8