සේවාකාලය
මෛත්‍රිපාල සේවය කළේ ආණ්ඩුවේ කන්තෝරුවක ය. කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ ඔහු එම කාර්යාලයේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා අයදුම්පතක් පුරවා තම ප්‍රධානියා වෙත ගොස් ඔහුට දෝතින් එය පිළිගැන්වීය.
ප්‍රධානියා එය කියවා බලා මුහුණේ ප්‍රශ්නාර්ථයක් නංවා ගෙන මෛත්‍රිපාල ඇමතීය.
“මෛත්‍රිපාල තමුසේ මේ ඔෆිස් එකට ඇවිත් තාම අවුරුදු දහයයි. මේ ඉල්ලුම් පත්තරේ සේවා කාලය අවුරුදු දොළහයි කියල ලියලා තියෙන්නේ මොකද?”
මෛත්‍රිපාල බයාදු ලෙස සිනාසී, තම කැඩුණු දත ලොක්කාට පෙන්වමින් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“ඇයි සර්, අවුරුදු දහයක් තිස්සේ මම ඕවර් ටයිම් කරපුවා.”
අනේමටනංබෑ
ප්‍රේමපාල, මැටිල්ඩා සමඟ මල්වත්තට ගියේ එක් එක් අයගේ විමසුම් ඇස් වලින් බේරී තම පෙම්වතිය සමඟ නිදහසේ පෙම් සුව විඳිනු රිසියෙනි.
ඔවුහු රුක් ගොමුවක් මැද තනා තිබූ බංකුවක් මත වාඩි වූහ. එහි හිඳ වට පිට බැලූ ප්‍රේමපාල ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවකි.
වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වී සිටි මැටිල්ඩා වෙත යොමු කළ ප්‍රේමපාල ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා ගනිමින් මෙසේ කීවේය.
“මැටිල්ඩා, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”
මැටිල්ඩා ප්‍රේමපාල වෙතින් මඳක් බැහැරව මුහුණ ඇඹුල් කර ගනිමින් මෙසේ පිළිතුරු දුන්නා ය.
“අනේ ප්‍රේමපාල, මම නං ගස් නඟින්ඩ දන්නේ නෑ.
බල්ලාබැඳලද?
එක් ගෙදරක බල්ලකු යාබද නිවසේ බැල්ලියක සමඟ හාද ව සිටියේ ය. දිනක් තම නිවසේ වැට අද්දරට ගොස් බල්ලා සමඟ සංවාදයක යෙදුණු බැල්ලිය මෙසේ කීවාය.
“බලන්ඩකො අනේ, මේ ගෙදරට එන හැමෝම මුලින් ම අහන්නේ මං මැරි කරලද කියලනෙ.”
“මොනවා මිනිස්සුන්ට මොකටද අපේ වගක්? ඔය ඇත්තම ද?” බල්ලා කෝපයට පත්ව මහ හඬින් බිරුවේය.
“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බැල්ලිය පිළිතුරු දුන්නා ය.
තනිකරමකොට්න්ද?
ප්‍රේමසිරි හවස රාජකාරි අවසන් කර නිවෙස බලා යමින් සිටියදී කමිස තොගයක් පදික වේදිකාවේ දමා ගෙන හඬ නඟමින් ඒවා විකුණන වෙළෙන්දකු දැක මඳකට නතර විය.
“තනි කොට්න් – එකක් දෙසීයයි. ලාභායි…” යනුවෙන් හඬ නඟමින් කමිස විකුණන වෙළෙන්දා වටා තරමක සෙනඟක් ද රැස් වී සිටිනු පෙනිණ. සෙනඟ මැදින් කමිස වෙළෙන්දාට කිට්ටු වූ ප්‍රේමසිරි කමිසයක් අතට ගෙන හොඳින් පිරික්සා බලා වෙළෙන්දා ගෙන් මෙසේ විමසීය.
“මේ කමිසෙ තනිකරම කොට්න් ද?”
වෙළෙන්දා ප්‍රේමසිරි දෙස බලා අවඥාවෙන් කට ඇද කළේය. අනතුරුව මෙසේ පිළිතුරු දුන්නේ ය.
“චිහ්… අපි එහෙම බොරු කියල, බඩු විකුණන්නේ නෑ සර්. මේකෙ බොත්තං නං ප්ලාස්ටික්…”
මළේකවුද?
ගමේ රාලහාමි රාජකාරියක් සඳහා ගම මැදින් යමින් සිටියදී දන්නා හඳුනන මහලු ගැමියකු අතරමඟකදී හමු විණ. ගැමියා පාරේ පසෙකට වෙමින් බයාදු ලෙස රාලහාමි සමඟ සිනාසුණේ ය.
“ඈ බං සියදෝරිස්… බෑරක් ද මේ උදේ ම?” රාලහාමි මඳකට නැවතී ගැමියා විමසීය.
“මම මේ අපේ පුතාලගෙ දිහා යනවා රාලහාමි. ඒක නෙමෙයි පහුගිය දවසක මළයි කිව්වේ රාලහාමි ද, එහෙම නැත්තං රාලහාමිගෙ මල්ලි ද?” ගැමියා බැරෑරුම් ප්‍රශ්නයක් නැඟීය.
රාලහාමි උඩ බලාගෙන මොහොතක් කල්පනා කළේය. අනතුරුව ගැමියා දෙස බලා මෙසේ කීවේය.
“ම්…ම්, මල්ලි නං මට ඊයේ හවසත් හම්බ වුණා. එහෙම නං මං වෙන්ඩ ඇති.”
උණ කටුවේ බලය
බයාදු මිනිසකු වූ සියදෝරිස් රෝගීව සිටි තම කටකාර බිරිඳ දොස්තර මහතා වෙත කැඳවාගෙන ගියේය. දොස්තර මහතා රෝග ලක්ෂණ විමසා, උණ කටුවක් ගෙන ඇගේ මුවට ඔබා ‘දැන් කට වහගෙන ඉන්න’ යයි කීය. වෛද්‍යවරයා නැවතත් උණ කටුව ඉවතට ගන්නා තෙක් බිරිඳ කට තදින් වසා ගෙන නිසොල්මනේ සිටිනු සියදෝරිස් බලා සිටියේ මුවද විවර කරගෙනය.
බිරිඳට ප්‍රතිකාර කර අවසන් වූ පසු ඇයත් සමඟ කාමරයෙන් පිටතට ආ සියදෝරිස්, නැවතත් වහා වෛද්‍යවරයා වෙත ගොස්, මේසය මත තිබු උණ කටුව පෙන්නා මෙසේ ඇසීය.
‘දොස්තර මහත්තයෝ මේවයින් එකක් කීයකට විතර ගන්ඩ පුළුවන් ද?’
චැනල් මාරු කිරීම
‘ඩොක්ටර් මගෙ මහත්තයා හිතාගෙන ඉන්නෙ එයා රේඩියෝ එකක් කියල. උදේ ඉඳලා රෑ වෙනකම් එයා සැරින් සැරේ ප්රවෘත්ති කියවනවා. ශාස්ත්‍රීය ගීත කියනවා. කතා පවත්වනවා. ඉවරයක් නැහැ.’ දිනක් මනෝ චිකිත්සකයකු හමුවූ එක් කාන්තාවක් ඔහුට කීවාය.
‘හොඳයි අපි බලමු ලෙඩාව. මට හිතෙන්නෙ මෝහනය කරලා ඕක සනීප කරන්න පුළුවන් වෙයි.’
‘මට ඕනෙ ඒක සනීප කරවා ගන්න නෙමෙයි ඩොක්ටර්. ඩොක්ටර්ට බැරිද එයාට ඒත්තු ගන්වන්න එයා ‘පළවෙනි සේවය’ නෙවෙයි ‘වෙළඳ සේවය’ කියල.’ බිරිඳ මහත් උනන්දුවෙන් ඇසුවාය.
අපට මොකෝ
ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
‘මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
‘ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.
ඔයා වෙනුවෙන් ද?
සිගරට්ටුවක් ගෙන දෙතොලඟ තබා ගත් කරුණාරත්න දෙස නොමනාපයෙන් බැලු නිලන්ති දෙවුර ගස්සා මෙසේ කීවා ය.
‘ඔයාට මං වෙනුවෙන් ඔය සිගරට් බීම නවත්තන්ඩ බැරි ද?’
‘ඒ වුණාට මං සිගරට් බොන්නෙ ඔයා වෙනුවෙන් නෙමෙයිනෙ.’ කරුණාරත්න පිළිතුරු දුන්නේ මෝඩ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
ලියුම් ලැබෙන පිළිවෙළ
මාටින් පොලීසියට ගියේ තම අල්ලපු ගෙදර පදිංචි ජේමිස්ට විරුද්ධව පැමිණිල්ලක් කිරීමටය. ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියා ඔහු දෙස බලා මෙසේ කීය.
‘කියනවා බලන්ඩ තමුන්ට ලියුං ලැබෙන පිළිවෙළ?’
‘තමුන්නාන්සෙලට ලැබෙන පිළිවෙළටම තමයි. පියුං මහත්තයා ගෙදරටම ගෙනත් දෙනවා.’ මාටින් බයාදු ලෙස සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.

හොඳ නම් දන්නවනෙ කරන්න ඕන දේ
+++