හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡාය&

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡාය&

    හුදෙකලා බ්‍රසීල ගෝත්‍රිකයන්ගේ අලුත් ඡායාරූප

    300.jpeg

    බ්‍රසීල-පේරු දේශසීමාවේ වැසි වනාන්තර තුළ ජීවත් වන හුදෙකලා වූ ගෝත්‍රයක නවතම ඡායාරූප රැසක් එළි දැක තිබේ. මෙම ඡායාරූප ගෙන ඇත්තේ ගුවන් යානා උපයෝගී කර ගනිමින් ගෝත්‍රිකයන් පිළිබඳව සොයා බලන බ්‍රසීල ඉන්දියානු සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවෙනි. එම ගෝත්‍රිකයන්ගේ ඡායාරූප මුල්වරට ලොවට අනාවරණය වූයේ මීට දෙවසරකට ඉහත දී ය.
    මෙවැනි ගෝත්‍රිකයන් බොහෝමයක් ගුවනේ සිට නිරීක්‍ෂණය කිරීමට බ්‍රසීලය සමත් ව ඇති අතර ඔවුන් හැඳින්වෙන්නේ ‘හුදෙකලාවූවන්’ ලෙසිනි. මන්ද ඔවුන් පිටස්තර ලෝකයා සමඟ කරන ගනුදෙනු ඉතාමත් අල්ප බැවිනි. දේශසීමාවේ පේරු කොටසේ සිදුවන නීතිවිරෝධී දැව ජාවාරම් නිසා මෙම ගෝත්‍රික පිරිස් තර්ජනයට ලක්ව ඇති බව පැවසේ. එහෙත් බ්‍රසීල නිලධාරීන් පවසන්නේ නීති විරෝධී දැවජාවාරම්කරුවන් බුරුතු පිටින් පැමිණීම නිසා ගෝත්‍රිකයන් හා ඔවුන් අතර සිදුවන ඝට්ටනවල ප්‍රතිඵලයක් ලෙස පේරු පෙදෙසේ හුදෙකලා වූ ඉන්දියානු ගෝත්‍රිකයන් දැන් බ්‍රසීලය වෙත සංක්‍රමණය වන බවයි.
    මෙම නව ඡායාරූප ඉදිරිපත් කරන ‘සර්වයිවල් ඉන්ටර්නැෂනල්’ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, ගෝත්‍ර කණ්ඩායම් හොඳ සෞඛ්‍යයෙන් පසුවන බවත් ඔවුන්ට ඔවුන්ගේ ‘සමූහ ගොවිපළ’ තුළ වගා කර ගත් මඤ්ඤොක්කා, ගස්ලබූ ඈ එළවළු ඇති තරම් ඇති බවත් ය. මොවුන් බොහෝ විට මීට සියවසකට පමණ ඉහත දී කැලෑ රබර් සඳහා කැලෑව එළිපෙහෙළි කෙරෙද්දී පළාගිය ගොත්‍රිකයන්ගෙන් පැවෙතෙන්නන් විය හැකි ය. ඇනාටෝ නම් පඳුරු වර්ගයක ඇටවලින් සාදා ගන්නා ලද රතු පැහැති සායම් වර්ගකින් මොවුන් සැරසී සිටන අතර එවා සිරුරු සායම් කිරීමට මෙන්ම ඔවුන්ගේ භාජන, නිදන මැසි ආදිය වර්ණවත් කිරීමට ද යොදා ගනී.

    500.jpeg


    මොවුන් මන්නා පිහිය වැනි දෑ ද භාවිත කරනු නිරීක්‍ෂණය කර ඇති අතර ඒවා කැලයට පිටතින් ලබා ගත් ඒවා විය යුතු ය. වෙනත් ගෝත්‍රිකයන් සමඟ සිදු කෙරුණු ගනුදෙනුවලින් ඒවා ලබා ගන්නට ඇති බව, ‘සර්වයිවල් ඉන්ටනැෂනල්’ පර්යේෂණ අධ්‍යක්‍ෂිකා ෆියෝනා වොට්සන් පවසන්නී ය. “මෙවැනි සම්බන්ධතා වසර සියගණනක් තිස්සේ පවතින්නට ඇති නමුත් වෙනත් ගෝත්‍රිකයන් හැර පිටස්තර ලෝකයා සමඟ ඔවුන්ගේ සම්බන්ධයක් තියෙන්නට ඇතැයි මා නම් සිතන්නේ නෑ. මොකද එහෙම සම්බන්ධයක් තිබුණ නම් ඔවුන්ව මේ වන විට ඝාතනය වන්නට මෙන්ම ඔරොත්තු නොදෙන රෝගයකට හෝ ගොදුරු වන්නට වැඩි ඉඩකඩක් තියෙනවා” ඇය වැඩි දුරටත් පවසන්නී ය.





    ගත්තේ
    http://www.scitechlk.com/news/17/view-New images of remote Brazil tribe.html


    මෙක ටිකක් පරණයි මට කොල්ලනේ ගෝත්‍රිකයන් ගැන හැදිච Films ටිකක් කියන්නකෝ
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    attachment.php


    බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්‍රිකයෝ




    ඉන්දුනීසියාවේ බටහිර නිව් ගිනියාවේ පැපුවා ප්‍රාන්තයේ වනාන්තරවල ජීවත් වන කොම්බායි ගෝත්‍රිකයන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ඔවුන්ට ම ආවේණික වූ සාම්ප්‍රදායික නිවාස සෑදීමේ ක්‍රමය නිසා ය. ඔවුන් තම නිවාස තනා ඇත්තේ අඩි 20 සිට 40 දක්වා උස් වූ රූස්ස ගස්වල වීම ඉතා සුවිශේෂී ය.


    කොම්බායි වැසියන් ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙනි. මේ එක් කණ්ඩායමක් ජීවත් වන්නේ විශාල රුක් නිවෙසක ය. නිදා ගැනීම සහ වෙනත් සුළු කාර්යයන් හැරෙන්නට අනෙක් සියලුම කර්තව්‍යයන් ඔවුන් සිදුකරන්නේ නිවෙසින් පිටතදී ය.

    කෝම්බායි වැසියන් තමන්ගේ කණ්ඩායමට අයත් නිවෙස සහ ඒ අවට කළාපය දුනු හී දරමින් ආරක්‍ෂා කරනු ලබයි. ඒ තමන්ට වෙනත් ගෝත්‍රික කණ්ඩායම්වලින් එල්ල විය හැකි යුද තර්ජනයන්ට මුහුණදීමේ අරමුණිනි.

    ආහාර පිසීම

    කඳුකර කැලෑවල ජීවත් වන මේ කොම්බායි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාර වන්නේ ඌරු මස් ය. එයට අමතර ව වෙනක් කැලෑ සතුන් මොවුන්ගේ ආහාරයන් ය.
    මාළු, පිළවු, පලා වර්ග සහ තාල වර්ගයේ ගසක් වන සොගෝ ශාකයේ කොටස් ද ආහාරයට ගනිති. මිනිසාගේ ආදිත ම මිතුරා වන සුනඛයා මොවුන් ගේ සුමිතුරෙකු වෙයි. දඩයම් කටයුතු සඳහා බල්ලන් යොදාගැනීම බහුල ව මොවුහු සිදුකරති.
    කොම්බායි ගෝත්‍රිකයන්ගේ ආහාර පිසීමේ ද විශේෂත්වයක් වෙයි. ඒ විශාල ශාඛ පත්‍රවල ඔතන ලද මස් ගලක් මත තබා ඒ යටින් ගිනි දල්වයි. ගින්දරට ගල රත්වීමෙන් මස් පිසෙයි. ඉන් පසු පිසුණු මස් ආහාරයට ගනියි. මොවුන් මසුන් අල්ලන්නේ ද ඔවුන්ට ම ආවේණික වූ ආකාරයකට ය. ගංගාවේ කොටසක් හරහා කුඩා වේල්ලක් තනා, ඒ අතර මසුන් රැඳුණ වතුරට විස වර්ගයක් එක් කරයි.
    ජලය විස වීම නිසා මසුන් ස්වල්ප වේලාවකින් පණ අදිමින් මතු පිටට පැමිණෙයි. ඉන්පසුව උන් පහසුවෙන් අල්ලා ගනිති. දිනකට කොතෙක් ආහාර ලබාගත්ත ද හෙට දවසට ඉතිරි කිරීමක් කොම්බායි ගෝත්‍රිකයන්ට නොවෙති. තම ගොදුරෙන් අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමෙන් පසුව ඉතිරි කොටස එතැන ම දමා පැමිණීම මොවුන්ගේ සිරිතයි.
    දුම්පානයට ද පුරුදුව සිටින කොම්බායි ගෝත්‍රිකයන් උණ බම්බුවලින් සාදන ලද සුරුට්ටු විශේෂයක් පානය කරති.
    කොම්බායි ගෝත්‍රිකයෝ ලොව වෙනත් ගෝත්‍රිකයන් හා සැසඳීමේ දී වස්ත්‍රාභරණ පැලඳීමෙන් සිටිනුයේ ප්‍රාථමික අවදියක ය. එහෙත්, බටහිර පැපුවාහි සිටින ගෝත්‍රිකයන් අතරින් පෙනුමින් ඉහළම ජාතිය වන්නේ කොම්බායි ගෝත්‍රිකයන් ය. පිරිමින් සතුන්ගෙන් ගන්නා ලද ඉණ ආවරණයක් හෝ අමුඩයක් විළි වසා ගැනීමට අදිති.
    කොම්බායි ගෝත්‍රිකයන්ගේ තවත් සුවිශේෂීතාවක් වන්නේ කොම්බායි පිරිමින් සිය පුරුෂ ලිංගය කොපුවක ආකරයෙන් සතුන්ගෙන් ලබාගන්නා ලද ශරීර කොටසක බහා තිබීමයි.
    මොවුන්ගේ තවත් විශේෂත්වයන් වන්නේ වල් ඌරන්ගෙන් ලබාගන්නා ලද වක්‍රාකාර දත් නහයේ දෙපැත්තේ පැළඳීමයි. ඊට අමතර ව බලු දත් සහ විවිධ ඇට වර්ගවලින් සාදන ලද මාල බහුලව පළඳිති.
    කොම්බායි කාන්තාවන් සෝගෝ ශාඛයෙන් සකසාගන්නා ලද වස්ත්‍රයකින් ඉණෙන් පහළ කොටස ආවරණය කරගත්තත් ඔවුන්ගේ ඉහළ කොටස නිරුවත් ය.
    පිරිමින් මෙන් සතුන්ගේ දත් මාල ලෙස පළඳින කොම්බායි තරුණියන් තවත් සුරූපී බවක් ලබා ගැනීම සඳහා විවිධ වර්ණයන්ගෙන් යුත් කුරුලු පිහාටු පළඳිති.
    කොම්බායි ගෝත්‍රිකයන්ට ම ආවේණික වූ ස්වදේශී භාෂාවක්, ගනුදෙනු මාධ්‍යයක් මෙන් ම සම්ප්‍රදායන් ද වෙති. කොම්බායි වැසියන්ගේ ගනුදෙනු මාධ්‍ය වන්නේ ඌරන් ය.
    උදාහරණයක් ලෙස දැක්වුවහොත් කොම්බායි වැසියකුගේ බිරියක් මිය ගිය හොත් හානිපූරණය කිරීමට අදාළ කාන්තාවගේ පවුලට ඌරන් ලබාදිය යුතු වෙයි.
    තව ද කොම්බායි වැසියන්ගේ අපූරු විවාහ සම්ප්‍රදායක් වන්නේ විවාහයක් සිදුවන විටදී මනාලිය මිලදී ගැනීමට සිදුවීමයි. ඒ සඳහා මනමාලයාට බලු දත්වලින් සාදන ලද මාල මනමාලියගේ පාර්ශවයට ගෙවීමට සිදුවෙයි.

    සිවිල් සමාජය

    අතීතයේ මිනී මස් ආහාරයට ගත් ගෝත්‍රයක් වූ මොවුන් ක්‍රමයෙන් පරිණාමය වී සත්ත්ව මස්වලට පමණක් සීමා වී සිටිති. එහෙත්, අතීතයේ මිනිසුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන ලද ආයුධ විශේෂයකින් මොවුහු දැනටමත් සන්නද්ධව සිටිති.
    ඌරන් බිලිදීම ඇතුළු ප්‍රාථමික ආගමික චාරිත්‍ර කිහිපයක් කොම්බායි ගෝත්‍රය සතු වෙයි. බිලිදීම සඳහා තෝරාගන්නා ලද ඌරාගේ කකුල් හතර එකට ගැට ගසා අසළ පිහිටි ගඟ වෙත ගෙන යයි. ඉන්පසුව එක හී පහරකින් ඌරාගේ ප්‍රාණය නිරුද්ධ කරයි.
    හම ගසන ලද ඌරාගේ තෙල් කොටස කපා තම දෙවියන් වන “රෙෆාෆු” වෙත පුද කරයි. කිසිදු කාන්තාවකට මේ පූජනීය බිලිදීමේ අවස්ථාවට පැමිණිය නොහැකි ය. මේ පුද පූජාවෙන් පසු දින දෙකක් යන තුරු අදාළ ගෙඟ් නෑම තහනම් ය. ඒ ඌරාගේ ලේ ගලා ගිය ගඟේ ජලය රෆාෆු දෙවියන් පානය කරන හෙයිනි.
    මීට අමතර ව යක්ෂ ආත්මයක් වන “සුආන්ගි” සහ “කාකුආකොමු” ද කොම්බායි ගෝත්‍රිකයන් බොහොම යටහත් පහත් ව අදහන දෙවිවරු ය. ශුද්ධ වූ ආත්මයන් සැරිසරන වනගත ප්‍රදේශවල නිවාස තනා ගැනීම ද සංචාරය කිරීම ද මොවුහු නොකරති.
    පිටස්තර පුද්ගලයන්ට කොම්බායි ගෝත්‍රික ප්‍රදේශවලට ඇතුළුවීම ඉතා අසීරු ය. මුලින් ම ගෝත්‍රික නායකයාගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම සුදු මිනිසුන්ට කොම්බායි වැසියන් දක්වන්නේ පිළිකුළකි. එහෙත්, නායකයාගේ අණට ඉහළින් නොයන ඔවුන් තමන් පිළිබඳ සොයා බැලීමට එන සුදු මිනිසුන්ට බාධාවක් නොවෙති.
    විටින් විට පැමිණෙන සුදු මිනිසුන් හා මිශ්‍ර ව සිවිල් සමාජගත වූ කොම්බායි වැසියන් ස්වල්ප දෙනෙකු ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන සිටිති. ඒ හරහා කොම්බායි වැසියන් ද ඉතා සෙමින් සෙමින් සිවිල් සමාජය වෙත පිය නගමින් සිටින ගෝත්‍රික පිරිසක් බවට වර්තමානය වන විට පත්ව සිටිති.
    attachment.php

     

    Attachments

    • gravity_defying_08_tree.jpg
      gravity_defying_08_tree.jpg
      60.8 KB · Views: 1,380
    • Papua_tree_people_Kombai (14).JPG
      Papua_tree_people_Kombai (14).JPG
      30.7 KB · Views: 1,383
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට




    සිනහ වී මරු වැලඳ ගන්නා ෆෝරි ගෝත්‍රිකයෝ




    පැපුවා නිව්ගිනියාවේ ෆෝරි ගෝත්‍රිකයන් මිනීමස් බුදින්නන්ය. දහනව වැනි ශත වර්ෂයේත් විසිවැනි ශත වර්ෂයේ මුල් භාගයේත් ඔවුන් අබිරහස් රෝගයකින් බුරුතු පිටින් මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. රෝගය වසංගතයකි.


    ෆොරි ගෝත්‍රිකයන් සිය පරපුරේ එකා පසු පස එකා බැගින් බිලි ගන්නා මාරයාට දී තිබූ නම වූයේ ‘කුරු රෝගය’ යන්න ය. කුරු උස අඩුවීම පිළිබඳ රෝගයක් නොවීය. කුරු ෆෝරි ගෝත්‍රික වදනකි. එය බිඳ ආවේ ‘කුරියා’ හෝ ‘ගුරියා’ යන ගෝත්‍රික වදන් වලිනි. එහි තේරුම ‘වෙවුලීම’ යන්නයි. ස

    ැබවින්ම කුරු රෝගයට ගොදුරු වූ ෆෝරි ගෝත්‍රිකයන් මරණයට පත් වූයේ අත් පා වෙවුලීම මෙන්ම නවත්වා ගත නොහැකි සිනහවක්ද සමගය. අතපය ඔවුන්ට අවසඟය. කොක්සන් දෙමින් නිරුත්සාහයෙන්ම සිනහ යයි. එයද අවසඟය. මේ නිසා බටහිර ලෝකයේ ලාෆින් ඩිසීස් සිනහ රෝගය ලෙසද කුරු රෝගය හැඳින්විණි.


    ආත්ම ආවේශය
    ලොවට අමිහිරි විස්මයක් වූ කුරු රෝගයේ අභිරහස වූයේ එසේ ගෝත්‍රය වඳවී යාමක් නොවේ. අද ද පැපුවා නිව්ගිනියාවේ උතුරු දිග කඳුකරයේ ෆෝරි ගෝත්‍රිකයෝ ජීවත් වෙති. විසිදහසක් ගෝත්‍රිකයෝ එහි සිටිති. කුරු රෝගය වසංගතයක් නම් සම්පූර්ණ ගෝත්‍රයම එයින් විනාශ වී නොගියේ ඇයි ? අතලොස්සක් දෙනා පමණක් පණ බේරා ගැනීමට හේතුවූ විශේෂ රහසක් තිබුණාද ? අතලොස්සක් පමණක් සොබා දහමේ ආශිර්වාදය ලැබුවේ කෙසේද ?
    දැන් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලොවට ලැබී තිබේ. ඒ ෆෝරි ගෝත්‍රිකයන්ගේ ගැලවුම්කරු වී සිටින්නේ ජානයකි. එනම් ඔවුන්ට වසංගතය කැඳවූ ජානයේ විකෘතියකි.
    හෙළිවී තිබෙන ආකාරයට ෆෝ්රි ගෝත්‍රිකයන් කුරු රෝගයට නොඑසේ නම් සිනහ රෝගයට ගොදුරුවී තිබෙන්නේ ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර නිසාය. ෆෝරි ගෝත්‍රිකයන් නියම මිනී කන්නන්ය. තමන්ගේ ගෝත්‍රයේ අයෙක් මිය ගිය විට ඒ පුද්ගලයාගේ නිරුද්ධ වූ ප්‍රාණය නැවත මෙලොවට කැඳවීම පිණිස ෆෝරි ගෝත්‍රිකයන් අනුගමනය කළ ක්‍රමය වූයේ මළ සිරුර කා දැමීමයි. එවිට ජීවත්ව සිටින්නන් වෙත මළවුන්ගේ ආත්ම ආවේශ වන බව ගෝත්‍රික විශ්වාසය විය.
    මෙසේ මළ සිරුර අනුභව කිරීමේදී ගෝත්‍රික සමාජයේ කවදත් සිදුවූ පරිදි හැම විටම මුල්තැන ලැබුණේ ගෝත්‍රික පිරිමින් හටය. ඔවුහු සවි ශක්තිය ඇති අත පා ආදි අවයව අනුභව කළහ. මළ බත් කෑ තැන ශුද්ධ පවිත්‍ර කිරීම් භාර වූයේ ගෝත්‍රික ගැහැණුන්ට හා දරුවන්ට ය. ඔවුන්ට නිතරම කෑමට සිදු වූයේ අතුනු බහන් හා මොළය වැනි ශේෂයන්ය. මේ අතර වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයන සමයේ දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ පිරිමින් මේ රෝගයට ගොදුරු වන වේගය මෙන් අට ගුණයක හෝ නව ගුණයක වේගයෙන් කාන්තාවන් හා ළමුන් කුරු රෝගයට ලක්වන බවය.
    රහස තිබුණේ් ඔවුන්ගේ ආහාරය තුළය. නිවැරැදිවම කියතොත් ‘මොළය අනුභව’ කළ අය වසංගතයට ගොදුරුවීම අධි වේගයෙන් සිදු විය.
    සැබවින්ම මෙහිදී සිදුවී තිබුණේ ඒ වන විටත් කුරු රෝගයට ගොදුරු වී සිටි අයගේ ශරීර අවයව හා පටක ආහාරයට ගැනීම තුළින් නිරෝගී අයද රෝගයට ගොදුරු වීමයි.
    මුළු අභිරහසම පසුගිය දිනෙක අනාවරණය කර ගත්තේ ලන්ඩනයේ ‘ප්‍රියෝන’ රෝග පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසිනි. කුරු රෝගයද ප්‍රියෝන රෝගයක් විය. ප්‍රියෝන යනු ප්‍රෝටීන සංස්ලේෂණයේදී සිදු වන විකෘතීන් හේතුවෙන් බිහි වන ‘වැරදි ප්‍රෝටීනයකි’. මිනිස් ශරීරයේ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය මුළුමනින්ම තීරණය කරන්නේ ජාන මගිනි. ජාන මගින් ප්‍රෝටීන නිපදවීමට සංඥා ලබා දෙයි. එය බොහෝ විට නිවැරදි සංඥාාවකි. එහෙත් වැරදි සංඥා ද ලැබිය නොහැක්කේ නොවේ. කුරු රෝගය මෙලොව බිහිවුණේ ද සොබාදාහම එවැනි වැරදි සංඥාවක් මගින් වැරදී ප්‍රෝටීනයක් හෙවත් ප්‍රියෝනයක් නිපදවීමට තීරණය කර තිබූ නිසාය. ප්‍රියෝන පිහිටන්නේ මිනිස් මොළය තුළ ය. කුරු රෝගය මොළ පටක ආහාරයට ගැනීම තුළින් නිරෝගී ශරීරවලට ඇතුළු වූයේ එනිසාය.
    එහෙත් පෙර කී වසංගතයෙන් බේරුණු ෆෝරි ගෝත්‍රිකයන්ගේ ශරීර තුළ ඒ ප්‍රියෝනය බිහි කරන ජානයේ පොදු විකෘති ආකාරයක් දක්නට ලැබුණේය. කුරු රෝගයට හේතු වූ ජානය පී.ආර්.එන්.පී නම් එකකි. ඒ ජානයේ විකෘති මිස ‘ඔරිජිනල් ජානය’ නම් දිවි බේරා ගත්තවුන් තුළ දක්නට නොලැබිණි. ඔරිජිනල් ජානය දැරූ අය අදත් සිටින්නේ මළවුන් අතරය.
    කුරු රෝගය මන්දගාමී මරණයකි. මිය ගිය රෝගීන්ගෙන් නිරෝගී අයට මෙන්ම විවාහකයන් අතර සිදුවූ ආවාහ විවාහ මගින්ද එය පැතිරුණේය. මුලින් ඇති වන්නේ හිසරදයකි. එය ගෝත්‍රිකයන්ගේ අවධානයට කිසිසේත්ම ලක් නොවන තරම්ය. එහෙත් ඒ සමගම හන්දිපත් අමාරුව ඇතිවේ. ඊළඟට ගාත්‍රා වෙව්ලීම පටන්ගනී. පාලනය කළ නොහැකි සිනහව ඇතිවන්නේ ඊටත් පසුවය. මේ ලක්ෂණ ගෝත්‍රිකයෙක් තුළ ඇතිවීමට අවුරුද්දක් පමණ ගත වේ. මරණය හැර සියල්ල සිදු වන්නේ සෙමෙනි. සමහරු වෙව්ලන අත පය සහිතව එකතැන ඔත්පල වී අවුරුදු හතර පහ ජීවත් වෙති. ඒ කාලය තුළ මොළය සම්පූර්ණයෙන්ම දියාරු වී සුදු පැහැති ජෙලි වර්ගයක් බවට පත් වේ. එනම් මොළ පටක වැනසී යයි. ගෝත්‍රික ගැහැනුන් හා ළමුන් රස කරමින් අනුභව කර තිබුණේ ඒ පිරිහීමට ලක්වූ රෝගී මොළයන් ය.


    පරිණාමවාදය

    පැපුවා නිව්ගිනියාවේ ෆෝරි ගෝත්‍රිකයන්ට පමණක් ආවේණික මේ රෝගය ඉබේ නතර වූවා නොවේ. එය සිදුවූයේ ඔස්ට්‍රේලියානු පාලකයන් 1950 දශකයේ දී මිනීමස් කෑම තහනම් කිරීමත් සමගය. මළ මිනී නොකෑම මගින් ලැබුණු ආරක්ෂාව පෙර කී ජාන විකෘතිය නිසා සුරයක් බවට පත් විය.
    කුරු රෝගය මිනිසුන්ගෙන් චිම්පන්සීන්ට බෝවන බව සොයාගත් වෛද්‍ය ඩැනියෙල් කාල්ටන් හට 1976 වර්ෂයේ නොබෙල් ත්‍යාගයද හිමි විය. 2010 වර්ෂයේ තිරගත වූ ‘බුක් ඔෆ් එලී’
    (Book of Eli) චිත්‍රපටයේ මිනීමස් නොකන්නන් හඳුනාගැනීමේ පරීක්ෂාවක් ගැන කියැවේ. එහිදී මිනීමස් නොකන්නන් හඳුනා ගැනෙන්නේ ඔවුන් හැම කෙනෙකුටම අත් එසවීමට කියා එම අත් වෙව්ලන්නේ කාගේද යන්න පරීක්ෂා කිරීම මගිනි. මන්ද කුරු රෝගීන් මිනීමස් බුදින්නන් හෙයින් අත පය වේව්ලන නිසාය. එහෙත්, පැපුවා නිව්ගිනියාවේ වත්මන් ෆෝරි ගෝත්‍රිකයන් තවදුරටත් එසේ නොවේ. පරිණාමවාදය නැවත වරක් සාක්ෂාත් කරමින් ඔවුන්ට නොනැසී පැවතීම සඳහා සොබාදහම ජාන විකෘතියක් මගින් ආශිර්වාද කර තිබේ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    attachment.php
    attachment.php




    දඩයක්කාරයාට දාසකම් කරන වනාන්තරයක්


    s-26.jpg
    දඩයක්කාරයා අපිළිවෙළ රවුල අතගාමින් තුරු ගොමුවක් ආසන්නයේ එකල මෙකල වෙනවා ලස්සන කුරුල්ලා දැක්කේ ම නැත.
    වටාපතක් මෙන් ස්වකීය පිල් කළඹ නටවමින් කිරිල්ලියක රවටා ගැනීමට සිත යොමු කළ හෙයින් ම දඩයක්කාරයාගේ නිරුවත් පයට ටකස් හඬින් වියළි දර ඉපළක් බිඳෙනවාවත් ලස්සන කුරුල්ලාට ඇසුණේ නැත. වනාන්තරය බිම බලාගති.

    කැටපෝලය ගෙලින්ග් නම් දඩයක්කාරයාට දාසකම් කරන බැවින් ලස්සන කුරුල්ලාගේ මනමාල නැටුම අහවර විය. එතැන කුරුලු මළ සිරුරකි.

    පෙකේ පැපුවා නිව්ගිනියාවේ තවත් කුරුලු දඩයක්කරුවෙකි. වලිගය දිග පි‍්‍රයුසස් සැපියර් පෙකේ ගේ ගස්ලබු උගුලට හසු වුණි. කහපාටින් බබළන ගස්ලබු ගෙඩියට හොට තැබූ සැනින් දිගු දුන්න දාසකමට පෙරළුණි.
    වනාන්තරය සිසාරා ඇදී ගිය ඊතලය වලිගය දිගු තවත් කුරුල්ලෙකුගේ හදවත සිදුරු කෙරිණි. ගෙලින්ටත්, පෙකේටත් මෙයාකාර කුරුලු මරණ උවමනා වූයේ පැපුවා නිව්ගිනියාවේ පැවැත්වෙන මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවයට පේ වීමට ය.
    පැපුවා නිව්ගිනියාව පුරාම දිවිගෙවන විවිධ ගෝත්‍රවල සහභාගීත්වයෙන් පැවැත්වෙන වනාන්තරයේ ලොකුම විප්‍රකාර ඇඳුම් උත්සවය මෙයයි.
    ගෝත්‍ර 100 ක් පමණ සහභාගී වන මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවය වඩාත් වර්ණවත්, අලංකෘත පිහාටු හිමි තැනැත්තා උත්කර්ෂයට නංවන්නකි. තැනක වර්ණවත් වෙස් මුහුණු පැළඳි අයය.
    තවත් තැනක දීප්තිමත් වර්ණවලින් තම මුහුණ පුරා අලංකාර රටා ඇඳගත් ගෝත්‍රිකයන් ය. ඔවුන්ගේ හිස සරසා ඇත්තේ කුරුලු පිහාටුවලිනි.
    s-27.jpg

    ගෙලින්ග් සහ පෙකේ වනාන්තරයට වංචා කරමින් කුරුලු සිරුරු දඩයම් කළේ එබැවිනි. ගෙලින්ග් තම දඩයමේ ලාභය වූ කුරුලු පිහාටු සහිත හිස් වැස්ම ලා ගැනීමට සූදානමිනි.
    ඔහුගේ මුහුණ පුරා වර්ණවත් සායම් ය. සරුවාල වන් ඇඳුම් කෙළවර ද වර්ණවත් පිහාටු ය. තැනිතලාව සිසාරා අප්‍රමාණ ශරීර දරා සිටින කුරුලු පිහාටු හීන් සරින් ඉකිබිඳිනවා ඇසෙනවාත් වැනි ය.
    බහුතරය පුරුෂයන් ය. වනාන්තරයේ කුරුලු ප්‍රජාව සිදු කළාක් මෙන් ස්ත්‍රී ආකර්ෂණය දිනා ගැනීම මවුන්ට් හේගන් සින්ග් - සින්ග් උත්සවයේ තවත් එක් අරමුණකි. සුළුතරයක් වූ ගැහැනු ද මේ සඳහා සහභාගි වී ඇත්තේ උඩුකය නිරුවතිනි. එහෙත්, වඩාත් විචිත්‍ර පුරුෂ පක්ෂයයි.
    තැනිතලාව දෙවනත් කරමින් නැඟෙන බෙර හඬ අතරින් ගෙලින්ග් ප්‍රධාන වේදිකාවට නැගුණි. දැන් හැමෝගෙම අවධානය ඔහු ළඟ. ඔහු විප්‍රකාර නැටුමක් නටන්න පටන් ගත්තා.
    s-28.jpg
    ම වයසේ කාන්තාවන් හැඟීම් විරහිතව ඔහු දිහා බලන් උන්නා. තරුණියන් නම් ඔහු දිහා බලන් උන්නේ විමතියකින්. ඔවුන්ගේ අවධානය තරුණයන්ටයි.
    “දැන් ඉස්සර තරම් ගෑනු අය මං දිහා බලන්නෑ. මං දැන් වයසයිනේ...”
    කුරුලු පිහාටු දඩයක්කාරයා නැටුමක් නටමින් යන්න ගියා. පැපුවා නිව්ගිනියාවෙන් කොන්ගෝ වනාන්තරයට කවුදෝ මාව ඇදගෙන ගියා. වනාන්තරය මැද්දෙන් ආවෙ උඩුකය නිරුවත් මිනිස්සු දෙන්නෙක්. එක් අයෙක්ගෙ උරය මත කෙටි පොරවක්. ඔවුන් සුවිශාල ගසක් ආසන්නයේ නතර වුණා.
    “... අද නම් මී පැණි නැතුව ගෙදර යන්න බෑ. ගෙදර උන්දැට හොඳටම තරහ ගිහින්. අවුරුද්දකින් විතර මට මී පැණි ගෙදර ගෙනියන්න බැරිවුණා...”
    s-30.jpg

    මීටර 40 ක් තරම උස ගහ මඳක් නැවිලා බිම බැලුවා. ටෙටේ සහ මොංගන්ජේ තමන්ගෙ හයිකාරකම් පෙන්නන්න මුදුන නොපෙනෙන ගහ දිහා බයක් නැතුවම බලාන හිටියා. තවත් බිමට නැමෙන්න බැරි නිසා උස ගහ ආයෙත් අහසම බැලුවා.
    බයාකා ගෝත්‍රිකයෝ දෙන්නා දඩයමකටයි අර අදින්නේ. ටෙටේ තමන්ගෙ උරේ වාඩිවෙලා හිටපු පොරව අතට අරන් හොඳටම හයිය වැලක් කපාගත්තා.
    මීටර් 14 ක් පළල ගහ තරණය කරන්න වළල්ලක් විදිහටයි ඔහු මේ ශක්තිමත් වැල යොදාගන්නේ.
    දෙවරක් නොසිතමින් ටෙටේ ගහ තරණය කරන්න පටන් ගත්තා.
    තමන්ගේඋරය මත නැවත අසුන් ගත්ත පොරවෙන් ගහේ හරස් අතට කැපුම් යොදමින් ටෙටේ මී පැණි හොයන්න ඉමක් නොපෙනෙන ගහක් තරණය කරනවා.
    මොංගෙන්ජේ ඒ අතරතුර වනාන්තරයෙන් සොයාගත් වියළි කොළ අවුළුවා ගින්නක් සැකසුවා. ගින්නෙන් නඟින
    s-29.jpg
    දුම මී මැස්සන් පලවා හරිනවා. පැය ගණනාවක් මුළුල්ලේ ආදාරකයට වැලක් පමණක් යොදාගෙන ටෙටේ ගහ තරණය කරනවා.
    මී පැණි සොයන්න ටෙටේ ගහක් තරණය කරන ආරංචියට තටු ලැබිලා. ඔහුගෙ බිරිය ඇතුළු දරු පරපුර ඊතලයක වේගයෙන් ගහ මුල. සැලකිය යුතු දුරක් ගෙවූ පසු ටෙටේ වැල්පොට අතහැර ආදාරකයක් නැතිව ගමන් කළ යුතු ගස් දෙබලකට පැමිනුණා. ජීවිතය පරදුවට තබා යන මේ ගමන ධෛර්ය මත පදනම් වන්නක්.
    අවසානයේ ටෙටේ මී වදය සොයා ගත්තා. දුම් ගසන කොළ සමූහය එක අතකින් අල්ලගෙන ඔහු මී මැස්සන් සමඟ අරගලයක්. පළමු මී වද පොකුර වැල්වලින් තනපු බාජනයකින් තම දරු පවුලට යොමු කළා. ගුම් නඟන මී මැස්සන් පලවා හරිමින් කුඩා ළමුන් දීප්තිමත් දෑසින් මී පැණි අනුභව කරනවා.
    “...ටෙටේ තමයි මං දැකපු හොඳම පිරිමියා. එයා හරි නිර්භීතයි. ළමයි තාත්තා ගැන බය නෑ. එයාලට තාත්තා ගැන ආඩම්බරයි...”
    වනාන්තරය ඇතුළත දී බොහෝ සරල දේ ක්ෂණිකයකින් වඩාත් වටිනා දේවල් බවට පරිවර්තනය වෙයි. කුරුලු පිහාටුවේ සිට මී පැණි බිංඳුව තෙක් ඒ වටිනාකම අසමසම වෙයි.
    ටෙටේ පී‍්‍රතියෙන් සිනාසෙයි. ගෙලින්ග් සහ පෙකේ බුම්මාගත් මුහුණිනි. කිසිත් නොදත් වලිගා දිග කුරුල්ලෙකු ඉහළ තුරු වියනට පියාඹා යනු පෙනෙයි.
     

    Attachments

    • sing.jpg
      sing.jpg
      34.2 KB · Views: 2,335
    • sing 2.jpg
      sing 2.jpg
      71.7 KB · Views: 1,017
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය

    attachment.php

    attachment.php



    කෙම්පෙරි පැල තුළ ඇති එල්ලෙන වැල් ඇඳේ හාන්සි වී සිටි. නිවුණු ගිනි මැලයෙන් නඟින දුමේ සුවඳින් වාතය බර ය. පාම් කොළ අතුවලින් සෑදූ බිත්තියේ හිඩැස් අතරින් හිරු එළිය පෙරී එයි. ඒ, එළියෙන් කෙම්පෙරි ගේ මුහුණත් ගෙල වටා බැඳී පබළු පොටත් නැහැවෙමින් තිබේ.
    අසූ නව වියැති කෙම්පෙරි ලතින් අමෙරිකාවට අයත් ඉක්වදෝරයේ වෙසෙන හුආඔරානි [Huaorani] ගෝත්‍රයේ යකැදුරා ය. ජගුවරයා ගේ හෙවත් අමෙරිකානු දිවියාගේ ආත්මය ඇත්තේ ඔහු සමඟ ය. වනාන්තරයේ හැම බිම් අඟලකම ඇවිදින මුත් ජගුවරයාගේ හිත බෙහෙවින් චංචල වී තිබෙන බව කෙම්පෙරි කියයි.
    හුආඔරානි ඇත්තන්ගේ භූමියට දැන් උදාවී තිබෙන්නේ සෙනසුරුගේ කල දසාව ය. අමෙරිකාවෙන් ආ තෙල් කොම්පැනිකාරයන් ගෙන් එයට හැමදාමත් කරදර තිබිණ. ජගුවරයාගේ ආත්මය ළඟ එන මරණයෙන් පවා කෙළවර විය හැකි මහා ව්‍යසනයක් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබෙන්නේ ඒ නිසා විය යුතුය.
    පසුගිය අවුරුදු 50 මුළුල්ලේ කෙම්පෙරිගේ ගෝත්‍රයට විණ කළේ ඉක්වදෝරයේ තෙල් නිධි හාරන්නට ඒරොප්පෙන් ආ කොම්පැනි කාරයන් ය. වනාන්තරයෙන් පිටත වෙසෙන මිනිසුන් සමඟ කිසිම ඇයි හොඳයියක් නොපැවැත් වූ හුආඔරානි ගෝත්‍රිකයන්ට ඔවුන් සමඟ ගැටෙන්නට සිදුවූයේ තෙල් නිධි හෑරීම නිසා ය.
    කෙම්පෙරි ට තමන් ගේ ගෝත්‍රයෙන් පිට කෙනෙකු වනාන්තරය ඇතුළේ දී මුණ ගැසුණේ මීට අවුරුදු පනහකට හැටකට ඉස්සර ය. එදා කෙම්පෙරිත් තවත් මිතුරෝ කිහිපදෙනෙකුත් වඳුරන් දඩයම් කරන්නට කැළෑ වැදී සිටියෝ ය. හුආඔරානි ගෝත්‍රයෙන් පිට කෙනෙකුගේ අඩි පාරක් කෙම්පෙරිගේ සගයෙකු ගේ ඇස ගැටුණේ ඒ අතරතුර ය. ඔවුහු ඒ පසුපස ලුහු බැන්දෝ ය.
    වනාන්තරයේ එළි කළ බිම් කඩක මිනිසුන් තිදෙනෙක් වාඩි ලාගෙන සිටිය හ. ඉන් කෙනෙක් නින්දට වැටී සිටියේ ය. ඔහු නැවත කිසිදා නැඟිට්ටේ නැත. කෙම්පෙරි ගේ සගයෝ ඒ මිනිසුන් තිදෙනා ම මරා දැමුවෝ ය. ඔවුන් අතින් මැරුම් කෑවේ එදා ඉක්වදෝරයේ තෙල් සම්පත සොරා ගන්නට ආ උතුරු අමෙරිකානු කොම්පැනියේ සේවකයන් තිදෙනෙකි.
    කෙම්පෙරි ඔවුන් ගේ නිජ බිම ආක්‍රමණිකයන් ගෙන් රැක ගත්තේ ඒ විදියට ය.
    මේ සිද්ධියෙන් ටික දවසකට පසු කෙම්පෙරිගේ පැල්පත උඩින් අහස් යාත්‍රාවක් පියාඹා ගෙන ගියේ ය. පියාඹන යකඩ කුරුල්ලෙකු කෙම්පෙරි දූපතේ පළමු වතාවට දුටුවේ එදා ය. ඊට පසු දවස් තුනක් තිස්සේ එය ඉහළ අහසේ කරක් ගැසුවේ ය. හතර වැනි දවසේ දී එය පැල්පත්වලට උඩින් ගෑවී නොගෑ වී පියාසර කළේ ය. කව්දෝ ඉහළ අහසේ සිට යකඩ කටකින් මෙසේ බෙරිහන් දුන්නේ ය. හුආඔරානි භාෂාවෙන් කතා කළ නිසා කෙම්පෙරිට එය තේරුම් ගන්නට පුළුවන් විය.
    “හොඳට ජීවත් වෙන්න ඕනෑ නම් මිනී මරන එක නවත්තපල්ලා!”
    ඔවුන් කවුදැයි කෙම්පෙරි දැන ගත්තේ ඊට ටික දවසකට පසුව ය. ඔවුන් මිෂනාරිවරු ය. තෙල් සම්පතින් පොහොසත් භූමියෙන් හුආ ඔරානි ගෝත්‍රිකයන් පළවා හැරීම සඳහා ඉක්වදෝරේ ආණ්ඩුව පත් කර තිබුණේ ඔවුන්ව ය.
    මේ හැම දේම සිදු වෙන්නට පටන් ගත්තේ 1960 ගණන්වල දී අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගම තෙල් නිධි සොයාගෙන ඉක්වදෝරයට පැමිණීමත් සමඟ ය. ඔවුන්ට තෙල් නිධි හෑරීමට ආණ්ඩුවෙන් අවසරය ලැබිණ. එහෙත් නිධි හාරන්නට පළමුව ඒ බිමේ සිටි හුආඔරානි ගෝත්‍රිකයන් ඉවත් කළ යුතු විය.
    ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේම හුආඔරානි ගෝත්‍රිකයෝ මේ බිමේ විසුවේ එහි තෙල් සම්පතක් කියා දෙයක් තිබෙන බවක් වත් නො දැන ය. ඔවුන්ට තෙල් කුමකට ද? හිරු එළියත්, පිරිසුදු වාතයත්, ඇළේ දොළේ ගංගාවේ සීතල වතුරත් වනාන්තරයේ පළ වැලත්, දඩයමෙන් සොයා ගන්නා මස් මාළුත් තිබෙන විට තෙල් කුමකට ද? ඇත්තට ම ඔවුන්ට තෙල්වලට වඩා වටින්නේ පොළොවත් වනාන්තරයත් ය.
    වනාන්තරය සමඟ ඔවුන්ට තිබුණේ වෙන් කරන්නට බැරි තරමේ සබඳතාවකි. එහෙත්, තෙල් සමාගම් මේ සබඳතාව සදහටම බිඳ දැමුවෝ ය. තෙල් නිධි සහිත භූමියෙන් ඉවත් කළ හුආඔරානි ගෝත්‍රිකයෝ වෙනත් තැන්වල පදිංචි කරවනු ලැබූහ.
    ඔවුන්ට වනාන්තරයත් සමඟ පැවැත්වූ සහ සම්බන්ධතාව මුළුමනින් නැතිවිණ. තවත් බොහෝ දෙනෙක් වසංගත රෝගවලින් මිය ගියහ. කෙම්පෙරි වැනි ගෝත්‍රිකයෝ සීමිත පිරිසක් අදත් ගැඹුරු වැසි වනාන්තරයේ සොබා දහම සමඟ ජීවත් වෙමින්, තෙල් කොම්පැනිකාරයන් ගෙන් වහන් වී වාසය කරති.
    අද හුආඔරානි ගෝත්‍රිකයෝ වනාන්තර ය මැදින් ගලන ගඟ ළඟ භෝගයක් වගා කරන්නටත් බය වෙති. අද එය එතරම්ම අපිරිසුදු ය.
    තෙල් අපද්‍රව්‍ය වලින් එය දූෂණය වෙලා ය. එනිසා ම මේ මෑතක දී උතුරු අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගමට ඉක්වදෝරයේ ඇමසන් ප්‍රදේශයේ පරිසර දූෂණය කිරීමේ චෝදනාවට වන්දිය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 9 ක දඩයක් නියම විය.
    ටෙක්සාකෝ සමාගමට පරිසර දූෂණය කිරීමේ චෝදනාව එල්ල වන්නට පටන් ගත්තේ 1993 වසරේ දී ය. ඔවුන් ට නීතිය හමුවට ද යන්නට සිදු විය. ඉක්වදෝර් වැසියන් 30,000 ක් සමඟ ඇමසන් ප්‍රදේශයේ විසූ ගෝත්‍ර 5 කට අයත් ජනතාවක් එයට එක් වූහ.
    1964 වසරේ සිට 1990 වසර දක්වා ඊශාන දිග ඉක්වදෝරයේ තෙල් නිධි හෑරීමෙන් ලබාගත් අපද්‍රව්‍ය තෙල් ගැලුම් මිලියන 17 ක් වැසි වනාන්තරයට මුදා හරින ලදැයි ඔවුහු ටෙක්සා කෝ සමාගමට චෝදනා එල්ල කළෝ ය.
    ඒ සමඟම තෙල් නිධි හෑරීමේ දී ලැබුණු විෂ ජලය ගැලුම් බිලියන 18 ක් ද මේ ස්වාභාවික පරිසරයට මුදා හැරිය බවට ද තවත් චෝදනාවක් නැඟිණ. පරිසර දූෂණය නිසා මේ ප්‍රදේශයේ වෙසෙන වැසියන්ට පිළිකා සහ ජන්ම විකෘතිතා ඇතිවීමේ අවදානමක් තිබෙන බව ද හෙළි විය.
    එහෙත් අමෙරිකානු තෙල් සමාගම මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
    එසේ වුවත් වෙනදා නිල් පැහැයෙන් දිලෙමින් වැසි වනාන්තරය ඇතුළෙන් ගැලූ ගංගාවල ජලය මත බොරපාට තෙල් තට්ටු පා විය. වැසි වනාන්තර අවට ඇති වගා බිම් වැනසී ගියේ ය. ගොවිපොළවල සිටි සතුන් ද මිය ගිය අතර අවට ප්‍රදේශවල වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වීමද ඉහළ ගියේ ය.
    පරිසර වේදින්ගේ ද දැඩි උද්ඝෝෂණ හමුවේ තෙල් සමාගම ට කර අරින්නට බැරි විය. දැන් ඔවුන් මේ සිදුවී ඇති පරිසර හානිය යළිත් යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන 9 ක් වියදම් කළ යුතු ය. එහෙත් පැමිණිලි පක්ෂය කියන්නේ දඩය ඊටත් වඩා වැඩි කළාට කමක් නැති බවකි.
    ඒ කෙසේ වුවත් කෙම්පෙරි ගේ රැහේ ඇත්තන්ට වැසි වනාන්තරය සමඟ තිබූ ඔවුන් ගේ සාමකාමී ජීවිතය යළි ලැබේ දැයි සැක සහිත ය. පරිසරයේ බිඳ වැටුණු සමතුලිතතාව මුදල්වලින් යළි ඇති කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැත. තවමත් මේ නිවර්තන පාරාදීසය තුළ ජගුවරයාගේ ආත්මය කරදර සිතින් පියමං කරමි
     

    Attachments

    • kem.jpg
      kem.jpg
      100.6 KB · Views: 617
    • kem2.jpg
      kem2.jpg
      47.1 KB · Views: 650
    • Like
    Reactions: goest and thusi02

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බුෂ්මන්වරු (අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ)


    attachment.php
    attachment.php

    මානව ලක්ෂණ නීග්‍රොයිඩ් ලෙස හදුන්වන නීග්‍රෝවරුන්ට සමානය.ශරීරයෙන් නීග්‍රෝවරුන්ට සමානකම් ඇති අතර මුහු‍ණේ නීග්‍රෝ
    ලක්ෂණ ඇත.නෙරාගිය කට,පෙරළුණු මහත තොල්,පළල් විවෘත ඇස් නොමැත.ස්ත්‍රීන්ගේ නිතඹ ස්ථුලතාවය කැපීපෙනයි.
    වැසි අඩු ,දේශගුණික වශයෙන් කටුක නිරිතදිග අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි ප්‍රදේශවල සහ අප්‍රිකානු සංගමයේ වයඹ කොටසේ
    ජීවත් වෙති.වර්තමානයේ නැමීබියාව,සිම්බාබ්වේ,දකුණු අප්‍රිකානු කලාපයට අයත්වේ.ඔරේන්ජ් ගංඟාවට උතුරින් කාන්තාර පරිසරයේ වර්ෂාව අගල් 1-8 අතර කටුක පරිසරයේ ජීවත්වේ.ජල ප්‍රශ්නය උග්‍රවන අතර ගං පතුල් සහ වගුරුබිම් ආශ්‍රිතව ‍ජලය රඳාපවතී.
    බුෂ්මන්වරු දඩයමට විශේ‍ෂ නිපුණතාවක් දක්වන අතර ජිරාෆ්,පැස්බරා,අලි,රයිනෝසිරස්,හිපපොටේමස්,මුව,ගෝන්නු,
    කොටි,දිවි,සිංහ,සිවල්,මැඩියෝ,මීමැස්සෝ,පළගැටියෝ දඩයම් කරයි.20-100 අතර කණ්ඩායමක් ලෙස දඩයමේ
    යෙදෙයි.ආහාර වස්ත්‍ර ඇතුළු මූලික අවශ්‍යතා දඩයමෙන් සපයාගනී.ආහාරද්‍රව්‍ය අඩුවීම මත වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණයවේ.
    පදිංචිය,කූඩාරම් ආදිය කණ්ඩායමේ වැඩිමහල් තැනැත්තා විසින් තේරීම,තීරණය කිරීම සිදුවේ.
    කාන්තාවන් කුඩා කණ්ඩායම් ලෙස සුළු දඩයමේ යෙදේ.ඉබ්බන්,තලගොයි,මැඩියව්,කටුස්සන් ඔවුන්ලග් දඩයමට අයත්වේ.
    පිරිමින් දඩයම් බල්ලන් ගෙනයන අතර ඊතල තුඩට විෂපොවා ඇත.සත්තු එකතුවන ලවන බිම්,ජලාශ වැනි ස්ථානවල දඩයම් කරයි.
    ඇඳුම් භාවිතය ඉතාම අඩු අතර පිරිමි ත්‍රිකෝණාකාර අමුඩ රෙද්දක් සහ ස්ත්‍රිය ඉදිරිපස පෙර වැස්මක් වැනි හතරැස් රෙදි කැබැල්ලක්
    ඉන ළඟින් එල්ලාගනී.ස්ත්‍රියගේ ප්‍රධාන වස්ත්‍රය වන්නේ "කැරස්" නම් සාටකයයි.මෙය ද්‍රව්‍ය ගෙනයාමට භාවිතා කරන අතර දකුණු
    උරහිස සහ ඉනවටා ගැටගසන මෙහි දරුවා,ජලය,ආහාර වර්ග ගෙනයයි.
    බුෂ්මන්වරු භාණ්ඩ හුවමාරුවට සම්බන්ධ අතර ඇතැම්විට බලෙන් වෙනත් ප්‍රදේශවලට ඇතුළුවීම හෝ අන්අය මැරීම නිසා ගෝත්‍රික
    සටන් ඇතිවේ.දඩයමේ සාර්ථකතාවයට ඇදහිලි,පැරණි විශ්වාස පවත්වති.

    සැමි ප්‍රජාව( සප්මි දේශයේ ආදිවාසීන්)
    සැමි ප්‍රජාව,සප්මි දේශයේ ආදිවාසී ජනතාව වන අතර උතුරු ස්වීඩනය,නෝර්වේ,පින්ලන්තය,රුසියාවේ කෝලා අර්ධද්වීපය වැනි
    පුළුල් ප්‍රදේශයක පැතිරසිටියි.සැමි ප්‍රජාව යුරෝපනයේ විශාලම ආදිවාසී ජන කො‍ටසයි.භාෂාව sami වන අතර එය
    Finno-urgic ලෙස වර්ග කරයි.මුළු ජනසංඛ්‍යාව 8500 පමණවේ.
    වෙරළබඩ සහ අභ්‍යන්තරයේ මසුන් දඩයම,සත්ව ලෝම සඳහා සතුන් දඩයම,බැටළු පාලනය වැනි ජීවනෝපායන් ඇති අතර
    පිනිමුවන් රංචු පාලනය ඒ අතරින් ප්‍රධානවේ.
    පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔනිගා විල සහ ලැඩෝගා විල වටා දකුණු වෙරළේ ක්‍රි.පූ.8000 සිට ජීවත් වූ බව එක් අදහසක් වන
    අතර සමහරු සැමිවරුන්ගේ ඉතිහාසය වසර 2500 නොඉක්මවන බව දක්වයි.
    ඓතිහාසික ලේඛනවල සැමිවරු,වනාන්තර සැමි,කඳු සැමි,ගංඟා සැමි,නැගෙනහිර සැමි ලෙස වර්ග කර තිබුණි.රැකියාවන් අනුව
    ඔවුන්ව වර්ග කර ඇත.
    පිනිමුවන් සැමිවරු- 10%ප්‍රමාණයක් මෙම රැකියාවේ යෙදෙයි.
    මුහුදු සැමිවරු -මසුන් ඇල්ලීම සහ සුළු ප්‍රමාණයෙන් ගොවිතැන් කරයි.
    පිනිමුවන් රංචු පාලනයේ නොයෙදෙන සැමිවරු - මුහුද ආශ්‍රිතව ජීවත් නොවේ.බහුතරයක් සිටී.
    අතීතයේදී සැමිවරුන්ට සැප්මි ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක පිනිමුවන් රංචු පාලනයට,මසුන් මැරීමට,දඩයමට රාජ්‍යයන්
    ඉඩ දී තිබුණු අතර ස්ථාවර ජනාවාස සහ නිවාස පිහිටුවීමටත්,ආරක්ෂක සහ ආර්ථික කටයුතු නිසාද දේශසීමා සහ මායිම් ගැටළු
    ඇතිවී තිබේ.ස්වීඩනය හා නෝර්වේ අතර 1751දී දේශසීමා තීරණය වුවත් සැමිවරුන්ගේ සාම්ප්‍රදායික අයිතිය අයිතිය ආරක්ෂා කිරීමට
    ඔවුන් බැඳීසිටියි.
    නූතනයේ මස් සහ සම් ලබාගැනී‍මට පිනිමු‍වන් ඇතිකරයි.සම් ඇසුරින් විවිධ අත්කම් භාණ්ඩ නිෂ්පාදන‍ය කරයි.තාක්ෂණික දියුණුව
    සමඟ හිමමත යාහැකි ස්කූටර්,සමහරවිට හෙලිකොප්ටර් පිනිමුවන් ඇතිකිරීමට යොදාගනී.
    යාන්ත්‍රීකරණය වූ වන විද්‍යාව,ජල විදුලි බලාගාර,කැණීම් මධ්‍යස්ථාන සාම්ප්‍රදායික සැමි ජීවනෝපායන් වන පිනිමුවන් රංචු පාලනයට,
    මසුන් මැරීමට,දඩයමට තර්ජනයකි.
    සැමි ප්‍රජාවට වෙන්වූ පාර්ලිමේන්තුවක් නෝර්වේ,ස්වීඩන් වල ඇති අතර භාෂා අයිතිය,විවිධ සංස්කෘතික කටයුතු සඳහා රජයේ අනුග්‍රහය
    සැමි ප්‍රජාවට හිමි අතර නවින රැකියා සඳහා නගරයට යොමුවන පිරිස වැඩිය.
     

    Attachments

    • Bushman1.jpg
      Bushman1.jpg
      55.8 KB · Views: 694
    • Grassland_Bushmen.jpg
      Grassland_Bushmen.jpg
      55.7 KB · Views: 230