බ්‍රහ්මයන්ගේ ජිවන තතු

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බ්‍රහ්මයන්ගේ ජිවන තතු

    සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්ස්වාසය වනුයේ ලෝකය නිර්මාණය කලේ බ්‍රහ්මයන් බවයි. ඔව්න්ගේ මතය අනුව ද්‍යාන වැඩීමෙන්බ්‍රහ්මය සමග එක්විය හැකි බව පවසයි.
    බුදු දහමේ එන බ්‍රහ්ම සංකල්පයට අනුව භාවනා වැඩීමෙන් ද්‍යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග පලයට පැමිණි පුද්ගලයන්ද මරණින් මතු බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන බවයි.
    බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දිවය ලෝක ගන්නට වඩා වැඩිය.බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තට පහත දැක්වේ.

    1. බ්‍රහ්ම පාරිසද්‍ය
    ප්‍රතමද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3

    2.බ්‍රහ්ම පුරෝහිතය
    ප්‍රතමද්යානය උපදින භූමියකි ආයුෂ කල්ප 1/2

    3.maha බ්‍රහ්මය
    ප්‍රතමද්යානය උපදින භූමියකි ආයුෂ kalpayaki

    4.පරිත්තාභය
    ද්විතියද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2

    5.අප්පමානාභය
    ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 4

    6.ආභස්සරය
    ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ

    7.පරිත්තසුභය
    තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 16

    8.අප්පමානසුභය
    තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 32

    9.සුභතින්හය
    තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසෙ.

    10.වේහප්පලය
    ආයුෂ කල්ප 500. චතුර්තද්‍යාන භූමියකි . ලෝකය වායු කුනාටු වලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසෙ.

    11. අසංඥ තලය
    ආයුෂ කල්ප 500. අසංඥ සමාදිය වඩන අය මෙහි උපදී. upan අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් ඉඩ සිහිසුන්ව මෙන් හිද ගෙවා දමයි.

    12.අවීහය
    ආයුෂ කල්ප 1000. ද්‍යානලැබී අනාගාමීහු මරණින් මතු මෙහි උපදිති. ද්‍යාන රහිත අනාගාමීහු මරණින් මතු වෙනත් බඹලොවක ඉපිද ඉන් මතු අවිහයෙහි උපදිති .

    13.අතප්පය
    ආයුෂ කල්ප 2000.අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන යෝගීන් එක්කෝ නිවන් දකිති නතහිත් අතප්පයෙහි උපදී

    14. සුදස්සය
    මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් තාප්පයෙන් චුත වෙන අනාගාමීහු එක්කෝ නිර්වාණයට හෝ සුදස්සයෙහි උපදී

    15. සුදස්සිය
    ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමීහු එක්කෝ නිවනට හෝ සුදස්සියට පිවිසෙති .

    16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )
    ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති. ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමින්ය .එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමිකයෙක් එහිදී රහත් නොව්නහොත් ආයුෂ ගෙවී ගොස් නිරුත්සාහිවම පිරිනිවනට පත් වේ .

    17.අකාසනඤ්චායතනය
    පළමු අරුපාවචර ද්යානය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන් සත්වයන්ට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාබියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.

    18. වීඤ්ඤාංචායතනය
    දෙවන අරුපාවචර ද්‍යාන ලැබූ අය උපදින භූමියයි ආයුෂ කල්ප 40 000.

    19.ආකිංචංඤායතනය
    ආයුෂ කල්ප 60000. තෙවන අරුපාවචර භූමියයි

    20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය
    මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර ද්‍යාන භූමියයි ආයුෂ කල්ප 84 000



    http://www.elakiri.com/forum/showthread.php?t=1144964 = සදෙව් ලොව අසිරිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1144964 = සදෙව් ලොව අසිරිය
     
    Last edited:
    හොද පෝස්ට් එකක් කට්ටිය වරදවා වටහාගන්න එපා මේකෙන් කියන්නේ නෑ හින්දූන් පවසන අන්දමේ ඔවුන්ගේ බ්‍රහ්ම ලොක පවතිනවා කියලාවත් බ්‍රහ්මයාගේ ලොව මැවීමේ සංකල්පය ඇත්ත කියලාවත් එකම නාමයන් තිබ්බාට මේවා වෙනස් උදාහරණ විදිහට අපේ පංච ශීලය වගේ එකක් සමකාලීන ඉන්දීය ආගමනක් වුන ජෛනයන් තුල තිබුනා ත්‍රිශික්ෂාව යනුවෙන් අපේ කරන ඉගැන්වීම වෙනත් සංකල්පයක් නම් කරන්න ඔවුන් යොදාගෙන තිබෙනවා මේකත් ඒවගේ දෙයක් එසේ නොමැතිව හින්දු බ්‍රහ්ම සංකල්පය අනියමින් හෝ පිළිගැනීමක් නොවෙයි :):):)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාතර කිඹුලා;10353285 said:
    හොද පෝස්ට් එකක් කට්ටිය වරදවා වටහාගන්න එපා මේකෙන් කියන්නේ නෑ හින්දූන් පවසන අන්දමේ ඔවුන්ගේ බ්‍රහ්ම ලොක පවතිනවා කියලාවත් බ්‍රහ්මයාගේ ලොව මැවීමේ සංකල්පය ඇත්ත කියලාවත් එකම නාමයන් තිබ්බාට මේවා වෙනස් උදාහරණ විදිහට අපේ පංච ශීලය වගේ එකක් සමකාලීන ඉන්දීය ආගමනක් වුන ජෛනයන් තුල තිබුනා ත්‍රිශික්ෂාව යනුවෙන් අපේ කරන ඉගැන්වීම වෙනත් සංකල්පයක් නම් කරන්න ඔවුන් යොදාගෙන තිබෙනවා මේකත් ඒවගේ දෙයක් එසේ නොමැතිව හින්දු බ්‍රහ්ම සංකල්පය අනියමින් හෝ පිළිගැනීමක් නොවෙයි :):):)

    :yes::):yes: