අධිෂ්ඨානය සහ කැපවීම

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අධිෂ්ඨානය සහ කැපවීම

අධිෂ්ඨානය සහ කැපවීම සාර්ථකත්වය කරා යන මාර්ගයයි



මලාවි යනු අප්‍රිකාවේ ඉතාමත් දිළිඳු රටකි.
යටිතල පහසුකම් ඉතාමත් අවම මට්ටමක පවතින මෙම රටේ තාක්ෂණය ඉතාමත් දුර්වල අවධියක පසුවෙයි.


නමුත් එහි වයස අවුරුදු 15ක් පමණ වන තරුණයෙකු විසින්
ඉවත ලන දෑ උපයෝගී කර ගනිමින් බලශක්තිය නිපදවීමට සමත්ව ඇත.


මෙතරම් දිළිඳු රටක තාක්ෂණය අන්ත අඩියක තිබෙන වකවානුවක
මෙම දුප්පත් තරුණයා හට මෙතරම් දැනුමක් තිබීම අදහාගැනීමට නොහැක්කකි.
මේ ඔහුගේ කතාවයි.




මොහු මලාවි ජතිකයෙක් වන අතර මීට වසර හතකට පමන පෙර
දරුණු නියඟයකින් දහස් ගනනක් මලාවි ජාතිකයන් මිය යන්නට විය.
මොහු සහ මොහුගේ අනිකුත් පවුලේ සාමාජිකයන් සහ සහෝදර ජනයා
දවසකට එක් කෑම වේලක් පමණක් ගෙන ජීවිතය ගැටගසාගෙන ඉදිරියට ගෙනයන්නන් වෙති.






රට මධ්‍යයේ සියළු පහසුකම් පහත මට්ටමක තිබුනද තවමත් බහුවල ඇති සම්පතක් විය.
ඒ ස්වාභාවික සුලඟයි.



“මට අවශ්‍ය වූයේ කුමන හෝ වෙනසක් ඇති කරමින් සියල්ලන්ටම යහපතක් සිදු කිරීමයි”

“එ‍මනිසා මා මටම මෙසේ පවසා ගත්තා,
විදුලිය සුළඟ ආධාරයෙන් නිපදවිහ හැක්කක් නම් මටද එය නිපදවිය හැක”

ඔහු පවසයි.



William Kamkwamba වන මෙම තරුණයා පාසලෙන් දොට්ට දමන ලද්දේ
$80 ක් වන පාසැල් ගාස්තු ගෙවීමට ඔහු අපො‍හොසත් වූ හෙයිනි.




ඉන් අනතුරුව සුළං බලාගාර වල විස්තර ඇතුලත් පොත් කියවමින්
ඔහු පුස්තකාලයේම කාලය ගතකරන ලදි.




“මම කල්පනා කලා මේ පිළිබඳ පොත්වල සඳහන් වීමෙන්
නිගමනය කලහැක්කේ මෙය ප්‍රායෝගිකව නිපදවිය හැක යන්නයි”

විලියම් පවසයි.

අතෙහි පොතක්ද ඇතිව 14 වැනි වියැති තරුණයෙකු අධිටන් කරගන්නේ සුළං බලාගාරයක් නිපදවීමටය.
ඔහු ඒ සඳහා ඉවතලන දෑ රැස්කරනු ලබන ස්ථානයන් වෙත ගොස්
බයිසිකල් කෑලි, ප්ලාස්ටික් පයිප්ප, ට්‍රැක්ටර් ෆෑන් සහ කාර් බැටරි වැනි දෑ රැස් කරන්නා ලදි.
කුළුණ නිපදවීම සඳහා ඔහු උපයෝගී කර ගත්තේ blue-gum යන ශාකයයි.




“සියළු දෙනා මට හිනා වෙන්න පටන් ගත්තා.
ඒ මම සුළං බලාගාරයක් හදන්න යන බව දැනගත්විටයි.
ඔවුන් සිතුවේ මට පිස්සු කියලා.”

ඔහු පවසයි.

“අනතුරුව මම ඔවුන්ට පැවසුවේ මම මේ කෑලිත් සමග සෙල්ලම් කරන බවයි.
ඒසේ පැවසීමත් සමගම ඔවුන් නිඞ වුනා”


සුළං බලාගාරයෙන් විදුලිය නිපදවනවාත් සමගම ඔහුගේ උපන්ගම වන
උතුරු අගනරයේ Lilongwe වෙත වතුරද පොම්ප කරනු ලබනවා.
අසල්වාසීන් ඉතාමත් අසීරුවෙන් දූවිලි සහිත දුෂ්කර අඩි පාරවල් හරහා
ඔහුගේ නිවසට පැමිනෙණ්නේ ඔවුන‍්ගේ ජංගම දුරකථනයක් නැවත ආරෝපණය කරගැනීමටයි.
අනෙකුත් දෙනා නවතින්නේ මලාවි රෙගේ සංගීතයට ඇහුංකම් දීමටයි.

වසර 2002 කේදී විලියම් මෙය නිපදවීමට අරම්භකරනවාත් සමගම
සියළු ගම්වාසීන් මොහු උමතු වූ අයෙක් ලෙස සලකන්නට විය.


“අපි සියළු දෙනාම සිතුවේ මගේ සහෝදරයාට පිස්සු කියලා.
අපේ මව පවා එසේ සිතුවා”




විලියම්ගේ සහෝදරිය වන ඩොරිස් එසේ අහස් දක්වයි.
ගම්වාසීන් ඔහු උපහාසයෙන් වටකරගන්නා ලද බව විලියම් පවසයි.
නමුත් ඒ සියල්ල නිහඬව ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා.


“මට අවශ්‍ය වූයේ මෙය වියහැක්කක් ලෙස ඔප්පු කිරීමටයි.
එවිට ඒ සියල්ලෝම මට පිස්සු යැයි සිතීම නවත් වන බව මා දැන සිටියා”


මෙම සිද්ධිය ඔහු ලෝවටා සංචාරය කරන්නෙකු බවට පත් කලා.
හිටපු ඇමරිකානු උප ජපාධිපති අල් ජෝ මහතා මේ පිළිබඳව ඉතාමත් පැහැදීමට පත්වූවා.
ඒ අනුව විලියම්ට තම අත්දැකීම ව්‍යාපාරිකයන් සමඟ බෙදාගැනීමට හැකිවුනා.
මෙම චාරිකාව අතරතුරදී විලියම් හට කැලිෆෝනියාවේ පිහිටි සැබෑ සුළං බලාගාරයක් වන
පාම් ස්ප්රින්ග් (Palm Springs) සුළං බලාගාරය සිය දෑසින්ම ප්‍රථම වතාවට දැක ගැනීමට හැකි වුනා.




දැනට අප්‍රිකානු කළාපය ආවරණය කරමින් වාර්ථා සපයන හිටපු සහකාර පුවත්පත් කතුවරයකු වන
බ්‍රයන් මෙලර් මහතා විසින්
"The Boy Who Harnessed the Wind" යන ග්‍රන්ථයද
විලියම් අලලා රචනා කරන ලදි.
එය ඇමරිකාවේද මුද්‍රණයකර බෙදැහරින ලදි.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙහි සෙන් ඇන්ටෝනියෝ හී වාසය කරන මෙලර් මහතා
මෙම ග්‍රන්ථය රචනා කිරීම උදෙසා විලියම් සමගින් එම ගමේ
මාසයක පමණ කාළයක් ගතකල බව පවසයි.
කතුවරයාට අනුව විලියම් යනු අප්‍රිකාණු රජය තමන් වෙත පැමිණ
තම සුභසාධනය සලසා දුකින් මුදා ගන්නා තෙක් බලා නොසිට
උත්සාහයෙන් දියුණුව කරා ගමන් ගන්නා කොටසට අයත්වන ආදර්ශමත් තරුණයෙක් වන බවයි.




“ඔවුන් තාක්ෂණය සහ වාසිදායක අවස්ථාවන් මහත් පරිශ්‍රමයක් දාරා අත්පත් කරගනු ලබමින්,
ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් සොයාගනු ලබනවා”,
“විලියම්ගේ සාර්ථතක්වයේ එක් යතුරක් වනුයේ
ඔහු කිසි දිනෙක තමන් ලබන ජයග්‍රහණයෙන් සෑහීමකට පත් නොවීමයි”

මෙලර් මහතා පවසයි.



විලියම් යනු ආදර්ශමත් චරිතයකි.
නොලැබුනු දෑ කොතෙකුත් තිබුනද ඒ ගැන කම්පා වෙමින් ලැබුනු දෑ ද අපතේ නොයවමින්,
ලද දෙයින් උපරිම ප්‍රයෝජන ගැනීම ඉතාමත් ආදර්ශමත් ගුණාංගයකි.
එසේම නොපසුබස්නා උත්සාහය, ආත්ම ශක්තිය වගේම විලියම්ගේ ගතිගුණ අතර පරාර්ථකාමීත්වයද තිබීම ඉතා වැදගත් සංසිද්ධියකි.
මන්ද යත් තමන් අවට සිටින්නන් කෙසේ තමන්ට සංග්‍රහ කලද පෙරලා ඔහු ඔවුන්ට සංග්‍රහ කලේ තම දැනුමින් ලබා ගත් ජයග්‍රණය තුලින්ය.
එම නිසා අපිත් අපට ලද දෙයින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අදිටන් කරගනිමු.
සමාජයේන් අප වෙත එල්ලවන අනිසි තත්වයන් හට මුහුණ දීමට සැමවිට සූදානමින් සිටිමු.
ඔබ සැමට ජයග්‍රහණය කරා පිය නැගීමට වාසනාව හා ධෛර්යය ලැබේවා.............!!!!




 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අත් දැකීම තමා මේ ලෝකේ "බෑ" කියල දෙයක් නෑ කියන එක.......තියෙන්නේ කරන්න පහසු සහ කරන්න අපහසු දේවල් විතරයි.....
    කරන්න අපහසුයි කියන එකේ තේරුම "කරන්න බෑ" කියන එක නෙවෙයි......
    "අමාරුවෙන් කළ හැකියි" කියන එක......

    නිදර්ශනය මෙන්න.........!!!!!!!!!!!
    :yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ අත් දැකීම තමා මේ ලෝකේ "බෑ" කියල දෙයක් නෑ කියන එක.......තියෙන්නේ කරන්න පහසු සහ කරන්න අපහසු දේවල් විතරයි.....
    කරන්න අපහසුයි කියන එකේ තේරුම "කරන්න බෑ" කියන එක නෙවෙයි......
    "අමාරුවෙන් කළ හැකියි" කියන එක......

    නිදර්ශනය මෙන්න.........!!!!!!!!!!!
    :yes::yes::yes:

    අනිවා සහෝදරයා................
    හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ...............
    වැදගත් වෙන්නේ සිතුවිල්ලයි.................