සදහට හිමි වේවා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදහට හිමි වේවා...

    වසර දහතුනක් එකටම ඉගෙන ගෙන....
    උසස් පෙලින් පාසල හැර දමන දින...
    රහස් විලස සුරැකුනු පෙම් හද බැතින..
    අමතක නොවේ දිවුරා කිව් ඒ වදන ..

    සසර සරන තුරු ආදරයද මාගේ...
    ජීවිත ගමන ගෙවනා තුරු සිත මාගේ...
    හසරැලි සුසුම් වැල් දුක සැප සිතින් නැගේ..
    සදහට මගේ වෙනවද කරගෙන දීගේ...

    සා පෙල ලියා උ පෙල වෙත හැරුන දින...
    අමතක නොවේ ඔබෙ කැමැත්ත ලැබුන දින..
    යෙහෙලිය මගේ සොදුරිය වූවා එදින...
    පවනද අපට සිසිලස පෑවා තුටින...

    විදිමින් කුරිරු ගැරහුම් ගෙදරින් බෝමා...
    රැකගත් සොදුරු ආදරයක ථල සේමා...
    ඉගෙනුම ලබා සතුටට ලැබ දී සීමා..
    හසරැලි මතුකරමු ඉදිරිය ජය බෝමා...

    වෙරලට සයුරු රැල් වදිනා ගී හඩට...
    ගසකින් මියුරු ථල අරගත් සුලගකට...
    නිල්වල් දියෙන් පිරිපුන් දිය ගගුලකට...
    උපමා කලේ ආදරයයි ඔබෙ හදට...

    සාගර තෙරේ එක්වී අතිනත පටලා...
    යමු යමු අපිත් සීමා බැමි බිද සිදලා...
    ආලෙස මෙතෙක් දුර ජීව්තයම ගෙවලා...
    ගෙනියමු ඉදිරි ජීවිතයම එක් වීලා...

    සසරින් ඔබය මම සැමදා පතන්නේ...
    වසරින් වසර එයමයි මට හැගෙන්නේ...
    සිතකින් නොවේ ඔබ හැරදා යැවෙන්නේ...
    කවදද දෙදෙන අතැගිලි එක්කර ගන්නේ..

    සාගර ජලය හිරු කැන් වැද දිලිසේවා.....
    ආදර පවනකින් ලොව සත නැහැවේවා..
    ජීවන හුස්ම ලොකයටම හිමි වේවා....
    සොදුරිය ඔයා මට සදහට හිමි වේවා... :love::love:
     
    • Like
    Reactions: Nishz

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාතර කිඹුලා;10376882 said:
    බම්ප්
    friends.gif