!!~~:: මහා මංගල සූත්‍රයේ එන කරුණු සිංහලෙන් ::~~!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    1. බාලයන් ඇසුරු නොකිරීම , පණ්ඩිතයන් ඇසුරු කිරීම , පිදිය යුත්තන් පිදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
    මෙහි බාලයන් යනු උගතුන්ගේ දෝශාරෝපනයට බඳුන් වන ක්‍රියා සිදුකරන්නන්ය.
    පණ්ඩිතයන් යනු නුවනැත්තන්ගේ පැසසුමට ලක්වන ක්‍රියා කරන්නන්ය.

    2. සුදුසු ස්ථානයක වාසය කිරීම , පෙර කල පින් ඇති බව , තුන්දොර සංවරව තබාගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    3. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව , ශිල්පයේ නිපුණත්වය , මනාකොට හික්මවන ලද විනය ඇති බව , මනා කොට පවසන වචන ඇති බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    4. මව්පියන්ට උපස්ථාන කිරීම , අඹු දරුවන්ට සංග්‍රහ කිරීම , නිරවුල් වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    5. දන් දීම , දස කුසල් වැඩිම , නෑයන්ට සංග්‍රහ කිරීම , නිවැරදි වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    6. පාපයෙන් ඈත් වීම හා වැළකීම , මත්පැන් බිමෙන් වැළකීම , දස කුසල් ධර්මයන් අප්‍රමාදව වැඩීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    7. අන් අයට ගරු කිරීමද , යටහත් පහත් ගති ඇති බවද , ලද දෙයින් සතුටු වීමද , කෙළෙහිගුණ දන්නා බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    8. ඉවසීම , කීකරු බව ,සීල සම්පන්න ශ්‍රමණයන් වහන්සේලා දැකීම , සුදුසු කාලයන්හි ධර්ම සාකච්චාව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    9. බ්‍රහ්මචාරී බව , නිවැරදි හැසිරීම , ආර්ය සත්‍යන් දැකීම , නිවන් අවබෝද කර ගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    10. යමෙකුගේ සිත ලෝක ධර්මයන් විසින් නොසැලේද , කම්පා නොවේද , ශෝක රහිත වේද , කෙලෙස් නැති වේද , භය නැති වේද යන කරුණු උතුම් මංගල කරුණු වේ.

    11. මෙහි කරුණු අනුගමනය කරන්නාට කිසි තැනකදී නොවරදින හෙයින් මේවා උතුම් මංගල කරුණු වේ.

    Last edited:
    • Like
    Reactions: anuradha2009

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10389035 said:
    හොද වැඩක් දිගටම කරගෙන යන්න :) රෙප් නම් ඉවරයි යාළුවා

    ස්තූතියි........:) දිගටම කරන්න තමයි සිතනම්...:yes:
    සිංහල කෙටිල්ල තමයි අමාරු :baffled::oo:

    රෙප් නැති උනාට අවුලක් නෑ...:)
     
    සිංහල කෙටිල්ල අමාරු නැහැ යාළුවා යුනිකෝඩ් කන්වර්ට්ර් යූස් නොකර විජේසේකර කීබෝර්ඩ් එකට හුරුවුනා නම් මට නම් දැන් ඉංග්‍රීසි කීබෝඩ් එක අරහං ඇත්තට කියන්නෙ :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10389077 said:
    සිංහල කෙටිල්ල අමාරු නැහැ යාළුවා යුනිකෝඩ් කන්වර්ට්ර් යූස් නොකර විජේසේකර කීබෝර්ඩ් එකට හුරුවුනා නම් මට නම් දැන් ඉංග්‍රීසි කීබෝඩ් එක අරහං ඇත්තට කියන්නෙ :yes:

    විජේසේකර කීබෝර්ඩ් කොහෙද තියෙන්නේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද වගේ උතුම් දවසක මේ කරන්නා වූ කුශලය ඔබට විමුක්ති මාර්ගය අරමුණු වීමට හේතු වේවා....!!!!!!!

    1. බාලයන් ඇසුරු නොකිරීම , පණ්ඩිතයන් ඇසුරු කිරීම , පිදිය යුත්තන් පිදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.
    2. සුදුසු ස්ථානයක වාසය කිරීම , පෙර කල පින් ඇති බව , තුන්දොර සංවරව තබාගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    3. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව , ශිල්පයේ නිපුණත්වය , මනාකොට හික්මවන ලද විනය ඇති බව , මනා කොට පවසන වචන ඇති බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    4. මව්පියන්ට උපස්ථාන කිරීම , අඹු දරුවන්ට සංග්‍රහ කිරීම , නිරවුල් වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    5. දන් දීම , දස කුසල් වැඩිම , නෑයන්ට සංග්‍රහ කිරීම , නිවැරදි වූ කර්මාන්තයේ යෙදීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    6. පාපයෙන් ඈත් වීම හා වැළකීම , මත්පැන් බිමෙන් වැළකීම , දස කුසල් ධර්මයන් අප්‍රමාදව වැඩීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    7. අන් අයට ගරු කිරීමද , යටහත් පහත් ගති ඇති බවද , ලද දෙයින් සතුටු වීමද , කෙළෙහිගුණ දන්නා බව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    8. ඉවසීම , කීකරු බව ,සීල සම්පන්න ශ්‍රමණයන් වහන්සේලා දැකීම , සුදුසු කාලයන්හි ධර්ම සාකච්චාව යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    9. බ්‍රහ්මචාරී බව , නිවැරදි හැසිරීම , ආර්ය සත්‍යන් දැකීම , නිවන් අවබෝද කර ගැනීම යනාදී ක්‍රියා උතුම් මංගල කරුණු වේ.

    10. යමෙකුගේ සිත ලෝක ධර්මයන් විසින් නොසැලේද , කම්පා නොවේද , ශෝක රහිත වේද , කෙලෙස් නැති වේද , භය නැති වේද යන කරුණු උතුම් මංගල කරුණු වේ.

    11. මෙහි කරුණු අනුගමනය කරන්නාට කිසි තැනකදී නොවරදින හෙයින් මේවා උතුම් මංගල කරුණු වේ.

    මචං, මේව ගැන හිතුවොත් නම් එළකිරිය දාල යන්න වෙනවා.....!!!!
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "ලොව උතුම්ම දානය ධර්ම දානයයි!" :yes::yes::yes::yes:
    දිගටම ලියන්න..:)
    :yes::yes::yes:
    අද වගේ උතුම් දවසක මේ කරන්නා වූ කුශලය ඔබට විමුක්ති මාර්ගය අරමුණු වීමට හේතු වේවා....!!!!!!!
    ස්තූතියි යාළු :):)

    මචං, මේව ගැන හිතුවොත් නම් එළකිරිය දාල යන්න වෙනවා.....!!!!
    එකනම් ඇත්ත :):);)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දිගටම ලියන්න මචන්..අපි දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනව..:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දිගටම ලියන්න මචන්..අපි දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනව..:yes:

    එළ මචෝ..

    මට හිතෙනවා අපි වඳින ගාථා හැම එකක්ම වගේ දාන්න කියලා.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එළ මචෝ..

    මට හිතෙනවා අපි වඳින ගාථා හැම එකක්ම වගේ දාන්න කියලා.

    ඒක හොඳයි මචන්...ගොඩක් අය කියනවට කියාගෙන යනව මිසක් තමන් කියන දේ හරියට කියනවද කියලත් දන්නෙ නෑ...
    සමහරැ බොරැත් කියනව මට ඇහිල තියනව..
    ඒ නොදැනත් කම වෙන්නැති මචන්...
    නියමයි හොඳ වැඩක් කරන්න යන්නේ..
    අපෙනුත් මොනවහරි වෙන්න ඕන නම් කියන්න..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක හොඳයි මචන්...ගොඩක් අය කියනවට කියාගෙන යනව මිසක් තමන් කියන දේ හරියට කියනවද කියලත් දන්නෙ නෑ...
    සමහරැ බොරැත් කියනව මට ඇහිල තියනව..
    ඒ නොදැනත් කම වෙන්නැති මචන්...
    නියමයි හොඳ වැඩක් කරන්න යන්නේ..
    අපෙනුත් මොනවහරි වෙන්න ඕන නම් කියන්න..

    ඒකනම් ඇත්ත.. පොත් වල තියෙනවාට කියාගෙන කියාගෙන යනවනේ..
    තේරුම දන්නේ නැහැ හුඟක් අය.