Kiri Kos -කිරි කොස් කමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kiri Kos -කිරි කොස් කමු!!

    කිරි කොස් කියන්නෙ බොහෝ ගෙවල් වල හදන බොහෝ දෙනා දන්න දෙයක්!!
    නමුත් බෝඩ් වෙලා තනියම උයන් කන අයට සහ උයන්න ඉගෙන ගන්න කැමති අයට ලේසි වෙන්නයි මේක දාන්නෙ!!


    2nlehqw.jpg


    අවශ්‍ය දුව්‍ය-
    හොදින් පැසුනු කොස් මදුලු 15-20ක්
    බී ලූණූ‍ ගෙඩියක්
    අමු මිරිස් කරල් 2-3ක්
    රම්පෙ,කරපිංචා
    සුදු ලූණූ බික් 2ක්
    කහ කුඩු තේ හැදි 1/2ක්
    අමු තුන පහ තේ හැදි 1ක්
    උලුහාල් ඇට තේ හැදි 1/4ක්
    කුරුදු කැබැල්ලක්
    රතු මිරිස් කුඩු තේ හැදි 1ක් (අවශ්‍ය නම් පමණි)
    ලුනු තේ හැදි 1ක් පමණ
    දියකිරි කෝප්ප 2ක්
    මිටිකිරි කෝප්ප 3ක්


    oihlar.jpg


    කොස් මදුලු ඇට ඉවත්කර ඉහත අයුරින් කපා ගන්න.
    ඇට ටික වෙනම භාජනයකට දමා තැම්බෙන්න හරින්න.
    ඇට හොදින් තැම්බුන පසු පොතු ඉවත් කරන්න.

    2vinpsx.jpg


    මැටි වලදක් හෝ සාස්පානකට ඉහත රූපයේ පරිදි කොස් සහ මිටිකිරි හැර ඉතිරි සියල්ලම එක්කරන්න. දැන් කොස් දියකිරෙන් තැම්බෙන තෙක් වසා තබන්න!!

    1zeigys.jpg


    කොස් හොදින් තැම්බුන පසු මිටිකිරි එක් කර හොදින් හැදිගාමින් කොස් තරමක් පොඩි කරන්න.
    2zqeglv.jpg


    කිරි නටන තුරු හැදි ගාමින් පිස ගන්න!!

    eth7r4.jpg


    කැමතිනම් උඩින් බැදපු තුනපහ කුඩු ටිකක් ඉසින්න.
    21hzn.jpg


    කිරිකොස් මාලුව නම් හරි අනෙක් ලිපේ කරවල බැදුමක්!!
    ම් ම් ම්......!!!

    166j98x.jpg


    1zvpvkj.jpg


    More recipes here-

    http://www.elakiri.com/forum/showthread.php?t=1145383
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මරු මරු ..කොස් ඇට කාල හෙට වැඩට ගිහින් කාපුව පුපුරන්ඩ ගත්තහම තමා ආතල් එක.
    :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නියමයි යාළුවා
    බොහොම ඉස්තුතියි ඕකට නයි මිරිස් කරලකුත් කිරි දානකොට එකතු කලානම් තවත් නියමයි


    REP DENNA BELU:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි යාළුවා
    බොහොම ඉස්තුතියි ඕකට නයි මිරිස් කරලකුත් කිරි දානකොට එකතු කලානම් තවත් නියමයි


    REP DENNA BELU:(

    :yes::yes:කියලා වැඩක් නෑ!!!
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    00020472.gif
    පට්ට...................හැබැයි.......පහුවදා උදේට තමා..............සනීප...:P:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    00020472.gif
    පට්ට...................හැබැයි.......පහුවදා උදේට තමා..............සනීප...:P:lol:

    :lol::lol:අවිලක් නෑ!! කිරිකොස් කනකොට අඹ මාලුවකුත් හදා ගත්තාම ඔය ප්‍රශ්ණ එකක්වත් නෑ!!