ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

    ලැප්ටොප් පරිඝනකයක නිශ්පාදන වියදමින් වැඩි කොටසක් වැය වන්නේ එහි බැටරිය හා මොනිටරය වෙනුවෙනි.

    මේ නිසා මේ කොටස් දෙක රැක ගැනීමෙන් ලැප්ටොප් පරිඝනකයක් භාවිතා කළ හැකි කාලය වැඩි කර ගත හැක.

    මොනිටරය ක්ෂය වන්නේ ඉතා සෙමිනි. පියවි ඇසට පෙනෙන තරම් ක්ෂය වීමක් ඇති වීමට අවු. ගණනාවක් ගත වේ. මේ නිසා වඩා වැදගත් වන්නේ බැටරිය රැක ගැනීමයි.

    නවීන ලැප්ටොප් බැටරි ලිතියම්-අයන් වර්ගයට අයත් වේ.

    Prolong-Notebook-Laptop-Battery-Life.png


    මෙහිදී වැදගත්ම කාරණය නම් තමුන් ලැප්ටොප් පරිඝනකයක භාවිතා කළද නොකළද එහි බැටරිය ක්‍රමයෙන් ක්ෂය වීම නොවැලැක්විය හැකි දෙයක් වීමයි.

    මෙයට හේතුව සරලව කියන්නේ නම් ලිතියම්-අයන් බැටරිය ක්‍රියා කරන්නේ එක අතකට ඉලෙක්ට්‍රෝන ගමන් කරවීමෙන් හා අනෙක් අතට ලිතියම් අයන ගමන් කරවීමෙනි. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ බැටරියේ අග්‍ර දෙක හරහාය. ලිතියම් අයන ගමන් කරන්නේ එක්තරා ද්‍රව මාද්‍යයයක් හරහාය.

    මෙකී ද්‍රවය ක්‍රමයෙන් ක්ෂය වී අවසානයේ ලිතියම් අයන ගමන් කළ නොහැකි තත්වයට පත් වේ. කාලය සමඟ මෙය නොවැලැක්විය හැකි දෙයකි.

    නමුත් මෙම ක්‍රියාවළිය ඉක්මන් කරවන සාධක ඇත. ඒවා ඉවත් කිරීමෙන් බැටරියේ ආයු කාලය වැඩි කළ හැක.

    දෙවන කාරණය නම්, බැටරියට ආරෝපණ-විසර්ජන අවස්ථා සීමිත සංඛ්‍යාවක් පමණක් ඇති බවයි. මෙය සාමාන්‍යයෙන් 300-800 පමණ වේ.

    මෙහිදී ක්‍රමයෙන් බැටරියේ රඳවා ගත හැකි බලය අඩු වේ. මෙයද නොවැලැක්විය හැකි දෙයකි.

    lith1%282%29.jpg



    ආයු කාලයට බලපාන සාධක

    1. තාපය
    උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ.

    කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.

    වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය.

    ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.

    තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි.

    මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )

    2. විසර්ජනය-

    බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ.

    එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය.

    උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ.

    vmszyt.jpg


    මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය.

    පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය.

    සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය.

    මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න.

    මේ ක්‍රියාව කාලයෙන් කාලය
    කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න.

    අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න.

    3. ගබඩා කිරීම -

    දිගු කාලයක්
    ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න.

    මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය.
    40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)

    eurdc0.jpg


    මේ සඳහා ශීතකරණය යොදා ගත හැක.
    බැටරිය ගලවා හොඳින් ආවරණය කොට ශීතකරණයේ පහළ කොටසේ තබන්න.

    මෙහිදී භාවිතා කිරීමට පළමු සාමාන්‍ය උෂ්ණත්වයට පත් වීමට ඉඩ දෙන්න.


    ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාන්න..:D
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    thx macho info walata maga lap eka argana masa6 withara wanwa ela lcd eka tikaka wala use karan kota side ekak lawata kalu patin palamak tiyanwa eka hama tissma enna aka lawata waga tiyanna sudu pata background ekata witart penna eka palamak kiyanna ba hariyta penna na smarawalwat witari penna ehma ai wanna?