|
දේශීය වෙළඳපොළේ යකඩ මිල අඩුවේ -
10-21-2008, 09:39 PM
10/21/2008 05:09
සංස්ථා යකඩ ටොන් එකක මිල 20,000 කින් පහළට
ඔක්,21,(විමසුම) ඔරුවල ලන්වා වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන යකඩ ටොන් එකක මිල රුපියල් 20,000 කින් පමණ අඩුවී තිබෙන බව එම සමාගම කියයි.
මෙම යකඩ නිෂ්පාදනය කරනු ලබන ශ්*රී ලංකාවේ පිහිටි කොරියානු චිකෝ සමාගමේ අලෙවි අංශයේ එම්.යූ.එන්.ද කොස්තා මහතා සඳහන් කළේ අමුද්*රව්*යවල මිල අඩුවීම නිසා මේ ආකාරයෙන් යකඩවල මිල අඩුව තිබෙන බවයි.
චීනයේ වානේ වලට තිබෙන ඉල්ලුම අඩුවීම නිසා ඔරුවල ලන්වා කම්බි නිෂ්පාදනය කිරීමට ගෙනෙන වානේ වල මිල අඩුවී තිබෙන බව හෙතෙම කීය.
මීටපෙර, ඔරුවල ලන්වා මෙට්ට්*රික් ටොන් එකක්, රුපියල් 1,69,050 ක් වූ බවත් මිල අඩුවූ පසුව එය රුපියල් 1,49,500 ක් වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව, ඔරුවල ලන්වා මිලි මීටර් 10 කම්බියකින් රුපියල් 65 කට ආසන්න මිල අඩුවීමකුත්, මිලි මීටර් 12 කම්බියකින් රුපියල් 95 කට ආසන්න මිල අඩුවීමකුත්, මිලි මීටර් 16 කම්බියකින් රුපියල් 175 ක පමණ මිල අඩුවීමකුත්, මිලි මීටර් 20 කම්බියකින් රුපියල් 300 ක පමණ මිල අඩුවීමකුත්, මිලි මීටර් 25 කම්බියකින් රුපියල් 430 ක පමණ මිල අඩුවීමකුත් සිදුවිය යුතු බව හෙතෙම කීය.
මීට අමතරව, දේශීය වෙළඳ පොළේ සිටින අනිකුත් තරග කරුවන්ගේ යකඩ මිල ගණන්ද පහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, විමසුම ට අනාවරණය වන්නේ පාරිභෝගිකයින් තවමත් මේ පිළිබඳව හරිහැ*ටි දැනුවත් නොමැති නිසා සමහර වෙළෙන්දන් විසින් පරණ මිල ගණන් වලටම යකඩ අළෙවි කරන බවයි.
|