අද මට මරු gadget එකක් හම්බුනා. gadget එකක් කිව්වට මේක software එකක් මේකෙන් ඔයාලගේ wi-fi enabled laptop එක wi-fi hotspot එකක් බවට පත් කරගන්න පුළුවන්.
මේ තියෙන්නේ එක තමයි software එකේ නම
ඔයාල සමහර අය දන්නවා ඇති අපි windows වලින් හරි මොකක් හරි පාවිච්චි කරන OS එකකින් wireless ad-hoc network එකක් හැදුවම ඒ ජාලය වැඩ කරන්නේ පරිගණක දෙකක්(හෝ උපකරණ) අතරේ විතරයි ඒ කියන්නේ peer to peer විතරයි කියල මේ software එක install කරගත්තහම wi-fi තියන ඕනෙම උපකරණයක් ඔයාලගේ පොඩි network එකට එක කරගන්න පුළුවන්
ඒ කියන්නේ (desktop පරිගණක උනත් පුළුවන් wi-fi adaptor එකක් සවිකර ගත්තොත්) ජංගම දුරකථන, කැමරා, i pods, x boxes මේ ඕනෙම දෙයක්.
ඔය network කරලා games එහෙම play කරන කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි ඊට අමතරව සාමාන්‍ය wireless network එකකින් වෙන ඕනෙම දෙයක් මේකෙන් කරන්න පුළුවන් ඒ කියන්නේ file sharing, internet sharing වගේ දේවල්.
පාවිච්චි කරන එක අමාරු නෑ.privacy ගැන බයවෙන්න දෙයකුත් නෑ network එකට නමක් password එකක් එහෙම දාගෙන use කරන්න පුළුවන්
එතකොට අමතර hardware මොනවත් නැතුව මේවගේ ජාලයක් අමතර වියදමක් නැතුවම හදාගන්න තියනවනම් කොච්චර හොඳද නේද මම එහෙම කිව්වේ මේ software එක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන නිසා
ඔයාල ගොඩක් අය softwares බාන cnet එකෙන් මේක නොමිලේම බා ගන්න පුළුවන් මේ තියෙන්නේ link එක
http://download.cnet.com/Connectify/3000-18508_4-75024171.html?part=dl-10061477&subj=dl&tag=button
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේක වැඩ කරන්නේ windows 7 වල විතරයි මොනවා කරන්නද ඉතින් හැබැයි දැන් එන laptop නම් ගොඩක මෙහෙයුම් පද්දතිය windows 7 නිසා එක ගැන වද වෙන්න ඕනෙත් නෑ
මේකේ mobile version එකකුත් තියනවා
android OS එකක් තියන ජංගම දුරකතනයකටත් මේක install කරගන්න පුළුවන් හැබැයි compatible වෙන්නේ Android OS Version 2.2 or greater විතරයි
මේ තියෙන්නේ connectify site එක තව විස්තර ඕනෙනම් ගිහින් බලන්න.
http://www.connectify.me/
ඔයාලගේ අදහස් දාලා යන්නකෝ එහෙනම් අනිත් අයට දැනගන්න බුම්ප් එකකුත් එක්ක





