විදර්ශනා භාවනාව

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    විදර්ශනා භාවනාව

    විදර්ශනා භාවනාව

    ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂ‍ා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවන‍ාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.

    විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්‍රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.

    නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.

    විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කො‍ට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්න‍ා තැනැත්ත‍ා විපස්සනායානික නමි.

    සත්ත විසුද්ධි, ත්‍රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.

    සත්ත විසුද්ධිය


    සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤ‍ාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
    විසුද්ධි සතරයි.

    සීල විසුද්ධිය

    පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්‍තුවෙන් භාවනාව ආරමි්‍භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.

    චිත්ත විසුද්ධිය

    සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.

    උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීම‍ට අර්පණා සමාධිය අවශ්‍යය.

    සමථ භාවන‍ාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.

    භාවන‍ා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දිට්ඨි විසුද්ධිය
    පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආ‍ත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි.

    යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි.

    කංඛාවිතරණ විසුද්ධිය


    දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය.
    චක්ෂුර් ආදි (ඉන්ද්‍රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.

    මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය

    විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණග‍ාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.

    පටිපදා ඤාණ දස්සන විසුද්ධිය

    සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්‍රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.

    ඤාණ දස්සන විසුද්ධිය

    සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරා‍ර්ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤ‍ාණ දස්සන විසුද්ධි නමි.
    සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.

    සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්‍රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.

    කියවන්න...
    විදර්ශනා භාවනා ක්‍රමය
    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf

     
    • Like
    Reactions: Tharaka_x

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මේ ගැන ඉතින් කියන්න දෙයක් නෑ. බොහොම හොඳයි. තමන්ම අත්විඳපු දේ බෙදා හරිනවානම් තවත් හොඳයි.

    කොහොම වුනත් හොඳ වැඩක්.
     

    ishara_lk

    Member
    Feb 18, 2009
    69
    60
    0
    බොහොම පින්
    හැමට චතුරාර්ය සත්‍යාවබෝධවේවා
     
    Jul 19, 2011
    14
    3
    0
    බොහොම පින්
    හැමට චතුරාර්ය සත්‍යාවබෝධවේවා

    MAATH OHOMA HITAN HITIYA TAMAI KAALAYAK.
    DAN TAMAI NIYAMA MANUSSAYEK UNE KRISTIYANI BAKTIKAYEK WELA. UBALATA SATHYA TERENAKOTA UBALA PARAKKU WADI MALLIYO. KAMATHINAM KIYAPAN MAMA BAIBAL EKAK DENNAM
    PODDAK HADATA KIYAWALA TERUM GANNA BALAPAN. DEVIYAN WAHANSEYGE AARAKSHHAWA LABEI UBATA MACHAN. TERUM GANIN PODDAK AWANKAWAMA KIYAWALA BALALAA.

    GOD BLESS YOU.
    :love:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    MAATH OHOMA HITAN HITIYA TAMAI KAALAYAK.
    DAN TAMAI NIYAMA MANUSSAYEK UNE KRISTIYANI BAKTIKAYEK WELA.

    UBALATA SATHYA TERENAKOTA UBALA PARAKKU WADI MALLIYO.

    KAMATHINAM KIYAPAN MAMA BAIBAL EKAK DENNAM
    PODDAK HADATA KIYAWALA TERUM GANNA BALAPAN. DEVIYAN WAHANSEYGE AARAKSHHAWA LABEI UBATA MACHAN. TERUM GANIN PODDAK AWANKAWAMA KIYAWALA BALALAA.

    GOD BLESS YOU.

    :love:

    හ හා...මෙන්න තවත් පින් මඳ අසරනයෙක්..පව් ඉතින්...Ex Buddhist Saman කියල නම දා ගත්තට කමක් නෑ...දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය අපට ඔය බයිබල්/සුභාරංචි වලින් වැඩක් නෑ ආයුබොවං...අපේ ශාස්තෲවරයා වන්නේ බුදුන් වහන්සේයි...
    ඒක වෙනස් වෙන්නේ නෑ නිවන් දකින තාක් කල්...

    ඔය ගොල්ලො වගේ අයට අපිට තියෙන්නේ අනුකම්පාවක් විතරයි..මොකද ලංකාවෙ ඉපදෙන්න පින තිබ්බට ලංකාවේ ඉපදුන එකෙන් නියම ප්‍රයෝජනේ ලබන්න/උතුම් සද්ධර්මය අහන්න,පිළිපදින්න පින නැතුව මිත්‍යාවෙන් අන්ධ වීම නිසා....අනේ පව්..මොනා කරන්නද බන්? සංසාරේ දුකයි..උඹලාවගේ උන්ට තවත් බොහෝ දිගයි.. අපි කොච්චර සත්‍යය පෙන්නන්න හැදුවත් පේන්නෙ නැත්තෙ උඹලට පෙර පින් නැති නිසා වෙන්නැති.... උඹල වගේ උන්ට පැරණි සිංහල කවියක් තියෙනවා නියමෙට ගැලපෙන..:)


    පීල්ල යට මුනින් අතට තැබූවත්...
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්...
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්...
    උගේ ගතිය ඌ නාරී මැරූවත්...




    මේවා කට කහනවට එහෙම කියපුව නෙමේ අයුබොවං...
    :lol::lol::lol::lol:
     
    Jul 19, 2011
    14
    3
    0
    හ හා...මෙන්න තවත් පින් මඳ අසරනයෙක්..පව් ඉතින්...Ex Buddhist Saman කියල නම දා ගත්තට කමක් නෑ...දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය අපට ඔය බයිබල්/සුභාරංචි වලින් වැඩක් නෑ ආයුබොවං...අපේ ශාස්තෲවරයා වන්නේ බුදුන් වහන්සේයි...
    ඒක වෙනස් වෙන්නේ නෑ නිවන් දකින තාක් කල්...

    ඔය ගොල්ලො වගේ අයට අපිට තියෙන්නේ අනුකම්පාවක් විතරයි..මොකද ලංකාවෙ ඉපදෙන්න පින තිබ්බට ලංකාවේ ඉපදුන එකෙන් නියම ප්‍රයෝජනේ ලබන්න/උතුම් සද්ධර්මය අහන්න,පිළිපදින්න පින නැතුව මිත්‍යාවෙන් අන්ධ වීම නිසා....අනේ පව්..මොනා කරන්නද බන්? සංසාරේ දුකයි..උඹලාවගේ උන්ට තවත් බොහෝ දිගයි.. අපි කොච්චර සත්‍යය පෙන්නන්න හැදුවත් පේන්නෙ නැත්තෙ උඹලට පෙර පින් නැති නිසා වෙන්නැති.... උඹල වගේ උන්ට පැරණි සිංහල කවියක් තියෙනවා නියමෙට ගැලපෙන..:)


    පීල්ල යට මුනින් අතට තැබූවත්...
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්...
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්...
    උගේ ගතිය ඌ නාරී මැරූවත්...




    මේවා කට කහනවට එහෙම කියපුව නෙමේ අයුබොවං...
    :lol::lol::lol::lol:


    KATA KAHANAWATA KIYANA KAWITH MAHA EKAKDA BAN.
    WADAKATA NATHI SANSAARE KIYAKIYA IDAPAN UBALA.
    KAMATHINAM PODDAK BAIBALE KIYAWAPAN WELAWAK ARAN.

    DEVIYANWAHANSEGE KARUNAWA LEBENNA WELAWA THAWAMATH THIYENAWA UBALATA.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    KATA KAHANAWATA KIYANA KAWITH MAHA EKAKDA BAN.
    WADAKATA NATHI SANSAARE KIYAKIYA IDAPAN UBALA.
    KAMATHINAM PODDAK BAIBALE KIYAWAPAN WELAWAK ARAN.

    DEVIYANWAHANSEGE KARUNAWA LEBENNA WELAWA THAWAMATH THIYENAWA UBALATA.


    නියමයි යාළුවා. නියමයි. දෙවියන් සමග එක් වීමට ලැබේවා.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියලු එළකිරි වාසීන්ගේ දෙලොව හිතසුව පිණිස යාවත්කාලීන කරන ලදී.
    තවත් අයට දැක ගැනීමට BUMP එකක් දමා යන්න...ස්තුතියි! :yes: