පින සහ විපාකය-ථෙර අපදාන

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පින සහ විපාකය-ථෙර අපදාන

    පින සහ විපාකය

    කුශලය සහ ඒවායේ විපාකය හඳුනා ගැනීමට බුදු දහමේ ත්‍රිපිටකයේ තිබෙන ප්‍රධානම ධර්ම කොටසක් වන්නේ "ථෙර අපදානයයි." එනම් යම් යම් භික්ෂූන් වහන්සේලා පෙර ආත්ම වල කළ කුසල කර්ම හේතුවෙන් ගෞතම බුදුන්ගේ ශාසනයේ සියළු කෙළෙස් නසා රහත් වූ අයුරුයි.. එම කතා සැම දෙනාගේම හිත සුව පිනිස පහත දැක්වේ... මෙවැනි පින්කම් කරමින් අද කාලයේදී ද ඔබට නිවන් සම්පත් පැතිය හැකිය..


    --------------------------------------------------------------------
    පුණ්ණ ථෙරාපදානය.


    216ග ´´වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්‍යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්‍යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.


    217ග ´´පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්‍ෂිප්ත වශයෙන් මාගේ කර්‍මය ප්‍රකාශ කළ සේක.


    228ග ´´මම ඒ ධර්‍මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්‍ෂිණාභිමුඛව ගියෙමි.


    22්‍රග ´´සංක්‍ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,


    22ුග ´´ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්‍ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.


    221ග ´´අභිධර්‍ම ක්‍රම දන්නාවූ මම කථාවත්‍ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්‍රව එහිතව වෙසෙමි.




    222ග ´´මින් කප් පන්සියයක් පෙර අති ප්‍රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.


    223ග ´´සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.


    224ග ´´මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනුරුද්ධ ථෙරාපදානය.

    2ු1ග ´´මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රෙෂ්ඨවූ, විවේකීව වාසය කරන්නාවූ, ලෝකනායකවූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි.

    2ු2ග ´´මම ලෝකනායකවූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිළි බැඳගෙන බුද්ධ ශ්‍රේෂඨයන් (මෙසේ) අයැදීමි.


    2ු3ග ´´මහා වීරයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක් මුල්හි ධ්‍යාන කරන්නාවූ ඔබ වහන්සේට පහණක් දෙමි.´´


    2ු4ග ´´සියල්ල තෙමේම දන්නාවූ, කථා කරන්නවුනට ශ්‍රේෂ්ඨවූ, ඒ ප්‍රාඥවූ බුදුරජ තෙම එය ඉවසීය. එකල්හි මම ගස්විද යතුරක් යොදා,


    2ු5ග ´´දහසක් මැටි දුනිමි. (යෙදීමි.) මාගේ පහන්හු ත්‍රිලෝක බන්‍ධුවූ බුදුරජාණන් වහන්සේට සතියක් දැල්වී නිවී ගියහ.


    2ු6ග ´´එම චිත්ත ප්‍රසාදයෙන්ද, සිත්හිවූ ප්‍රාත්‍ර්‍ථනයන්ගෙන්ද මම මිනිස් සිරුර හැර දෙව් විමනක ඉපදුනිමි.


    2ු7ග ´´දෙව් අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් විය. (එය) හාත්පසින් ඇවිලේ. මෙය පහන් පූජාවෙහි විපාකයයි.


    218ග ´´එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබලීමි. සියළු දෙවියන් අභිභවමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.


    21්‍රග ´´ශක්‍රව තිස් කපක් මුළුල්ලෙහි දිව්‍ය රාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නොසිතත්. (අවමන් නොකෙරෙත්.) මෙය පහන් පූජාවෙහි විපාකයයි.


    21ුග ´´මම අටවිසි වරක් චක්‍රවර්ති රාජ වීමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හිම (එකසේ) දකිමි.


    211ග ´´(ප්‍රඥා) චක්‍ෂුසින් දහසක් සක්වල (ලෝක) දකිමි. සර්‍වඥ සාසනයෙහි (පැවිදිව) දිවැස ලැබූයේද වෙමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.


    212ග ´´මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදු රජ තෙම විය. මා විසින් උන් වහන්සේට පැහැදුනු සිතින් පහන් දෙන ලදී.


    213 ´´මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.


    214 ´´බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.


    215ග ´´මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී´´
    මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය



    ධූපදායක ථෙරාපදානය

    847 ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්‍ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී.


    848 යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.


    849 මින් සිව් අනුවන කපෙහිවූ එකල්හි යම් සුවඳ (දුම් දනක් දුනිම්ද) (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.


    850 මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    පඤ්චසීල සමාදානීය ථෙරාපදානය.


    821 එකල්හි මම චන්ද්‍රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනාවූ පැවිද්ද නොලබමි.


    822 මහත්වූ මොහාන්‍ධකාරයෙන් වසන ලදී. (රාග, ෙවෂ, මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන්වුයෙක් වන්නෙම්ද?


    823 මා ළඟ දිය යුතු දෙයක් (දෙය්‍ය ධර්මයක්ද) නැත. මම දුක්ඛිතවූ බැලයෙක්මි. මම සම්පූර්‍ණවූ පඤ්චශීලය රකින්නෙම් නම් ඉතා යෙහෙකි.


    824 අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්‍ෂාපද (පන්සිල්) ගතිමි.


    825 එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමානවේ. එපමණ කලක් සම්පූර්‍ණකොට පන්සිල් රැකීමි.


    826 මැරෙණ කල පැමිණි කල්හිද දෙවියෝ මා අස්වසත්. (කෙසේද යත්?) ´´නිදුකාණෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදු රථය එළඹ සිටියේය´´ කියායි.


    827 අන්තිමක (චුති චිත්තය) පවත්නා කල්හි මාගේ (පඤ්ච) ශීලය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.


    828 ශක්‍ර දේවේන්ද්‍රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.


    829 මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැක.


    830 කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,


    831 බුදු සසුන බබලද්දී, වස් එළඹෙන කාලයෙහි මගේ මව් තොමෝද, පිය තෙමේද, පංච ශික්‍ෂා පද (පන්සිල්) ගත්තාහුය.


    832 (එය) ඇසීම හා සමගම මගේ ශීලයද මම මෙනෙහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවටද පැමිණියෙමි.


    833 උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම මාගේ ගුණ දැන (මා) උපසපන් කරවීය.


    834 මම සම්පූර්‍ණ සිල් රැක, මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි.


    835 එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.


    836 මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්‍ඝායු ඇත්තේ වෙමි. මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.


    837 සියලු දෙනාහට (තමාගේ) අධික මාත්‍රවූ ශූර බව ප්‍රකාශ කරන්නාක් මෙන් කුදු මහත් භවයෙහි (සසරෙහි) හැසිරෙමියි මෙම තනතුර ලබමි.
    838 අප්‍රමාණවූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධ ශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම් විපාකය කෙබඳු වන්නේද,


    839 විශේෂ දැකුම් ඇති බැලයෙකුවූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී. මම එම ශීලය කරණ කොට ගෙන අද සියළු භව බන්‍ධනයෙන් මිදුනෙමි.


    840 මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාකයයි.


    841 මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අත්තසංසාවක ථෙරාපදානය.


    842 (අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ ස්වර්‍ණවර්‍ණවූ රන් තොරණක් මෙන් බබලන දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, ලොව බබුළුවන්නාවූ, අපමණ ගුණ ඇති, අනූපමවු (උපමා රහිත) දැමුනාවූ, දීප්තිය දරන්නාවූ, සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේ දැක උතුම්වූ ප්‍රීතියක් ලැබීමි.


    843 මම බුදුරජාණන් වහන්සේ වැඳ, ඒ මහා මුණීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළ සේක.


    844 (සත්ත්‍වයාට) උතුම්වූ අස්වැසිලි කරණ ඒ මහා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.


    845 මින් සිව් අනූවන කල්පයෙහි එකල්හි යම් දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.


    846 මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්තසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සුමඞ්ගල ථෙරාපදානය.


    672 යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්‍රතිග්‍රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.


    673 ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ, තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍රපුද්ගලවූ, භාග්‍යවත්වු, ප්‍රතිභා සම්පන්නවූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සුය්‍ර්‍යයා මෙන් බබළන ලද, වීථියට පිළිපන් පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.


    674 ඇඳිලි බැඳ, ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.


    675 ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.


    676 පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී, සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.


    677 දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ, එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී, උතුම් අසුනෙහි වැඩහුන් සේක.


    678 ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද, පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.


    679 පහන් සිත් ඇත්තේ, සතුටුවූයේ, හටගත් සොම්නස් ඇත්තේ, කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චය්‍ර්‍යයි.


    680 (එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආය්‍ර්‍ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි. මම (ඔබ වහන්සේ) සරණකොට යමි.


    681 ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.


    682 ඎජු ප්‍රතිපන්න, තාදී ගුණ යත්, සන්සුන් සංඝයාද, තථාගතවූ බුදුරජාණන් වහන්සේද, ඒ යමෙක් වැළඳවීද, (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.


    683 හෙතෙම සත් විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේයි. පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.


    684 හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.


    685 ව්‍යාඝ්‍රයන් විසින් සෙව්නා ලද, මහා වනයට පිවිස, වීය්‍ර්‍යකොට මා විසින් කෙළෙස් දවන ලදී.


    686 එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි. ආහාර දානයාගේ මේ විපාකයයි.


    687මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියළු එළකිරි වාසීන්ගේ දෙලොව හිතසුව පිණිස යාවත්කාලීන කරන ලදී...BUMP ekak dagena yanna
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියලු එළකිරි වාසීන්ගේ දෙලොව හිතසුව පිණිස යාවත්කාලීන කරන ලදී.
    තවත් අයට දැක ගැනීමට BUMP එකක් දමා යන්න...ස්තුතියි! :yes:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif