පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අං&#348

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අං&


    "අපේ පන්සල ගමේ පන්සල - අංක 01"

    ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරය
    54662b6062b778f6ec11ee1c7c02da56100f3aab954c1dd96df9d104ca3364b76g.jpg




    fb0f6ae11f8dbda16167a793c28037cc4ce689a242f50fbbdea620a4b66da62f6g.jpg



    පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හඳුන්වන නාමයයි. මෙම ගම සෑදුන ආකාරය පිළිබඳව ජනප්‍රවාද කිහිපයක් ඇත. වළගම්බා රජු අනුරපුරයෙන් පලාවිත් පහතරට සැඟවී සිටින අවදියේදී මෙම ප්‍රදේශය ඇසුරුකොට දීර්ඝ කාලයක් ජීවත් වූ බව ජනප්‍රවාදයෙහි එයි. මෙම අවදියේදී රජතුමාගේ බිසව වූ අනුලා දේවියගේ රාජකීය ඇදුම් ආයිත්තම් ආරක්ෂා‍ව පිණිස සඟවා තිබූ ස්ථානය මෙම ස්ථානය වූ බැවින් "පිළි" සැඟවූ ස්ථානය පිළිකුත්තුව නම් වී යැයි ඇති ප්‍රකට ජනප්‍රවාදය වන අතර රජමහ ඇමතිවරුන් ප්‍රධාන රාජකීයයන්ට රෙදිපිළි සැපයූ ස්ථානය පිළිකුත්තුව නම් වන බවට තවත් ජනප්‍රවාදයකි. පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පත් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළිකොටුව නම් වී පසුව පිළිකොත්තුව, පිළිකුත්තුව යන නම යෙදෙන්නට ඇතැයි යන පිළිගැනීම ද තවත් මතයකි.


    පිහිටීම


    f03f10dc6de39b934399789751759655f304375f952c042205ceb1b3554c227d6g.jpg




    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරුවල් පේරුවේ පිළිකුත්තුව නම් රමණීය භූමි භාගයක මෙම ඓතිහාසික පුද බිම පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ගුහා සිය ගණනක් පිහිටා ඇති මෙම පුදබිම දැකුම්කලු වැව් පොකුණු ඉපැරණි වෘක්ෂලතා දුර්ලභ සත්ව වර්ග ආදී ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික වනෝද්‍යානයක් බඳුය.

    විහාරස්ථානයට පිවිසීමට හැකි ප්‍රධාන මාර්ග දෙකකි. එනම් කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට (කොළඹ සිට පැමිණෙන විට) ඇති වතුරගම මාර්ගයේ කි.මි. 05 ක් පමණ ගිය පසු පිළිකුත්තුව හන්දියෙන් නැවත වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකි අතර අනෙක් මාර්ගය
    කොළඹ නුවර පාරේ යක්කල හන්දියෙන් වමට හැරී (නුවර සිට පැමිණෙන විට) කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ කි.මි. 02ක් පමණ ගොස් බටගොල්ල හන්දියෙන් හැරී නැවත වතුරගම පාරට වැටී මීටර් 200ක් ගිය පසු පිළිකුත්තුව හන්දිය හමුවේ. එතැනින් වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකිය.


    bf8c3d39d99dc19858d5ef60f458dedb3b36dd221063e62871800bad3395619f6g.jpg




    නෑදෑ හිතමිතුරන් (ලොක්ක‍ට හොඳටම නින්ද ගිහින්)

    18d2a5a1041a9ccc38dda96827ac040ac09fdd5fa08901902ac0d0fd416cbf4d6g.jpg



    විහාරාංග

    ප්‍රධාන පිවිසුමෙන් විහාරස්ථානයට ඇතුල්වත්ම දක්නට ලැබෙන්නේ කලුගලෙන් පමණක් ගොඩනගා ඇති මහල් තුනකින් සමන්විත ශෛලමය ධර්ම ශාලාවයි. මෙම ධර්ම ශාලාවේ බිමට අතුරා ඇත්තේ මනා සේ පැතලි වූ ඔපමට්ටම් කරන ලද හතරැස් ගල් කුට්ටිය. ධර්ම ශාලාව මධ්‍යයේ සියුම් ලී කැටයමින් දැකුම්කලු ලෙස නිර්මාණය කොට ඇති අති විශාල දැවමය ධර්මාසනයක්ද දැකගත හැකිය. ධර්ම ශාලාව පසුකොට දකුණු පසට පිහිටි භුගත ජල මාර්ග ඔස්සේ ජලය ගලායමින් දිය පිරෙන පුරාණතම පොකුණද නරඹමින් ප්‍රධාන ලෙන් විහාරයට පිවිසිය හැකිය.


    ad3bce34ce109a48f1c76604f283bd5b53d85dbf085dae2b560e2682500fd7ac6g.jpg



    මෙහිදී කටාරම් කෙටූ ගල් පියස්සකින් සෙවන ලබන දාගැබ් වහන්සේද බෝධින් වහන්සේද වැඳපුදා ගත හැකිය.


    fb0f6ae11f8dbda16167a793c28037cc4ce689a242f50fbbdea620a4b66da62f6g.jpg



    b6f93743ee4209e9e32baf19490c40a7a4901cf17552ebc79b0a09868d8202c46g.jpg



    98bf590a6de8fc9c461053088a830bd859fa34fbdca6aa0c2a3745a4b25b05f16g.jpg




    48022c4c35f95102bde02951c41c997f57512fb1b0c87fbbb4e207f57e5902636g.jpg



    60811d800e9a8f327b915b6b3d91623c231998fa07ca0c09ca15ec07244e5b096g.jpg


    ඉනික්බිති එම පහත මලුවෙන්ම පියගැටපෙල නැග උඩ මලුවට පිවිසිය හැකිය. උඩ මලුවේද කුඩා ලෙන් විහාරයක් හා විශේෂයෙන් මෙම ස්ථානයට හා මෙම ප්‍රදේශයටම මහත් ආනුභාවයක් ගෙනදෙමින් වැඩ සිටින විෂ්ණු දේවරාජයන්ගේ ශ්‍රී විෂ්ණු දේවාලයද දැකගත හැකිය.

    උඩ මලුවේ කුඩා ලෙන් විහාරය

    070b20b5fbfae043e001f532a417185f81025c27e89836ee9b9567a9b1b25ff36g.jpg



    නැවත ආපසු විත් ධර්ම ශාලාව අසලින් වමට හැරී පියනගන විට ප්‍රධාන ආවාස ගෙය, දාන ශාලා ලෙන, දැව පාලම, දෝලාව, මහනුවර යුගයට අයත් ලෙන් ආවාස සංකීර්ණය, පැරණි වැව, ගල් මුදුනක පිහිටි සිරිපතුල ආදී පැරණි පූජනීය හා ස්වාභාවික සෞන්දර්යෙන් යුතු ස්ථාන දැකබලා ගත හැකිය.

    දැව පාලම


    0726ac3f6efda593967499de90a77da179a0fab695fc208be3132d2cea5cc77f6g.jpg




    97479cb9205cd64dcd444bb93fa7a73e57241087fb1a7308c07960f14cafd81a6g.jpg




    දෝලාව

    70f3114c1a1c698dc3a28a761668e88d766152515eb37343044b6e84f42644966g.jpg



    සිරිපතුල

    b829b09aafc6e4a7060c7f53b617436a8093000214c0c14a12449ea069a1ee7e6g.jpg


    මෙම සියලු විහාරාංග දැකබලා වැඳපුදා ගත් ඔබට දෙවනුව ප්‍රධාන ලෙන් විහාරය අසලින් අක්කර 200 ක් පමණ වන අති විශාල විහාර කන්ද තරණය කල හැකිය. මෙම විහාර කන්ද ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වනෝද්‍යානයක් බඳුය. මෙහි ගල් ලෙන්, ශිලා ලිපි, ආසියාවේ පැරණිතම පුස්වැල, තොප්පිගල, බැලුම්ගල, දුර්ලභ ශාක වර්ග, සත්ව විශේෂ ආදී ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණ රැසක් දැකගත හැකිය.

    කන්ද තරණයේ ඇරඹුම

    8336e2fe9e8f3bdd2019b6ef825b1ef9c0324658b31a9ddcfe88ad7e9917da166g.jpg



    ඉදිරියටම

    69f2851fa919543eeda8dbe78f25a019cb22873f019bc966aba38ca4eccfcd6d6g.jpg



    ගල් ලෙන්

    aa42012391d3bbd618c04a59a81ac49c5f79c71f653a8f434ccf0ef2a41ca2ed6g.jpg


    b8fa300b619fabb9fb86eda30f180c72ce9e1513e59cd6861bfc33b6f2b1b3bd6g.jpg


    89fa548acc98b46e25b10703b26b0281fda2da5a0c423636d3c2d079e9af07d26g.jpg


    e7a8e4dec318d1462ef22ee4c208574e4056d5db940be2058d89f48059dd0b4f6g.jpg


    9c73be1ce317ee76d784b658288613a39a85e322632de4197a98e9d18dc459266g.jpg


    1e915d455b9c782cc0e00a3c4fbbb3a70fc4f95416e560494296f60781bb533b6g.jpg



    බැලුම් ගලේ සිට

    a30ad5f14f920db48c1f3ee9af1215973bf19e69d8528379715576b9f36cb8ca6g.jpg


    f617c843590540100b31c07e6a38629268db312ee2962bc6ca465a6d720fb5346g.jpg


    5042c7365b2682b028036c136cae15b5e7e32b49fb9e37810c69ac46ce16a9346g.jpg



    ගල් පතොක්

    b22c9d30b6dd4097146d3c0cc57b68fd2ef764be7f3e5211389eba404428dcd96g.jpg


    98ab0f927a0bd65db32b5255bd2329117a742f80fb6f6399394ac4a9c636a4616g.jpg


    b5fae0d0c8986d757ab066b4f5aaa3e652dd8667ca5fee7cc585f2ee73aabd7b6g.jpg


    b81f407f28cf58a1e199f90c973c695f728deda19eb803eb74313f52af3cc82f6g.jpg



    යෝධ පුස් වැල

    a70dccac04fd1eb2ddb49a555870f5e758e24a681f266c0ecb664d2910df91af6g.jpg



    ඉතිහාසය

    ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂය තෙක් අතීතයට දිව යන ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාර ඉතිහාසය යුග ගණනාවක් නියෝජනය කරයි. ස්වභාවික ගල්ගුහා වාසස්ථාන ලෙස භාවිතා කිරීම මිනිසා විසින් ආරම්භ කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට නම් මෙහි එබඳු ගල්ගුහා සිය ගණනක් දක්නට ලැබීමෙන් පෙනී යන්නේ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක යුගයට නෑකම් කියන ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය ගමන් කරනු ලබන බවයි. එමෙන්ම එම ගල්ගුහා තවදුරටත් විධිමත් ලෙස සංවිධානය කොට විශේෂයෙන්ම ඇතුලට ජලය කාන්දු නොවන ලෙස ඉදිරිපස මුදුනේ කටාරම් කොටන ලද ගල්ගුහා භික්ෂූන් වහන්සේලාගේ ලෙන් ආවාස ලෙස භාවිතා කිරීම ආරම්භ වූයේ මහින්දාගමනයත් සමඟය. මේ අනුව මෙහි ඉතිහාසය ක්‍රි.පූ. තුන්වන සියවස බුදු දහම ලංකාවට පැමිණි මුල් වකවානුවද නියෝජනය කරන බව පෙනේ. එය තහවුරු කරන ප්‍රධානතම සාධකය ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මෙම පුදබිමෙන් මතු කරගන්නා ලද ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර වලින් යුත් සෙල් ලිපිය දැක්විය හැකිය.

    58597c3ab290f5d61cbfebb85d34ce4be639536836017ebcd9e49906ad97b35c6g.jpg


    19 වන සියවසේදී පමණ ගොඩනගන ලද මෙහි ප්‍රධාන ලෙන් විහාරයේ ඇති ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ දක්නට ලැබෙන ශෛලිගත චිත්‍ර සම්ප්‍රදායෙන් තරමක් දුරට බැහැර වූ ස්වභාවික ගති ලක්ෂණ පෙන්නුම් කරන සුවිශේෂි චිත්‍ර විශේෂයන් ලෙස දැක්වීමට පුලුවන. මෙම චිත්‍ර වලින් ධර්මපාල, මහා කන්හ, වෙස්සන්තර යන ජාතක කතාවල සිද්ධි, ඉරහඳ, අපායෙහි විස්තර ආදියද දැක්වේ. වියන දහසක් පද්මයන්ගෙන් නිර්මිතය!

    මීළඟ පොහොය දිනයේදිත් තවත් මෙවැනි පන්සලකට යන්නයි බලාපොරොත්තුව!

    ඔබ සැමට බුදු සරණයි!


    :):):)

     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද ත්‍රෙඩ් එකක් උබ දාල තියෙන්නෙ. මතේ ඔතනට ගිහින් තියෙනව. මාර ලස්සන තැනක්.
    රෙප්+
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද පෝස්ට් එකක් මචෝ අදමයි මේ පන්සල ගැන ඇහුවේ
    වටිනවා දිගටම මේ වගේ පොස්ට් දානව නම් සතුටුයි
    එකෙන්ම මැක්සා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම වටිනා, වැදගත් ත්‍රෙඩ් එකක්. බොහොම සිතූතියි අපිත් එක්ක බෙදාගත්තාට
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹට ගොඩක් පිං පොඩි එකත් එක්ක යන්න ලගපාත තැනක් හොය හොයා හිටියෙ...............

    රෙප්+

    ම්ම්ම්... පොඩි එකා කිව්වෙ................!
    :frown::frown::frown:
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    අපරාදෙ බන්. කිවුවනම් මමත් එනව. අපෙ ගෙවල් එහා පැත්තෙ බන් තියෙන්නෙ.
    rep+
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපරාදෙ බන්. කිවුවනම් මමත් එනව. අපෙ ගෙවල් එහා පැත්තෙ බන් තියෙන්නෙ.
    rep+

    අයියෝ කව්ද දන්නෙ. අපරාදෙ මීට් වෙලා යන්න තිබුනා.:(
     

    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    oke loku hamuduruwo hotama bonawa ban dawasak mama pansalata yaddi gal gahala buwa hodatama nidi gal bothale bagayak buwa lagai bima thyala thebune mama dakke naha wage geya ban ath macham maxxa pot 1 ban
     
    • Like
    Reactions: lasa.lasa