ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවුන
චැනල් 4 මෙලෝඩ්‍රාමාව (channel 4 Mellow Drama) හෙවත් විනාඩි පනහක ධාවන කාලයකින් යුත් "ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්ස්" චිත්‍රපටය ලෝකයේ චිත්‍රපට නිපදවෙන කිසිදු සාමාන්‍ය පරමාර්ථයකට අයත් වූවක් නොවේ.
එය දැනට ඕජස් ගලමින් තිබෙන එල්. ටී. ටී. ඊ. කුණපයෙන් යෑපෙන නිල මැස්‌සන් සහ පණුවන් ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි සකලවිධ සතුරන්ගේ පරමාර්ථයනටම අයත් එකක් වෙයි.
මෙය තවත් ආකාරයකින් මෙසේ ප්‍රකාශ කළ හැකිය.
කැල්ලම් මැක්‌රේ නමැති "සිනමා සහල්පාරුවකු" (මොහු අයත් වන්නේ සිනමාව ගණිකා වෘත්තියේ යොදවන්නන්ගේ සිනමා ශානරයකට නොව, සිනමාව ත්‍රස්‌තවාදය සඳහා යොදවන්නන්ගේ සිනමා ශානරයකටය.) යොදවා නිර්මාණය කරන ලද ඉහත කී චිත්‍රපටය, එම චිත්‍රපටය නිපදවීමේ පරමාර්ථයම පෙරදැරි කොටගත් කුප්‍රකට දරුස්‌මාන් වාර්තාවටම අත්වාරුවක් සපයන්නේය.
දරුස්‌මාන් වාර්තාව යනු ජාත්‍යන්තර නීතිය තුළින් ශ්‍රී ලංකාව එල්ලුම්ගස් යෑවිය හැකි කෙමනක් නොවන බව එය බිහි කළවුන් පමණක් නොව එයින් අපට කෙළවෙනතුරු කෙළ ගිලිමින් බලා සිටින වුන් පවා දන්නා සත්‍යයකි. එහි පරමාර්ථය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව කොන් කිරීමට ලෝක ජනමතයක් ලබාගැනීමය. ඒ සඳහා හැකිතාක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි පැමිණවීමය. අර කිලිං ෆීල්ඩ්ස් නමැති මෙලෝඩ්‍රාමාවේ පරමාර්ථය ද එයමය.
එහෙත් සාමාන්‍යයෙන් මුහුණට මුහුණ පරාජය කළ නොහැකි විශිෂ්ට දෙයට හෝ මිනිසුන්ට හෝ අපේ ගමේ, ගොඩේ නගරයේ යම් පාදඩයකු විසින් ඔහේ මඩගසනු ලබනවාට වඩා මෙය වෙනස්‌ය.
ගමේ ගොඩේ නගරයේ මැටි මෝලාගේ ද්වේෂය පුද්ගලික එකක් බැවින් ඉන් විනාශ වන්නේ ඒකාම මිස උගේ ඊර්ෂ්‍යාවට, ද්වේෂයට ලක්‌වූ පුද්ගලයා නොවන බැවිනි.
එහෙත්, ජාත්‍යන්තර කුහකකම, ජාත්‍යන්තර ද්වේෂය, ජාත්‍යන්තර ඊර්ෂ්‍යාව, ජාත්‍යන්තර වෛරය ඊට වෙනස්‌ය. ප්‍රතිචාර නොදක්‌වන පමාවෙන් ඒවා තව තවත් විෂ දුම පතුරවනසුලුය. පරාජය නොකරන පමාවෙන් එය ජයග්‍රහණයේ සියලු සළු පිළි බලෙන්ම ඇඳගන්නා සුලුය.
කවුරුන් කෙසේ කීව ද දරුස්‌මාන් සහ කිලිං ෆීල්ඩ්ස් අපේ රට පත්කොට තිබුණේ මේ අවදානමටය.
ඒ අවදානමෙන් අප මුදාගත් පුද්ගලයා ශවීන්ද්‍ර සිල්වාය.
එහෙයින් ඔහු වීරයකු යෑයි අපි කටපුරා කියමු.
එසේ නොකියන්නේ නම් නොලියන්නේ නම් අර ගමේ ගොඩේ, නගරයේ පාදඩ කුහකයාත් අපත් අතර වෙනසක් තිබිය හැකි නොවේ.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මේ වික්‍රමය කරන්නේ විදේශීය තානාපතිවරුන් හමුවේ "ශ්‍රී ලංකාවේ කිලිං ෆීල්ඩ්ස්" වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් හියුමන් රයිට්‌ස් වොච්, ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෲප් සොසයිටි යන සංවිධාන විසින් දියත් කරන ලද බරපතළ මෙහෙයුම ව්‍යර්ථ කරමිනි.
නිව්යෝර්ක් නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට වූ "චර්ච් සෙන්ටර්" ශාලාවට එක්‌රොක් වී සිටි ජාත්‍යන්තර තානාපතිවරුන් අතිබහුතරයකගේ නෙත් පාදමින් ද එල්. ටී. ටී. ඊ. හිතවාදී සකලවිධ ක්‍රියාධරයන්ගේ මඩ බෝලය ඔවුන් ඉදිරියෙම පුපුරුවා හරිමින්ද ශවීන්ද්‍ර සිල්වා කළ වික්‍රමය ඔහු එදා යුද බිමේදී ත්‍රස්‌තවාදය පරාජය කරමින් දැක්‌වූ වික්‍රමයන්ටවත් දෙවැනි වන්නේ නොවේ.
නවලෝක තතු යටතේත්, ඒ නව ලෝක තතු යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින නව තතු යටතේත් සාම්ප්‍රදායික විදේශීය සේවාවන්ගෙන් අපට ශත පහක වැඩක් නොමැතිය යන්න අප හැමදාමත් කී දේය.
ශවීන්ද්‍ර සිල්වා අපගේ විදේශ සේවාවට සුවිශේෂ යෙදවුමක් (Specific application) පමණක් නොව සුවිශේෂ ප්‍රවේශයක්‌ද (Specific approache) ඉදිරිපත්කොට සිටියි.
ඔහු සම්භාව්‍ය තානාපති මුළු ගැන්වීම් වලින් මුළුමනින්ම වෙනස් අද අපේ රට මුහුණ පා සිටින තත්ත්වයන්ට අතිශය ගැළපෙන නව රාජ්‍ය දූත මෙහෙයක නිරතව සිටියි. මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයාට දිවයිනේ අපගේත්, දිවයිනේ සමස්‌ත ජනතාවගේත් ගෞරවය ප්‍රශංසාව හිමිවන බව කවර නම් සැකයක්‌ද?
අවසාන වශයෙන් අපි අද මෙසේ සටහන් තබමු. "ශවීන්ද්‍ර ඔබ වැනි තව දස දෙනෙක් අපගේ රාජ්‍ය දූත සේවාවේ සිටින්නේ නම්....?"
උපුටාගැනීමකි
http://www.divaina.com/2011/06/24/editor.html
....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
ශවීන්ද්‍ර සිල්වා වීරයාට මඩ ගහන සත්තු මෙක බලපල්ල
ශවීන්ද්‍ර සිල්වා වීරයා!