තෙල් වංචාවක් ජවිපෙ හෙළි කරයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
තෙල් වංචාවක් ජවිපෙ හෙළි කරයි

thumb.php


පෙට්‍රල්වල ජලය සහ අපද්‍රව්‍ය ඇති බවට පසුගිය දින කිහිපයේදී එල්ල වූ චෝදනාවලට හේතුව තෙල් ආනයනයේදී සිදු කළ දැවැන්ත වංචාවක් බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා‍ මේ බව හෙළි කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙ‍සේද පැවසීය.

"පෙට‍්‍රල් සම්බන්ධයෙන් බරපතළ ගැටලූවක් මතු වී තිබෙනවා. මේ නිසා යතුරුපැදිවල, ත‍්‍රීවිල්වල, කාර්වල එංජින් ක‍්‍රියා විරහිත වෙලා තිබෙනවා, පිරවුම්හල්වල පොම්ප ක‍්‍රියා විරහිත වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ ගැන සොයා බැලූවා.

පසුගිය මාර්තු 08වැනිදා සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් දිනපතා ඉන්ධන මිලදී ගන්නේ නැතිව මාස තුනකට වරක් ඉන්ධන මිලදී ගැනීමට අවසර ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී ඇති සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එය එසේ තිබියදී ඊට මාසයකට පසුව 2011.04.06 වැනිදා නැවත කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ඩීසල් ටොන් 2,40,000ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික තෙල් සමාගමෙන් මිලදී ගැනීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා. රාජ්‍යයන් දෙකක් අතර සිදු වන ගනුදෙනුවක් ලෙස මෙම මිලදී ගැනීම සිදු කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

නමුත් මෙය කිසිසේත්ම රාජ්‍යයන් දෙකක් අතර කරන ගනු දෙනුවක් නොවෙයි. එවැනි ගනුදෙනුවක් නම් එය සිදු විය යුත්තේ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙනත් සමාගමක් එක්ක ගනුදෙනු කරන්න බලයක් නැහැ. ඒ නිසා එම ක‍්‍රියාවලිය වැරදියි. ඊළඟට මේ තෙල් ගන්නේ ණයට. එසේ නම් එය සිදු විය යුත්තේ විදේශ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධවයි. ඒ විතරක් නොවෙයි, මෙය රාජ්‍ය සමාගමක් නොවෙයි, පෞද්ගලික සමාගමක්.

ඉන්ධන මිලදී ගත යුත්තේ කොහොමද කියා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්දේසියක් තිබෙනවා. ක‍්‍රමවේදයක් තිබෙනවා. නමුත් ඒ ක‍්‍රමවේදයට අනුගමනය කර නැහැ.

ඒ අතරේ පසුගිය මැයි මාසයේ මුල් සතියේදී තෙල් පිරිපහදුවේ නිලධාරීන් දැනුම් දුන්නා, ජුනි මාසේ 10 - 11වන විට තෙල් තොග ලැබිය යුතුයි කියලා. සාමාන්‍යයෙන් තෙල් අවශ්‍ය වන විට ඊට දින 35කට පෙර ටෙන්ඩර් කැඳවිය යුතුයි. ඒ අනුව ජුනි 10-11වන විට තෙල් අවශ්‍ය නම් මැයි මාසේ 5වැනිදා ටෙන්ඩර් කැඳවිය යුතුයි.

මැයි මාසේ 5වැනිදා පෙට‍්‍රල් ටොන් 20,000ක් සඳහා ටෙන්ඩර් කැඳවූවා. ඒ ටෙන්ඩරය මැයි 25වැනිදා විවෘත කළා. ටෙන්ඩරයට දින 20ක් දුන්නා. ජුනි 10වැනිදා තෙල් ලබා දිය යුතුයි. ටෙන්ඩරයට දින 20යි, තෙල් සපයන්න දින 15යි. ඒ නිසා එම කාලයේදී ඉන්ධන සපයන්න බැහැ කියා සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කළේ නැහැ. ඉන්දියාවේ රිලායන්ස් සමාගම විතරයි ටෙන්ඩර් ඉදිරිපත් කළේ. එක සමාගමක් පමණක් ඉදිරිපත් වී තිබෙන නිසා ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩර් කැඳෙව්වා මැයි 31විවෘත කරන්න. ඒකෙත් කියනවා, ජුනි 10-11තෙල් අවශ්‍යයි කියා. එම සමාගමම විතරයි ටෙන්ඩර් ඉදිරිපත් කළේ. නමුත් ඔවුන් කිව්වා ජුනි 10-11දෙන්න බැහැ, දෙන්න පුළුවන් ජුනි 16වැනිදා කියලා. ඒ ටෙන්ඩරයක් ප‍්‍රතික්ෂේප කළා.

අවසානයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා තනි හිතුවක්කාර තීරණයක් ගෙන පෙට‍්‍රල් ටොන් 20,000ක් ගෙන්නුවා. ඒ සමාගම තමයි කලින් කී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික තෙල් සමාගම කියන සමාගම.
තෙල් නැවක් ආසන්න වුණාම එය ගොඩබාන්න කලින් කොළොන්නාවේ පර්යේෂණාගාරයේ පරීක්ෂණයක් කරනවා. එම සහතිකය අනුවයි ඉන්ධන ගොඩබෑමට අවසර දෙන්නේ. මෙම සමාගම එවූ තෙල්වලටත් එවැනි පරීක්ෂණයක් කළා. එම පරීක්ෂණයේ ප‍්‍රතිඵලය වුණේ තෙල් ප‍්‍රමිතියෙන් තොරයි කියන එක. ඒ අනුව ලේකම්වරයා මුලින් තීරණය කළා ඉන්ධන ගොඩබෑමට අවසර නොදී ඉන්න. නමුත් පසුව අවසර දුන්නා.

ඉන්ධන ගොඩබෑමෙන් පසුව නිකුත් කරන්නේ තෙල් පිරිපහදුවේ රසායනාගාරයේදී සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුවයි. මම ඉතා වගකීමෙන් කියනවා, මේ තෙල් නිකුත් කරන්න කලින් එවැනි පරීක්ෂණයක් සිදු කළේ නැහැ.

ඉන් පසුව ඉන්ධන බෙදා හැරීමෙන් අනතුරුව තෙල්වල අපද්‍රව්‍ය තිබෙනවා කියා පැමිණිලි එන්න පටන් ගත්තා. ඒ වන විට තෙල් මෙටි‍්‍රක් ටොන් 20,000න් 17,000ක් බෙදා හැර අවසන්. ඉතිරි 3000බෙදා හැරීම නතර කළා.

සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිවරයා දැන් කියනවා පොසොන් උත්සවය නිසා හදිසියේ වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වුණා, ඒ නිසා හදිසියේ මිලදී ගත්තා කියලා. පට්ටපල් බොරුවක්. පෙට‍්‍රල් අවශ්‍ය බව දැනුම් දුන්නේ මැයි මාසයේ මුල් සතියේදී. කෘත‍්‍රිමව හදිසි අවශ්‍යතාවක් නිර්මාණය කරලායි මෙම මිලදී ගැනීම කළේ.

ඊළඟට කියනවා වැස්ස නිසා වතුර එකතු වෙලාය කියලා. නමුත් පසුගිය ජනවාරි මාසේ මීට වඩා වැස්සා. එතකොට තෙල්වලට වතුර එකතු වුණේ නැහැ. ඒ විතරක් නොවෙයි, තෙල් ගබඩාවල තිබෙන්නේ පාවෙන වහලක්. ඒ නිසා කිසිසේත්ම වතුර එකතු වෙන්නේ නැහැ.

ඊළඟට ඔහු කියනවා තෙල්වල අපද්‍රව්‍ය තිබෙන්නේ තෙල් මණ්ඩි ඇදලා කියලා. මම එතුමාට කියනවා, ගිහිල්ලා තෙල් ටැංකියක් බලන්න. තෙල් ටැංකිවල පිටතට තෙල් නිකුත් කරන බටය තියෙන්නේ අඩි දෙකක් උඩින්. ඒ වගේම මීටර් 2.2ක් උඩින් ඔපරේෂන් ලෙවල් එකක් තිබෙනවා. ඊට වඩා පහළට හිඳෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා තෙල්වලට මණ්ඩි එකතු වෙන්න ක‍්‍රමයක් නැහැ.

තවත් කතාවක් කියනවා, පිරවුම්හල් හිමියන් වතුර කලවම් කරලා කියලා. ඒක තීරණය කරන්න කලින් පිරවුම්හල්වලට නිකුත් කළ තෙල්වල ප‍්‍රමිතිය පරීක්ෂා කළ යුතුයි.

මේ සියල්ල සිද්ධ වුණාට පස්සේ තෙල් සාම්පල තෙල් පිරිපහදුවේ රසායනාගාරයට යැව්වා. නමුත් එහි විද්‍යාඥයින් පෙන්වා දුන්නා, මේ තිබෙන්නේ පෙට‍්‍රල් නොවෙයි, වෙනත් ද්‍රව්‍යයක් ඒනිසා තමන්ගේ උපකරණවලට හානි වෙන්න පුළුවන් නිසා පරීක්ෂණ කළ නොහැකියි කියා. ඇමතිවරයා දැන් හදන්නේ මේ තත්වය වහන්න. ඒ නිසා පරීක්ෂණයක් පවත්වා ආමත්‍යවරයාගේ වගකීම හෙළිදරව් කළ යුතුයි.

අපි ඇමතිවරයාගෙන් අහනවා, මාර්තු මාසේ අනුමත කළ කැබිනට් පත‍්‍රිකාවට අනුව ඉන්ධන ආනයනය නොළේ ඇයි? එම කැබිනට් තීරණය තිබියදී අපේ‍්‍රල් මාසයේදී තවත් කැබිනට් පත‍්‍රිකාවක් ගෙනාවේ ඇයි? මැයි මාසයේ 5වැනිදා ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩරයට දින 20ක් ලබා දුන්නේ ඇයි? එම ටෙන්ඩරය අවලංගු කර නැවත ටෙන්ඩර් කැඳවූයේ ඇයි? තෙල් සැපයීම සිදු කළ සමාගම කුමක්ද? තෙල් ප‍්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණ වාර්තා තිබියදී ගොඩබෑමට අවසර දුන්නේ ඇයි? තෙල් නිකුත් කිරීමට පෙර තෙල් පිරිපහදුවේ රසායනාගාරයේදී සිදු කළ යුතු පරීක්ෂණය නොකළේ ඇයි?

කොමිස් ගහන්න යාමේ ප‍්‍රතිඵලයක්. අද එයට වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාවට. දැන් සිදු වී තිබෙන හානියට වගකියන්නේ කවුද?"

LT
 
  • Like
Reactions: gcj