ක්‍රිකට් ඇතුලාන්තය සහ ඊයේ තරඟය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්‍රිකට් ඇතුලාන්තය සහ ඊයේ තරඟය

    මම හිතන්නේ ඊයේ මැච් එක ලංකාවේ ක්‍රිකට් රසිකයො ගොඩ දෙනෙක් බලන්න ඇති.. ඒක අපේ කණ්ඩායම දිනපු නිසා අපිට ගොඩක් වැදගත්.. ඊට අමතරව ඒ මැච් එක ඇතුලේ නොකියපු නොදැකපු ගොඩක් දේවල් සැඟවිලා තිබුනා කියලයි මට හිතෙන්නේ.. මම ලංකාවේ ක්‍රිකට් වලට පනවගේ ආදරය කරන රසිකයෙක්.. කෙලින්ම කියනවනම් පිස්සෙක්.. ගොඩක් අය පිස්සො උනේ 96 ලෝක කුසලානය දිනුවට පස්සේ.. මම ඊටත් කලින් ඉඳලා පිස්සුවෙන් ක්‍රිකට් බැලුවේ.. ඉතිං මම හිතන්නේ රසිකයෙක් හැටියට මට මේ ගැන කතාකරන්න අයිතියක් තියෙනවා..

    මම හිතන්නේ ලංකාවේ දේශපාලනය නොගෑවුන තැනක් නැහැ.. ඔය ජරා දේශපාලනය ගෑවුනොත් තැනක් ඉවරයි.. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් දේශපාලය දරුණු ලෙස බලපෑම් කරලා ඉවරයි.. ඒකට ඕන තරම් සාක්ෂි කියන්න පුළුවන්..
    වෙනදා මේ වගේ ලිපියක් ලියන්න ඕන වෙන්නේ ලංකාව තරඟ පැරදුනාම.. ඒත් අපි තරඟ දිනුවත් අපි වෙනදා දකින ෆිට් එක අපේ කණ්ඩායමේ නැහැ කියලයි මට හිතෙන්නේ.. ඊයේ තරඟෙන් ඒක හොඳටම පැහැදිලි උනා.. කණ්ඩායම බෙදිලා කියලා පැහැදිලිව පෙනුනා.. චන්දිමාල් නම් තරුණ ක්‍රීඩකයා, අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිදුලන බලාපොරොත්තුව, ඔහු ශතකය අභියස සිටින විට මැතිව්ස්ගේ හැසිරීම ගැන එක් එක් අයට විවිධ මත තියෙන්න පුළුවන්.. මගේ මතය මම කියන්නම්.. මම කියන්නේ එය 100%ක් හරි.. අවුරුදු 21ක කොල්ලෙක් ලෝඩ්ස් වගේ ක්‍රීඩාංගනයක ශතකයක් ලඟම ඉඳිද්දි ඔහුට ඒකට අවස්ථාව නොදී තරඟය
    ඉවර කරන එක කොයිතරම් කුහක කමක්ද? ලෝඩ්ස් වගේ ක්‍රීඩාපිටියක ශතකයක වටිනාකම ක්‍රිකට් ගැන දන්න අය දන්නවා.. මැතිව්ස් නිකමටවත් ක්‍රීඩාගාරය දිහා බැලුවේ නැහැ.. ඔහු තමයි පිටියේ සිටින ජ්‍යේෂ්ට ක්‍රීඩකයා.. ඔහු එවෙලේ තීරණය කලා කල යුතු දේ.. ඒක අනාගත සාර්ථක නායකත්වයක ඉතාම හොඳ ලක්ෂනයක්.. දිල්ශාන් ඒ වෙලාවේ හැසිරුණේ ඇන්ජලෝ ලඟ හිටියනම් බිම දාගෙන ගහන සයිස් එකට.. ඒත් අන්තිමට ඇන්ජලෝ ඔප්පු කලා කලබල නැතුව හිටියම හැම දේම හොඳින් සිද්ද වෙනවා කියලා..
    දිල්ශාන්ට නායකත්වය දිගටම පවත්වාගෙන යන්න අභියෝගයක් තියෙනවනම් ඒ තිලින කණ්ඩම්බි නෙමෙයි, ඇන්ජලෝ කියලා දිල්ශාන් හොඳටම දන්නවා..
    ඇන්ජලෝ ඒකට කොයිතරම් සුදුසුද කියලත් දිල්ශාන් දන්නවා.. මම දිල්ශාන්ව විවේචනය කරන්නේ නැහැ කවදාවත්.. ඒත් දිල්ශාන්ව පාවිච්චි කරලා තමන්ට ඕන බලය කණ්ඩායම ඇතුලේ තහවුරු කරගන්න ජඩ දේශපාලකයෝ හදනවා.. සමහර වෙලාවට දිල්ශාන්ගේ කටින් පිටවෙන්නේ ඒ ජඩ බල්ලන්ට ඕන ඒවා කියලා හරියට කල්පනා
    කරන අයට තේරෙනවා.. මැයි 22 වෙනකම් IPL ගහන්න ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත අවසර දීලා තියෙද්දි කලින් එංගලන්තයට එන්න කියලා එක පාරටම කිව්වම දිල්ශාන් කියනවා ඕන දේකට පෙර තමන්ගේ රට කියලා.. ඒ කතාව ඇත්ත.. ඕන දේකට පෙර අපේ රට තමයි.. ඒත් එතකොට ලිඛිත ගිවිසුම් ගහන්නේ මොකටද?
    අපිට ක්‍රීඩාවක් කියලා තියෙන්නේ මෙච්චරයි.. ජඩ දේශපාළුවොන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා දන්නවා.. ඒක නිසා මේ දේවල් තේරුම් අරගෙන කණ්ඩායමක් හැටියට එකතු වෙලා තමන්ගේ රට ඉදිරියට අරගෙන යන්න.. දේශපාළුවොන්ට තමන්ගේ ඕනැපාකම් ඉටු කරගන්න දෙන්න එපා කණ්ඩායම ඇතුලේ බෙදීම්
    ඇතිකරලා.. අපි ඔයාලා ඔක්කෝටම එකවගේ ආදරෙයි.. අපි ටිකකට හරි හිනාවෙන්නේ ඔයාලා දිනුවමයි.. අපිට ඒදේත් නැතිකරන්න එපා.. දේශපාලන උගුල් වලට අහුනොවී ඉදිරියට යන්න ශ්ක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...

    76842082-sri-lanka.jpg

     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දිල්ශාන් හරි දක්ෂ ක්‍රීඩකයෙක්..නායකයා වුනාට පස්සෙ දක්ෂකම හැංගිලා වගේ..වගකීමෙ බර වැඩි නිසාද දන්නෙ නැහැ.. නායකත්වයට සුදුසු නැහැ කියල මම හිතන්නෙ..ආයිත් සංග නායකත්වයට එනවනම් හරි කියල මම හිතන්නෙ..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දිල්ශාන් හරි දක්ෂ ක්‍රීඩකයෙක්..නායකයා වුනාට පස්සෙ දක්ෂකම හැංගිලා වගේ..වගකීමෙ බර වැඩි නිසාද දන්නෙ නැහැ.. නායකත්වයට සුදුසු නැහැ කියල මම හිතන්නෙ..ආයිත් සංග නායකත්වයට එනවනම් හරි කියල මම හිතන්නෙ..

    :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දිල්ශාන් හරි දක්ෂ ක්‍රීඩකයෙක්..නායකයා වුනාට පස්සෙ දක්ෂකම හැංගිලා වගේ..වගකීමෙ බර වැඩි නිසාද දන්නෙ නැහැ.. නායකත්වයට සුදුසු නැහැ කියල මම හිතන්නෙ..ආයිත් සංග නායකත්වයට එනවනම් හරි කියල මම හිතන්නෙ..

    සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔව් මගේ ගාව සාක්ශි එක්ක කරුණු තියෙනව ටීම් දෙකක් එකට ගහනව කියල පෙන්නන්න.. .. ලගදිම ඔක්කොම දාන්නම් එන්ගලන්ත tour එක ඉවර උණාමම දාන්නම්, නැත්තන් මාව දේශද්‍රොහියෙක් කරාවි..

    මම චන්දිමාල් ගැන ලියපු ලිපිය බලන්න.. එකට ඔබේ අදහස් එකතු කරන්න

    http://elakiri.com/forum/showthread.php?t=1157877


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් මගේ ගාව සාක්ශි එක්ක කරුණු තියෙනව ටීම් දෙකක් එකට ගහනව කියල පෙන්නන්න.. .. ලගදිම ඔක්කොම දාන්නම් එන්ගලන්ත tour එක ඉවර උණාමම දාන්නම්, නැත්තන් මාව දේශද්‍රොහියෙක් කරාවි..

    මම චන්දිමාල් ගැන ලියපු ලිපිය බලන්න.. එකට ඔබේ අදහස් එකතු කරන්න

    http://elakiri.com/forum/showthread.php?t=1157877





    අනිවා මචං.. එහෙම ඒවා තියෙනවනම අපිව දැනුවත් කරපන්...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    අනිවා මචං.. එහෙම ඒවා තියෙනවනම අපිව දැනුවත් කරපන්...

    අනිව ලියනව ඒත් දැන්ම ලියන්න නිදහසක් නැහැ.. කථාව ඇත්ත.. ඩිල්ශාන් තනිවෙලා ඉන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Mata Dilshan Mala Penala Pissu Natana Video Eka Poddak Diyan Ko Balanna Ade Mama Iye Match Eka Beluwe Ne
    Mata Link Ekak Denna Mama Beluwa Highlight Eke Ehema Seen Ekak Pennuwe Ne
    6k Gahala 100 Gahana Seen Ekak Penuwa Echcharai
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Api methana hadak naguwata patu deshapalakayonta mewa therenne,ahenne na ban.. Therum karath un therum ganneth na ban.. Thamange madiha thada karaganna witharai hamoma un hadanne.. Ratata adare ekek na othana.. Thiyana duka Lankawe ithuru wela thiyana me kridawath mun winasa korana eka.. Aththatama dukai eth monawa karannada? :(:(

    Me rata palanaya karanne nugath pirisak..