මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

    මචන් මම ටිපර් දෙකක් ගත්තා ලීස් කරලා, මේක මම ඉන්න ෆීල්ඩ් එකට කිසිම ගැළපීමක් නැහැ ඒ උනාට අළුත් වැඩකට ගත්තෙ. කඩවත දිහායින් පොඩි ඔෆිස් එකකුත් පටන් ගන්න හිතන් ඉන්නෙ. මට දැන් ඕන මේ වැඩ බාර දෙන්න හොඳ කොල්ලෙක්. ඔෆිස් එකේ වැඩ වගේම හදිස්සියකට මනම්පිටියට වගේ යන්න පුලුවන් එකෙක්.

    1. කෙඳිරි ගාන්නෙ නැතුව කියන දේ කරන එකෙක් වෙන්න ඕන
    2. අධ්‍යාපන සුදුසුකම් වැඩිය ඕන නැහැ.
    3. වයස 20-25ක් වගේ වෙන්න ඕන
    4. ගෙදර ඉදන් 90 මිනිට්ස් වලින් කඩවතට එන්න පුළුවන් වෙන්න ඕන
    5. කිසිම පාර්ට් ටයිම් ජොබ් එකක් නොකරන එකෙක් වෙන්න ඕන
    6. කෙල්ලෙක් නැති එකෙක් නම් තවත් හොඳයි
    7. විශේෂයෙන්ම සත්තුන්ට ආදරේ වෙන්නම ඕන

    ** 75ක් වගේ මාසෙකට දෙන්න පුලුවන්
    ** කැම බීම නොමිලේ
    ** මාසෙකට නිවාඩු 3යි ගන්න පුළුවන් (සෙනසුරාදා නිවාඩු නැත)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සත්තුන්ට ආදරෙ වෙන්න ඕනෙ කිව්වෙ හරක්, කුකුලො අදින්නද තියෙන්නෙ ?
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    සත්තුන්ට ආදරෙ වෙන්න ඕනෙ කිව්වෙ හරක්, කුකුලො අදින්නද තියෙන්නෙ ?

    නැහැ බන්... මම පුසෝ හදනවා මගේ හැම ශොප් එකේම වගේ.. ඉතින් මම හදිස්සියට එන වෙලාවක වැඩ කරන එකෙක් පූසෙක්ට ගගහා හිටියොත් ඌ එදාම ගෙදර තමා:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හෙළයා;10591061 said:
    නැහැ බන්... මම පුසෝ හදනවා මගේ හැම ශොප් එකේම වගේ.. ඉතින් මම හදිස්සියට එන වෙලාවක වැඩ කරන එකෙක් පූසෙක්ට ගගහා හිටියොත් ඌ එදාම ගෙදර තමා:lol:

    :lol: :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙළයා;10591061 said:
    නැහැ බන්... මම පුසෝ හදනවා මගේ හැම ශොප් එකේම වගේ.. ඉතින් මම හදිස්සියට එන වෙලාවක වැඩ කරන එකෙක් පූසෙක්ට ගගහා හිටියොත් ඌ එදාම ගෙදර තමා:lol:
    :P
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    දැං මොකද්ද කරන්න තියෙන්නෙ ?

    මචන් ඔෆිස් එකට වෙලා ඉන්න තමා තියෙන්නෙ. දවසේ වියදම්/ ආදායම් ටික පිළිවෙලකට ටයිෆ් කරලා මට ඊ-මේල් කරන්න තියෙන්නෙ. එච්චරයි!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙළයා;10591128 said:
    මචන් ඔෆිස් එකට වෙලා ඉන්න තමා තියෙන්නෙ. දවසේ වියදම්/ ආදායම් ටික පිළිවෙලකට ටයිෆ් කරලා මට ඊ-මේල් කරන්න තියෙන්නෙ. එච්චරයි!
    ඕක කරන්න 75,000 දෙනවා ? මොනවද ඔය office එකෙන් කෙරෙන්නෙ ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕක කරන්න 75,000 දෙනවා ? මොනවද ඔය office එකෙන් කෙරෙන්නෙ ?
    කුඩු බිස්නොස් එකක් වගේ. යකෝ මෙච්චර ගානක් දෙන්න හැරියා මුගේ මාමාද:dull:
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    පඩි හොද නිසා ඉක්මනට කවුරු හරි සෙට් වෙයි
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඕක කරන්න 75,000 දෙනවා ? මොනවද ඔය office එකෙන් කෙරෙන්නෙ ?

    මම හෙණ ගානක් හම්බ කරලා වැඩ කරන උන්ට ගෑවෙන්නත් මදි පඩියක් දුන්නම මචන් උන් මට හෙණ ඉල්ලනවා. එතකොට මට කෙළ වෙනවා! සාධාරණ ගානක් දුන්නම උන් ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා.. උන් උනන්දු වෙන තරමට තමා මට සල්ලි ලැබෙන්නෙ.. තේරුනා නෙ? අත්දැකීමෙන් කියන්නෙ මචන්
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    කුඩු බිස්නොස් එකක් වගේ. යකෝ මෙච්චර ගානක් දෙන්න හැරියා මුගේ මාමාද:dull:

    රජයේ ටෙන්ඩර් බන් කරන්නෙ... දැන් නම් කරන්නෙ කැළණි ගඟේ බැම්මට කළු ගල් අදින එක:)