කළුතර වෙරළේ නිරුවත් වෙරළ තීරයක්!

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කළුතර වෙරළේ නිරුවත් වෙරළ තීරයක්!

    prew_kaluthara.jpg


    යෝජිත කළුතර කැලිඩෝ වෙරළ උද්‍යාන ව්‍යාපෘතියට සමගාමිව කැලිඩෝ වෙරළ තිරයේ වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙනවා.

    එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.

    මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනුවෙනි.


    කෙසේ නමුත් කළුතර මහ නගර සභාව ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් ඇති රටකට කිසිසෙත් නොගැලපෙන බවයි.කළුතර මහ නගර සභාව විසින් මෙයට විරෝධය පලකොට ඇති අතර ස්ටාඩස්ට් සමාගම පවසන්නේ තවමත් එම කටයුත්ත සඳහා අවසර ගැනීමේ කටයුතු කරගෙන යන බවයි.

    කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමාර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නට ලැබෙන අතර එම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි.