මගේ ආදර සිහින මාලිගය
සිනිදු මෘදු ආදර වැලි කැට එකිනෙක මත තබමින්
සෑදූ ඒ මගේ ආදර සිහින මාලිගය
උස් විය නෙක අහස් ගැබ සිඹින තරමටම
පුළුල් විය මේ මහා මිහිතලය පමනටම
සෙවනට වී ඒ මගේ ආදර සිහින මාලිගය තුල
දුටුවෙමි සිහින පැතුවෙමි පැතුම් මුවාවී මුලු ලෝකයට
ඒ නෙත් යුගෙන් එලිය කරන්නට මාගේ සිහින මාලිගය
අහස් ගැබ පුරා පැතිර ගිය ඒ මහා ඝන වැහි වලාකුළ
අඳුරෙන් වෙලුවාය මාගේ ආදර සිහින මාලිගයම
ඇසෙන්නට විය සිය දහස් ගනනින් මහා හෙන හඩ
සැර විය සුලඟ ගස් ගල් ඉදිරී වැටෙන තරමටම
බියෙන් සීතලෙන් ගුලිවී සිටින මී පැටවෙකු ලෙස
සැඟවුනි මා ඒ මගේ ආදර සිහින මාලිගය තුල
එනමුදු ක්ෂනයෙන් ඒ මහා රුදුරු සැඩ කුනාටුව
හෙලුවේය බිමට ඒ සිහින මාලිගය මා දෑස් ඉදිරිපිටම
යට විය මාගේ ජීවිතයම ඒ සිහින මාලිගයට
නොනවතින කඳුලින් තෙත් විය මාගේ දෑස් සදහටම
තව එක වරක් හෝ දැක ගන්නට ඒ නිල් නෙතු සගල
බලා සිටිමි මා සිරවී සිහින මාලිගයේ සුන් බුන් අතර
හොදයිනම් ඉතින් +++

Last edited: