දුම් වැටි ප්‍රචාරනයේ අලුත්ම කලාව

sweets

Banned
Jul 2, 2011
297
160
0
දුම් වැටි ප්‍රචාරනයේ අලුත්ම කලාව

දුම්වැටිය ගෙන රඟන මරඟනන් මග දුටිමි
sigarata.jpg
කොළඹ වීදි ජනයාගෙන් පිරීගොස්‌ ය. නිරුවත් අහසින් එක සීරුවට කඩා හැලෙන හිරු රැස්‌ සාහසික ලෙස අවට දවාලමින් සිටී. ගත වන සෑම තත්පරයකදීම සිතත් කයත් වඩ වඩාත් වෙහෙසට පත් වුවද අවශ්‍ය දේ ඉටුකරගැනීමට අපි එය බාධාවක්‌ කර නොගත්තෙමු. අප පිටකොටුව ත්‍රිරෝද රථ ගාලකින් ත්‍රිරෝද රථයකට නැගී බම්බලපිටියේ සුපිරි වෙළෙඳසලක්‌ කරා ගමන් කළේ මගේ සගයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටිකක්‌ මිලදී ගැනීමටය.

"මහත්තයලා දැක්‌කද අර ත්‍රීවීල් එකේ යන කෙල්ලො දෙන්නව"

නොසිතු ලෙස ත්‍රිරෝද රථ රියෑදුරු අපේ කතාවට බාධා කළේය. අපි කතාව මතුසම්බන්ධ කරමින් ඒ ත්‍රිරෝද රථය දෙසට නෙත් යොමු කළෙමු.

පුදුමයක්‌ වෙන්නට දෙයක්‌ නොමැත. බැලූ බැල්මට වයස අවුරුදු විස්‌සක්‌ පමණ කිවහැකි සුරූපී ළඳුන් දෙපළක්‌ දල්වාගත් දුම්වැටි දෙකක්‌ අතැතිව ත්‍රිරෝද රථයේ ගමන් කරති.

"හොඳට බලන්න මහත්තයෝ, කෙල්ලො දෙන්නා සිගරැට්‌ උරන්නේ නැහැ. සිගරැට්‌ එක එළියට පේන්න පත්තු කරගෙන යනවා විතරයි."

ඔහුගේ වචන පෙළත් සමග නැවත අපි ඒ යුවතියන් දෙපළ ගැන හොඳින් විපරම් කළෙමු.

ඔවුන් දෙපළ කලවේ නිරුවත හොඳින් පෙනෙන ලෙස කෙටි සායකින් සැරසී තිබුණ අතර දණහියේ සිට ඇතුළට නෙරා යන සේ පච්චයක්‌ ද කොටා තිබිණි. ඇඟිලි තුඩු අතර රැඳුණු දුම්වැටිය හැම වේලාවේම නිරුවත් කලව උඩ දැල්වෙයි. ඉඳහිට රෝස තොල් සඟල මත දුම්වැටිය සඟවාගත්ත ද දුම් උරා බොන බවක්‌ නම් පෙනෙන්නට නොතිබිණි. දුම්වැටියක්‌ නිවෙනවාත් සමග තවත් දුම්වැටියක්‌ දල්වා ගැනීමට නම් ඔවුන් අමතක නොකළේය. අපි ගිය ගමන මඳකට ප්‍රමාද කළෙමු. ඔවුන් දෙපළ රඟදක්‌වන ජවනිකාව කුමක්‌දැයි සොයාබැලීමට අපිදු තවදුරටත් ඔවුන්ගේ ත්‍රිරෝද රථය ලුහුබැන්දෙමු.

"මෑතක ඉඳලා ත්‍රීවීල්වල ඔය වගේ ලස්‌සන කෙල්ලො නිරුවත පෙන්වමින් සිගරැට්‌ පත්තු කරගෙන යනවා. අපිටත් ඕක හරිම ප්‍රශ්නයක්‌. අපේ පාක්‌ එකේ කොල්ලොත් මේ ගැන විපරම් කරනවා. හැබැයි මෙහෙම යන්නේ ඉස්‌කෝල ඇරෙන වෙලාවට, සෙනසුරාදා, ඉරිදා ටියුෂන් පන්ති වෙලාවන්වලට තමයි. ත්‍රීවීල්කාරයෝ ඔය වගේ දේවල් ගැන කොහොමත් විමසිල්ලෙන්නෙ ඉන්නෙ. ඒක නෙවෙයි ඇයි මහත්තයලා යන ගමනත් පැත්තකට දාලා මේ ගැන විපරම් කරන්න ආවේ."

ඔහු අපට පැනයක්‌ ඉදිරිපත් කළේය.

සුළඟ ගිනි ගනී. හිරු අකාරුණිකව පහර දෙයි. සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය වැල්ලවත්ත පසු කරමින් පවනට බඳු වේගයෙන් ඇදී යයි. අප ගමන් කළ ත්‍රිරෝද රථයද ඊට නොදෙවැනිව උකුස්‌සකු මෙන් පියඹා යයි. දෙකේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. පාසල් දරුවෝ බස්‌ නැවතුම්පළවල රොද බැඳ සිටිති. ඇතැම්හු පාසල් වෑන් රථවල නැගී නිවාසවලට යමින් සිටියෝය. රංචු පිටින් කවට බස්‌ දොඩමින් ටියුෂන් පන්තිවලට ඇදී යන ළමයින්ද ඒ අතර නොසිටියාම නොවේ. ත්‍රිරෝද රථ රියෑදුරු නැඟූ ප්‍රශ්නයට මගේ සගයා අපගේ අනන්‍යතාව ඔහුට තහවුරු කිරීමට අමතක නොකළේය. එසැණින්ම ත්‍රිරෝද රථ රියෑදුරුගේ සැකමුසු දෙනෙත් මඳ අස්‌වැසිල්ලක්‌ ලබන අයුරු පැහැදිලිවම අපි දැකගත්තෙමු.

"නියමයිනෙ මහත්තයා. පත්තරයකට කියන්න මා ළඟත් හුඟක්‌ දේවල් තියෙනවා. මේ ගැන තවදුරටත් කරුණු කාරණා හොයාගන්න පුළුවන් දෙහිවල ත්‍රීවීල් පාක්‌ එකට ගියොත්. යමුද?"


 

sweets

Banned
Jul 2, 2011
297
160
0
ඔහුගේ මුවින් ගලා යන සරල වදන් පෙළ අතරත්, ඒ සුරූපී යුවතියන්ගේ හැසීරීම් රටාවන් දෙස බැලූ විටත් කිසියම් ප්‍රායෝගික සත්‍යයක්‌ ඇති බව අපි අවබෝධ කර ගත්තෙමු. එහෙයින්ම අපි ත්‍රිරෝද රියෑදුරුගේ අදහසට එකඟ වීමු. සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය දෙහිවල පසු කරමින් ඇදී යයි. අප ගිය ත්‍රිරෝද රථය දෙහිවල ත්‍රිරෝද රථ ගාලක්‌ අසල නතර කළේය. එහි සිටි ත්‍රිරෝද රථ රියෑදුරෝ සියල්ලෝම වගේ දාම්ලෑල්ලක්‌ වට කරගෙන සිටියෝය. අපගේ ත්‍රිරෝද රථ සගයා අපව ඔවුන්ට හඳුන්වා දුන්නේය.

"අපි හිතන විදිහට ඕක තමයි අලුත්ම දුම්වැටි ප්‍රචාරණ ක්‍රමය. ඉස්‌සර වගේ නෙවෙයි දැන් දුම්වැටි උරන අය හුඟක්‌ අඩුයි නේ. අපිට හිතෙන විදිහට මේ ප්‍රචාරණ ක්‍රමයේ ප්‍රධාන ඉලක්‌කය වෙලා තියෙන්නෙ පාසල් ළමයි. තරුණ කෙල්ලො කොල්ලො. ඒක තමයි මේ කෙල්ලො හෙලුව පෙන්නගෙන සිගරැට්‌ පත්තු කරගෙන ඉස්‌කෝල ඇරෙන වේලාවට විතරක්‌ ත්‍රීවීල්වල යන්නෙ."

පෙළ ගැසුණු සරල වචන පෙළ අතර ගැබ්ව තිබුණේ එකම අර්ථයකි. ඒ දුම්වැටි ප්‍රචාරණ ක්‍රමයේ අලුත්ම මුහුණුවර මේ බවයි. මෑතක සිට අප සමාජයේ කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා දෙමින්, කාන්තාවන් දුම්පානයට පොළඹවා ගැනීමට වෙරදරන බව රහසක්‌ නොවේ.

දුම්වැටිවලට ඇති ඉල්ලුම අඩු වන විට සමාජයේ තරුණ පරපුර ගිලගන්නට විවිධ නැටුම් නැටීම අපට අරුමයක්‌ නොවේ. ඉන්දීය සුපිරි නළු ශාරුක්‌ ඛාන්ලාට විශාල දොල පිදේනි දෙමින් දුම්වැටි ප්‍රචාරණ ක්‍රමවලට යොදාගන්නේ දුම්වැටිය තරුණ පරපුර අතරට ගෙන යැමටය. ලංකාවේ හිටපු ප්‍රවීණ නළුවකුට නොමිලේ දුම්වැටි තොග පිටින් ලබාදුන්නේ ඔවුන්ගේ එක්‌ ප්‍රචාරණ ක්‍රමයක්‌ ලෙසය. ලෝකයේ ජනප්‍රිය පුද්ගලයන් හරහා දුම්වැටි සමාජයට ඇතුළු කිරීමට දුම්වැටි නිෂ්පාදකයෝ නොගන්නා උත්සාහයක්‌ නොමැත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මුළුමහත් සමාජයම තුන්සිය හැටපස්‌ දවසේම, සෑම මොහොතකම ගිනි ගනිමින් තිබේ. දුම්වැටි ප්‍රචාරණ උපක්‍රම පිළිබඳ තවත් අටුවාටිකා අවශ්‍ය නැත. කෙසේ වෙතත් වර්තමාන තාරුණ්‍යය බුද්ධිමත්ය. දුම්වැටියේ ආදීනව ඔවුහු හොඳින් දැන සිටිති. රූමත් තරුණියන් නිරුවත පෙන්වමින් දුම්වැටියක්‌ දල්වාගෙන ගිය පමණින් අපේ තරුණ පරපුර දුම්වැටියට රැවටෙන්නේ නැතැයි කියා අපි සිතමු.

"මහත්තයෝ මම කිව්වා නේද මටත් හුඟක්‌ දේවල් කියන්න තියෙනවා කියලා. අපේ තාත්තා මැරුණෙත් සිගරැට්‌ බීලා තමයි. තාත්තාගෙ එක ඇඟිල්ලක්‌ කළු වෙන්න පටන් ගත්තා. පස්‌සේ ඇඟිල්ල රිදෙනවා කියලා දොස්‌තර කෙනෙකුට පෙන්නලා තිබුණා. දොස්‌තර මහත්තයා එක පාරටම අහලා තිබුණේ දවසකට කොච්චර විතර සිගරැට්‌ බොනවද කියලයි. පස්‌සෙ තාත්තාගේ ඇඟිල්ල ඉවත් කරන්න සිදු වුණා. ඒ වෙන කොට තාත්තාට අවුරුදු හතළිස්‌ දෙකක්‌ පමණ ඇති. ටික දවසක්‌ සිගරැට්‌ බීම නවත්වලා තිබුණා. පස්‌සේ ටික ටික නැවත පටන් ගත්තා. ආයෙත් ඒ විදිහටම තවත් ඇඟිල්ලක්‌ නරක්‌ වුණා. නැවත අපි ඉස්‌පිරිතාලෙට ඇතුල් කළා. කොරේ පිටට මරේ වගේ තාත්තට දියවැඩියාවත් උත්සන්න වෙලා තිබුණා. පස්‌සෙ තාත්තගේ එක කකුලක්‌ දණහිස ළඟින්ම කපා ඉවත් කළා. ඒත් තුවාල හොඳ වුණේ නැහැ. දෙපයින් ඉස්‌පිරිතාලෙට ගිය තාත්තා නැවත ගෙදරට ආවේ අපේ කර මතින්."

ඔහුගේ දෙනෙත් රතු විය. තවත් බොහෝ දේ ඔහුගේ හදවත තුළ තෙරපෙන බව අපට අවබෝධ විය. එහෙයින්ම ඔහුගේ වේදනාව තවත් වචනවලට පෙරළීමට අපි ඉඩහැරියෙමු.

කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ ශරීරයෙන් අවයව ඉවත් කිරීම ඔහුට කොතරම් වේදනාවක්‌ද? එය දුම් උරන්නකුට දුම්පානයෙන් ලැබෙන දායාදයකි. කෙසේ වෙතත් අපේ ත්‍රිරෝද රථ සගයාගේ පියාව දුම්වැටිය බිලිගෙන හමාරය. මෙහි ෙ€දනීයම කතාව වන්නේ අපේ ත්‍රිරෝද සගයාත් තාත්තා ගිය අඩි පාරේම ගොස්‌ තිබීමය. තරුණ වියේ සිටම තදින්ම හේ සිගරැට්‌ බීමට ඇබ්බැහි වූවෙකි. අවුරුදු හතළිස්‌ එකක්‌ වයසැති තිදරු පියකු වන ඔහු දැන් දරුණු හදවත් රෝගයකින් පීඩා විඳියි.

"මට තව සහෝදරයෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. ඒගොල්ලො නම් තාත්තා විඳපු දුක ගැන හිතල සිගරැට්‌ බොන තැනකවත් ඉන්නෙ නැහැ. මමත් එහෙම තමයි හිටියේ. මේ ත්‍රිවීල් රස්‌සාවට ආවට පස්‌සෙ තමයි මම සිගරැට්‌ බොන්න පුරුදු වුණේ. ඒ විතරක්‌ නොවේ හැමදාම අරක්‌කු ටිකක්‌ බොන්නත් ඉබේටම පුරුදු වුණා. ඒක මේ සමාජ ක්‍රමය මහත්තයෝ. මෑතකදී මගේ පපුවේ පැත්තක්‌ රිදෙන්න ගත්තා. පස්‌සෙ මම දොස්‌තර කෙනෙක්‌ ළඟට ගියා. දොස්‌තර මහත්තයා ඊ.සී.ජී පරීක්‍ෂණයක්‌ කරලා කිව්වා දැම්ම ඉස්‌පිරිතාලෙකට යන්න කියලා. ඉස්‌පිරිතාලෙදි තමයි මම දැනගත්තේ මට හාට්‌ ප්‍රොබ්ලම් එකක්‌ තියෙනවා කියලා. දැන් ජීවිත කාලෙටම බෙහෙත් බොන්න වෙලා. දැන් නම් මම සිගරැට්‌ බොන තැනකවත් ඉන්නෙ නැහැ. මගේ දරුවො තාම පොඩියි. මට තව ටික කාලයක්‌ ජීවත් වෙන්න ඕනෑ."

ඔහුගේ මුවින් ගලා ගිය වේදනාකාරී වදන් පෙළ අතර ගැබ්ව තිබුණේ හේ දැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය කෙරෙහි දැඩි වෛරයකින් සිටින බවකි. එහෙත් ඔහු දැන් ප්‍රමාද වැඩිය. දුම්වැටියේ තවත් එක්‌ බිල්ලක්‌ බවට ඔහු පත්වෙමින් සිටියි.

සමාජය ගිලගන්නට වෙර දරන මාරයන් අතර ප්‍රමුඛයා දුම්වැටිය සහ මත් උවදුරයි. දුම්වැටියක්‌ දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහලුවලට ඇතුළුවීමත් සමග සිය දහස්‌ ගණනක විෂ ද්‍රව්‍ය මොහොතකින් ශරීරයේ සියලුම සෛලවලට ඇතුළු වී එකී සෛල විනාශ කරයි. මත්ද්‍රව්‍යවල ආදීනවත් එසේමය.

රජය දුම්වැටි ප්‍රචාරණය සම්පූර්ණයෙන් තහනම් කර ඇත. ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම ද තහනම් කළේය. දැන් එම නීතියට "ඇපත් නැත." සියල්ලම යළි එළිපිටම සිදු වේ. නීතිය පොතට පමණක්‌ සීමා වෙයි. නීති හැදූ අය මර නින්දේය. එහෙත් දුම්වැටි ප්‍රසිද්ධියේ සමාජය දවයි. "කෝ ඉතින් මතට තිත!"
 

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචෝ උඹ ඇත්ත කියලා තියෙන්නේ... මේක නං මහම අපරාධයක්.. ඉස්කෝලෙ යන උන්ව අල්ල ගන්න එක තමයි ප්‍රධාන අරමුණ මුංගේ... පිටරටින් ලංකාවෙ ඉගෙන ගන්න සර්විස් දාන්න යන උන්ගේ, නාථ දෙය්යො එක්ක ලෝකෙ පෙරලන්න හදන උන්ගේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද බං...? මේවා ගැන අවධානය යොමු කරන්නේ මේක පිළිලයක් වෙලා නවත්ත ගන්න බැරි තත්වයට එනකං ඉඳලද....?
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    copy paste එකක්. ඔය මහත්තයට කලිනුත් කිව්වා නේද අඩුම ගානේ අනුන්ගේ දේවල් කොපි කරලා දානකොට නමවත් දන්නා කියල. ලින්ක් එක මේකේ දාන්න බැරිනම් ලිපිය ලියපු කෙනාගේ නම දාන ඒක තමයි යුතුකම.ඒක බැරිනම් අනුන්ගේ ඒවා උස්සන්නේ නැතිව ඉන්න. මේ විදියේ පහත වැඩ කරන්න එපා. අනික මුළු ලිපියම ඔය මහත්තයට කොපි වෙනවා අන්තිමට තියන නම විතරක් කොපි වෙන්නේ නැහැ. :baffled:


    ඔරිජිනල් පොස්ට් ඒකට මෙතනින්

    http://www.divaina.com/2011/07/17/feature06.html
     
    Last edited:

    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    මෙතන එක එක වෙබ් සයිට් වල ලින්ක් දාන එක එලකිරි එකට කරන අසාධාරනයක්. මට ඕනි නෑ එලකිරි එකේ ඉන්න ට්‍රැ‍ෆික් එක වෙන වෙන වෙබ්සයිට් වලට යවන්න. මොකද ඒ අය එතකොට ඒ වෙබ් සයිට් වලට හුරු වෙලා මෙතනට එන මිනිස්සු ගාන අඩු වෙනවා. ඒක නිසා මම මොකා බිරුවත් ලින්ක් මෙතන දාන්නේ නෑ. එලකිරි එකේ ඉන්න crowd එක අනිත් වෙබ් සයිට් වලට බෙදලා දෙන්න උවමනාවක් නෑ. ඒක නිසා මම එලකිරි එකට අසාධාරනයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙතන එක එක වෙබ් සයිට් වල ලින්ක් දාන එක එලකිරි එකට කරන අසාධාරනයක්. මට ඕනි නෑ එලකිරි එකේ ඉන්න ට්‍රැ‍ෆික් එක වෙන වෙන වෙබ්සයිට් වලට යවන්න. මොකද ඒ අය එතකොට ඒ වෙබ් සයිට් වලට හුරු වෙලා මෙතනට එන මිනිස්සු ගාන අඩු වෙනවා. ඒක නිසා මම මොකා බිරුවත් ලින්ක් මෙතන දාන්නේ නෑ. එලකිරි එකේ ඉන්න crowd එක අනිත් වෙබ් සයිට් වලට බෙදලා දෙන්න උවමනාවක් නෑ. ඒක නිසා මම එලකිරි එකට අසාධාරනයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.


    original post ekata oya asadaranayak karanne yaluwa.:rolleyes:
    elakiri ake post eka gatta link eka dana eka waradak newi. :no: anika elakiri ekata ana trafic eka kawadawat adu wen na.
     
    මෙතන එක එක වෙබ් සයිට් වල ලින්ක් දාන එක එලකිරි එකට කරන අසාධාරනයක්. මට ඕනි නෑ එලකිරි එකේ ඉන්න ට්‍රැ‍ෆික් එක වෙන වෙන වෙබ්සයිට් වලට යවන්න. මොකද ඒ අය එතකොට ඒ වෙබ් සයිට් වලට හුරු වෙලා මෙතනට එන මිනිස්සු ගාන අඩු වෙනවා. ඒක නිසා මම මොකා බිරුවත් ලින්ක් මෙතන දාන්නේ නෑ. එලකිරි එකේ ඉන්න crowd එක අනිත් වෙබ් සයිට් වලට බෙදලා දෙන්න උවමනාවක් නෑ. ඒක නිසා මම එලකිරි එකට අසාධාරනයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.

    :lol::lol:

    ඇත්තට ! මම ඊයේ දවසේ පෙන්නපු දේවල් නිසා වෙන්න ඇති ඔහොම එකක් හිතෙන්න ඇත්තේ මේ එහෙනම් ඔය අනුංගෙ ආර්ටිකල්වලින් උපුටගන්න ඉමේජස් ටිකත් වෙන තැනක හෝස්ට් කරලා දාන්න :lol: අනික් එක තමා ඔයා කරන කපටි වැඩේ ලින්ක් දාන එක වැරදියි කියමු හැබැයි ලින්ක් නොදැම්මට ගොඩක් අය තාම අඩු මට්ටමක තියෙන කේලාම් සයිට්වලට ට්‍රැෆික් එක අදින්න නම් හැම තැනම ලින්ක් දදා යනවා :lol: ඔයා කරන කපටි වැඩේ තමයි මම මේක උපුට ගත්තු එකක් මගේ නෙවෙයි කියන එක නොකිය පෝස්ට් එක දාලා අනික් අයට උපදෙස් දෙන්න යන එක :lol: අනික් අයට අගවන එක නරකමත් නැහැ පෝස්ට් එක දැම්මේ මමයි කියලා සමහර විට එහෙම නොවෙන්නත් ඇති :rolleyes::rofl: අනුංගෙ දෙයක් දානකොට මේක ලිව්වේ මම නෙවෙයි මේක ලිව්වේ වෙනකෙන්ක් කියලවත් කියපං මේ කෙනයි මේක ලිව්වේ කිව්වම අපිට ඒ අයගේ වෙන ලිපි හොයාගන්න පුළුවං උඹ ඔයක දඩමීමා කරගෙන කරන්නේ බුද්ධිමය දේපල මංකොල්ලකෑමක් :lol: අනික මේ දාන ඒවා කිසි එකක් උඹ ලියන ඒවා නෙවෙයි අනුංගෙ දේවල් ලියපු කෙනා කිව්වාම අපිට පුළුවං ඒවා ගැන ඇතිවෙන ප්‍රශ්ණ උනත් අහලා දැනගන්න නැත්තං උඹ හරහා තමා ඒවා දැනගන්න වෙන්නේ උඹ ඒජන්ත වෙන්න ඇතිනේ......:P විහිළුවක් කළේ මීට පස්සේ ලින්ක් දාන එක වැරදි නිසා :rolleyes::lol: උඹ ලිව්ව එකක් නෙවේ උපුට ගැනීමක් ලිව්වේ අහවලාය කියලා කියපං අර රාවණා ඉදං හොරකම් කරපුවා වගේ බලුවැඩ නොකර
     
    Last edited:
    මචන් මේක කියවලා සුසුමක් හෙළුව කියල සිද්ද වෙන දේ නවතින්නේ නෑ..
    තරුණ පරම්පරාව වශයෙන් අපි මේ වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන..
    ඇත්ත තිත්තයි..

     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මෙතන එක එක වෙබ් සයිට් වල ලින්ක් දාන එක එලකිරි එකට කරන අසාධාරනයක්. මට ඕනි නෑ එලකිරි එකේ ඉන්න ට්‍රැ‍ෆික් එක වෙන වෙන වෙබ්සයිට් වලට යවන්න. මොකද ඒ අය එතකොට ඒ වෙබ් සයිට් වලට හුරු වෙලා මෙතනට එන මිනිස්සු ගාන අඩු වෙනවා. ඒක නිසා මම මොකා බිරුවත් ලින්ක් මෙතන දාන්නේ නෑ. එලකිරි එකේ ඉන්න crowd එක අනිත් වෙබ් සයිට් වලට බෙදලා දෙන්න උවමනාවක් නෑ. ඒක නිසා මම එලකිරි එකට අසාධාරනයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.

    ඒ උනාට වෙන එකෙක් ලියපු ලිපියක් තමන්ගේ වගේ දාගෙන ඉන්න ඒක මහා බලු වැඩක්. ලින්ක් එකක් දෙන්න බැරිනම් අඩුමගානේ ලියපු කෙනාගේ නමවත් දාන්න. ඒක තමයි සදාචාරාත්මක විදිය.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:
    ඒ උනාට වෙන එකෙක් ලියපු ලිපියක් තමන්ගේ වගේ දාගෙන ඉන්න ඒක මහා බලු වැඩක්. ලින්ක් එකක් දෙන්න බැරිනම් අඩුමගානේ ලියපු කෙනාගේ නමවත් දාන්න. ඒක තමයි සදාචාරාත්මක විදිය.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :lol: ඕවා කියලා වැඩක් නැහැ බං මෙච්චර කල් පිට සක්වලයි අර සක්වලයි කියලා අනුංගෙ ඒවා හොරකම් කරා ඒ මදිවට මෙයාට ලින්ක් දාන්න බැහැ කියමු මෙයා අතින් අර ලියපුකෙනාගේ නම විතරක් කොපිවෙන්නේ නැහැ :rolleyes::lol: ඒකත් පැත්තකට දාමු මෙයාට මෙච්චර කල් උපුට ගත්තුවා තමං කරපුවා නෙවෙයි අනුංගෙ නිර්මාණ කියලා කියන්න බැරිවෙලා :lol: අනුංගෙ දේවල් අරගත්තාම ගත්තු තැන නොදැම්මත් මේකේ සීනියර්ම අය ඉදං හැමෝම කරේ මේවා මගේ නෙවේ මම උපුට ගත්තුවා කියලා කියපු එක :rofl: මෙයාට එහෙම බැහැ ඒකවත් කියන්න බැරි ඇයි දන්නෑ රාවණ හොරා :P විහිළුවක් කොලේ වෙන එකකින් එන්න තියේනම් හොදයි නේද :lol:
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    රෝප්;10650881 said:
    :lol: ඕවා කියලා වැඩක් නැහැ බං මෙච්චර කල් පිට සක්වලයි අර සක්වලයි කියලා අනුංගෙ ඒවා හොරකම් කරා ඒ මදිවට මෙයාට ලින්ක් දාන්න බැහැ කියමු මෙයා අතින් අර ලියපුකෙනාගේ නම විතරක් කොපිවෙන්නේ නැහැ :rolleyes::lol: ඒකත් පැත්තකට දාමු මෙයාට මෙච්චර කල් උපුට ගත්තුවා තමං කරපුවා නෙවෙයි අනුංගෙ නිර්මාණ කියලා කියන්න බැරිවෙලා :lol: අනුංගෙ දේවල් අරගත්තාම ගත්තු තැන නොදැම්මත් මේකේ සීනියර්ම අය ඉදං හැමෝම කරේ මේවා මගේ නෙවේ මම උපුට ගත්තුවා කියලා කියපු එක :rofl: මෙයාට එහෙම බැහැ ඒකවත් කියන්න බැරි ඇයි දන්නෑ රාවණ හොරා :P විහිළුවක් කොලේ වෙන එකකින් එන්න තියේනම් හොදයි නේද :lol:


    ඒකතමයි මුට මුළු ලිපියම කොපි වෙනවා අන්තිමට තියන ලිපිය ලියපු කෙනාගේ නම නැතිව..නම විතරක් හැලෙනවා...

    :angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry:
     

    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    එලකිරි එක කියන්නේ හුඟක් අය ඉන්න තැනක්.මේකේ අපි එක එක අයගේ නම් ප්‍රචාරනය කරන එක එලකිරි එකට කරන අසාධාරනයක්.අනිත් එක හුඟක් අපි ගන්න දත්ත නිර්නාමිකව දාපු ඒවා.එහෙම නැත්නම් බොරු නාමිකව දාපු ඒවා වෙන්නත පුලුවන්.යම් අයගේ ඇත්ත නම් ප්‍රචාරනය කරන එක නිර්නාමිකව දාන අයට අසාධාරනයක්.
    ඒ වගේම සමහර කට්ටියගෙන් අවසරයක් නැතිව ඒ අයගේ නම් එක එක තැන් වල දාන එක හරි නෑ.හුඟක් අය ඒ අයගේ නම් ප්‍රචාරනය කරනවට කැමතිත් නෑ.ඒක නිසා මම මට සාධාරන සහ යුක්ති සහගත කියන එක බලන්නේ. විශේෂයෙන්ම එලකිරි එකට තියෙන මගේ ඇල්ම නිසා මම මේක වෙන අයගේ ලින්ක් ,නම් ප්‍රචාරනයට යොදවා ගන්නේ නෑ.
    මම පුලුවත් තරම් එලකිරි එක ප්‍රචාරනය කරන්න උත්සහ කරනවා විතරයි.

    :angry::angry:
     

    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    අපි භේද අමතක කරලා තරුන අය දුම් වැටියෙන් ගලව ගන්න සටන් කරමු.
    :):)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වටිනා තොරතුරක්..ලිපිය හැවෝමත් එක්කම බෙදා ගම්මු