වළක්වා ගැනීම
ලිංගික රෝග බෝවීම වැළැක්වීම සදහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දමට ආසාදිත තරලය ස්පර්ශය ඇති නොවීමට වග බලා ගැනීමයි. මෙහිදී ආසාදිත සහකරුවෙකු සමග ලිංගික ක්‍රියාකාරකමක් ඇතිවීම අත්‍යාවශ්‍යම නොවේ. එලෙස ස්පර්ශයක් නොමැතිවීම මගින් අවධානමක් ඇතිවීම වළක්වාගත හැකිය. සියළුම ලිංගික චර්යාවන්වලදී ස්පර්ශය සිදුවීම අත්‍යාවශ්‍ය නොවේ. අන්තර්ජාලය , දුරකථන මාර්ග මගින් සිදු කරන ලිංගික චර්යාවලදී , ස්වයං වින්දනය සිදු කිරීමේදී හා ලිංගික එක්වීමක් සිදුනොවන අවස්ථාවන්හිදී මෙලෙස ස්පර්ශවීමක් සිදුනොවේ. ලිංගික එක්වීමකට පෙර දී හෝ තම සහකරු වෙනත් පුද්ගලයින් සමග සබදතා පවත්වා ඇති නම් හෝ සහකරුවන් දෙදෙනාම තමාට ලිංගික රෝගයක් ඇති දැයි පරීක්ෂා කරවා ගත යුතුවේ. නමුත් එසේ කළ ද HPV වැනි ඇතැම් වෛරස නූතන වෛද්‍ය උපක්‍රම මගින් හදුනාගත නොහැක්කේ එම රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවිණි. HIV හා හර්පීස් යන රෝග සුව කළ නොහැකි බැවින් ඒවා බෝවීමෙන් වැළකීම ප්‍රධාන ඉලක්කය වී ඇත. බොහොමයක් ලිංගික රෝග සිරුර තුළ පූර්ණ කාලීනවම ඇතිවී ප්‍රති ශක්තිකරණ පද්ධතියට හානි කරන බැවින් වෙනත් රෝග පහසුවෙන් බෝවීමේ හැකියාව ලැබී ඇත.
හෙපටයිටිස් B හා ඇතැම් HPV ආසාදන වළක්වා ගැනීම සදහා එන්නත් නිෂ්පාදනය කර ඇත. උපරිම ආරක්ෂාවක් තහවුරු කිරීම සදහා ලිංගික එක් වීමක් සිදු කිරීමට ප්‍රථම මෙම එන්නත් වර්ග ලබා ගැනීම නිර්දේශ කෙරේ.
දේහ ගත වූ HIV වෛරස සංඛ්‍යාව ඉතා කුඩා නම් සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV රෝගය ඇතිවීම පාලනය කළ හැකිය. නමුත් වෛරස සංඛ්‍යාව ඉහළ නම් හෝ වෙනත් වෛරස වර්ග ද සිරුරට ඇතුළත්ව ඇති නම් HIV රෝගය ඇති වේ. ඇතැම් වෛරස මගින් ඇති කරන ලිංගික රෝග මගින් HIV මගින් ආසාදනයට ලක් වූ රෝගීන් මරණයට පත් වීම සීඝ්‍ර කළ හැකිය.
කොන්ඩම්
කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි. නමුත් ආවරණය නොවූ ප්‍රෙද්ශ තව දුරටත් ලිංගික රෝවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් HIV රෝගය ගත් කළ එම වෛරසයට තුවාල නොවූ සම හරහා ගමන් කළ නොහැකි නිසා ව්‍යාප්තිය සිදු වනුයේ ශිෂ්ණය මාර්ගයෙනි. නිසි පරිදි ආවරණය වනසේ කොන්ඩමයක් භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයක් හෝ ගුද මාර්ගයක් භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී HIVබෝවීම ඵලදායී ලෙස නවතාගත හැකිය. තුවාල වූ සම මතුපිටට ආසාදිත තරලය ස්පර්ශවීමෙන් HIV රෝගය ඇතිවීම “ලිංගික ක්‍රියාකාරකම් මගින්” රෝගය බෝවීමක් ලෙසට හදුන්වනු නොලැබේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලදී වුවද මෙය සිදුවිය හැකි බැවින් විවෘත , ලේ ගලන තුවාල ඇති අවස්ථාවලදී ලිංගික එක් වීම් සිදු නොකිරීමෙන් ඒවා වළක්වාගත හැකිය. වෙනත් වෛරස මගින් බෝවන ලිංගික රෝග ද ලේටෙක්ස් කොන්ඩමයක් භාවිතා කිරීම මගින් වළක්වාගත හැකිය. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස ඉතා කුඩා බැවින් ඒවාට ස්වාභාවික කොන්ඩමයක ඇති සිදුරු හරහා ඇතුළු විය හැකිය. නමුත් ලේටෙක්ස් කොන්ඩමයක් හරහා ඇතුළුවීමට ඒවාට නුපුළුවන. නිසි පරිදි භාවිතා කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අන්දමට කොන්ඩම් වර්ග නිර්මාණය කර , නිෂ්පාදනය කරමින් අත්හදා බලා ඇත. නිසි පරිදි නිර්මාණය නොකළ කොන්ඩම්වලින් එකදු HIV රෝග ව්‍යාප්තියක්වත් වාර්ථා වී නොමැත. කෙසේ වුව ද දකුණු අප්‍රිකාවේ සිදු වූවාක් මෙන් කොන්ඩම අවලංගු කළ අවස්ථාවන් ද පවතී. කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය. කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක. කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.
HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.
තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මිගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.
මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.
ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ. එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.