කාන්තාවකගේ සිත දිනා ගැනීමට පිරිමියකු කළ &#3514

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කාන්තාවකගේ සිත දිනා ගැනීමට පිරිමියකු කළ &#3514

    ලව් කරන්න හිතාගෙන ඉන්න එලකිරි කොල්ලන්ට වටින ලිපියක් හම්බුනා.....:P:love:
    බලාපුවම අපි හිතාගෙන හිටිය හැටි වැරදිනෙ....:(
    කෙලින්ම කියපං බං කියලා මොන තරම් ඇඩ්වයිස් දෙනවද අපි.....
    දැන් එහෙම නෙවෙයි කියන්නෙ....!!!!සමහරවිට අපෙ රටේ කෙල්ලො කොහොම හිතනවද දන්නෑ...
    අපි නං කෙලින්ම කියලා කරපු එවුන්....
    කලින් කොරපුවා කෙලින්ම කියලා බැඳපු උන්...:P:P
    ඒ නිසා මේක ටු හූම් ඉට් මේ කන්සර්න්...ඕ.කේ???:rolleyes:


    ගැහැනු ළමයකුගේ සිත දිනා ගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක්‌ නොවෙයි. ඒ සඳහා පිරිමි ඔබ තුළ සුවිශේෂී දක්‌ෂතා මෙන්ම බුද්ධිමත්කම ද තිබිය යුතුයි. සමහර විට ඔබ එතරම් කඩවසම් කෙනකු නොවන්නට පුළුවන්. එසේම එතරම් ලොකු ධනවතකු නොවන්නටත් පුළුවන්. එහෙත් ඔබට ඇගේ සිත දිනාගත හැකියි. ඒ සඳහා මූලිකව ම අවශ්‍ය වන්නේ ඔබ ඇයගේ සිත හඳුනා ගැනීමයි.

    ඔබේ සිත ඇදී ගිය යුවතිය විශේෂිත කෙනකු විය හැකියි. එහෙත් කාන්තාවන්ට පොදු ලක්‌ෂණ ඇය වෙත තිබෙනවා.
    7.gif


    පසුගිය මාසයේදී වර්ජිනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ කාන්තාවකගේ සිත දිනා ගැනීමට පිරිමියකු කළ යුතු වන්නේ කුමක්‌ ද යන්න ගැන පර්යේෂණයක්‌ කළා. එහිදී මූලික කරුණු කීපයක්‌ ගැන ඔවුන් අවධානය යොමු කළා. සමීක්‌ෂණය සඳහා සහභාගි කර ගත් කතුන්ගෙන් ඔවුන් පළමුවෙන්ම විමසුවේ

    "ඔබ වැඩියෙන්ම කැමති ආදරය කෙළින්ම ප්‍රකාශ කරන අයකුට ද නැතිනම් කාලයක්‌ තිස්‌සේ සමීපව හිඳිමින් ආදරය සෘජුව නොව ව්‍යංගයෙන් අඟවන අයකුටද"යි යන්නයි.

    එහිදී කාන්තාවන් බහුතරයක්‌ පවසා ඇත්තේ සෘජුව ආදරය කියන අය කෙරෙහි තමන් ප්‍රිය නොකරන බවයි. ඒ වෙනුවට ආදරය යන්තමට සඟවමින් හා යන්තමට අඟවමින් සිටින පිරිමින්ට තමන් වැඩියෙන් ප්‍රිය කරන බව ඔවුහු බහුතරයක්‌ පැවසූහ.:baffled::baffled::baffled:

    පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය එරින් විච්මර්ච් මේ ගැන පවසන්නේ මෙවැන්නක්‌...

    "
    පිරිමියකු කෙරෙහි ගැහැනියක ආකර්ෂණය වන්නේ පිරිමියාගේ ප්‍රේමය ප්‍රකටව පවතිනවා නම් යන්න තමයි පිළිගත් මතය. එහෙත් අපේ අධ්‍යයනයේදී පෙනී ගියා එය වැරදි බව. සෘජුකම වෙන දේවලදී වැදගත් ,එහෙත් පොල්ලෙන් ගැහැව්වා වගේ ආදරය ප්‍රකාශ කරන පිරිමින්ට ආසා නැහැ. ස්‌ත්‍රීන් සිත හරි අමුතුයි. කෙනකු තමා ගැන අවධානය යොමු කරමින් ටික කලක්‌ වෙහෙසෙනවට ඔවුන් කැමතියි.":):):):)

    ඉතින් ඔබ් ගැහැනු ළමයකුගේ හිත දිනා ගන්න කල්පනා කරනවා නම් වටින් ගොඩින් ඈ වෙත ළං වනු මිස, සෘජුවම ආදරය ප්‍රකාශ කරන්න එපා.:love::love::love::love:

    good luck:P!!!

    මෙය උපුටා ගැනීමකි
    නවලිය/මනෝඡ් රත්නායක



     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :love::love:අප්පා :P!පට්ට සිරාවටම මරු හෙටම try කරලා බලන්න ඕනේ:rofl::rofl::baffled::love:. හා හා රෙප් දෙන්න බැලූ :(:(..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට සාර්ථක උනෙ මේ ක්‍රමය තමයි.කොහොම උනත් අපි අදුරන්නෙවත් නැති කෙනෙක් ගාවට ගිහින් මම ඔයාට ආදරෙයි කියල කිව්වහම නිව්ටන්ගෙ තුන් වෙනි නියමය බලපාන්න පුලුවන්.ඊට වඩා තමන් කැමති කෙනාව ටිකක් හොද යාලුවෙක් විදිහට ආශ්‍රය කරල යාලු වෙන්න අහන එක හොදයි. එතකොටට දෙන්නටම දෙන්න ගැන හොද අවබොධයක් ඇති වෙනව. එත කොට මාසෙන් දෙකෙන් බිදෙන බොලද ආදර සබදතා ඇති වෙන්නෙ නැහැ.දෙන්න හොදට යාලුවො වගෙ ආශ්‍රය කරපුහාම අනිත් එක්කෙනා ගැන හොද වැටහීමක් ලබා ගන්න පුලුවන්.අනික් කෙනා තමන්ගෙ අදහස් වලට ගැලපෙනවද කියල එහෙම. එහෙම ඇති කරගන්න සම්බන්ධතා ගොඩක් ශක්තිමත්. ඒවගේම ඒ අය ගැන තියන විශ්වාසය වැඩියි.