HNB Debit Card විස්තරේ.......☺☺☺

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
HNB Debit Card විස්තරේ.......☺☺☺

කට්ටිය ගොඩක් දැන් HNB ඩෙබිට් කාඩ් එක පේපැල් එක්ක use කරන එක ගැන උනන්දු නිසා පොඩියට විස්තරයක් දාන්න හිතුන ඒ ගැන :)

මුලින්ම කියන්නේ HNB debit card එකක් ගන්න විදිය


ලගම තියන HNB branch එකකට ගිහින් කියන්න account එකක් open කරන්න ඕන කියල එහෙම කියනකොට අනිවා කියන්න ඩෙබිට් කාඩ් එකකුත් ඕන කියල එතකොට ඔයාලට ෆෝම් දෙකක් දෙනවා පුරවන්න ඒ දෙක පුරවල රු.2200 කින් පුළුවන් වැඩේ පටන් ගන්න. ඔතන රු. 2200 න් රු. 200 කාඩ් එකට කපාගන්නවා ඊට පස්සේ නම් කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නෑ. ATM එකෙන් සල්ලි ගන්නවානම් සාමාන්‍ය විදියට හැම බැංකුවකම අය කරන සම්මත ගාස්තු අය වෙනවා ඒත් අපි දැන් මේක පාවිච්චි කරන්නේ පේපැල් වලට නිසා අපිට එක අව්ලක් නෑ
:rolleyes:

දැන් කාඩ් එකට apply කරල ඉවරයි දවස් 10 ක් විතර යනකොට කාඩ් එකේ ATM pin නම්බර් එක ගෙදරට එනවා එතකොට කරන්න තියෙන්නේ ඒකත් අරගෙන ආයිත් බැංකුවට යන්න එතකොට ඔයාට ඔයාගේ HNB Debit card එක දෙනවා කාඩ් එක එතනම තියන ATM machine එකට දාල ඔයාට කැමති password එකක් දැම්මම කාඩ් එක active වෙනවා

ඊට පස්සේ කරන්න තියෙන්නේ කාඩ් එක පේපැල් වලට add කරන ඒකනේ ඊට කලින් කාඩ් සෙන්ටර් (0112671955) එකට call කරලා කියන්න online payments වලට කාඩ් එක active කරන්න කියලා එයාල එතකොට පොඩි ප්‍රශ්න ටිකක් අහනවා, කාඩ් නම්බර් එක, ජා.හැ අංකය සහ ඔයාල කාඩ් එකට apply කරනකොට තියෙනවා "Mother's Maiden Name" කියල පුරවන්න එකට දීපු උත්තරය අහනවා. මේවා අහන්නේ අපේම ආරක්ෂාවට මොකද කාඩ් එකේ අයිතිකාරයමද මේ කතා කරන්නේ කියල දැනගන්න ඕනනේ ;) අනිත් එක තමයි ඔයාලට කොච්චර කලෙකටද කාඩ් එක online payments වලට active කරලා තියන්න ඕන කියල එයාලට කියන්න නැත්නම් සතියක් වගේ තමයි active වෙන්නේ. එච්චරයි දැන් ඔයාලගේ HNB card එක අන්තර්ජාලය තුල ගනුදෙනු කිරීම සදහා සුදානම්. :)

දැන් ඉතින් සාමාන්‍ය විදියට පේපැල් එකට කාඩ් එක add කරන්න. add කරන විදියේ කිසිම වෙනසක් නෑ සම්පත් වෙබ් කාඩ් එක වගේම තමයි. කාඩ් එක paypal වලට add කරාට පස්සේ 4 digit code එකක් ඉල්ලනවා ඒක දවස් 2 පස්සේ තමයි කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා දැනගන්න පුළුවන් වෙන්නේ. :dull: දවස් දෙකකින් කෝඩ් ඒක අහල ඒක පේපැල් වලට enter කරාම වැඩේ හරි දැන් ඔයාලට Ebay, Buyincoins වගේ පේපැල් වලින් ගෙවීම් කරන ඕනෑම වෙබ් අඩවියකට ඔයාලගේ HNB account එකේ තියන සල්ලි වලින් ගෙවන්න පුළුවන්. :)

කොහොමද දැන් මේකේ balance ඒක බලන්නේ ? ලගම තියෙන ATM එකට ගිහින් කාඩ් ඒක දාල බලන්නත් පුළුවන් ඒත් ලේසිම විදිය තමයි internet baking account එකක් හදාගන්න එක කරන්න තියෙන්නේ බැංකුවට ගිහින් පොඩි ෆෝම් එකක් පුරවන එක විතරයි දවස් 12 වගේ යනකොට ගෙදරට එනවා login details. එහෙම හදාගත්තාම නෙට් එකෙන්ම නොමිලේ balance check කරන්න පුළුවන් එතකොට ඔයාල payment එකක් කරන්න කලින් balance එකයි payment එක කරාට පස්සේ balance එකයි බැලුවම හරියටම කියක් කැපිල තියෙනවද කියල බලාගන්න පුළුවන්නේ.

මේකේ $1රු. 110.62 ගානක් තමයි කැපෙන්නේ
ඔයාලට හදිස්සියක් වුනොත් account එකේ තියෙනේ සල්ලි ATM එක හරහා අතට ගන්නත් පුළුවන්
තව ඔයාලගේ balance එකට සම්මත පොලි අනුපාත යටතේ පොඩි පොලියකුත් හැදෙනවා, අයෙත් සල්ලි දානකොට ඉතින් දන්නවනේ සාමාන්‍ය ගිණුමකට මුදල් දානවා වගේම බැංකුවට ගිහින් ගිණුම් අංකයට සල්ලි දාන්න තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද මේක අලුත් කරන්න කියල අමතර ගාස්තු අය කරන්නේ නෑ


සම්පත් වෙබ් කාඩ් එකට වඩා මේකේ තියෙනේ වාසි ගැන ඔයාලට තේරෙනවා ඇතිනේ වාසි ගොඩක් තියෙනවා වගේම පුංචි අවාසි 2, 3 කුත් තියෙනවා
ඒවා තමයි
4 Digit paypal code එක අහගන්න දවස් 2 ක් යන එක.
මේක නම් බලපාන්නේ පලවෙනි වතාවට කාඩ් එක paypal දාන කෙනෙකුට විතරයිනේ මාසෙන් මාසේ paypal වලට කාඩ් එක දාන්නේ නෑනේ :D

ඔයාල ebay, buyincoins වගේ එකකින් Refund එකක් ගත්තොත් account balance එකට ඒක වැටෙන්න දවස් 7 යනවා
සාමාන්‍ය විදියට paypal activity එකේ refund එක පෙන්නනවා ඒත් HNB account එකට එන්න තමයි දවස් 7 විතර යන්නේ මේකත් අව්ලක් නෑ මොකද හැමදාම refunds ගන්නේ නෑනේ අනිත් එක දවස් 7 ගියත් අනිවා refund එක එනවනේ :yes:

අනිත් එක තමයි Card center එකේ සහය ලබාගන්න පුළුවන් මම දන්නා විදියට bank working times වල විතරයි.

දැන් නම් type කරලම එපා වෙලා තියෙන්නේ මේ thread එක මම දාන්න කියල හිතුවේ මගේ යාලුවෝ දෙන්නෙක් මට pm කරලා අහල තිබුන මේ ගැන විස්තර ඉතින් සේරටම දැනගන්නත් එක්ක thread එකක්ම දැම්ම :) අඩුපාඩු, වැරදි තැන් තියනම් මාව නිවැරදි කරන්න මේ සේරම විස්තර දැම්මේ මගේ අත්දැකීමෙන් දැනගත්ත දේවල් වලින්. තව මේ ගැන ප්‍රශ්න තියේනම් අහන්න ;)
ස්තූතියි මේක කියෙව්වට...
 
Last edited:

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    එළ කිරි නියමෙටම කියලා දීලා තියෙනවා. මට නම් මචන් ඒ වෙලේම Card එක දුන්නා Pin එකත් එක්කම. Internet එකෙන් Balance එක බලන හැටි ගැන නම් දැනන් හිටියේ නෑ මචන්.

    මං ලිව්වා PayPal එක Card එකට Set කරන හැටි හැන එකක්. ඒක මේකෙන් බලන්න.

    http://elakiri.com/forum/showthread.php?p=10585560#post10585560


    REP +

    :):)
     
    Last edited:
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ela machng maxxa thread eka ;)



    එළ කිරි නියමෙටම කියලා දීලා තියෙනවා. මට නම් මචන් ඒ වෙලේම Card එක දුන්නා Pin එකත් එක්කම. Internet එකෙන් Balance එක බලන හැටි ගැන නම් දැනන් හිටියේ නෑ මචන්.

    මං ලිව්වා PayPal එක Card එකට Set කරන හැටි හැන එකක්. ඒක මේකෙන් බලන්න.

    http://elakiri.com/forum/showthread.php?p=10585560#post10585560


    REP +

    :):)

    sira machan.. sahenna vada gath...
    saved ...

    patta kolla..Rep+


    ඔයාලගේ comments වලට ගොඩක් ස්තුති මචන්ලා.
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Thanks machan
    11.gif
    ++
     
    • Like
    Reactions: Bender

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මගේ පොඩි කලේ හදපු පොතක් තිනවා.... 18 උනාම එක මගේ නමට හරවෙනවද නැත්තම් බර කරය අරන් යන්න ඕනද?
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මගේ පොඩි කලේ හදපු පොතක් තිනවා.... 18 උනාම එක මගේ නමට හරවෙනවද නැත්තම් බර කරය අරන් යන්න ඕනද?


    මම හිතන විදියට බාරකාරය ඕන වෙන එකක් නෑ මචන් උබේ නමට හරවගන්න පුළුවන් වෙයි.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    comments නොදා රෙප් දීපු කට්ටියත් ඉන්නවා එයාලටත් ස්තුති :) රෙප් කොටුවකුත් පැනල මේක නිසා :D
    රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙමේ ත්‍රෙඩ් එක දැම්මේ....