වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම

ගොඩක් වෙලාවට අපි මැෂින් එකට වයිරස් ආවම ක්ලින් කරන්න එක එක විදියේ ක්‍රම පාවිච්චි කරලා බැරිම තැන කරන්නේ මැෂින් එක ෆොර්මැට් කරන එකනේ ඇත්තටම මොනවා කරලත් හරි යන්නේ නැත්නම් ඒක තමයි අන්තිම විසඳුම :D ඒත් එහෙම ෆොර්මැට් නොකර සියලුම වයිරස් ඉවත් කරගන්න පුළුවන් අවස්ථාවක් ලබාගන්න පුළුවන් ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ඒ තමයි Combofix. මේ සොෆ්ට්වෙයාර් ඒක පාවිච්චි කරලා ඔයාලගේ වයිරස් නිසා ලෙඩ වුන පරිගණකය කොහොමද යථා තත්වයට පත් කරගන්නේ කියල මම මේ කියන්න හදන්නේ. මේක කලින් පාවිච්චි කරපු කට්ටියත් ඇති ඒ වගේම English articles නම් තියෙනවා මේ ගැන නමුත් එළකිරි එකේ මේ සම්බන්දව සිංහලෙන් ත්‍රෙඩ් එකක් නැති නිසා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා.
වයිරස් වලින් ලෙඩ වුන මැෂින් සුද්ද කරන තවත් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඒත් ComboFIx වල වටිනාකම තමයි වයිරස් ඉවත් කරලා වයිරස් වලින් හානියට පත් වුන system files, system options නැවත යථා තත්වයට පත් කරලා තිබුන තත්වයටම නැවත අරගෙන ඒම.

මෙහෙමයි මුලින්ම කරන්න ඕන මෙතනින් අරගන්න links 2න් කැමති එකකින් download කරලා download location එකෙන් කොපියක් ඔයාලගේ desktop එකට ගන්න. අනිවා එක desktop එකේ තියෙන්නේ ඕන "ComboFix" කියන නමින්, රිනෙම් කරන්න යන්න එපා. මම මෙතැනදී දෙන screenshots නම් windows 7 වලින් ගත්ත ඒවා XP use කරන කට්ටියටත් කරන්න තියෙන්නේ ඒ දේම තමයි පොඩි වෙනස්කමක් තියෙනවා එක මම කියන්නම්.

දැන් කරන්න තියෙන්නේ "ComboFix" නමින් ඔයාලගේ desktop එකේ තියෙනේ ෆයිල් එක open කරන්න ඒත් ඊට කලින් අනිවා ඔයාලගේ සියලුම open කරලා තියන files, folders, softwares close කරලා antivirus protection disable කරන්න. internet log off වෙන්නත් පුළුවන් නම් ගොඩක් හොදයි.

දැන් ComboFix open කරනකොට මෙහෙම එනවා ඒකට I Agree ක්ලික් කරන්න.


2eas7rm.jpg


Antivirus protection disable කරලා නැති වුනාම මේ වගේ messages එනවා ඒවා OK/Yes කරන්න. කලින්ම Antivirus protection disable කරලා ක්ලෝස් කරලා තියෙන ඒක තමයි හොද.


6gdh83.jpg


oh2zpx.jpg


2ynfhqu.jpg


ඊට පස්සේ මේ විදියට combofix වැඩේ පටන් ගන්නවා

21e5gg3.jpg


2ly1h4w.jpg


2q0omrm.jpg


Windows 7 කට්ටියට නම් මෙතනින් එහාට කරන්න දෙයක් නෑ Stages 50 complete වෙලා scan ඒක ඉවර වෙලා combofix එකෙන් සේරම අහුවුණ වයිරස් අයින් කරනවා. ඊට පස්සේ txt report එක දෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ඒත් Windows XP කට්ටියට මේ scan ඒක පටන් ගන්න කලින් මෙන්න මේ වගේ message එකක් එන්න පුළුවන්

fyopwy.jpg

මේකට "No" දෙන්න, මොකද Yes දීල recovery console download කරලා කරන්න යන ඒක කරදරයි.
ඊට පස්සේ උඩ තියෙනවා වගේම scan ඒක සම්පුර්ණ වෙනකම් ඉන්න තමයි තියෙන්නේ.
සමහරවිට combofix එකෙන් මැෂින් ඒක restart කරන්න අහනවා එතකොට අහන දේ හරියට බලල ඒ විදියට කරන්න.

මම මේක පාවිච්චි කරලා දරුණුම විදියට වයිරස් වලින් හානියට පත් වුන මැෂින් කලින් තිබුන විදියටම හදලා තියෙනවා ගොඩක් කල් ඉදන් පාවිච්චි කරන්නේ බය නැතුව ඔයාලගේ මැෂින් එකත් වයිරස් වලින් කචල් වුනොත් මේකෙන් ගොඩදාගන්න බලන්නකෝ මේකෙන් සුද්ද කරන්න බැරි අවස්ථාත් තියෙනවා එහෙමත් බැරි නම් ඉතින් අන්තිමට කරන්න තියෙනේ ෆොර්මැට් කරන ඒක තමයි ඒත් මේක දාල ගොඩදාගන්න උත්සහ කරන ඒක පාඩුවක් වෙන්නේ නෑ.

අනිවාර්යෙන්ම දීල තියෙන link එකෙන්ම මේක download කරන්න මොකද මේක ගොඩක් ප්‍රබල විදියට වයිරස් වලට attack කරන නිසා fake websites වලින් fake exe දෙනවා මේ වගේම නම තියන. මේකේ නියම අව්‍යාජ වෙබ් අඩවිය මම පහලින් දානවා එකෙත් තියෙනවා මේක පාවිච්චි කරන විදිය ගැන කැමති නම් බලන්න, මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියල මේ කොහෙන්වත් කොපි කරපුව නෙමේ මගේම අත්දැකීමෙන් එළකිරි යාළුවො වෙනුවෙන්ම මම ලිව්වේ..මිට පස්සේ වයිරස් ඇවිත් ප්‍රශ්න ආවම ත්‍රෙඩ් දාල උදව් ඉල්ලන්න කලින් මේක පාවිච්චි කරලා බලන්න.. අන්තිමට කියන්න ඕන Combofix කියන්නේ Virus Guard එකක් නෙමේ මේක Virus Cleaner එකක්.
ගොඩක් ස්තුතී කියෙව්වට... ;)


Official Website
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
last bump

අඩේ පට්ට බන් සිරාවටම මරු ..++රෙප්

ela ela
11.gif

good post ++

බම්ප්...!!!!

පට්ට

niyami machan.. thnkz... Rep + :D :D :D :D :D :D :D

thanks machan


ඔයාලගේ comments වලට ගොඩක් ස්තුතී මචන්ලා :D
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    machan meken wedak ganna nam pc eka hodata tiyenna onane..virus walin kachal una pc ekaka meka instal weida ban?? :rolleyes::rolleyes: