Nasigoreng Rice එක හදන්න කියලා ඉල්ලීමක් තිබුණා. ඔන්න මගේ විදියට හැදුවා!!
Chicken Satay & Bull's eye එකකුත් මේකට අවශ්‍යයයි!! සතේ හදන හැටිත් දාන්නම් මේ ත්‍රෙඩ් එකේම. පොඩි එකිත් කන නිසා මම ටිකක් සැර අඩු කරලයි හැදුවේ. ඒ නිසයි පාට අඩු!! කැමති අයට සැරට රතු පාටට හදා ගන්න පුලුවන්.
කටු රහිත කුකුලු මස්, පොතු ඉවත් කරගත් ඉස්සෝ සහ දැල්ලො ග්‍රෑම් 150-200 ක් බැගින්.
ඉගුරු, සුදුලූනු සිහින්ව කපාගත් තේ හැදි 2බැගින්.
සහින්ව කපාගත් තක්කාලි, බීලූනු, ලූනු කොළ සහ කොත්තමල්ලි කොළ මේස හැදි 2-3 බැගින්.
චිලි පේස්ට් මේස හැන්දක් හෝ සැර අනුව.
තක්කාලි සෝස්,සෝයා සෝස් සහ තෙල් මේස හැදි 2ක බැගින්. මම නම් අපි හැදුව සියඹලා සෝස් තමා දැම්මේ.
මෙලෙස සියල්ල සිහින්ව කපා ගන්න.
ඉගුරු සුදුලූනු බැද ගන්න.
මස් සහ ඉස්සෝ දැල්ලො එක්කර විනාඩි 4-5ක් බැද ගන්න. ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද එක් කරන්න.
ලූනු, තක්කාලි සහ අවශ්‍යනම් කැරට් ස්වල්පයක්ද එක් කර විනාඩියක් පිසින්න.
සෝස් වර්ග දෙක සහ චිලි පේස්ට් එක්කර විනාඩියක් පිසින්න.
2-3 දෙනෙකුට ප්‍රමාණවත් පිසගත් බත් (රතු බත් නම් වඩා හොදයි) එක්කර විනාඩියක් පිසින්න.
බිත්තර දෙකක් කඩා දමා හොදින් බත් හා මිශ්‍රකර විනාඩි 2ක් පමණ පිස කපාගත් ලූනු කොළ හා කොත්තමල්ලි කොළ එක්කර ලිප නිවන්න.
සැ.යු -මම චිලි පේස්ට් අඩුවෙන් දැමූ නිසා සහ ටොමැටෝ සෝස් නොදැමූ නිසා රතු පාට අඩුයි!!

Last edited: