මානසික රෝග නැතිකිරීමට

Jul 22, 2011
17
17
0
මානසික රෝග නැතිකිරීමට

උන්මාද විශාදය (Bipolar Disorder ) වැළඳීමට හේතු මොනවාද?

මෙම තත්වයට බලපාන හේතු තවම නිශ්චිත ලෙස සොයාගෙන නැත. කෙසේ වෙතත් පර්යේෂණ හරහා පහත කරුණු අනාවණය වේ.

එය පාරම්පරික රෝගයකි. පාරිසරික සාධක වලට වඩා ජානමය බලපෑම් වැඩි බව කියවේ.
සිතේ ස්වභාවයේ පාලනය කරන මොළයේ පද්ධතීන් හි වෙනස් වීමක්ද මීට බලපෑ හැකිය. උන්මාද විශාදය (Bipolar Disorder ) බොහෝවිට ඖෂධ මඟින් පාලනය කළ හැකි වනුයේ මේ හේතුවෙන් විය හැක.
මානසික ආතතිය, කායික රෝග ආදිය ද මීට බලපෑ හැක.

විශාදය

විශාද තත්වය අපට විවිධ කාලයන්හිදී අත්විදීමට සිදුවු තත්වයක් විය හැක. එමගින් අපේ ජීවිතයේ ප්‍රශ්නහදුනා ගැනීමට උදව් කරයි.

නමුත්

නමුත් සායනික විශාදය සහ උන්මාද විශාදය වඩාත් නරකය. එය අපේ සාමාන්‍ය ජීවිතයේ විවිධ ප්‍රශ්න ඇති කිරීම සඳහා හේතුවේ. ඔබ විශාද තත්වයට පත් වුවහොත් මෙවැනි වෙනස්කම් හදුනා ගත හැක.

චිත්තවේගීමය

කිසිම ස්ථානයකට යාමට ඇති අකමැත්ත
හේතුවක් නැතිව අඩන්නට සිතීම
කිසිම දෙයකට කැමති නොවීම
කිසිම දෙයකින් සතුටු නොවීම
චංචල,වික්ෂිප්ත සිතුවිලි
වැඩකට නැති හැගීම් සහ බලාපොරොත්තු
නිතරම දැඩි වේදනාවකින් පසුවීම
සියදිව නසා ගැනීමට සිතීම

සිතුවිලි

ධනාත්මකව සිතීමේ නොහැකියාව
සරල තීරණ හෝ ගැනීමට නොහැකි වීම
එක අරමුණ සිටීමට නොහැකි වීම

ශාරීරික

කෑම අරුචිය සහ කෙට්ටු වීම
නිදා ගැනීමේ අපහසුතා
උදෑසනින්ම අවධිවීම
අධික මහන්සිය
මල බද්ධය
ලිංගික ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම



හැසිරීමේ

යමක් ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට ඇති අපහසුව
වැඩිපුර ඇඩීම සහ අඩන්නට සිතීම
පිටස්තර පුද්ගලයන් හමුවීම ප්‍රතික්ෂේප කිරීම



උන්මාදය (Mania)

සර්ව සුභවාදී ඉතා හොඳ හැගීමකි.මෙමගින් ඔබගේ හැගීම් සහ තීරණ වේගවත් බලපෑමක් ඇති කරයි. මෙම තත්වය තුළදී ජීවිතය පිළිබඳව පුද්ගලයන් අමුතු විදිහට සිති හැක,වැරදි තීරණ,අනෙක් අය අපහසුතාවයට පත් කරන හැසිරම්,හානිකරවන සහ භායානක ලෙස හැසිරීම් ඇති වේ. විශාදය මෙන් මෙය ඔබගේ ජීවිතය අපහසුතාවයට පත් කළ හැක. මෙම තත්වය දිගු කාලයක් පැවතීම පුද්ගලජීවිතයේ සබධතා සහ කාර්යයන් සඳහා බලපෑම් කරයි.මෙය ඉතා උග්‍ර තත්වයට පත් වු විට Hypomania ලෙස හදුන්වයි.

ඔබ උන්මාද තත්වයට පත් වුවහොත් මෙවැනි වෙනස්කම් හදුනා ගත හැක.



චිත්තවේගීමය

දැඩි සතුට
ඔබගේ අදහස් අනෙක් අය හුවමාරු කර ගැනීමට අකමැති වු විට කේන්ති යාම
සාමාන්‍ය දේවල් පවා ඉතා වැදගත් දේවල් ලෙස සිතීම



සිතුවිලි

පිරිපුන් නව සිතුවිලි
ඉක්මනින් එක් අදහසක සිට තවත්අදහසකට මාරු වීම
අනෙක් අයට නොඇසෙන ශබ්ද ඇසීම

හැසිරීමේ

යථාර්ථවාදී නොවන විශාල සැලසුම්
ඉක්මන් ක්‍රියාකාරීත්වය
අසාමාන්‍ය සිතුවිලි
ඉක්මන් සිතුවිලි
නොසැලකිලිමත් ලෙස මුදල් වියදම් කිරීම
නොසැලකිලිමත් ලෙස අන් අය විවේචනය

තත්වයේ මධ්‍යම අවස්ථාවේ සිටින විට ඔබට ඔබගේ යහලුවන්ට සහ පවුලේ අයට මෙවැනි වෙනස්කම් හදුනා ගැනීමට අපහසුය. මෙම තත්වය පෙන්වා දීමට ගියහොත් කේන්ති යාමට ඉඩ ඇත.මෙම තත්වය වර්ධනයවනවිට එදිනෙදා සිද්ධි සහ අනෙක් අයගේ හැගීම් තේරුම් ගැනීමට නොහැකි වේ.

මානසික රෝගී ලක්ෂණ

උන්මාදය සහ විශාදය උග්‍ර තත්වයට පත් වු විට මානසික රෝගී ලක්ෂණ වර්ධනය වේ.

උන්මාදය - ඔබ ඉන්නේ මහත් වු බලාපොරොත්තු සහිතව විශේෂිත පරමාර්ථයකින් හෝ විශේෂ බලයකින් යුක්තවය.

විශාදය - විශාල වරදකාරී හැගීමකින් සිටි.

එසේම අසාමාන්‍ය විස්වාස සමහර විට මායාමය දර්ශන වේ. නමුත් මේවා ඇසීමට, ආග්‍රාහනය කිරීමට,දැනීමට හෝ දැකීමට පුලුවන. නමුත් මේවා සත්‍ය නොවේ.

ප්‍රතිකාර

සිතේ ඇතිවන මනෝභාවය පාලනය කිරීම සඳහා උත්සාහ කළ යුතුය.එවිට මේනියා සහ විශාදය පැමිණීම පාලනය වේ.ඒ සඳහා

මනෝභාවය ස්ථිරව පවත්වා ගැනීම
මේනියා සහ විශාදය සඳහා ප්‍රතිකාර කිරීම කළ යුතු

ස්වයං නිර්නය (Self-monitoring)

සිතේ ඇතිවන මනෝභාවය න්හි වෙනස්කම් ඔබට කලින්ම හඳුනා ගත හැක. මෙම මනෝභාවයන්ලියා තැබීමට පොතක් භාවිත කිරීම මගින් මෙම තත්වයන් හදුනා ගැනීමට උදව් වේ.



Knowledge

පුලුවන් තරම් ඔබගේ රෝගීත්වය පිළිබඳව සොයා බැලීම සහ එයට කල හැක්කේ මොනවාද යන්න සොයා බැලීම.

ආතතිය (Stress)

ආතතිමය අවස්ථා මගහැරීමට උත්සාහ කල යුතුය. එය උන්මාදය හෝ විශාදය ට හේතු කාරකයක් විය හැකිය කරයි.CD,DVDභාවිතය මගින් ලිහිල් කිරීමේ අභ්‍යාස කළ හැක,නැතහොත් ලිහිල් කිරීමේ කණ්ඩායමකට එකතු විය හැක. සායනික මනෝ විද්‍යාඥයකුගෙන් මේ සඳහා උදව් ලබා ගත හැක.

සම්බන්ධතා (Relationships)

විෂාදය සහ මේනියාව පවුලේ අයට සහ යහලුවන්ට විශාල පීඩාවක් ගෙන ආ හැක.මෙම රෝගී තත්වය හොඳ වු පසු නැවත සම්බන්ධතා ඇතිකර ගත යුතුය.ඔබ සුවවු පසු ඔබේ වැදගත් අයට රෝගී තත්වය පිළිබඳව පැවසි යුතුය.එවිට ඔවුන් ඔබ වෙනුවෙන් කල හැකි දේතේරුම් ගනු ඇත.

ක්‍රියාකාරකම් (Activities)

ඔබේ ජීවිතයේ වැඩ සහ විවේකය සහ සබධතා ඔබේ පවුලේ අය සහ යහලුවන් සමග බෙදා ගන්න උත්සාහ කරන්න.ඔබ හුගක් කාර්ය බහුල වුවහොත් ඔබ මැනික් තත්වයට පත් කරවයි.ඔබට රැකියාවක නිරත විය හැකි නම් ස්වෙච්ඡා ආයතනයක හෝ සේවය කිරීමට බලන්න.

ව්‍යායාම (Exercise)

සතියකට තුන් සැරයක් පමණ විනාඩි 20 ක් ව්‍යායාමයෙහි යෙදෙන්න.

විනෝදය (Fun)

ඔබගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන සතුට දැනෙන දෙයක් නිතිපතා කිරීමට පුරුදු වන්න.

ප්‍රතිකාර (Continue with medication)

ඔබේ වෛද්‍යවරයා පවසන තුරු දිග
ටම බෙහෙත් පාවිච්චි කරන්න.


ත්‍රේඩ් එක හොදනම් දන්නවා නෙ කරන්න ඔනෙ දෙ?? රෙප් තමා ඔනෙ කරන්නෙ මමත් මානසික රෝග හැදිලා හොදවෙච්ච කෙනෙක් :D:D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: එළ, වැදගත් කරුණු ටිකක්. :sorry: ඔක්කොම කියෙව්වෙ නෑ ටිකක් කියෙව්ව. :yes: පස්සෙ කියවන්නම් ඉතුරුව. :D රෙප් + එහෙනම් මචන්..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා...
    මේ වගේ රෝගි ලක්ෂණ
    තුරන් වෙනවා නම් කොයි තරම් දෙයක් ද....
    රෙප් +9
     
    Jul 22, 2011
    17
    17
    0
    oya doctor kanakda mata wanadayaka danaganna tiyanawa

    මම docter නම් නෙවෙ සහො, නමුත් මට උදව් කරන්න පුලුවන්. මට ඔනෙ කරන්නෙ මෙ රොගයෙන් සමාජය ගලවාගන්නයි. මොකද මෙ රොගය තියෙන බව සමහරු දන්නෙ නැහැ එක තමා අති බයානක.අදුනගෙන ප්‍රතිකාර කිරීම වැදගත්.
     
    Jul 22, 2011
    17
    17
    0
    රෙප් දීලා මාව දිරිදුන්න හැමොටම ස්තුතියි. මෙය ඇත්ත වශයෙන්ම කියනවානම් පිලිකාවක්.ජීවිතය හෙමින් විනාශ කරන යක්ශයෙක්. ජානවලින් තමා බොහො වෙලාවට එන්නෙ ඉතාම අවාසනාවන්ත තත්වයක්. ඔබලාගෙ පවුලෙ අයෙකුට මෙවැනි දෙයක් තිබෙනවානම් හො මව්පියන්ට මෙවැනි තත්වයක් තියෙනවනාම් රොගය වැලදීමෙ විශාල අවදානමක් තියෙනවා.මෙ රොග ලක්ශන ඔබට තියෙනවානම්
    ප්‍රමාද නොවී මානසික වෛද්‍යවරකුට පෙන්වන්න.



    බොහෝවිට ඉන් ලක්ෂණ පහක්, හයක් වැනි ගණනක් බොහෝ විශාදය රෝගීන් තුළ දක්නට ලැබේ.

    වැඩි වේලාවක් දුක්මුසු බවක් දැනීම. (ඇතැම් විට සවස් කාලයේදී තත්වය තරමක් යහපත් විය හැක.)
    කිසිවක් ගැන උනන්දුවක් නොමැතිවීම
    තීරණ ගැනීම අපහසු වීම
    මෙතෙක් කල් නිරායාසයෙන් සිදුකළ කටයුතු තවදුරටත් කරගෙන යාම අපහසු බව දැනීම.
    අතිශයින් විඩාවට පත්වීම.
    නොසන්සුන් වීම.
    ආහාර අරුචිය හා බර අඩුවීම. (සමහරුන්ට මෙය ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාත්මක වී බර වැඩි වේ.)
    නින්දට වැටීමට පැය 1-2 ගතවීම හා වෙනදාට වඩා වේලාසනින් අවදි වීම.
    ලිංගික සම්බන්ධතාවයන් පිළිබඳ උනන්දුව නැතිවීම.
    ආත්ම විශ්වාසය අඩුවීම.
    තමා පිළිබඳව කළකිරීම, ඉච්ඡාභංගත්වය.
    අනුන් මඟහැරීම.
    නිතර කේන්ති යාම.
    දිනපතා එක වේලාවක (සාමාන්‍යයෙන් උදෑසන) තත්වය වඩාත් බරපතල වූ බැව් දැනීම.
    සියදිවි නසාගැනීම් පිළිබඳ අදහස් පහළ වීම.

     
    Jul 22, 2011
    17
    17
    0
    ශරීරය රෝගී වන්නා සේම මනසත් රෝගී වෙයි. මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග ලෙසය. “මානසික රෝග“ යන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බියකි. ලජ්ජාවකි. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදි සහගත සිතිවිල්ලකි.

    ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබාදිය හැකි බවත්, නැතිනම් රෝගය පාලනය කළ හැකි බවත් අප තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගැනීමෙන් මානසික රෝගීන් ලෙස නොසලකා හැර සිටින පුද්ගලයින්ගෙන් විශාල සේවයක් ලබාගත හැකිය.

    මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට අටත් දහයත් අතර ප්‍රමාණයකි. බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 කි. මෙය ඉතා ඉහළ අගයකි. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

    මානසික ආබාධ යනු මොළය ආශි‍්‍රතව ඇතිවන රෝගී තත්ත්වයකි. එවැනි රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ ජානමය හේතුය. හදිසි අනතුරු නිසා මොළයට වන හානි හේතුවෙන් මානසික ආබාධ ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිටය. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.

    වර්තමානයේදී ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත කාලයේ සාමාන්‍ය අගය වයස අවුරුදු 73 ක් බව හෙළිවී ඇත. ඒ අනුව බලන විට වයස අවුරුදු 16 සිට වයස අවුරුදු 73 පමණ වන තෙක් රෝගිවූ පුද්ගලයා ගෙවන කාලය නිෂ්ඵලය. ඒ කාලය එම පුද්ගලයාට ප්‍රයෝජනවත් නැත. සමාජයට ද එම පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් නැත. එසේම මානසික රෝගියකුට ගොදුරු වූ පුද්ගලයකු වයස අවුරුදු 25 දී සියදිවි නසාගත්තා යැයි සිතන්න. එවිට එම පුද්ගලයාට වයස අවුරුදු 25 සිට වයස 73 දක්වා වූ කාලය අහිමි වී යයි.


    .
    කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය එකතුවක් ලෙස ගත් විට එම අගය ඉහළම අගයක් ගන්නේ මානසික රෝග සඳහාය. හෘදයාබාධ වැනි රෝග සඳහා එතරම් අගයක් පෙන්නුම් නොකරයි.

    සියලුම රෝග සමඟ සසඳා බැලීමේදී එම අගය සියයට දොළහයි දශම හයකි. මෙවැනි ඉහළ අගයක් පෙන්වීමට හේතු කවරේදැයි දැන් අපි සොයා බලමු.

    මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීමය. එසේම බරපතළ මානසික රෝග පිළිබඳව සැලකීමේදී සියයට අසූවක්ම දීර්ඝ කාලීන රෝග වීමය. එම රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ අවශ්‍ය වේ.

    නව යොවුන් වියේදී මානසික රෝගයකට ගොදුරු වූ විට අධ්‍යාපන කටයුතු අඩාලවේ. රැකියාවේ කටයුතු අඩාලවේ. එනිසාම විවාහ ජීවිතයක් ගත කිරීමට අපහසුය. එම පුද්ගලයාට සිදුවන්නේ පවුලට බරක් වී ජීවත්වීමටය.

    අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි. ඒ භින්නෝන්මාදය, භාවික උන්මාදය, සහ විෂාදයයි. ඊට අමතරව බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිති.

    භින්නෝන්මාදය රෝගය පිරිමින් කෙරෙන් මතුවන්නේ වයස අවුරුදු 16 - 25 අතර කාලයේදී වන අතර කාන්තාවන්ගේ නම් වයස අවුරුදු 25 - 40 අතර කාලයේදීය. මෙය භයානක වර්ගයේ මානසික ආබාධ තත්ත්වයක් වන නිසා, ජිවිත කාලයෙන් වැඩිම කලක් මොවුනට ගෙවීමට සිදුවන්නේ මානසික ආබාධිතවය. ඒ නිසි ප්‍රතිකාර නොලැබුණහොත්ය.

    හෘද රෝග දියවැඩියාව වැනි රෝග බොහෝ විට හටගන්නේ වයස අවුරුදු 40 පමණ ඉක්මවූ විටය. ඒ වන විට එම රෝගවලට ගොදුරු වූවෝ අධ්‍යාපනික කටයුතු හමාර කර විවාහ වී රැකියාවක නිරත වී සමාජයේ ස්ථාවර තත්ත්වයකට පත්වු අය වෙති. හෘද රෝග දියවැඩියාව ආදියට ගොදුරු වූවන් සමාජයෙන් කොන් වන්නේ නැත. අකාර්යක්ෂම වන්නේ ද නැත. රෝගයට ඖෂධ ගනිමින් ඔවුහු සාමාන්‍ය ජීවිතයක් ගත කරති. එහෙත් භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් 80% කට පමණට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොලැබේ.

    භාවික උන්මාදය සමාජයේ පවතින උග්‍ර මානසික රෝගයකි. මෙය මතු වන්නේ ද තුරුණු අවධියේදීය. මෙය භින්නෝන්මාදය තරම් දරුණු ජීවිත කාලය පුරාම පවතින රෝගයක් නොවූවද මෙය නැවත නැවත මතු වෙමින් පවතින රෝගයකි. මෙහිදී ද අධ්‍යාපනය, විවාහ ජීවිතය, කඩාකප්පල් වී යා හැකි ය. මොවුනට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කළ යුතුය.

    අප සමාජය තුළ බහුලව පවතින අනෙක් උග්‍ර මානසික රෝගය වන්නේ විෂාදයයි. මානසික රෝගවලින් වන හානිය පිළිබඳව සලකා බැලීමේදී 4 වැනි ස්ථානය හිමි වන්නේ විෂාදයටය. සමස්තයක් ලෙස සැලකූ විට අප ජනතාවගෙන් සියයට 10 කට ආසන්න සංඛ්‍යාවක් විෂාදයෙන් පීඩා විඳිති.

    විෂාදයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එසේම මෙහි භයානක තත්ත්වය වන්නේ විෂාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 15 - 20 අතර සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගැනීමය.

    සියදිවි නසා ගන්නා පුද්ගලයින්ගෙන් සියයට 90 ක්ම කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇත. එසේම එසේ සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් එසේ කරගන්නේ විෂාදය නිසා බවත් හෙළි වී ඇත.

    විෂාදය රෝගියකුට උපරීම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ නොහැකිය. වැඩ කළ ද ඔවුන්ගේ ඵලදායිතාවය අඩුය. කිසි යම් මවකට විෂාදය රෝගය ඇත්නම්, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට ද සෘජුවම එය බලපාන අතර නිවසේ ඇති අපිළිවෙළ වැනි හේතු නිසා අඹුසැමි අඩදබර ඇතිවීමට ද හේතුවක් විය හැකිය.

    විෂාදය පිළිබඳව හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගෙන් සමහර දෙනෙක් පශ්චාත් ප්‍රසව කාල පරිච්ඡේදයේදී විෂාදයට ගොදුරු වන බවය. එසේම එය අලුත උපන් දරුවන්ගේ පමණක් නොව වැඩිමහල් දරුවන්ගේ සහ සැමියාගේ ජීවිතයට ද සෘජුවම බලපෑම් එල්ල කිරීමට හැකි රෝගයකි.

    මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ද මානසික ආබාධයක් ලෙස සලකන අතර එය භයානක නොවන මානසික ආබාධ යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන්නන්ගෙන් 26% ක් පමණ හානිකර ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වී ඇත. එසේම බිය, ග්‍රස්ථිය, කාංසාව වැනි සුළු මානසික ආබාධයන් සහිත පුද්ගලයෝ අප සමාජයේ කොතෙකුත් සිටිති.

    ඉහත කී උග්‍ර තත්ත්වයේ මානසික රෝගවලට ඉක්මන් ප්‍රතිකාර ලබා දීමට සමත් වුවහොත් එම පුද්ගලයන්ගේ මනස ආබාධ තත්ත්වයට පත්වීම අඩුවේ. රෝගය මතු වීමෙන් පසුව ප්‍රතිකාර නොකර සිටින කාලය දිගුවන්නට, දිගුවන්නට රෝගියාගේ ආබාධිත බව වැඩි වේ. පසුව ප්‍රතිකාර කිරීමෙන් ලැබෙන පලය අඩු වේ.

    අප රටේ මානසික ආබාධවලට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කිරීම් පමාවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අන්ධ විශ්වාසයන්ට මිනිසුන් අවනත වීමය. මානසික රෝගවලට හේතු වන්නේ අද්භූත බලවේගයක බලපෑමක්, ග්‍රහ අපලයක්, හදිහූනියමක් වැනි දෙයක් යැයි ඇතැම්හු විශ්වාස කරති.

    එම විශ්වාසයන් ඔස්සේ ගොස් මිල මුදල් වැය කරමින් කාලය කා දමමින් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර පමා කරති. නූල් බැඳීම, හුනියම් කැපීම, දෙහි කැපීම ආදිය සඳහා ඇතැම් උදවිය අවුරුදු ගණන් කාලය කා දමති. එවැනි නිෂ්ඵල දේ සඳහා කාලය ගත කළ විට රෝගියාගේ මොළයේ සෛල විනාශ වී මොළය ආබාධිත තත්ත්වයට පත්වේ.

    මානසික රෝග පිළිබඳව අප සමාජය තුළ පවතින අපවාද ද රෝගියා සඟවාගෙන සිටීමට හේතු වී ඇත. තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි පැවසීමට පවා බොහෝ දෙනා කැමති නැත. ඒ නිසා වෛද්‍යවරයකු වෙත නොගොස් රෝගියාව සඟවාගෙන සිටිති. එමෙන්ම තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි විශ්වාස කිරිමට ඇති අකමැත්ත ද වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු නොවීමට හේතු වී ඇත. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ හොර රහසේය.

    මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවීම පවා නින්දාවට හේතුවක් ලෙස ඇතැම්හු සලකති. එම සෑම අතපසු වීමකම, සෑම නොදැනුවත්කමකම, සෑම මෝඩ ක්‍රියාවකම ප්‍රතිඵලය වන්නේ මානසික රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර වීමය.

    ඇතැම් විට මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගත්ත ද ටික දිනකින් එම ප්‍රතිකාර නවතා දැමීමට ඇතැම්හු පුරුදු වී සිටිති. වෛද්‍යවරු කෙතරම් උපදෙස් දුන්න ද දිගින් දිගටම ප්‍රතිකාර අවශ්‍ය නැතැයි ඇතැම්හු සිතති. මෙහිදී රෝගියා තම රෝගය පිළිබඳව නොදැනුවත්කම නිසා ප්‍රතිකාර නොගන්නා අතර රෝගියාගේ පවුලේ උදවිය වෛද්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා රෝගියාට ප්‍රතිකාර ලබා නොදේ. එහි ප්‍රතිඵලය වන්නේ රෝගය එන්න එන්නම උත්සන්න වීමය.

    එබැවින් තම පවුලේ අයකු කිසියම් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම්, මතක තබාගත යුතු වැදගත් කරුණු 3 ක් ඇත. ඒ, වහා ප්‍රතිකාර කිරීම, ඵලදායී ලෙස ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රතිකාර කිරීම, නැවත නැවත රෝගය මතුවීම වැළැක්වීම යනුවෙනි. එය මනෝ වෛද්‍ය ප්‍රතිකාරවල ත්‍රිමූර්තිය ලෙස හැඳින්විය හැකිය. ප්‍රතිකාර කිරීමෙන් දීර්ඝ කාලීනව මානසික රෝගවලින් සිදුවන ආබාධ වළක්වා ගත හැකිය.

    මානසික රෝග සහ ඒවා මැඩපවත්වා ගැනීම පිළිබඳව අනෙක් රෝගවලට සාපේක්ෂව සමාජය තුළ දැනුවත් භාවය අඩුය. එසේ වී ඇත්තේ දැනුවත් පුද්ගලයන් විසින් නොදැනුවත් සමාජය දැනුවත් නොකිරීමය.

    මානසික රෝගවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමේ අනෙක් ගැටලුව වන්නේ, අප රට තුළ ඇති මනෝ වෛද්‍යවරුන්ගේ ඇති හිඟයයි. මනෝ රෝග පිළිබඳව සමාජයට නිවැරැදි දැනුමක් නොලැබීමට හේතු වී ඇති තවත් කරුණක් වී ඇත්තේ, මනෝ රෝග පිළිබඳව මාධ්‍ය ඔස්සේ කරුණු ගෙන හැර දක්වන අය අදාළ විෂය පිළිබඳව නිවැරැදි දැනුමක් ඇති අය නොවීමය. එහි ප්‍රතිඵලය වන්නේ මනෝ රෝග පිළිබඳව මිථ්‍යා මත සමාජය තුළ වැඩිවීමය.

    බීමත්කම, නොසැලකිලිමත්ව රිය පැදවීම, කෝලාහල වැනි හේතු නිසා සිදුවන හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් සඳහා මෙන්ම, තම කට පාලනය කර නොගැනීමේ හේතුවෙන් හෘද රෝගවලට ලක්වන්නන් සඳහා ඉහළ පහසුකම් රෝහල්වල තිබුණ ද, තමන්ගේ කිසිදු වැරැද්දක් නැතිව මානසික රෝගවලට ගොදුරු වන්නන් සඳහා රෝහල්වල ඇත්තේ ද අල්ප පහසුකම් වීම කනගාටුවට කරුණකි.

    මානසික රෝග පිළිබඳ
    විශේෂඥ වෛද්‍ය
    හරිස්චන්ද්‍ර ගාම්භීර


    මට මෙ පොස්ට් එකවත් හොද රෙප් ටිකක් ලැබෙයි කියලා මම හිතනවා.මෙ රොගය තියෙන අය තමන්ට රොගයක් තියෙන බව වත් දන්නෙ නැහැ.එක ඉතාම බයානකයි.මොකද අවසානය ඉතාම දුක්බර වෙන නිසා. ඉතින් මගෙ උත්සාහය තමා රොගය ගැන සමාජය දැනුවත් කීරිම. මමත් රොගයෙන් පීඩා විදපු කෙනෙක්. කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ට මානසික රොගයක් තියෙන බව පිලිගන්නවත්. නමුත් අපිට ඔනෙ විදිහට අපට සියල්ල සිදුවන්නෙ නැහැ.තම පවුල්වල අයට තියෙනවානම් ඉතා ප්‍රවෙශම් වෙන්න ඔනෙ. ත්‍රෙඩ් එකෙ කලින් දාපු රොග ලක්ශන තියෙනවානම් පමා වෙන්න එපා. මට මෙ ත්‍රෙඩ් එක දාලා අඩුම ගානෙ එක්කෙනෙක් වත් බෙරා ගන්න පුලුවන් වුනොත් එ පිනෙන් නිවන් දකිනාතුරු උතුම් නීරොගි සම්පත්තිය ලැබීමට හෙතු වාසනා වෙවා කියල ප්‍රාර්තනා කරනවා.සියල්ලොම සුවපත් වෙවා.