ආදරයක් නොවූ ආදර කතාවක්
ඔබ එන්න සුලගේ දැවටිලා...
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...
එලාම් එක වැදෙන සද්දෙට මට ඇහැරුනා.දැන්ම ඇහැරිලා වැඩක් නෑ තා ටිකක් නිදාගන්න ඕන.අනික මේ දවස් වල සීතලයිනෙ.මම අනිත් පැත්තට හැරිලා ආයිමත් ටිකක් නිදාගත්තා.කම්මැලිකමට එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදලා හරියට පියවි ලෝකෙට එනකොට 6.15 විතර වෙලා.
"දෝණි හොදටම පරක්කු වෙලා.අද ක්ලාස් යන්නෙ නැද්ද?"අම්ම තේ එකත් අරගෙන කාමරේට ආවා.
"යනව අම්ම.පරක්කු නෑ තාම"කියාගෙන මම බාත් රූම් එකට ගියා.
ගෙදරම පෙරලලා 6.45 වෙනකොට ලේස්ති වෙලා කෑම කාලා ඉස්තෝප්පුවට වෙලා හිටියා මම තාත්ත එනකම්.
"අනේ තාත්තා ඉක්මනට එන්නකෝ.මට දැනටමත් පරක්කු වෙලා.CTB එකත් ගිහින් ඇති" තාත්තා බයිසිකලේ අරන් එනව දැක දැකත් මම කෑ ගැහුවා.
හැමදාම යන පාරේ උනත් මම වට පිට බල බල එන්න පුරුදු වෙලා.අදත් එහෙමම තමයි.තාත්තයි මමයි stand එකට එනකොටම CTB එක බීච් රෝඩ් එක දිගේ ඈතට වේගෙන් ඉගිලිලා ගියා.අදත් ඉතින් ප්‍රයිවට්.අපරාදේ රුපියල් 35 කියල හිත හිත ඉන්නකොට ආව කොළඹ මාතර බස් එකට අමාරුවෙන් මාත් නැගගත්තා.
CTB එකට නැගගන්න බැරි උන තරහ දෙගුණ තෙගුණ වෙනවා බස් එකේ සෙනග අස්සෙ තෙරපෙනකොට.ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ බස් එක ඇතුලේ ඒ උනාට කොන්දොස්තර කෑ ගහනවා ඉස්සරහට යන්නලු පස්සට යන්නලු.
කොග්ගල ගාමන්ට් එක ලගින් මගේ ලග සීට් එකේ වාඩි වෙලා හිටපු අක්ක කෙනෙක් බැස්සා.මාත් වට පිට බල බල හිටියෙ නෑ වාඩි උනා.සදුදා පාන්දර මාතර ඉදන් කොළඹ යන බස් වල යන අය දන්නවා ඇති බස් එකේ හිටගෙන යන්න උනත් තියෙන අමාරුව.
3-2 සීට් තියෙන බස් එකේ මම හිටියේ ආසන දෙකේ සීට් එකක ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් සීට් එකේ.කව්ද හිටගෙන හිටපු එක්කෙනෙක් CR පොතකුයි ෆයිල් එකකුයි මගේ උකුලට විසි කරා.මමත් රවල බලල පව්නෙ ක්ලාස් යන ලමයක්නෙ කියල පොත් ටික උකුලෙන් තියාගත්තා.
කොහොමහරි බස් එක ගාල්ලට ලගා වුනා.ඊළගට තියෙන්නෙ ගාල්ල හෝල්ට් එක.පොත් ටිකේ අයිතිකාරයට පොත් ටික එපාද මන්දා.මම වට පිට බැලුවා.පන්ති යන හුගක් පිරිමි ලමයි බස් එකේ හිටිය අනික මට ඒ ලමයගෙ මූණත් මතක නැති නිසා මම පොත් ටික සීට් එක උඩින් තියලා නැගිටල ඉස්සරහට ගියා බහින්න.
අදුරන කවුරුවත්ම නෑ.මම තනියම කුණු ඇළ පාර දිගේ ඉක්මනටම ගියා.පන්ති පටන් ගන්නෙ 7.45ට.දැනටමත් පරක්කුයි.පන්තියට ඇතුළ් උනාට මොකද සර් තාම ඇවිත් නෑ.පිටිපස්සෙ පේළි වල හිටියොත් පැයකින් විතර නින්ද යන නිසා මම අපිටම රෙජිස්ටර් උන ඉස්සරහ ඉදන් දෙවෙනි පේළියෙ වාඩි උනා.
සුපුරුදු විදියට සර් ගනන් හැදුවා.අපි කීකරු ගෝලයෝ වගේ අහන් හිටියා ලිව්වා.චුට්ටක් විතර නිදාත් ගත්තා.හැම ලමයම වගේ බලන් හිටපු වෙලාව ආව.අපි 11.30ට පන්තියෙන් එලියට ආවේ ද්විත්ව සටහන් මූලධර්මය හොයාගත්ත ලූකා පැසියෝලිට හුගක් ආදරේ කර කර.
හැමදාමත් වගේ මායි දේදුයි ඉශායි කතා කර කර කුණු ඇළ පාර දිගේ ආව.අපිට පස්සෙන් ආව කොල්ලො සෙට් එකෙන් එකෙක් එක පාරට හය්යෙන් ඇහුවා "මෙයාටද උඹ පොත් ටික දුන්නෙ බස් එකේදි" කියලා.
මට එතකොට තමයි මතක් උනේ සීට් එක උඩ පොත් ටික තියපු බව.කව්ද දන්නෙ වෙන කෙනෙක්ටද කියලා.මාත් මට නෙවෙයි වගේ ආවා.
මතුසම්බන්ධයි