You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔස්ටේ්රලියා විදේශ ඇමැතිගේ ඉල්ලීම ශ්රී ලංකා මහ කොමසාරිස් ප්රතික්ෂේප කරයි
යුද අපරාධ ගැන සොයන්නැයි ඔස්ටේ්රලියානු විදේශ ඇමැති කෙවින් රඩ් කළ ඉල්ලීම ඔස්ටේ්රලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා විසින් ප්රතික්ෂේප කර ඇත. අද්මිරාල් සමරසිංහ විසින් වන්නි මෙහෙයුම සම්බන්ධ ශ්රී ලංකා රජය සකස් කළ විශේෂ වාර්තාව ඔස්ටේ්රලියානු පාර්ලිමේන්තුව වෙත යොමු කරමින් එකී ඉල්ලීම ඉවත දමා තිබේ. බ්රිතාන්යයේ චැනල් ෙµda වීඩියෝ පටය ආශ්රයෙන් රඩ් මහතා මේ ඉල්ලීම කර ඇති බව පැහැදිලිය. මේ වීඩියෝ පටය මුළුමනින්ම සාවද්ය" යෑයි සමරසිංහ මහතා කියා සිටියේය.
ඉන්දීය ධජය ඔසවන්නට කච්චතිව් යන්න හැදූ 43ක් අත්අඩංගුවට
කච්චතිවු දූපතේ ඉන්දීය ධජය එසවීමට උත්සාහ ගත් ඉන්දියාවේ හින්දු ජනතා පක්ෂයේ සාමාජිකයන් 43 දෙනකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.එම පක්ෂයේ ප්රාන්ත ඒකකයේ සභාපති අත්තුරෙයි ඇතුළු මේ පිරිස තමිල්නාඩුවේ, රාමේෂ්වරම් ජැටිය වෙත යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.මේ අතර කච්චතිවු දූපත අවට ධීවර කටයුතුවල නියැළීම සඳහා ඉන්දීය ධිවරයන්ට අවස්ථාව දෙන ලෙස ද මේ පිරිස ඉල්ලා තිබේ. කෙසේ වුවද ඉන්දියාවේ 65 වැනි නිදහස් සැමරුම යෙදී තිබූ ඊයේ (15) රාමේෂ්වරම් ප්රදේශයේ ධීවර කටයුතුවල නියැළීම ඉන්දීය පොලිසිය තහනම් කර තිබිණි.මේ හේතුවෙන් ධීවරයන් 2000ක් පමණ තම දෛනික කටයුතුවලින් ඈත්වී සිටි බවද ඉන්දියාවේ ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
News 1st da ?

ලන්ඩනය ගිනි ගැනීම හෙවත් "සුද්දන්ගේ නිරුවත "
ලන්ඩනයේ සිදුවූ කලබලකාරී සිද්ධීන් ලොවපුරාම මාධ්යවල ප්රචාරය විය. වයස 11 ක්වූ කුඩා දරුවකුද මංකොල්ලකෑමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඇලෙක්ස්බේලි නම් පාසල් ගුරුවරයකුද මංකොල්ලකෑමේ චෝදනාවකට හසුව අධිකරණයට ඉදිරිපත්කර ඇත. ලන්ඩනයේ කලහකාරීන් හත්සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඇත්තෙන්ම මේ ගිනි තැබීමේ මංකොල්ලකෑමේ සිද්ධීන් හරහා හෙළිවන්නේ බ්රිතාන්ය සමාජය විශේෂයෙන්ම තරුණ පිරිස් අතර පැතිර ඇති ඉච්ඡා භංගත්වයද, එසේ නොමැතිනම් බටහිර ලෝකයම ආර්ථික අර්බුදයේ ගිලෙන නිසා ඒ පීඩනය තරුණයින් හරහා ප්රකාශ වන්නේද යන්න සිතාබැලිය යුතුය. කෙසේ නමුත් දැන් ලන්ඩනයද පකිස්තානයේ කරච්චි නගරය හා සමාන බව නම් පැහැදිලිය. කරච්චියේ ආගමික ගැටුම් දේශපාලන ගැටුම් නිරන්තරව දක්නට ලැබේ පසුගිය මාසයේත් සිය ගණනක් මේ නිසා ඝාතනය විය. පොලිසිය හා හමුදාව සමඟ කලහකාරීන් වෙඩි හුවමාරු කරගත්හ. බස්රථවලට ගිනි තැබූහ. නමුත් කඩ මංකොල්ලකෑවේ නැත. ලන්ඩනයේ නම් බස්රථ කාර්රථ පමණක් නොව දැවැන්ත වෙළෙඳ සංකීර්ණද ගිනිතබා විනාශ කළ අතර කලහකාරීහු වෙළෙඳ සල් ආභරණ ශාලා, සුපිරි වෙළඳ සල් කඩා බිඳ දමමින් ඒවායේ බඩු බාහිරාදිය පැහැරගෙන ගියේ තමන්ට කැමැති කැමැති අයුරිනි. සමහරුන් මහත් ඉහළින් කථාකරන ලන්ඩන් සුපිරි ශිෂ්ට සමාජය දැන් නිරුවත්ව ඇත. ලංකාවේ මෙවැනි කලබලයක් සිදුවී උද්ඝෝෂකයන්ට කදුළු ගෑස් ප්රහාර එල්ල කළේ නම් මේ බටහිර තානාපති කාර්යාල ඉමහත් කලබලයට පත්වේ. එහෙත් පසුගිය දින කිහිපයේ ලන්ඩනයට සිදුවූයේ කුමක්ද? එය නීතියෙන් තොර මංකොල්ලකරුවන්ගේ චන්ඩින්ගේ පාරාදීසයක් බවට පත්විය. එක් ජර්මානු පුවත්පතක් ලන්ඩන් නගරය සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පවතින අරාජික තත්ත්වයට පත්ව ඇතැයි ප්රකාශ කර තිබිණි. බොහෝ විදෙස් රටවල ආණ්ඩුවලට එරෙහිව කුමන්ත්රණ කරන අරාජිකත්වය පතුරවන කුමන්ත්රණකාරී පිරිස්වලට දේශපාලන රැකවරණ ලබා දෙන්නට බ්රිතාන්ය ආණ්ඩුව මහත් කැමැත්තක් දැක්වීය. ඒ අරාජිකත්වයේ සාපයම ලන්ඩනය පුරා පැතිර ඇත. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවට තමන්ට කැමැති ලෙසට කටයුතු කරන්නට ඉඩදී බ්රිතාන්ය ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. ශ්රී ලංකා ජනපතිවරයා ඔක්ෆර්ඩ් දේශනය පවත්වන්නට ලන්ඩනයට ගියවිට දෙමළ ජාතිවාදීන්ට සිය විරෝධතා දක්වන්නට ඉඩදී එරට ආණ්ඩුව නිහඬව බලා සිsටියේය. දැන් ලන්ඩනයේ අරාජිකත්වය නැතිකර දමන්නට ශිෂ්ඨ මිනිසුන් ලෙස ජීවත්වීමේ අවස්ථාව උදාකරලීමට අතිරේක පොලිස්භටයින් දාසය දහසක් ලන්ඩනයේ වීදිපුරා යොදවන්නට ඩේවිඩ් කැමරන්ගේ ආණ්ඩුවට සිදුවී ඇත. බ්රිතාන්ය අගමැතිවරයා ප්රකාශ කරන ආකාරයටම පොලිසියට පමණක් නොව ගිනි නිවන භටයින්ට පවා පහරදීමට තරම් මේ කලහකාරීහු සැහැසි වී ඇත. ඉකුත් බදාදා බ්රිතාන්ය අගමැති නිල නිවස ඉදිරියේදී මාධ්ය ඇමතූ ඩේවිඩ් කැමරන් ප්රකාශ කර සිටියේ සියලුම කලහකාරීන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි. ඉකුත් 04 වැනිදා රාත්රියේ 29 හැවිරිදි සිව් දරු පියෙකුවූ කළු ජාතික මාර්ක් ඩගන් පොලිස් වෙඩි පහරින් ඝාතනයවීම ලන්ඩනය ගිනි ගැනීමට ප්රධාන හේතුව විය. 2012 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ස්ථානයෙන් කිලෝමීටර් අටක් ඈතින් පිහිටි ටොටන්හැම්හී මේ මුල්ම කලහකාරී තත්ත්වය වාර්තා විය. මේ කෝලහාල ගැන බ්රිතාන්ය ටෙලිග්රාෆ් පුවත්පතට ලිපියක් ලියන මැතිව් හෝල්හවුස් ප්රකාශ කරන්නේ එංගලන්තය පුරාම මේ අනාරක්ෂිත තත්ත්වය පැතිරෙන්නට ෆේස්බුක්, ට්විටර් වෙබ්අඩවිය මෙන්ම බ්ලැක්බෙරි ජංගම දුරකථන බෙහෙවින් ඉවහල්වූ බවයි. විශේෂයෙන්ම තරුණයින් මේ ගිනි තැබීම් මංකොල්ලකෑම් දර්ශන විඩියෝකරමින් සිය ජංගම දුරකථන හරහා අන් අයට යෑවීම අනෙකුත් ප්රදේශවලද කලහකාරී තත්ත්වයන් ඇතිවීමට බලවත් උද්දීපනයක් ඇති කළ බව ටෙලිග්රාෆ් පුවත්පත කියයි.
ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයකු වන කෙන් ලිවින්ග්ස්ටන් පවසන්නේ මේ කලහකාරී සිද්ධීන්වල සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි. විශේෂයෙන්ම සමාජ සුභ සාධනය තරුණ සුභසාධනය සඳහා වෙන් කළ පවුම් බිලියන ගණනක් කපා හැරීම මේ අර්බුදවලට සමාජ විරෝධයන්ට හේතුවී ඇති බව හිටපු ලන්ඩන් නගරාධිපතිවරයා කියයි. ජුලි මාසයේ බ්රිතාන්ය ආණ්ඩුව නිකුත් කළ සංඛ්යාලේඛන දත්තවලට අනුව වයස 16-24 අතර තරුණ ජනගහනයට අයත් සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙක් විරැකියාවෙන් පෙළෙයි. බ්රිතාන්ය ආණ්ඩුව පත්ව සිටින මූල්ය අර්බුදය හේතුවෙන් 2015 දී මහජන සුභසාධනය වෙනුවෙන් වැයකෙරෙන වියදම්වලින් පවුම් බිලියන 80 ක් කපා හැරීමට සූදානම් වේ. මෙය ලන්ඩනය නැවත වරක් ගිනි ගැනීමට හේතුවන කරුණකි. කෙසේ නමුත් ඇමරිකාව මෙන්ම බටහිර ලෝකයද බරපතළ ආර්ථික අර්බුදය ගිලී සිටී. යුරෝපයේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියාවද ඩොලර් බිලියන දෙකක් බටහිරට ප්රදානය කර ඇත. බටහිර සමාජ ආර්ථික දේශපාලන අර්බුදයේ එක් නිරුවත් පැතිකඩක් ලන්ඩනය ගිනිගන්නා විටදී සමස්ත ලෝකයටම දැකගත හැකිවිය.