අනේඅනිච්චිංපොලීසිය

අනේඅනිච්චිංපොලීසිය

මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිත් ඒක විසඳගන්න සිම් එක අදාළ දුරකථන ආයතනයට ගියා යාලුවෙක් එක්ක.අපි යනකොට එතන ලොකු රණ්ඩුවක්.අනුන්ගේ කුණු අවුස්සන එක හොඳ නැති උනත් පාරිභෝගික පෝලිමේ ඉන්න ගමන් තමයි රණ්ඩුවේ විස්තරේ දැනගත්තේ.මේකයි කතාව..

ඇහුන විදියට නම් ඒ මනුස්සය අසරණ බස් අයිතිකාරයෙක්.කොහෙද යනකොට ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් මෙයාව නවත්තලා.සමහරවිට මේ මනුස්සයාගේ වරදක් තියෙන්නේ ඇති.දඩ ගහනවා වෙනුවට ඒ රාලහාමි මේ මනුස්සයට තමන් පාවිච්චි කරන පසුගෙවුම් දුරකථන සම්බන්ධතාවයේ නොම්මරේ දීලා එකේ බිල ගෙවල එන්න කියලා.අඩු ගානේ බිල කීයක් තියෙනවද කියලවත් මේ අසරණ මනුස්සයට කියලා නැහැ.

දුරකථන ආයතනයේදී මේ මනුස්සය රණ්ඩු වෙන්න හේතුව (මං දැනගත්ත විදියට) බිල ගෙවන්න යද්දී එතන ඉන්න නිලධාරියා බිල ඉල්ලලා, ඒක මේ මනුස්සය ගාව නැති නිසා දුරකථන සම්බන්ධතාවය අයිති කෙනාගේ නම අහලා.මේ මනුස්සය ඒක දන්නෙත් නැහැලු .අපි යනකොට එයා බෙරිහන් දුන්නේ මෙහෙමයි.

මිනිසා : මං දන්නේ නෑ මහත්තයෝ නමක් ගමක්.මට කිවුවේ බිල ගෙවල එන්න කියලා විතරයි.කීයක් තියෙනවද මහත්තයෝ බිල?

නිලධාරියා : සර් මේකේ රුපියල් දෙදාස් ..... ගානක් තියෙනවා

මිනිසා : මහත්තයෝ මේක මගේ ෆෝන් එකක් නෙමෙයි, මං එද්දී ට්‍රැෆික්
පොලිසියට අහු වෙලා දඩ ගැහුවා.දඩේ වෙනුවට මේ බිල ගෙවලා එන්න කිවුවා.

නිලධාරියා : හරි සර් ඒක තමයි, මේ කනෙක්ෂන් ඒක කාගේ නමටද
තියෙන්නේ?

මිනිසා : මං කොහොමද මහත්තයෝ ඒක දන්නේ.මේ බඩු වගයක් ගන්න ටවුමට ආපු ගමන්.මං ඒ රාලහාමිගේ නම දන්නේ නැහැ.ඇයි ඒ මහත්තුරුන්ට බැරි හම්බුවෙන පඩියෙන් ගෑනිටයි දරුවොන්ටයි කන්න දීලා, මේ ෆෝන් බිලුත් ගෙවාගන්න

(අප දෙසට හැරී) මට බස් තුනක් තිබුන,දැන් නඩත්තු කරන්න බැරුව දෙකක් විකුන්නා.තියෙන අනිත් බස් එකත් දුවන්න දෙන්නේ නෑ මහත්තයෝ මේවා නොගෙවුවම.

නිලධාරියා : සර් එහෙමනම් මෙහෙම කරමු.රුපියල් දාහක් ගෙවන්න.

සල්ලි ගෙවුව ඒ මනුස්සය ඔලුවත් පහත් කරන් එතනින් පිට උනා.මාත් එක්ක පෝලිමේ හිටපු ගොඩක් දෙනා පොලිසියට බනිනවා ඇහුණා.


මගේ වගේ දැම්මට උපුටා ගැනීමක් හොදේ
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පොලිසිය.... ලන්කාවෙ අපෙ පොලිසිය............
    මේ වගෙ පොලිසියක් හෑම ආත්මෙකම අපට ලෑබේවා
    :dull::dull:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D:D:D:D::D
     
    තව ඈතල් වැඩක වූනා අපේ යාලුවෙක්ට මිනිහා තමන්ගේ තීවිල් එකෙන් කොලඹ යන්න බඩු වගයක් ගේන්ය යනකොට අලුත්ගමදී පොලීසියෙන් නවත්තලා මොකක්හරි වැරැද්දක් ඈගේ ගහල දඩයක් ලියන්න හදල තියෙනවා.. මූත් ඉතිං ෂේප් කරගන්න පුල් ඩම් එක දාලා... පව් අහිංසකයා නිසා මූට කියල ඒ ජරා පප්පලා දෙන්නා අලුත්ගම ෂෙඩ් එකට ගිහිං
    රැපියල් 1000 ක පෙට්රල් බිලක් අරං ඈවිත් දෙන්න කියල.. ඊට පස්සේ ෂේප් එකේ ෂෙඩ් එකට ගිහිං මුන් දෙන්න පෙට්රල් ගහගහන්න කල්පනාව.. අපේ එකත් හරි දෙන්නං උඹලට වැඩක් කියල හිතල ගිහිං ෂෙඩ් එකට මූ රැපියල් 1000ක පෙට්රල් තීවිල් එකට ගහගෙන ෂෙඩ් එකෙන් බිලක් අරං ගිහිං ජරා පප්පලට දීල ගිහිල්ල... අම්මට හුඩු අරැං දෙන්න බිල අරං ෂෙඩ් එකට ගියාට පස්සෙ නෙ දන්නේ මූ 1000 හෙම තෙල් ගහගෙන ගිහිල්ල කියලල.....

    ඈතිනේ ආතල් එක ඔය වගේ ඒව තමයි ඔය ජරා පප්පලට දෙන් ඕනෙ..

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    apith hemadama staff service yanawa ape van eka.. bohoma parissamen thama yanne podi weraddak wat nokara.. balan inne mokak hari allaganna thama hmm..

    eth den nam godak aya headlights flash karanawa ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අසමජ්ජාති පොලිස් පරයන්ට හැමදාම ආමි එකේ වාහන වලින් හැමිනවන්න ඕනා..... :angry: