පියුං_යැං_හෝටලේ

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පියුං_යැං_හෝටලේ

    "පියුං යැං" හි "රියොං යොං" හෝටලේ



    උතුරු කොරියාව යන නම කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ ඕනෑම යුධ ප්‍රහාරයකට මුහුණ දිය හැකි හමුදාවක් සහිත රටකි.එහෙත් 80 දශකය අග භාගයේ පමණ එහි සිදු වූ ආර්ථික පුනරුදයත් සමග උතුරු කොරියාවෙහි මාර්ග,මං මාවත හා නාගරීකරණය ඉතා ශීග්‍රයෙන් සිදු වූ අතර සැළකිය යුතු ආයෝජකයින් පිරිසක් එරටට ගලා එන්නට විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි අගනගරය වන පියොං යැං නුවර රියොං යොං හෝටල ඉදි කෙරිනි.

    මෙය ඉදි කිරීම ඇරඹුනේ 1987 දී වූ අතර එවකට ලෝකයේ ගොඩනැගුණු සාම්ප්‍රදායික ගොඩනැගිලි වලින් වෙනස් වෙමින් මෙම ගොඩනැගිල්ල ඉදි කෙරුණි.මෙය ඉදිකිරීම විවිධ හේතු මත අඩාල වුවත් අද වන විට,එනම් වසර 24කට පමන පසු පියුං යැං අහස්කුස ස්පර්ශ කරමින් මෙම ගොඩනැගිල්ල ගාම්භීරව වැජඹෙයි.ඒ කෙසේ වෙතත් තවමත් මෙහි ඉදිකිරීම් සම්පූර්ණ කොට නොමැති අතර එය 2012 වන විට අවසන් වනු ඇතැයි ගනන් බලා ඇත.වසර ගනනක් පුරා මෙය ඉදිකිරීම කරණ කොටගෙන මෙහි යම් යම් ඉදිකිරීම් දුර්වලතා වර්තමාන,ලොව වටා ඉන්ජිනේරුවන් පෙන්වා දුන්නද,ඒ සියලූ අභියෝග වලට මුහුන දෙමින් උතුරු කොරියාව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම පැසසිය යුතුය.



    දැන් ඔබ සියලු දෙනා මහත් විමසිල්ලෙන් හා කුතුහලයෙන් යුතුව මෙම ගොඩනැගිල්ල දැක ගැනීමට සිටිනු නො අනුමානයි.මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරතුර ගත් ඡායා රූප හා වීඩියෝපට කිහිපයක් පහතින් දැක් වේ.
     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    PY1.jpg



    PY2.jpg



    PY3.jpg



    PY4.jpg



    PY6.jpg



    PY7.jpg




     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0

    පකිස්තාන් සිමෙන්තිවලින් වගේ හදලා තියෙන්නේ.හදලා ඉවර වෙන්නත් කලිං කෑලි කඩාගෙනත් වැටිලා. හදලා ඉවර වෙන්න මෙච්චර කල් ගියෙත් ඒකද දන්නේ නෑ :D:D අපේ ජොනියද දන්නේ නෑ සිමෙන්ති යැව්වේ :rofl::rofl::P:P