මතක පොතක ලියැවී තිබුණා......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මතක පොතක ලියැවී තිබුණා......

    ලංකාවෙ තියෙන ලස්සනම ස්ටේෂන් එක මොකක්ද? මට නම් ඉදල්ගස් හින්න...:cool::cool:
    ලංකාවෙ තියෙන ආදරණියම ස්ටේෂන් එක මොකක්ද??
    මටනම් ඔහිය...:love::love:

    මම මෙහෙම කිව්වට ඔයාලට එහෙම නොවෙන්න පුලුවන්. ඒකෙන් කමක් නෑනෙ ඔන්න තවත් කතාවක් ලිව්වා...කියවල බලන්න.
    මේක නිකම්ම නිකම් කතාවක් වුනාට ටිකක් විතර කෝච්චි කතාවක් ;);)


    ggyycopy.jpg






    අද ගෙදර කවුරුවත්ම නෑ.ඔක්කොම බණ්ඩාරවෙල ගිහින්. අපේ ගෙදර අය මම නැතුව බණ්ඩාරවෙල ගියෙ පලවෙනි වතාවට.බණ්ඩාරවෙල ඉන්නෙ අපේ ලොකු අප්පච්චිල.ලොකු අප්පච්චි අපේ නෑදෑයො වෙන්නෙ අමමගෙ පැත්තෙන්.ලඟම නෑදෑ කමක් නොවුනට අපි අතර තිබුණු බැඳීම ගොඩක් ලොකුයි.

    දවස් දෙකක්ම ගෙදර තනියෙන් හිටිය හින්දා පරණ පොත් වගයක් ඇවිස්සුවා.ඒ අතර තිබිල අපූරු පොතක් හම්බ වුනා.මතක පොතක්.

    අපේ ගෙදර අයගෙන් වැඩිම සැරයක් බණ්ඩාරවෙල ගිහින් තියෙන්නෙ මම.මට මතක ඇති කාලෙ ඉදන් හැම දෙසැම්බර් නිවාඩුවකටම මම බණ්ඩාරවෙල ගියා. ඒ ගමන නැවතුනෙ මීට අවුරුදු දහයකට විතර කලින්. අර මම කිව්ව පොතේ ලියල තියෙන්නෙ මගෙ අන්තිම බණ්ඩාරවෙල ගමන ගැන.

    හ්ම්ම්ම්ම්. අම්මල උදෙන්ම එහෙන් ආවැයි කිව්වා දැන්නම් ඒ ගොල්ලො ලඟම ඇති.ඊට කලින් මට හිතුණා ඒ පොතේ තිබුණු කතාව ඔය ගොල්ලන්ට කියන්න.ඒක ලියන එක තමයි අමාරු.කමක් නෑ අමාරුවෙන් හරි මම ලියන්නම්.

    ඒක මම ලියන්නේ පොඩ්ඩක්වත් වෙනස් නොකර.තියෙන විදිහටමයි.ටිකක් විතර දිගයි.ඒත් ඒක කොට කරල ලිව්වොත් මගෙ හිතට හරි නෑ.ඒ හින්ද මම එහෙමම ලියනවා..ටිකක් වෙලාව අරගෙන කියනවන්න.ඔන්න එහෙනම් පටන් ගත්තා.

    චුට්ටක් තව එකක් කියන්න තියෙනවා.මම ඒක ලිව්වේ ඒ ගමන ගිහින් ඇවිත් දවස් දෙකකට පස්සේ මෙතනම ඉද ගෙන කියන එක නම් මට හොඳට මතකයි.එදායින් පස්සේ ආයෙ මම ඒක කියවන්නෙ අද.දැන් ඔයගොල්ලො කියවන කම් ඒක වෙන කවුරුවත් කියවලත් නෑ.



    ----------------------------------------------------------

    23916727.jpg





    තුන් වෙනි වේදිකාවෙ නවතා ඇති රාත්‍රී තැපැල් දුම්රිය තව ස්වල්ප වේලාවකින් බදුල්ල බලා පිටත්වේ.දුම්රිය නවත්වන්නේ රාගම,ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල,රඹුක්කන,කඩුගන්නාව,පේරාදෙනිය හංදිය,ගම්පොල,නාවලපිටිය, නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

    මරදාන පහු කරල දෙමටගොඩට කිට්ටු කරල තිබුනත් තාමත් ඒ හඬ තාලයට හිත ඇතුලෙන් පිලිරැව් දිදී තිබුණා.දුම්රිය නිවේදනයට තියෙන්නෙ හරි අමුතුම තාලයක්.මම ඒ තාලයට පොඩි කාලෙ ඉදන්ම ආසයි.

    ජීවිතේ පලවෙනි පාරට මම තනියම කෝච්චියෙ බණ්ඩාරවෙල යනවා.දෙවෙනි පන්තියේ අසුනක ජනේලයක් අයිනෙ වාඩිවෙලා කෝච්චියෙ දඩබඩස් සද්දෙට සවන් දීගෙන යන මගෙ හිතම අමුතු මිහිරකින් පිරිල තිබුණා.විභාගයත් ඉවර හින්දා හිතට පුදුම සැහැල්ලුවකින් තිබුණා.
    කොටුවෙන් රෑ 10.20 බදුල්ල කෝච්චියෙ යන්න තිබුණු ආසාවත් මම ඉටු කර ගත්තා.වෙනදට අපි යන්නෙ රෑ 7.15 කෝච්චියෙ.

    මට එහා පැත්තෙ වාඩිවෙලා හිටය අංකල් ලංකාදීප පත්තරේ බලන ගමන් හොරැහින් මගෙ දිහා බලන්නෙ මාත් එක්ක කතාබහකට බව මට තේරුම් ගියත් මම නොදැක්කා වගේ ජනේලයෙන් එලිය බලාගෙන සිතුවිලි ලෝකයෙ ගිල්වුණා.
    චූටිනංගයි මල්ලියයි මම එනකම් මඟ බලාගෙන ඇති.චූටිනංගට නම් කියවන්න දේවල් ඇති වරුගානක්.
    එතකොට සාවිත්‍රි එයත් මම එනකම් මඟ බලාගෙන ඇත්තේ.එයාටත් විභාගෙ ලේසි වෙන්න ඇති.එයා තාම වෙනස් වෙල නැතුව ඇති.මේ පාර නම් අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි.


    'පුතා කොහාටද යන්නෙ'
    අංකල් මගෙ සිතුවිලි ලෝකය කඩල දාන ගමන් කතා කරා.
    'මං බණ්ඩාරවෙල යන්නෙ අංකල්'
    'ආ ඒක හොදයි අපිත් යන්නෙ හපුතලේ.පුතා තනියමද යන්නේ'
    එතන ඉඳන් මගෙ ඔක්කොම විස්තර ටික අංකල් මගෙන් දැන ගත්තා.
    'පුතා පත්තරේ බලනවද'
    අංකල් එහෙම ඇහුවේ මගෙත් එක්ක කතා කරන්න දෙයක් නැතිම වෙනකම් අපේ කතාව ඉදිරියට ගියාට පස්සෙ.මම පත්තරේ අතට ගත්තේ අංකල්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට මිසක් නැත්නම් කෝච්චියෙදි පත්තර කියවන්න මම ආස නෑ.කෝච්චියෙ ගැස්සිල්ලත් එක්ක පත්තරේ එක පේලියක ඇස් දෙක තියාගෙන යන එක හරි අමාරු වැඩක්.

    ඔහේ පත්තරේට ඇස් දෙක ඔබා ගෙන යන අතරෙදි තමයි අංකල්ගෙ දුව එතනට ආවෙ.අංකල් එක්ක කුලුපග වුනූ එකේ පාඩුවක් නෑ කියල මට හිතුනෙ ඒ නංගියව දැක්කට පස්සෙ.
    ඒ නංගියට තිබුණු බොහෝ කාලයක ඉදන් දැකල හුරුපුරුදු ඇස් දෙකක්.
    මට එහෙම දැනුනට ඒ හුරුපරුදු බව ඇතිවුනේ ඊට පැය ගාණකට කලින්.කෝච්චිය එනකම් කොටුව ස්ටේෂන් එකේ ඉන්න අතරෙදි ඒ ඇස් දෙක මගෙ ඇස් දෙකට කිහිප විටකදිම යා වූනා.
    එයාටත් ඒක දැනිලද කොහෙද මාව දැක්කම ලැජ්ජාවෙන් හිණාවුනා.

    'බලන්න මේ අයියා ඔයාට වඩා අවුරුද්දයි වැඩිමල්.තනියෙන් බණ්ඩාරාවෙලත් යනවා'
    අංකල් මාව උඩින්ම තියල කතා කරා.
    'ඉතින් එයා පිරිමි ළමයෙක්නෙ'
    හැඩ වගේම එයාගෙ කටත් සැරට තිබුණා.
    මටත් නංගියගෙන් රසම රස සැන්ඩ්විච් පෙති දෙකක් හම්බවුනා.ඉස්සර අපි ගෙදර හැමෝම බත්මුල් බැදගෙන කෝච්චියෙ බණ්ඩාරවෙල ගිය කාලයට හිතෙන් එබෙමින් මම ඒව කෑව.

    කෝච්චිය පොල්ගහවෙලට එනවත් මට මතකයි.ඊට පස්සෙ මම ඇහැරුණෙ නානුඔය කිට්ටු කරලා.ඈතින් පේන තෙල් ටැංකි දැක්කම දුර ඉඳන්ම නානුඔය අඳුර ගන්න පුලුවන්.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කෝච්චිය නානුඔයට එනකොටත් යන්තම් එළිය වැටිලා. රෑ 7.15 කෝච්චියෙ ආව නම් නානුඔය හරියෙදිත් කලුවරයි.10.20 කෝච්චියෙ එන්න මම ගත්තු තීරණය ගැන ආඩ්ම්බර වෙමින් මම නැගිටලා කෝච්චියෙ දොර ගාවට ගියා.
    මීදුමත් එක්ක ඇඟ හිරිගඩු නංවන සීතල හුළඟ කපාගෙන කෝච්චිය හෙමින් හෙමින් උඩහට ගියා.මම කෝච්චියෙ දොර ගාවට වෙලා තාමත් ඈති පොඩියට පේන වතුකාමර වල පුන්චි පුන්චි එළි දිහා බල බල අමුතු චමත්කාරයක් වින්දා.කෝච්චිය හපුතලේට එනකොටත් මම දොරගාව.
    හපුතලේදි අංකලුයි ගෙදර අයයි බහින්න ලැහැස්තිවුනා.මමත් එයාලගෙ බඩු බාන්න උදවුකරා.අහම්බෙන් හමුවුණු අපේ හමුවීම ඒ විදිහට කෙලවර වුනා.
    ගොඩ කාලයකට මතක හිටින කෙටිකාලීන හමුවීමක් හපුතලේ ස්ටේෂමේ නතර කරල කෝච්චිය මාවත් අරගෙන දියතලාව පැත්තට ගියා.මාව නොපෙනී යනකොටත් අර නංගියා මට අත වනනවා මම බලන් හිටියා.

    කෝච්චිය බණ්ඩාරවෙලට එනකොට 7ටත් පහු.ඒ හින්දා ස්ටෑන්ඩ් එකට ගිය ගමන්ම ඇටම්පිටිය බස් එකක් තිබුණා.වෙනදට නම් අපි බස් එකක් එනකම් ගොඩක් වෙලා ස්ටෑන්ඩ් එකේ බලන් ඉන්නවා.10.20 කෝච්චියෙ එන්න ගත්තු තීරනය ගැන මම ආයෙමත් සතුටු වුනා.


    9m8bHy


    චූටි නංගයි මල්ලියයි උදේ ඉදන්ම මඟ බලාගෙන ඉන්න ඇති මාව දැක්ක ගමන් දෙන්නම දුව ගෙන ආවා.චූටිනංගා මට වඩා අවුරුදු 2ක් බාලයි.මල්ලියා 4ක් බාලයි.නොදැක්ක අවුරුද්දට චූටිනංග නම් ගොඩක් ලොකු වෙලා ලස්සන වෙලා.මල්ලියා නම් තාම එහෙමයි.

    ගිය ගමන්ම මම ලොකු අම්මගෙ අතිප්‍රණිත කොල්ලු හොද්දත් එක්ක බත් කෑවා.
    'කොහොමද පුතා විභාගෙ'
    අපේ අම්ම වගේම ලොකු අම්මත් මගෙ විභාගෙ ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්න බව මම දන්නවා.
    'ලේසියි ලොකු අම්මා.'
    'එහෙනම් හොඳට පාස් වෙයිනෙ.සාවිත්‍රිටත් ලේසියි කිව්වේ'
    'කෝ එයා ආවෙ නැද්ද'
    'දන්නෙ නැද්ද ඒ අයියයි නංගියි කාලෙකට හොදයි කාලෙකට නරකයි'
    ලොකු අම්ම ඒ කිව්වෙ ලොකු අප්පච්චියි සාවිත්‍රිලගෙ අම්මයි ගැන.ඒ දෙන්න අයියයි නංගියි වුනාට හැමදාම රණ්ඩු.අපි එකපාරකට එනකොට ඒ ගොල්ලො තරහයි.තව පාරකට එනකොට යාළුයි.ඉස්සර ඉඳන්ම ඒක එහෙම තමයි.ඒ ගොල්ලො ආයෙ තරහ වෙලා කියල මට ලොකු අම්මගෙ කතාවෙන් තේරුම් ගියා.ඒ හින්දා සාවිත්‍රිව දකින්න තිබුණු ආශාව හවස් වෙනකම් මැඩ ගන්න මට සිද්ද වුනා.

    නංගියි මල්ලියි එක්ක කියව කියව හිටියට මගෙ හිත බලන් හිටියෙ ඉක්මණට හවස් වෙනකම්.අමාරුවෙන් ඉවසගෙන ඉඳල හවස මම මල්ලිත් එක්ක කඳුරට නාන්න ගියා.කඳුරට යන්නෙ සාවිත්‍රිලගෙ ගෙවල් ගාවින්. ඉස්සර නම් අපි හැමෝම නාන්නෙ එකට.චූටිනංග,මල්ලිය,සාවිත්‍රි.
    ඒත් දැන් අපි ලොකු වෙල හින්ද එකට නාන්න යන්න පුලුවන් මටයි මල්ලියටයි විතරයි.

    නාන්න යන ගමන් අපි සාවිත්‍රිලගෙ ගෙදර ගියා.සාවිත්‍රිලගෙ අම්ම දුර තියාම මාව දැක්කා.
    'ආ..පුතා උදේද ආවෙ.'
    'ඔව් නැන්දේ.අපි මේ නාන්න යනවා.'
    'ඉතින් පුතේ අම්මල සනීපෙන්ද.විභාගෙ ලේසිද'
    'ලේසියි නැන්දේ.'
    'කොහොමද විභාගේ'
    මම එහෙම ඇහුවේ උළුවස්සට හේත්තු වෙලා බලාගෙන ඉන්න සාව්ත්‍රිගෙන්.
    'ලේසියි.'
    එයා එලියට ආවෙ එහෙම කියන ගමන්.
    එයා නම් තාම ඉස්සර වගේමයි.ඒ ඇස් දෙක බලන්න මගෙ හිත අවුරුද්දක්ම ඉවසගෙන හිටියා.අම්ම ගෙට ගිය හින්දා අපි දෙන්නට තනිවෙන්න අවස්ථාවක් හම්බ වුනා.
    'කොහොමෙයි'
    වචන ගලප ගන්න බැරුව හිත ඇතුලෙ තෙරෙපෙන හැඟීම් වලට එලියට එන්න ඉඩ නොදී මම එහෙම ඇහුවා.
    'හොඳයි.මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා.'
    'එහෙම අමතක කරන්න පුලුවන්ද.මට කතා කරන්න ඕනෙ.'
    'බදාදා උදේ පන්ති යනවා.8ට මෙහෙන් යන්නේ'
    'මමත් එන්නද'
    එයා ඒකට හා කිව්වේ ඇස් දෙකෙන්.

    ඊට දවස් දෙකකට පස්සෙ බදාදා උනා.
    'ගෙදර ඉන්න කම්මැලියි ලොකු අම්මේ ටවුන් එකට ගිහින් එන්නම්.'
    ලොකු අම්මට බොරුවක් කියලා මල්ලියා නැගිටින්න කලින් මම පාරට ගියා.සාවිත්‍රි ආවෙ 7.50ට විතර.
    එයා ඇවිදින විදිහට, අඳින විදිහට, කතා කරන විදිහට මේ හැම දේටම මගෙ හිත ආසයි.මම ඒ හැම එකක්ම හොරෙන් රස වින්දා.

    'අද පන්ති යන්න ඕනෙ නෑනෙ'
    මම එහෙම ඇහුවෙ අපි දෙන්න බස් එකේ බණ්ඩාරවෙල යන ගමන්.
    මම සාවිත්‍රිට ආදරය කරේ කවද ඉඳන්ද කියල මට මතක නෑ.පුන්චිම කාලෙ සෙල්ලම් ගෙවල් හදන කාලෙ ඉදන්ම මම එයාට ආදරය කරා.අපි දෙන්න හම්බ වුනේ අවුරුද්දටම එක මාසෙකදි විතර්ක් වුනත් අපි දෙන්න පුදුම විදිහට ලං වෙලා හිටියා.
    ඒත් ජීවිතේටම මේ විදිහට අපි දෙන්න හම්බ වුනේ පලවෙනි වතාවට.ඒ මොහොත උපරිමයෙන්ම විඳින්න මට ඕනෙ වුනා.
    'එහෙනම් කොහෙද යන්නේ'
    එයාටත් ඒක ඕනෙ කරල තිබුණු හින්ද වෙන්න ඇති මගෙ යෝජනාවට එයා කැමති වුනා.
    'කොහෙ හරි යමු.'
    බණ්ඩාරවෙල මම වැඩියෙන්ම දන්න තැන වුනේ ස්ටේෂන් එක.මට සාවිත්‍රිත් එක්ක යන්න තැනකට තිබුනෙත් එතන.
    ස්ටේෂන් එකට ගියෙ අරමුණක් නැතුව වුනත් එතනට ගිහින් කාලසටහන බැලුවට පස්සෙ මගෙ හිතට අදහසක් ආවා.
    'අපි කෝච්චියෙ ටිකක් දුර ගිහින් ආපහු එමු.'
    සාවිත්‍රි මොකුත් නොකියා මගෙ අදහස අනුමත කරනවා.
    කෝච්චි කාලසටහන බලලා හිතෙන් වෙලාව අනුමාන කරගෙන මම ඉදල්ගස්හින්නට ටිකට් දෙකක් ගත්තා.
    අපිට යන්න තිබුනේ නානුඔයට යන බඩු කෝච්චියක.බඩු පෙට්ටි ගොඩක් එක්ක මිනිස්සුන්ට යන්න තිබුනෙ එකම එක පෙට්ටියක් උනත් ඒකෙ අපි දෙන්නට සීට් දෙකක් තිබුණා.සීට් දෙකේ කෙලවර දෙකේ වාඩිවෙලා මූණට මූණ බලාගෙන අපි දෙන්න ගමන් කරා.මං හිතන් හිටියෙ එයා බය වෙලා ඇති කියලා.ඒත් එහෙම දෙයක් එයාගෙ මූණෙන් පෙනුණෙ නෑ.ඒත් කෝච්චිය යනකම්ම කතා කරන්න උනේ මට. එයා කරේ පොඩි පොඩි උත්තර දෙන එක විතරයි.

    ඉදල්ගස්හින්නට ආවට පස්සෙ අපිට ආපහු යන්න කෝච්චියක් එන්න තව වෙලා තිබුණු හින්දා ස්ටේශන් එකට වෙලා ඈත පල්ලම දිහා බලාගෙන පෙම්බස් දොඩන්න අපි දෙන්නට ඉඩ ලැබුණා.
    මම ලංකාවෙ දැකපු ලස්සනම ස්ටේෂන් එක ඉදල්ගස් හින්න.ඒක පිහිටල තියෙන්නෙ කන්දක් උඩ වටේටම තියෙන්නෙ ලස්සන පල්ලමක්.එතන තියෙන්නෙ කෝච්චි පාර විතරමයි.
    ඈතින් පේන හපුතලේ ප්‍රපාතය දිහා බලාගෙන කම්මුල් කිතිකවන සීතල සුළඟ විඳගෙන මල්පිපුණු සුන්දර ස්ටේෂන් එක්ක පෙම්බස් දොඩන්න තරම් මම වාසනාවන්තයෙක් වුනා.

    අපිව ආපහු එක්කගෙ යන්න කොළඹ ඉදන් පොඩිමැණිකෙ එනකම්ම අපි දෙන්න ස්ටේෂන් එක කෙලවරට වෙලා හපුතල් බෑවුමේ පුන්චි පුන්චි ගෙවල් ගනන් කරා.
    පොඩි මැණිකෙ අපි දෙන්නට සීට් එකක ඉඩ නොදුන්නු හින්දා දොර ගාවට වෙලා අපි ආපහු බණ්ඩාරවෙල ආවා.


    සිඹිනු නොහැකිව ඇගේ දෙකොපුල්
    දෙකොපුල් සිඹ එන මුදු පහසේ සිසිල වින්දෙමි උමතුවෙන්..

    romanticcouple.jpg
     
    Last edited:
    • Like
    Reactions: jkadithya

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නංගයි මල්ලියයි එක්ක කැරම් ගහන එක ඇර ගෙදර ඉන්නකොට මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.නංගට පන්ති තියෙන දවස් වලට මම මල්ලියා එක්ක කෙලවරක් නොපෙනෙන තේ වතු වල ඇවිදින්න යනවා.එහෙම යන සමහර වෙලාවට සාවිත්‍රිවත් හම්බ වෙනවා.
    ඒත් මගෙ හිත දින ගනන් කරේ ඊලඟ බදාදා වෙනකම් ඉදල්ගස් හින්නට වෙලා පෙම් සුව විදින්න මගෙ හිත මහා ලෝබ කමකින් පෙලුණා.
    සාවිත්‍රිටත් ඒ ලෝබ කම දැනිලද කොහෙද ඊලඟ දවසෙත් පන්ති නොගිහින් ඉන්න එයා කැමති වුනා.

    එදත් පුරුදු විදිහට ස්ටේෂන් එකට ගිහින් ඉදල්ගස් හින්නට ටිකට් අරගෙන අපි කෝච්චියට නැග්ගා. වෙනසකට තිබුනේ ඒ කෝච්චියට වෙනදට වැඩියෙන් තෙල් ටැංකි ටිකක් එකතු වෙලා තිබුණු එක විතරයි.හපුතලේ පහු වෙලා ටික දුරක් යද්දි සාවිත්‍රි මම කිසිම විදිහකින් හිතපු නැති යෝජනාවක් කරා.
    'අපි අද ඔහියට යමු'
    'මොකක්'
    මට එහෙම ඇහුනෙ මාව ඒ තරමටම පුදුම වුණු හින්දා.
    'ඇයි'
    'මොන බබ්බුවකටද ඔහියට යන්නේ'
    'අනේ යමුකො.මමනෙ කියන්නෙ.'
    'බෑ බෑ ඉදල්ගස් හින්නෙන් බහිමු.'
    'එහෙනම් ඔයා බහින්න මට බෑ'
    'ඔයාට පිස්සුද'
    මම කතා කරේ පුන්චි කේන්තියකුත් එක්ක.සුන්දර ඉදල්ගස් හින්න දාල වෙන කොහේවත් යන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.
    'ඔයාට තමයි පිස්සු.අද ඔහියට යමු'
    'බෑ බෑ ඉදල්ගස් හින්නෙ බහිමු.'
    'බෑ ඔහිය.'
    බෑ ඉදල්ගස් හින්න'
    'ඔහිය ඔහිය'
    'ඉදල්ගස් හින්න ..ඉද..'
    ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
    'ඔහිය ඔහිය'
    අපි දෙන්නගෙ සද්දෙ වැඩිවුණු හින්දා එහා පැත්තෙ සීට් එකේ හිටපු අයත් ආපහු හැරිල බලනවා අපි දෙන්නම දැක්කා.එතනින් පස්සෙ සාවිත්‍රි තොල් වලින් මුමුණනවා.
    'ඔහිය ඔහිය'

    කෝච්චිය ඉදල්ගස් හින්නට ආවත් මම ඔහේ බලාගෙන හිටියා.සාවිත්‍රි ගැන කේන්තියකින් මගෙ හිත පිරිල තිබ්බා.මම මොකුත් නොකියා ජනේලයෙන් ඈත බලාගෙන හිටියා.කෝච්චිය සුන්දර ඉදල්ගස් හින්න පහු කරලා ඉස්සරහට ගියා.
    සාව්ත්‍රි හොරෙන් හිනාවෙවී මගෙ දිහා බලාගෙන හිටියා.


    ඉදල්ගස් හින්න පහුකරල තියෙන පලවෙනි බිංගෙය ඇතුලෙදි සාවිත්‍රි මගෙ කණට කරල ලොකු හූවක් කිව්වා.ඊලඟ බිංගෙය ඇතුලෙදි මම එයාගෙ කණට කරල ලොකු හූවක් කිව්වා.තුන්වෙනි බිංගෙය ගාවදි අපි දෙන්නම එකට හූ කිව්වා.
    ඉදල්ගස් හින්නෙ ඉඳන් ඔහියට තිබුණෙ එක ස්ටේෂන් එකක් වුනත් ඒ අතරෙ බිංගෙවල් ගොඩක් තියෙනවා.ඒ ගමනත් අපූරු චමත්කාරයක් තියෙන එකක් වුනත් මම ඒක සාවිත්‍රිට නොපෙන්වා ඉන්න උත්සාහ කරා.


    34236311796ae72ba7fd.jpg


    ඔහියට පාලු මූසල ගුප්ත පෙනුමක්.මට හිතා ගන්න බැරිවුනේ එයා ඇයි ඔහියට ආසවුනේ කියලා.ඒත් ඔහියෙදි එයා අනිත් හැම තැනදිම වඩා මට ලං වුනා.

    'ඔයා දන්නවද මෙතනින් තමා ලෝකාන්තයට යන්නේ'
    කෙලවරේම තිබුණු බංකුවක මගෙ ලඟින්ම වාඩිවෙලා එයා කතා කරා.
    'ගිහින් පනිමුද දෙන්නත් එක්ක ලෝකාන්තයෙන්'
    මම ඇහුවෙ තාමත් මෙතනට ආපු එක ගැන මම ඉන්නෙ නොකැමෙත්තෙන් ගැන එයාට ඒත්තු ගන්වන්න.
    'ඕනෙ නෑ අනේ.ඔයා හැමදාම මං ලඟ ඉන්නවනෙ ඉතින් ඇයි අපි එහෙම කරන්නෙ.'
    එදා එයා වෙනදට වඩා හුරතල් වුනා.වෙනදට වඩා කතා කරා.
    'දැන් මොන එහෙකටද මෙතනට ආවෙ'
    'ඇයි බලන්නකො මෙතන තියෙන ලස්සන.මං නම් ආස මෙතනට.'
    එයා එහෙම කිය කිය මට තව ලං වුනා.
    ඔහියට පෙනුනෙ ඈතින් තියෙන එළවළු කොරටු යායක් විතරයි.ඒත් සාවිත්‍රිගෙ ආදරය වෙන කිසි දවසක නැති තරම් මට දැණුනා.
    ඒත් අපිට ඔහියෙ ඉන්න වුණු වෙලාව අඩුයි.පොඩි මැණිකෙ පරක්කු නොවී අපිව එක්කගෙන යන්න ඈතින් මතුවුනා.

    මුලු හිතම පිරිල තිබුනෙ තේරුම් ගන්න අමාරු අමුතු සිතිවිලි ගොඩකින්.හැම මොහොතකම හිත ඉල්ලුවෙ සාවිත්‍රිගෙ පහස.

    එදායින් පස්සෙ අපි දෙන්න ආයෙ හම්බ වුනේ තේ යාය කෙලවරක සවස් වරුවක. අපි දෙන්නට නිදහසේ හම්බ වෙන්න පුලුවන් ව්ලාව තැන ඒ වෙද්දි අපි දෙන්නම දැනගෙන හිටියා.

    සීතල හැන්දෑවක කවුරුත් නැති මහා තේ යායක මම එයාගෙ අති අල්ලගෙන තේ වත්ත උඩට ගියා.තේ පදුරු අපි දෙන්නගෙ ඉනටත් ඉහලට ලොකුයි.බිම වාඩිවුනාම කාටවත් අපිව පේන්නෙ නෑ.
    මගෙ හිතට ආපු දේවල් තේරුම් ගන්න මටම බැරිවුනා.එයාව තුරුල් කර ගන්න,ඉඹින්න තව....වැක එක සිතිවිලිත් එක්ක මගෙ හිත පොර බඳිමින් හිටියා.
    'මම ඔයාව ඉඹින්නද'
    ටික වෙලාවකින් මම සාවිත්‍රිගෙ කණට ලං වෙලා ඇහුවා.ලැජ්ජාවෙන් ඇස් රතු වුනත් එයා ඒකටත් උත්තර නොදී කැමති වුනා.

    එයාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
    දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.


    මේ වෙද්දි අපි දෙන්නම හිටියෙ බිම දිගා වෙලා වගේ.වෙන කිසිම හැඟීමකින් වටපිටාව ගැන අවධානයකින් තොරව මගෙ හිත ඒ සුවය විඳිමින් හිටියා.
    එක පාරට එයා මාවත් තල්ලු කරගෙන නැගිට්ටා.එයාගෙ ඇස් වල තිබුනෙ කවදාවත් දැකල නැති බියකරු බවක්.
    'ලොකු මාමා'
    එයා එහෙම කිව්වෙ පල්ලෙහා බලාගෙන. අපි හිටිය තැනට ටිකක් එහායින් ලොකු අප්පච්චි පල්ලෙහාට යමින් හිටියා.
    'එයා අපිව දකින්න නැතුව ඇති'
    මම එහෙම කිව්වෙ මගෙ හිතටත් දැනුනු බය නැති කර ගන්න.
    'මං යනවා'
    සාවිත්‍රි ගෙදර ගියා.මම කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුනා.ලොකු අප්පච්චි අපිව දකින්න නැතුවම ඇති කියන විශ්වාසය හිතට ඇතුලු කර ගන්න කොච්චර හැදුවත් එයා අපිව දකින්න ඇති කියන සැකය ඊට වඩා තදින් හිතට කිදා බහිමින් තිබුණා.
    මේ හැම එකකින්ම පැනල යන්න ඕනෙ වුනත් කරගන්න දෙයක් නොමැති කමට මට ඊට මූණ දෙන්න ඕනෙ වුනා.
    ඕනෙ දෙයක් උනාදෙන් කියල මම ලොකු අප්පච්චිලගෙ ගෙදර එන්න පිටත් වුනා.
    ගෙදරට ලං වෙනකොට හිතේ ගැස්ම එන්න එන්නම වැඩිවුනා.මහා ලොකු වරදක් කරපු වැරදි කාරයෙක් වින්ශ්චය කූඩුව ලඟට ගෙනියද්දිත් මෙහෙම බයක් දැනෙන්නෙ නැතුව ඇති.
    මල්ලියි නංගයි එළියෙ හිටිය හින්දා වෙනසක් නොපෙන්න මම ඒ දෙන්නත් එක්ක එලියෙ නැවතුනා.

    මම හෙටම ගෙදර යනවා.මට ඕනෙ උනේ හැම දෙයකින්ම පැනල යන්න.ලොකු අප්පච්චි කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.ලොකු අම්මත් එහෙමයි.
    'මේ ගොල්ලන්ට ස්කෝලෙත් පටන් ගන්නවනෙ පුතා කවදද ගෙදර යන්නෙ'
    ලොකු අප්පච්චි ඇහුවෙ රෑ කෑම මේසෙදි.
    'මම හෙට යන්න කියල ලොකු අප්පච්චි'
    මම උත්තර දුන්නෙ බිම බලාගෙන.
    'හෙට'
    චූටි නංගා පුදුම වෙලා ඇහුවෙ ඒක එයාල කිසි ලෙසකින් බලාපොරොත්තු වුණු දෙයක් නොවන හින්දා.
    'ඔව් දැන් පන්තිත් පටන් ගන්නවනේ.සති දෙකක් හිටියනේ'
    නංගයි මල්ලියි මූණ ඇඹුල් කර ගන්නවා දැක්කට මට ඒ ගැන හිතන්න ඕනෙ වුනේ නෑ.මට ඕනෙ වෙලා තිබුනෙ හැම දේකින්ම පැනල යන්න.
    රෑ නින්දට ගියත් එදා රෑම මට නින්ද ගියේ නෑ.උදේ වෙන්න කලින් සිය පාරක් විතර මම වෙලාව බලන්න ඇති.
    මම එනකොටත් ලොකු අප්පච්චි කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.චූටි නංගයි මල්ලියයි මං එක්ක පාරට ආව.
    'සාවිත්‍රි අක්කට කියන්න මම ගියා කියල හරිද'
    වෙන කරන්න දෙයක් නැති කමට මම මල්ලියට එහෙම කිව්වා.
    බණ්ඩාරවෙලට ආවට මට වෙනදට වගේ ස්ටේෂන් එකට යන්න හිත දුන්නෙ නෑ.හුරුපුරුදු බණ්ඩාරවෙල නුහුරු නුපුරුදු එකෙක් වගේ,හුරුපුරුදු ස්ටේෂන් එකට නොගිහින් මම නුහුරු නුපුරුදු ස්ටෑන්ඩ් එකෙන් කොළඹ බස් එකක නැග්ගා.
    ජීවිතේ පලවෙනි වතාවට මම බණ්ඩාරවෙලින් බස් එකේ කොලඹ එන්න පිටත් වුනා.මට ඕනෙ වුනේ මගෙ මතකය හිර කරන්න.ඒත් හපුතලේට එනකම්ම කෝච්චි පාර සැරින් සැරේ මට ලං වෙලා ආයෙම ඒ මතකය ඇහැරවන්න හැදුවා.
    හපුතලේදි බස් පාරට උඩින් ගිය කෝච්චි පාර මගෙ සුන්දර මතකයත් අරගෙන ඉදල්ගස් හින්න පැත්තට ගියා.මම මතකයට අගුලු දමමින් හපුතල් කන්දේ බෑවුම බසිමින් බෙරගල පැත්තට ගියා.

    කෝච්චි පාර සහ බස් පාර දෙපැත්තකින් හැදීම ගැන සුදු ජාතිකයින්ට සිතින් ප්‍රශංසා කරමින් මම කොළඹ එමින් හිටියා.
    ලෝකාන්තයට පිටුපස මගෙ සුන්දර මතක හංගමින් මම ලෝකාන්තය පාමුලින් පලා යමින් තිබුනා.

    උඩරට කෝච්චි පාර ආයෙ මට හම්බවුනේම නෑ.මම සිරකල නොහැකි මතකය සිර කරගනිමින් ගෙදර ආවා....................................

    හ්ම්ම්ම්ම් ඒ පොතේ ලියල තිබුනෙ නම් එච්ච්රයි.....
    කතාව ලියල ඉවර වෙන්න කලින් අම්මලා ගෙදර ආවා.ආපු වෙලේ ඉඳන් එයාලගෙ විස්තර.
    'ඔක්කොමල ඔයාව ඇහුව පුතේ.'
    මම උත්තර නොදී අහගෙන හිටියා.එදා වෙච්ච කිසිම දෙයක් ගැන කිසිම දෙයක් අද වෙනක්ම්ම වුනේ නෑ. එදායින් පස්සෙ ලොකු අප්පච්චිල අපේ ගෙදර දෙතුන් පාරක්ම ආව.ඒත් සාවිත්‍රිව මට එදායින් පස්සෙ එකම දවස්ක් වත් හම්බ වුනේ නෑ.
    සාවිත්‍රි අක්ක ඇහුව ඇයි ඔයා ආවෙ නැත්තෙ කියලා'
    ඒ අපේ මල්ලි.
    'කෙල්ල හරි ලස්සනට හිටියා'
    ආයෙම අපේ අම්ම.

    කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුල් ටික විතරයි කියෙව්වේ කතාව තාම බැලුවෙ නැ ඔක්කොම ටික බලලා අයෙත් කමෙන්ට් එකක් දෙන්නම් :yes:
    මේක පෙරෙරා අයියාගෙ මතක පොතෙන් ගත්තද මන්දා :shocked::rofl:
     
    • Like
    Reactions: cspmaxx

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හපොයි මම හිතන් හිටියෙ අන්තිමට හරි දෙන්නා එකතුවෙයි කියලා :yes:
    "කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට....................."

    මේක ඇහුවට පස්සෙ නම් ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ:baffled:
    උබ මහ බූරුවෙක් බන් අපරාදෙ :angry:
    දැන් ඉතින් වෙදනාබර සොදුරුමතකයක් විතරයී ලස්සනට ලියලා තියෙනවා :(
    ජයවේවා
    11.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක ඇත්තමද බන්.
    එලටම ලියලා තියනවා.
    මොකක් හරි පත්තරයකට හරි සඟරාවකට හරි මේක ඉදිරිපත් කරපන් මචන්.


    6+
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    කොටස් වශයෙන් දැම්මනං ගොඩක් අයට කියවන්න හිතෙයි:dull:.
    හිමීට මේක කියවන්නං:yes:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Monawada yakow pollen gahuwa wage ekaparatama Savithrige wedding ekata giya kiyanne :angry::angry::angry:...
    Shik...Mul tika kiyawaddi mama nikan pem sayure kimidila wage hitiye :sorry::sorry::sorry:....

    Patta kathawa manawa unath... :yes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ලස්සන කතන්දරයක් ලොකු අයියෙ.
    වෙනදා වගේමයි...

    (ගොඩාරියක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ.) :P
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :shocked:
    දැන් උඹ කවි,කතා ලියන්නේ කොහොමද කියලා
    හිතාගන්න පුලුවන්:P

    ප.ලි : මෙවන් බූටබල් සිදුවීම් දැනට කීයක් පමණ සිදුවී තිබේද?:eek::sorry:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එල මචෝ.....
    මටත් මේ වගෙම සුන්දර මතක සටහන් තියෙනව බන් ඒත් ඒ මතකයන් මගේම කරගන්න මට වාසනාව නෑ බන්
    උබගෙ ඔය සාවිත්‍ර වගේම මටත් කෙල්ලෙක් හිටිය එත් එක හීනයක් විතරයි බන් දෑන් එයා වෙන කෙනෙකුට ආදරය කරනව ,ඒත් මට ඒ මතකයන් අමතක කරන්න බෑ මාව මෑරුවත් බෑ.. බෑමයි.
    උබගෙ මේ පෝස්ට් එක මම කියවනකොට මට ඈඩුන බන්
    උබ ඒ කෙල්ල එක්ක ගතකරපු සොදුරු නිමෙශයට සමානයි බන් මගෙ කතාවත්

    මට මේ කතාවට උබට දෙන්න රේප් මදි ඒ තරමටම මම මේ කතාවට කෑමති බන්
    +++++++++