නීතියද-අවනීතියද???
අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින ස්වාධීන රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩ අද (29) තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ පිටවගිය අයුරු ඡායාරූපගත කිරීමට අප වාර්තාකරු සමත්විය.
මොහු පොලීසියට පැමිණියේ 64 - 1727 දරණ VVIP පෙජරෝ රථයෙනි.
ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදාගනිමින් පරණ යකඩ ටොන් 1828 ක් දෙන බවට පොරොන්දු වී ලක්ෂ 15 ලබා ගැනීමේ දුෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය ජුලි මස 19 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
වරෙන්තුව නිකුත් කොට මසක් ගතවී ඇතත් සුදර්මන් තවමත් නිදැල්ලේය. එහි ඇති විශේෂත්වය වන්නේ අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයකුට පොලීසියට පැමිණ පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලටද මැදිහත්වීමේ හැකියාව තිබීමයි.
එමෙන්ම ස්වාධීන රුපවාහිනියේ රැකියාව කරමින් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවෙමින් තම සිතැඟි පරිදි සිටීමේ හැකියාවක් සුදර්මන්ට ඇත.
එහෙත් මෙවන් දෙයක් විරුද්ධ පාක්ෂිකයකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට සිදුවුවානම් වරෙන්තුව නිකුත් කල පසුව ඔහුට සිදුවන දෙය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ.
තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පොස්ටර් අලවන පුද්ගලයින් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට සිදුවන පොලීසියට මෙම සිද්ධීන් හමුවේ ඇස් කන් පියාගෙන සිටීමට සිදුව ඇත.
එබැවින් මෙම අවනීතිය ප්‍රශ්න කළයුතු නොවේද?
සුදර්මන් තලංගම පොලීසියේ සිට සිය රථය නවතා ඇති ස්ථානයට යන අයුරු.
සුදර්මන් පොලිස්ථානයෙන් පිටව යන අයුරු
උපුටාගැනීම lankatruth

ඔව ඔහොම තමා බන් 
Loku aiya kenek wage