මිනිසා අසරණයි....
අත මිට සරු විටෙක හිත සතුටින් පිරිලා
නැති නෑදෑයනුත් එයි නෑ කම් කියාලා
බැරි උන දාට පණ යන විට මඟ වැටිලා
නැත දිය පොදක් දෙන්නට කිසිවෙකු රැදිලා
විස රුඳු හැඟුම් සඟවා හද පතුල යට
හසරැලි නඟන මුත් අබියස දුටුව විට
හිස අත ගගා රස මුසු බස් මෙනෙහි කොට
ඇය ගලවා ගනියි නොදැනෙන විලස කට
සිතිවිලි කෙලෙස ගෙන තන්හා පෙරටු කොට
ගැති වී වස්තුවට කුලයට නම්බුවට
පැතුවත් දුම්වැටිය මත් විත නිදහසට
අසරණ වෙලා අද මිනිසා මිනිසාට.....







අත මිට සරු විටෙක හිත සතුටින් පිරිලා
නැති නෑදෑයනුත් එයි නෑ කම් කියාලා
බැරි උන දාට පණ යන විට මඟ වැටිලා
නැත දිය පොදක් දෙන්නට කිසිවෙකු රැදිලා
විස රුඳු හැඟුම් සඟවා හද පතුල යට
හසරැලි නඟන මුත් අබියස දුටුව විට
හිස අත ගගා රස මුසු බස් මෙනෙහි කොට
ඇය ගලවා ගනියි නොදැනෙන විලස කට
සිතිවිලි කෙලෙස ගෙන තන්හා පෙරටු කොට
ගැති වී වස්තුවට කුලයට නම්බුවට
පැතුවත් දුම්වැටිය මත් විත නිදහසට
අසරණ වෙලා අද මිනිසා මිනිසාට.....











