ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..


    ඉරිදා දවසෙ පොඩි ඕෆ් එකක් අරගෙන ගියා වින්ඩ් ස'ෆින් බලන්න පොතුවිල්..
    අහම්බෙන් වගේ ඒ ගමන් මේ තැනටත් යන්න පුළුවන් වුනා පෙර පිනකටද මන්දා....
    මහා දාඨික මහානාග රජතුමා විසින් කරවන ලද මණිනාග පබ්බත බෝධිගිරි විහාරය හෙවත් ශ්‍රාස්ත්‍රවෙල පන්සල දැක්කම මගේ හිතට දැනුනේ පුදුම ආඩම්බරයක් අපේ මුතුන්මිත්තන් ගැන..
    පොතුවිල නගරයේ ඉඳලා කිලෝමීටර 10ක් විතර පානම පැත්තට යද්දී තමයි මේ අප්‍රකට ඒත් ස්වභාව සෞන්දරයෙන් පරිපූර්ණ වූ පුදබිම පිහිටලා තියන්නේ..

    ප්‍රධාන මාර්ගයේ ගිහින් හැරෙන්නේ මෙතනින්......

    DSCN2674.JPG



    මේක අයිති අම්පාර එහෙමත් නැත්නම් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පානම් පත්තුවට.නැගෙනහිරින් තෙරක් නොපෙනෙන මහ සමුදුරත් සහ අනෙක් හැම පැත්තෙන්ම යාල අභයභූමියට සම්බන්ද වන ඝන වනයෙන්ද වටවී තියෙනවා..
    බොහොමයන් නැගෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳව දහසකුත් කරදර කම්කටොළු මැද තම ජීවිත කාලයෙන් වැඩි කලක් නැගෙනහිරම ගතකල පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අපගේ ගෞරවය හිමි විය යුතුය..

    පොතුවිල් සිට පානම දක්වා පැමිනෙන විට මෙන්න මේ නාම පුවරුව අසලින් හැරී 1/2 කි.මී. විතර දුරක් ගියහම මේ ලස්සන පන්සලට යන්න පුළුවන්..
    මෙතනම තමයි ශාස්ත්‍රවෙල STF කඳවුරත් තියන්නේ

    DSCN2675.JPG


    දැනගන්න ලැබුනු විදිහට මේ කඳවුරත් තියන්නේ පන්සලට අයිති භූමියේමයි..
    ඒකට හේතුවතමයි විහරයේ කෙලවරක වෙන්න තියන හැඩ ඔය මූදට වැටෙන තැනින් LTTE ත්‍රස්තවාදීන් උතුරේ ඉඳලා ඇවිත් මෙතනින් තමා යාල කැලේ ඇතුලට ඇතුළුවෙලා තියන්නේ..
    මේ විහාරයේ දැනට වැඩවසනවා බුත්තල ප්‍රදේශයෙන් පැමිණි ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ තවත් කුඩා සාමණේර වහන්සේලා..එතුමන් දහසකුත්
    දුෂ්කරතා මැද තමා මෙතන වාසය කරන්නේ.

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    කොහොම වුනත් නේ අහල පහල කඩයක් හොයාගන්නවත් නැහැ..
    එක පැත්තකින් පොතුවිල් වලට 10 කි.මී. විතර අනෙක් පැත්තෙන් පානමට හරි යන්න ඕනෑ අවශ්‍ය දේ ගන්න..වග වලසුන් ගහන මේ වනාන්තරයේ ඉඳලා..දානය නම් නොලැබෙන දවස් වලදී STF කඳවුරෙන් ලැබෙනවාලු.
    කොහොම වුනත් අරුගම්බේ මුහුදු තීරයට සමීපව පිහිටීම් එක පැත්තකින් මේ පන්සලට අභාග්‍යක් වෙලා...
    මොකද කියනවානම් රජයෙන් සංචාරක මණ්ඩලයේ හෝටල් ඉදි කිරීම සඳහා මේ පින් බිමේ ඉඩම් යොදා ගන්නවලු..

    ඒවගේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ගැන එච්චර හොයා නොබලන එකත් මහා අභාග්‍යක්..තවම හරියකට කැණීමක් වත් කරලා නැතිලු.

    DSCN2612.JPG


    1973 වනතුරු මේ විහාරබිම පැවැතිලා තියන්නේ වන සතුන්ගේ නිවහනක් විදියට..
    1970.07.18. දින පොතුවිල් ඉඳලා පානම දක්වා පාරක්වත් නැති කාලේක වැඩමවූ කොස්සාපොල සරණපාල හිමියෝ තමයි මේ තැන නැවත ගොඩනගන්න මූලිකවෙලා තියන්නේ...
    ආහාර පාන ඉතා දුලභ නිසා එතුමන් බඩ ඉරිඟු තමයි දානය ලෙස අරගෙන තියන්නේ...

    DSCN2613.JPG


    ශාස්ත්‍රවෙල කියන්නේ වෙල්යායක්ලු මේ පන්සල අවට වෙල් යායක් තිබුනු නිසා ඒ නම ඇතිවීලු.......


    DSCN2639.JPG




    පැරණි විහාරය මෙහි සැතපෙන පිළිමයක් තිබූබවට සාධක හමුවී ඇත..

    DSCN2614.JPG

    DSCN2616.JPG

    DSCN2617.JPG



    විහාරයේ සිතුවම් තිබූ බවට ඇති සාධක.....

    DSCN2618.JPG



    කටාරම් කොටා චිත්‍ර ආරක්ෂා කර ඇති අයුරු..


    DSCN2625.JPG



    මෑත කාලීනව මෙහි පැමිණි අය තම හැදියාව පෙන්වූ අයුරු.....


    DSCN2626.JPG



    මුස්ලිම් අඳුරු සෙවනැලි..:(:(


    DSCN2631.JPG



    ඝන කැලය...


    DSCN2632.JPG



    මේකට කියන්නේ "crocodile rock" කියලා හැඩයට වෙන්න ඇති මගෙ හිතේ...


    DSCN2633.JPG


    ඒ නැතත් මෙතන හැඩ ඔය කිට්ටුව කිඹුලන් බහුලව ගැවසෙනවාලු...
    මුහුදට මුහුණලා කුටියක් මේ ආසන්නයේ තිබිල තියනවා...

    චෛත්‍යයක් තිබුන ස්ථානයක්...නිදන් හොරුන් විනාශ කර ඇති ආකාරය...


    DSCN2635.JPG

    DSCN2643.JPG



    හැඩ ඔය මුහුදට වැටෙන තැන...

    DSCN2636.JPG

    DSCN2646.JPG



    චෛත්‍යයක් තිබුන තැනට අවට පෙනෙන ආකාරය....


    DSCN2645.JPG



    මේකෙ තමයි පිරිවෙන් පන්ති පවත්වන්නේ....


    DSCN2664.JPG

    එළකිරි යාළුවන්ට මේක තමයි උදව්වක් කරන්න වෙලාව....

    සෙල් ලිපියක්.......

    DSCN2672.JPG



    පන්සලට පිවිසෙන විට...........


    DSCN2673.JPG


    ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න...පුදුමාකාර ලස්සන තැනක්..පෞරාණික වටිනාකමකුත් තියන....
    උදව් කරන්න අපි වෙනුවෙන් එළකිරි එකේ කැමති ආ ඉන්නවනම් මෙන්න අවස්ථාව...
    මේ තියන්නේ පන්සලේ දැනට වැඩ වසන ස්වාමීන් වහන්සේ නමකගේ දුරකතන අංකය
    0711785440-බුත්තල වජිරවංශ හිමි.
    බුත්තල සුගතසිරි හිමි.
    බලන්න යන අය ....
    අපේ අතීත උරුමය ආරක්ශා කරන ගමන්ම පොලිතින් ප්ලාස්ටික් වලින් මේ බිම වනසන්න එපා කියලත් මතක් කරනවා.....
    පොතුවිල් රෝහලේ රන්ජන් මහතාටද ස්තූතිය හිමිවිය යුතුය..
    හොඳ නම් අරවාවත් දෙන්න....හොඳේ....;););););)
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් වටින ව සහො
    ඉපරිමයි,දවසක් නෙමෙයි සතියක් වුනත් නිවාදු දැම්මට අපරාදයක් නැ
    මේ වගෙ වටින තැන් බලන්න

    rep+