සතර දළදා වහන්සේ ඓතිහාසික පසුබිම
සතර දළදා වහන්සේ
ඓතිහාසික පසුබිම
සතර දළදා වහන්සේ
ඓතිහාසික පසුබිම
අසූ වසක් ආයු වළඳා පිරිනිවන් පෑ බුදුුජාණන්වහන්සේ දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතූන්ගෙන් සප්ත මහා ධාතූන් ලෙස සැලකෙන කොටස් 07ක් හැර ඉතිරි අස්ථි සියල්ල මුං පියලි ,කඩ සහල්,අබ ඇට යන විවිධ ප්‍රමාණයන්ට කැඩී බිදී වෙන් වී ගියේය. ලලාට ධාතු, අකු ධාතු දෙනම, සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිදුණූ සප්ත ධාතුවෝ වෙති. මෙහි එන සතර දළදාව ලෙස හදුන්වන්නේ "රදනක" ලෙසින් සැලකෙන දත් විශේෂයයි. පාලි භාෂාව තුළ එය "දාඨ" යන වචනයෙන් හදුන්වනු ලැබ ඇත. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි "චත්තාලිස දන්තතා" ලෙස දැක්වෙන ආකාරයට බුදුුරජාණන් වහන්සේ සතුව සම සතලිස් ධාතු පිහිටා තිබී ඇත. සතර දළදාවන් අනෙක් ඒවාට වඩා සුදු පැහැයෙන් යුක්ත වූ බවත් කියවේ.
එක් දළදාවක් තව්ිතිසා දෙව් ලොවද, එක් දළදාවක් නාග ලෝකයේද, එක් දළදාවක් ගාන්ධාර දේශයේද, අනෙක කාලිංග දේශයේද යන ඉහත අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ද සනාථ කෙරෙයි. බුදුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් පසුව ධාතු ඛෙදාදීමේ කටයුත්ත සිදුකොට ඇත්තේ ද්‍රෝණ නම් බමුණකු විසිනි. ඒ හා බැදුණු ඇතැම් රසවත් සිදුවීම් ද මූල් කරගනිමින් සතර දළදාවන් ඒ ඒ තැන් වල ස්ථානගත වූ ආකාරය ධාතු වංශය ඇතුලු බොහෝ මූලාශ්‍රවල විස්තරාත්මකව දක්වා ඇත.
එම විස්තරයන්ට අනුව ධාතු ඛෙදීමේ නිරතව සිටි ද්‍රෝණ බමුණා ඒ කෙරෙහි ලොල්බැද එක් දකුණු දළදාවක් සිය ජටාවේ සඟවාගන ඇත. පසුව අනෙක් දකුණු දළදාව සෑගවීමට උත්සහ ගෑනිමෙද්යි බිම වෑටුනු නිසා පයින් වසා සඟවා ගත්තේය. වම් උඩු දළදාව වස්ත්‍ර අතර සඟවාගන ඇත. දකුණු දළදාව සෑගවීමට උත්සහ ගෑනිමෙද්යි බිම වෑටුනු නිසා පයින් වසාගත් අයුරු දුටු ජයසේන නම් නා රජෙකු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ ඍද්ධියෙන් ගෙන නාග භවනට ගොස් නාගපුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කොට මහත් වූ පුද පූජා පවත්වා ඇත. බෞද්ධයන් විසින් තව්ිතිසා දෙව් ලොව වැඩවසතැයි විස්වාස කරන අනෙක් දකුණු දළදා වහන්සේ සක් දෙවිදුන් විසින් රෑගෙන ගිය ලද්දකි . ධාතු ඛෙදීමේ උත්සවයට සහභාගී වූවන්ගේ ප්‍රමාදයෙන් ද්‍රෝණ බමුණා විසින් තම ජටාව තුළ සඟවා ගත් දකුණු දළදාව නොදැක සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවුරුන් විසින් ගනු ලැබුවාද කියා දිවසින් බලන්නේ එය බමුණාගේ ජටාව තුළ ඇති බව දුටුවේය. බමුණාට එම දන්ත ධාතූන් වහන්සේ ගෙන ගොස් නිසි පුද සත්කාර කිරීමට තරම් හැකියාවක් නොමැති බව වටහාගත් සක්දෙවිදු ඉතා සියුම් අතක් මවාගෙන ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඩුවක තැන්පත් කර හිස මුදුනේ තබාගන තව්ි තිසා දෙව්ි ලොවට ගොස් ඇත. දළදා සිරිතේ දක්වන ආකාරය සක් දෙව්දු එම ධාතු කරඩුව සිළුමිණ මහාසෑයේ තැන්පත් කොට පුද සත්කාර කොට ඇත.
කාලිංග දේශය හා වම් දළදා වහන්සේ
එම රජ පෙළපත මෙලෙස වසර අටසියයකට පමණ කාලයක් පරම්පරා පිළිවලින් දළදා වහන්සේට අනේක විධ පුද පූජා සත්කාර සම්මාන පවත්වා ඇත. එහි අවසන් කාලයේ රජකමට පත් වූ ගුහසීව නම් රජු මිසදිටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කෙරුණු පුද පූජා සත්කාර හා වැදුම් පිදුම් අතහැර දැම්මේය. එසේ වුවද වැසියන් නිති පතා පුද පූජා පැවැත්වූයේය. ඒ දුටු රජු පසු කළෙක බුදු දහම කෙරෙහි පැහැදී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කරගෙන ආ පුද පූජා සිරිත් නැවත කිරීමට ආරම්භ කළේය.

කාලිංග දේශයට වැඩමවා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. බුදුරජාණන් වහන්සේගේ අගසව් වහන්සේ නමක් වූ සැරියුත් මහරහතන් වහන්සේගේ ගෝලයකු ලෙස සැලකෙන ඛිම නම් රහතන් වහන්සේ නමක් විසින් ආදාහන චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටිවම්ි දළදාව ගෙන කාලිංඝ දේශයට ගොස් බඹදත් රජතුමාට එය භාරකොට ඇත. ජිනකාල මාලයේ ද එලෙසම සදහන් වේ. "ඉක්බිිති සියලු කෙලෙසුන් නසා ඛිම ප්‍රාප්ත වූ ඛිම නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ඝණ වන්දනා චිත වූ චිතකයෙහි දීම පහල වූ වම් ඇති වම් දළදා වහන්සේ ඍද්ධිියානුභාවයෙන් ඇරගත් සේක"ආදී ලෙසින් දළදා සිරිතේ මෙම සිද්ධිිය දැක්වේ. ඔහු රන්රුවන් මුතුවැල් වලින් බැබළෙන සුවිසල් මැදුුරක් සාදවා දළදාව එහි තැන්පත් කළ බවක් දළදා පූජාවලියේ සදහන් වේ. ඒ අනුව දළදා වහන්සේ වෙනුවෙන් ඉදිවෙන පළමු දළදා මැදුර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා ආසන්න සමයේම ඉදිවූ බව පැහැදිළිය. එම මාලිගාවේ සිට පවත්වන ලද දළදා පූජාවක් පිළිබද බොහෝ විස්තරයන් ද දක්නට ලැබේ. මෙම මාලිගාව ඉදි වූ ප්‍රදේශය දන්තපුරය නමින් හදුන්වා ඇත.
මෙම දන්තපුරය පිළිබඳව විස්තරයක් සිංහල පන්සිය පනස් ජාතකපොතේ එයි. එහි චූල්ල කාලිංග ජාතකයෙහි දන්තපුරය ගැන සදහන් වන අතර ධර්මප්‍රදීපිකාවේද (දන්තපුරේ රාජා හුත්වා) එබදු සදහනක් දක්නට ලැබේ. කළිඟු රජුගේ ඇවෑමෙන් රජකමට පත් වූ ඔහු පුත් කසීරජ එම දළදා මැදුර මැණික් වලින් ආලෝකමත් කොට පුද පූජා පවත්වා ඇති අතර පෙර සිරිතට අනුව එමින් කසී රජුගේ පුත් සුනන්ද රජුද දළදා හිමිට නිසි වත් පිළිවෙත් පුද පූජා පවත්වා ඇත.
එම රජ පෙළපත මෙලෙස වසර අටසියයකට පමණ කාලයක් පරම්පරා පිළිවලින් දළදා වහන්සේට අනේක විධ පුද පූජා සත්කාර සම්මාන පවත්වා ඇත. එහි අවසන් කාලයේ රජකමට පත් වූ ගුහසීව නම් රජු මිසදිටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කෙරුණු පුද පූජා සත්කාර හා වැදුම් පිදුම් අතහැර දැම්මේය. එසේ වුවද වැසියන් නිති පතා පුද පූජා පැවැත්වූයේය. ඒ දුටු රජු පසු කළෙක බුදු දහම කෙරෙහි පැහැදී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කරගෙන ආ පුද පූජා සිරිත් නැවත කිරීමට ආරම්භ කළේය.
නිඝණ්ඨයන් විසින් යලිත් රජු තම බසට හරවා ගැනීමට උත්සාහ කලද නොනැමුණු ගුහසීව රජු ඔවුන් තම දේශයෙන් පන්නා දමුවේය. එයින් මිසදිටු නිඝණ්ඨයෝ කෝපයට පත්ව පැළලුප් නුවර පණ්ඩු නම්ි රජෙක් හමු වී "මහරජ, ගුහසීව නම් ප්‍රාදේශීය රජෙක් ඔබ ගරු කරන ශිව, බ්‍රහ්ම ආදී දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට වදීය." යැයි කීහ. මෙය දළදා සිරිතේ දක්වා ඇත්තේ "දෙවයිනි නුඹට සාමන්ත වූ ගුහසීව නම් රජතෙම නුඹ විසින් පුදන ලද බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියන්ට නින්දා කොට මිනී ඇටයක් තබා පුද සත්කාර කරන්නේය" යනුවෙනි. "කලිඟු රට දන්ත නුවරට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද ඇටය වහා ගෙනව" පණ්ඩු රජු නියෝග කොට ඇත. "සේනාව සමඟ චිත්‍රයාන දන්තපුරයට ගිය අතර එහිදී ගුහසීහ රජුත්, දළදාවත් ගැන ප්‍රසාදයට පත්විය. එසේ වුවද තම ස්වාමියාගේ රාජ නියෝගය කඩකිරීමට නොහැකි වූයෙන් රජුත් දළදාවත් පෙරහැරකින් පාණ්ඩ්‍ය දේශයට වඩම්මවා ඇත. දළදා වහන්සේ විනාශ කිරීම සදහා නිගණ්ඨයන් හා එක්ව පණ්ඩු රජු කළ දෑ පිළිබදව දාඨාවංශය හා ජිනකාලමාලී ඇතුළු වෙනත් මූලාශ්‍ර වල සිත් ගන්නා සුළු දිගු විස්තරයක් දක්වා ඇත. මේ පිළිබදව ජිනකාලමාලනියට වඩා දීර්ඝ වූද වර්ණනාත්මක වූද විස්තරයක් දළදා පූජාවලියෙත් දළදා සිරිතෙත් දක්නා ලැබේ. ඉන් අනතුරුව රජ දළදා වහන්සේ විනාශ කිරීමට කළ කී දෑ පිළිබදව මූලාශ්‍ර බොහොමයක් වාර්තා සපයයි. දීපණ්ඩු රජු අඟුරු රැසක දමා ඒ ධාතුව දවයි පැවසූ විට ඔවුහු එසේ කළහ. එකෙනෙහිම රථ රෝදයක් පමණ වූ මහ පියුමක් දළදාව පිළිගති.
දාඨාවංශ විස්තරයට අනුව ඉතා දුර අහසට විහිදුණු ගිනිජාලාවන්ගෙන් යුතු ගිනිවලකට දළදාව දැමූවද දළදාවට කිසිදු හානියක් නොවී ගිනි වල තුළින්ම පැන නැගුන රන් පූෂ්පයක් මත පිහිටුවා ප්‍රාතිහාර්යය දක්වා ඇත. ඒ පිළිබද දළදා සිරිත දක්වන විස්තරය භක්ති ප්‍රමෝදිතය. මෙම උපක්‍රමය අසාර්ථක වූ තැන පඩි රජුගේ නියෝගය පරිදි වානේ කිණිහිරියක් මත දළදාව තබා තලා දැමීමට නියෝග කළහ. එයද අසාර්ථක කරමින් දළදා තොමෝ කළුගෙඩියෙහි භාගයක් ගිලී භාගයක් ගිලෙමින් කදුමුදුනකින් අඩක් නැගුණ සඳ මෙන් ගිලී ගියහ. එහි වැඩ සිටි දළදාවෙන් රශ්මි කදම්භයක් විහිදුනාහ. නිඝණ්ඨ ජනයා කල්පනා කලේ එය විෂ්ණු දෙවියන්ගේ ශාරීර අවයවයක් ලෙසය. එසේ කල්පනා කොට පැන් වඩා දළදාව කිණිහිරෙන් ගලවා ගැනිමට උත්සාහ කළද එයද අසාර්ථක විය. දළදාව කිණිහිරෙන් ඉවත් කර ගැනීමට කෙතෙක් ඇද්දැයි අසා පණ්ඩු රජු විසින් අණඛෙර යවා විමසනු ලැබීය. එම ආරාධනයෙන් සුභද්ද නම් සිටුපුත්‍රයකු පැමිණ බුදුගුණ ගයමින් පුදපූජා පවත්වා ආරාධනා කළ කල්හි දළදා වහන්සේ කිණිහිරයෙන් ඉගිලී අහසට පැන නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක.එයද නොඉවසූ මිසදිටුවෝ දළදා වහන්සේ ගැඹුරු වලක දමා ඇතුන් ලවා පාගාදැමීමට සැලැස්වීය. මේ අවස්ථාවේිම උන්වහන්සේ අහසට පැණ නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක. හතර වන වර නිඝණ්ඨයෝ දුගඳ හමන මහා අසූචි වලකට දළදා වහන්සේ දැමූහ. විසිකරන විටම ඒ වල පස්පියුමින් වැසී ගොස් ඒ මත හටගත් උස්වූ පියුමකින් බුදුරැස් විහදුවමින් ප්‍රාතිහාර්යය දැක්වීීය.
මෙසේ අවස්ථා හතරකදී දළදා වහන්සේ විනාශ කිරීම විවිධ උපක්‍රම යෙදූ පඩු රජු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය නිසා පැහැදීමට පත්ව බුදු දහම වැළද ගත්තේය. දළදා වහන්සේට නොයෙක් අගනා සළුපිළිිවලින් දළදා වහන්සේ පුද නමස්කාර කොට යලි ගුහසීව රජුටම ගෞරවයෙන් යුතුව භාර දුන්නේය. ගුහසීව රජුද බොහෝ සතුටින් යුක්තව දළදා වහන්සේ ආපසු මහ පෙරහරින් දන්තපුරයට වඩමවා සිරිත් පරිදි දළදා පූජාවන් පවත්වා ඇත..
ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..
Last edited: