ආදරණීය_Titanic

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ආදරණීය ටයිටැනික්




"ටයිටැනික්" කියන නම ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.සමහර කට්ටිය ටයිටැනික් නැව ගැන අහල ඇති,තවත් සමහරු Titanic film එක බලල ඇති:),තවත් සමහරු ටයිටැනික් නැව සමග ඈදුනු ආදර කතාව අහල ඇති.කොහොමින් කොමින් හරි අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ටයිටැනික් නැව හා ඊට සම්බන්ධ තොරතුරු ටිකක් ගැන.


අපි මුලින් ම ටයිටැනික් චිත්‍රපටය දිහාවට හැරෙමු.ටයිටැනික් චිත්‍රපටිය නම් ගොඩ දෙනෙක් බලල ඇති.ලෝකයේ නිපදවුනු Romantic ගනයේ චිත්‍රපට අතරින් ටයිටැනික් චිත්‍රපටයට හිමිවෙන්නේ විශේෂ ස්ථානයක්.ජැක් සහ රෝස් යන තරුණ යුවල වටා ගෙතුනු මෙම කතාව ලෝකප්‍රකට තිර රචකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වන ජේම්ස් කැමරන්ගේ නිර්මානයක්.

මෙහි ජැක් ලෙස සුප්‍රසිද්ධ නළුවකු වන ලියනාඩෝ ඩිකැප්ප්‍රියෝ ද,රෝස් ලෙස,ඔස්කා(ර්) සම්මානලාභී නිළියක වන කේට් වින්ස්ලට් ද රංඟනයෙන් දායක වෙනව.





IMDb Ratings and stats of the movie,"Titanic"

Code:
http://www.imdb.com/title/tt0120338/
titanic-movie-poster.jpg




Download the movie

Code:
http://www.fileserve.com/file/J4PaTKw/Titanic.720p.iman24Scene.com.mkv
 
Last edited:

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
හරි දැන් අපි ටයිටැනික් චිත්‍රපටියෙන් පස්සෙ හැරෙමු ඇත්ත ම ටයිටැනික් නැව දිහාවට:P.ටයිටැනික් නැව නිපද වූ වර්ශය ලෙස සැළකෙන්නේ 1909 වර්ශය යි,හරියටම කිව්වොත් 1909 මාර්තු මස 31 වෙනිද.එය නිපදවා ඇත්තේ එක්සත් රාජධානියේ.කොහොම වුනත් මේ නැව නිපද වීමට මුලපිරුවේ ඇමෙරිකානු ජාතික J.P.මෝ(ර්)ගන්.ඔහුගේ නැව් සමාගම වන International Mercantile Marine Co-operation මගින් මෙයට අනුග්‍රහය දැක් වූවා.එවකට තාක්ෂනය හා සැසඳීමේදී විශිෂ්ට නිර්මාණයක් වන මෙහි ඉදිකිරීම් 1911 මැයි 31 දින අවසන් කරනු ලැබුවා.



ටයිටැනික් නැවේ සමස්ථ දිග අඩි 882 හා අගල් 9(269.1m)ක් හා බඳ කොටසේ පළල අඩි 92(28m)ක් ලෙස සැළකෙනවා.එහි උස අඩි 59(18m)ක්.මෙහි වාශ්ප එන්ජින් 4ක් අන්තර්ගතව පැවති අතර බොයිලේරු(boilers):baffled: 29ක් මගින් නෞකාවට නොට් 23(43km/h)ක වේගයක් ලබා දී තිබෙනවා.පිටතට එන පරිදි දුම් බට හතරක් පැවතියද ඒවායෙන් භාවිතයට ගෙන ඇත්තේ 3ක් පමණි.ඇත්තෙන්ම ඉතිරි දුම්බටය භාවිතා කොට ඇත්තේ මනා වාතාශ්‍රයක් නැව තුලට ගෙන ඒමටයි.ටයිටැනික් නැවේ ගමන් කල හැකිව තිබූ මුලු මගීන් හා සේවක සං‍ඛ්‍යාව 3,547ක් ලෙස සඳහන් වෙනවා.
ටයිටැනික් නැව නිපදවා තිබුනේ ධනපතියන්ට විනෝද සංචාර වල යෙදීමට යැයි පැවසීමේ ද වරදක් නැත.ටයිටැනික් නැව තුල දුරකතන ජාලයක් පිහිටුවා තිබුනි.එමෙන්ම එහි ප්‍රථම පන්තියේ සංචාරකයන්ට පිහිනුම් තටාකයක්,ව්‍යායාම කරන ස්ථානයක්,ස්කොශ් ක්‍රීඩාවේ යෙදිය හැකි ස්ථානයක්,සම්භාහනාගාර පිහිටුවා තිබුණි.ප්‍රථම පන්තියේ සියලුම කාමර දැවමය ගෘහ භාන්ඩ වලින් අලංකාර කොට පැවතිනි.
මීට අදාල ඡායා රූප ඔබට පහතින් බලාගන්න පුළුවන්
.




පළමු ගමනක අවසානය




ටයිටැනික් නැව තම මංගල නැත්හොත් කුළුඳුල් ගමන අරඹන්නේ 1912 අප්‍රේල් 10 වැනිදායි.මෙහි නිෂ්පාදකයින්ගේ සහතිකයත්,මෙම නෞකාවේ විශිෂ්ටත්වයත් නිසා බොහෝ පිරිසක් පළමු සංචාරයට එක් වුණා.මෙහි ගමන යෙදී තිබුනේ එංඟලන්ත්යේ සෞත්හැම්ටන් නගරයත් ඇමෙරිකාවේ නිව්යෝ(ර්)ක් නගරයත් අතරයි.මෙම සංචාරයේ දී නැව මෙහෙය වනු ලැබුවේ කපිතාන් එඩ්ව(ර්)ඩ්.J.ස්මිත් විසිනි.කෙසේ වෙතත් මේ සා විශාල නෞකාවක මංඟල ගමනේ අවසානය බිහිසුණු එකකැයි කිසිවෙකු හිතන්නට නැත.ගමන අරඹා දින 4කට පසු එනම් 1912 අප්‍රේල් 14 වෙනි දින රාත්‍රියේ දී ගමන් මග ඔස්සේ තිබූ විශාල් අයිස් කන්ඳක ගැටීමෙන් ටයිටැනික් නැව මුහුදු පහුලේ නිධන් ගත වුනා.මෙම මාරක අනතුරෙන් නැවේ ගමන් කළ මිනිසුන් 1,517ක් මරුමුවට පත් වුනා.




LOAD වෙනකන් පොඩ්ඩක් ඉන්න:dull:



Add Rep+ If You Like

 
Last edited:

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
ගොඩක් අය කැමති ඉතින් පින්තූර බලන්නනෙ:P,මෙන්න ටයිටැනික් නැව ඇතුලත ඡායාරූප කීපයක්




titanic_09.jpg



titanic_23.jpg



titanic_24.jpg



titanic_14.jpg



titanic_10.jpg



titanic_12.jpg



titanic_06.jpg

 
Last edited: