මැවීම සහ මැවුම්කරැවා පිළිබද

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මැවීම සහ මැවුම්කරැවා පිළිබද

    [FONT=&quot](කරැණාකර මෙම ලිපියේ මුල සිට අගටම කියවන්න. අතරින් පතර කියවීමෙන් සම්පූර්ණ අදහස ලබා ගැනීමට නොහැක)

    බුදු දහම යනු ලොව ප්‍රධාන ආගම් ලෙස සැළකෙන ක්‍රිස්තියානි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හින්දු ආගමික කුලකය තුල පිහිටුවිය යුත්තක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එසේ පිහිටුවිය හැකිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නො එසේ නම් එකී ආගම් ත්‍රිත්වයෙන් බුදු දහම බෙහෙවින්ම වෙනස් වන්නේ කුමන හරයාත්මක පාදම් ලක්ෂණය නිසාද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]මෙම ගැටළුවට දිය හැකි සරලතම පිළිතුර වන්නේ ඉහත කී ආගම් ත්‍රිත්වයම අප හට උරුම වී ඇති [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ජීවනය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]හා ඊට බැඳුණු සියළු දේ සත්ව සලායතනයන්හි ගෝචර නොවන නභෝගත බලවේගයක විසින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මවන[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ලද බවට විග්‍රහ කරන මුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදු දහම ඊට හාත් පසින්ම වෙනස් මාවතක් අරා යමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකී ස්වර්ගෛයික බලවේගය එම භූමිකාවෙන් ඉවත් කොට ඒ වෙනුවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නූතන විද්‍යාවට සමාන්තරව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අචේතනික බලවේගයන් ගේ ප්‍රතික්‍රියා මත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූර්වයෙහි පැවති [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හේතුවක[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ප්‍රත්‍යයෙන් හට ගැන්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැසීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යළි හට ගැන්ම හා මේ අන්තරය ආදී වශයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයෙහි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]චක්‍ර[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ස්වරූපය ගෙන හැර දැක්වීම නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම ධර්මය භෞතික ගෝචරත්වය අතින් සෙසු ආගම් ගව් ගණනකින් අබිබවා සිටින්නේය යන්නය.[/FONT]

    [FONT=&quot]මෙම ලිපියෙහි අරමුණ වන්නේ බුදු දහමෙහි සුවිශේෂත්වය ඇරඹුමෙන්ම උළුප්පා පෙන්වන එකී ලක්ෂණය ඇසුරින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නූතන විද්‍යාව හා මනෝ විද්‍යාව බුදු දහම සනාථ කරන අයුරුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැවුම් වාදය අනාථ කරන අයුරුත් පිළිබඳ සරල අදහසක් ලබා දීමය.[/FONT]

    [FONT=&quot]දෙවියන් වහන්සේ[/FONT]

    [FONT=&quot]දෙවියන් වහන්සේ හෙවත් විශ්වය මවා වදාළේ යැයි කියන පරමෝත්තම චරිතය ඉහත කී සදේවවාදික ආගමික විශ්වාසයන්ගේ විවිධ ස්වරූපයන් ගෙන සිටියි. ඔහුට විවිධ නාමයන් රැසක් ඇති අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහුගේ ගති ලක්ෂණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චරිත ලක්ෂණ හා ක්‍රියාකාරීත්වය ලෙස ස්වරූපාකාර රැසක් එකී ආගම් විග්‍රහ කරයි.[/FONT]
    [FONT=&quot]අප මුලින්ම ප්‍රධාන ධර්මයන් සතර අතුරින් පැරණිතම දහම වන හින්දු දහම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]දෙවියන් වහන්සේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දැක ඇති අයුරු විමසා බලමු.[/FONT]

    [FONT=&quot]හින්දු දහම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බහු දේව වාදික[/FONT][FONT=&quot]” (Polytheistic Religion) [/FONT][FONT=&quot]දහමක් ලෙස ඔබ අතුරින් බොහෝ දෙනා හඳුනා ගන්නවා ඇතැයි සිතමි. වැඩි දෙනෙක් මෙසේ සිතන්නේ හින්දු දහම ගැන එතරම් නිවැරදි අවබෝධයක් නොමැති නිසා විය යුතුය. පැහැදිලිවම හින්දු දහම යනු බහු දේව වාදික දහමක් නොවේ. (නමුත් ශ්‍රී ලාංකිකයන් අද බුදු දහම හා මිශ්‍ර කරගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොදු සංස්කෘතික ලක්ෂණයන් යැයි සිතා අදහන හින්දු විකෘති අනුවාදය නම් බහු දේව වාදිකය.) හින්දු ධර්මයේ වෛදික මතධාරීන්ට අනුවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපනිෂද් වේදයට අනුවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භගවත් ගීතාවට අනුවත් හින්දු දහම ඒක දේවවාදික දහමකි ([/FONT][FONT=&quot]Monotheistic Religion). [/FONT][FONT=&quot]හින්දු දහම යනු මතවාදී ශික්ෂාලයන් දස දහස් ගණනක ඓක්‍යයකි. එහෙත් සැකවින් කියතොත් එහි සිටින මහෝත්තම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්ව මැවුම් කාර දෙවියා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පරමාත්මා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]හෙවත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ආත්මා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ලෙස හඳුන්වනු ලබයි. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]නාරායන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආධි පරාශක්ති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වාත්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භගවාන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔහු හඳුන්වන වෙනත් නම්ය. මේ දෙවියෝ අනන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප්‍රමාණය. විශ්වය හට ගත් මොහොතින් දෙවැන්නේ උපන්නෙකි. උපනිෂද් වේදය ඔහු විශ්වය නම් පද්මයේ පෙති දිග හරින විට ඒ මත සිටි බිළිඳෙකු ලෙස හඳුන්වයි. නාරයන් නොහොත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හරි හරන්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සෑම තැනකම සිටියි. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක. කාළයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කල්පයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආරම්භයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයද ඔහුමය. භගවත් ගීතාවෙහි එන පරිදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෞරව-පංචාල යුද්ධයට යන අතර තුර අර්ජුන නම් සෙනෙවියාගේ යුධ රථය පැදවූ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ක්‍රිෂ්ණා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]විසින් අර්ජුනට තම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]විශ්වාත්මා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ස්වරූපය පෙන්වූ විට බිහි වූයේ යැයි කියන හින්දු නමස්කාරයට අනුව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බ්‍රහ්මද ඔහුය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විෂ්ණුද ඔහුය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශිව ද ඔහුය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගණේෂ ද ඔහුය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්කන්ධ කුමාරද ඔහුය.[/FONT][FONT=&quot]” .([/FONT][FONT=&quot]මේ අනුව පෙනී යන්නේ හින්දු දහම මහ බඹු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විෂ්ණු දෙවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශිව දෙවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්කන්ධ කුමාර නොහොත් කතරගම දෙවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගණ දෙවි යනාදි විවිධ ස්වරූපයන්ගෙන් දකින්නේ එකම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පරමාත්මා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]නොහොත් නාරායන්ම බවය.)[/FONT]

    [FONT=&quot]දැන් අප ක්‍රිස්තියානි විශ්වාසය ගෙන බලමු.[/FONT]
    [FONT=&quot]ක්‍රිස්තියානියද එක මහෝත්තම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ ([/FONT][FONT=&quot]Book of revelation) [/FONT][FONT=&quot]හෙවත් හි [/FONT][FONT=&quot]1:8[/FONT][FONT=&quot] හා :[/FONT][FONT=&quot]17[/FONT][FONT=&quot] ඡේදයන් මෙසේ පවසයි.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයද මමය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]මම ඒ ශ්‍රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණී සිටින්නා වූද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.[/FONT][FONT=&quot]” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). [/FONT][FONT=&quot]ක්‍රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]පිතා ද ([/FONT][FONT=&quot]The Father), [/FONT][FONT=&quot]පුත්‍රයාද ([/FONT][FONT=&quot]The Son- Jesus), [/FONT][FONT=&quot]ශුද්ධාත්මයාණන් වහන්සේද ([/FONT][FONT=&quot]The Holy Spirit)” [/FONT][FONT=&quot]යන්නය. මේ පැවැත්මට ඔවුන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ත්‍රිත්වය[/FONT][FONT=&quot]” (“Holy Trinity”)[/FONT][FONT=&quot]ලෙස හඳුන්වයි.[/FONT]

    [FONT=&quot]ඉස්ලාමය මැවුම්කාර දෙවියන් මේ ආකාරයෙන් දකියි.[/FONT]

    [FONT=&quot]ඉස්ලාමයේ ද විශ්වාධිපති යැයි කියන දෙවියන් වහන්සේට අමතන නාමයන් රාශියක් ඇතත් ඉන් ඉතාම වැදගත් නාමය වන්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අල්ලාහ්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්නය. එහෙත් ඉස්ලාමය අනෙක් ආගම් ද්විත්වයෙන් වෙනස් වන්නේ මේ දෙවියන්ගේ චරිත ලක්ෂණ ලෙස ඔවුන් ඉදිරිපත් කරන විග්‍රහය අනුවය. අනෙක් ආගම් ද්විත්වය [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]කාරුණික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමාව භජනය කරන සුළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සානුකම්පික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රේමාන්විත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දයාබර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පියෙකු වන් දෙවියෙකු දකිතත්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඉස්ලාමය දකින්නේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]චණ්ඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භයංකර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දණ්ඩනයෙන් පාලනය කරන සාහසික[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දේව ස්වරූපයකි.[/FONT]
    [FONT=&quot]සුරාහ් [/FONT][FONT=&quot]6:133 – [/FONT][FONT=&quot]අල්ලාහ් ට ඇවැසි නම් නුඹව විනාශ කොට ඒ වෙනුවට නුඹෙන් පැවත එන වෙනත් අයෙකු යෙදිය හැක.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුරාහ් [/FONT][FONT=&quot]112 – [/FONT][FONT=&quot]අල්ලාහ් එකම දෙවියායි ([/FONT][FONT=&quot]Allahu Akbar). [/FONT][FONT=&quot]ඔහු හැර දෙවියකු නොමැත. ඔහු සදාකාළිකය. සර්ව සම්පූර්ණය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුරාහ් [/FONT][FONT=&quot]57:3 – [/FONT][FONT=&quot]ආරම්භයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිටතද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතුළතද ඔහුමය.[/FONT]

    [FONT=&quot]සැකෙවින් කියතොත් මේ ආගම් තුනටම පොදු ලක්ෂණය වන්නේ ඒවායේ දේව භාෂිතයන් තමාගේම ශ්‍රේෂ්ඨත්වය වර නඟන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමා මහා විශ්ව ශක්තිය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමාට යටත් වෙන ලෙසත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ යටත් වූවන්ට මෝක්ෂය ලැබෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො එසේ නම් සදාකාළික අන්ධකාරයකින් ආත්මය වෙලා ගනු ඇති බවත් දන්වන දේව පණිවිඩ වලින් යුක්ත වීමය. දේව භාෂිතයට අමතරව යමක් ඒ ලියවිලි වල ඇතොත් ඒ කාලීනව ඒ ඒ ආගමට පහළ වූ උගතුන් විසින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනුගාමිකයන් දේව පාමුල දණ ගැස්වීම පිණිස කරන ලද දේශනා මාලාය. මහා භාරතය රචනා කළ ව්‍යාසථ් පඬිවරයාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාමායණය ලියූ වාල්මිකී මුණිවරයාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රිස්තියානියේ දිව්‍යමය ප්‍රතාපය උළුප්පා දක්වන [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හෙළිදරව්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]රචනා කළ ශාන්ත ජෝන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනයින්ම ලිපි [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot]ක් දිව්‍යභාවය වෙනුවෙන් රචිත ටාර්සස් හි ශාන්ත පාවුළු අපෝස්තලික තුමන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාමයේ අල්ලාහ් ගැන කියවෙන සුරාහ් හෙළි දරව් කළ යුසුෆ් අලී නම් පඬිවරයාද පොදුවේ සමාජ ගත කරන ලද්දේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මිනිසුනි දෙවියන් අති විශාලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප ඉතාම කුඩාය. අපට දෙවියන්ට යටත් වීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු සරණ යෑමෙන් ලැබෙන මෝක්ෂයත් හැර කළ හැකි හෝ කළ යුතු අන් කිසිවක් නැත. දෙවියන් ඇදහීම හැර වෙනත් යමක් කරනවා නම් ඒ සියළු දේ නිෂ්ඵලය.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන මතය වේ. මධ්‍ය කාලීන යුරෝපයේ පල්ලිය විසින් සිය ගණනක් චින්තකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දාර්ශණිකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විද්‍යාඥයන් මරා දැම්මේද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදටත් ඉස්ලාම් මැද පෙරදිග කලා කරුවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රීඩකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චින්තකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලේඛකයන් මරා දමන්නේද මේ හේතුවෙනි. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]දෙවියන් යදිමින් සිටීම[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]හැර වෙනත් කිසිවක් ප්‍රගුණ නොකළ යුතු බවට ඔවුන්ගේ ආගමික පඬිවරුන් ඔවුන්ට සම්ප්‍රේෂණය කළ නිසාවෙනි.[/FONT]

    [FONT=&quot]….[/FONT][FONT=&quot]දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ[/FONT][FONT=&quot]?….[/FONT]

    [FONT=&quot]මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඉබේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සිදු විය නොහැකි බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෑම දෙයකටම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඇරඹුමක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තිබිය යුතු බවත්[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]අවසානයක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්‍රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]මැවීම[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]පිටුපස හෝ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නිර්මාණය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන සංකල්පය පිටුපස යම් කෙනෙකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් සචේතනික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එසේ සිටිය යුතුම නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]වඩුවෙකුගෙන් තොරව මේසය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට[/FONT][FONT=&quot]??”[/FONT]
    [FONT=&quot]නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද[/FONT][FONT=&quot]? “[/FONT][FONT=&quot]එහෙම කෙනෙක් නම් නැත[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මේසය හා වඩුවා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.[/FONT]
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]….[/FONT][FONT=&quot]සර්වබලධාරීත්වය[/FONT][FONT=&quot]….[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හින්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිතුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්වබලධාරීය[/FONT][FONT=&quot]”. ”[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්න සංස්කෘත බසින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලුහුඬු රහිත[/FONT][FONT=&quot]”, [/FONT][FONT=&quot]නොහොත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියල් සපිරි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන්නට යෙදෙයි. එනයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු දේ[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ තාක් යටත් වන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍ය[/FONT][FONT=&quot]” (Perfectism) [/FONT][FONT=&quot]භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෝෂ ඇත්නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්ව[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.[/FONT]

    [FONT=&quot]ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍ය භාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔබ දකිනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යැංසිකියෑන් පමණක් නොව නයිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුප්‍රටීස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සුසාධිත නිරවද්‍යතාවය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද[/FONT][FONT=&quot]? ”[/FONT][FONT=&quot]වීදුරුවට දැන් වතුර ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යැයි ඔබට ඇති අවබෝධය[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]ගඟට වැහි වතුර දැන් ඇති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද[/FONT][FONT=&quot]?.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලෝකය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]විශ්වය මොන තරම් අසම්පූර්ණද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක([/FONT][FONT=&quot]Asteroids) [/FONT][FONT=&quot]කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්([/FONT][FONT=&quot]Cosmic Dust), [/FONT][FONT=&quot]ග්‍රාහක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විකිරණ ([/FONT][FONT=&quot]Cosmic radiation) [/FONT][FONT=&quot]ආදිය සහිත අතිශයින් අපිළිවෙල [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]යකුන් නැටූ පිටියක්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]දකින්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]කුඩා දරුවෙකු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]තැනුම් ගණක[/FONT][FONT=&quot]” (Building Blocks) [/FONT][FONT=&quot]ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද[/FONT][FONT=&quot]?.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලෝකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සචේතනික හෙවත් සිතිය හැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සජීවි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග නොව [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අචේතනික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතීමක් නොමැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අජීවී[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]…[/FONT][FONT=&quot]මහා කරුණාව[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]මුලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැදද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අගද[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සලායතන සය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]තුළම වැඩ සිටින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෙනෙහස හා කරුණාවයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු දෙන අවවාද පිළි පදින්නේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්‍රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්‍රත්‍යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ අප තාත්තාට අවනත වන්නෙමු.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මහා ඇලෙක්සැන්ඩර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝමානු ආක්‍රමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්ලාම් ආක්‍රමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චෝල මණ්ඩල ආක්‍රමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුරුස යුද්ධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය අවුරුදු යුද්ධය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැපෝලියන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]‍යුරෝපීය ලෝකාධිපත්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධවල අධිරාජ්‍යයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදහස් සටන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රුසියානු සුදු හමුදා සටන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොල්ෂෙවික් වරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළමු ලෝක සංග්‍රාමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිට්ලර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවැනි ලෝක සංග්‍රාමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුදෙව් සංහාරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩකාවු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බ්‍රැටේන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවුෂ්විට්ස් වධකාගාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිරෝෂිමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාගසාකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වියට්නාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලෙඩ රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අභිවාතක රෝගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වසූරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහාමාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැලේරියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒඩ්ස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එබෝලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කහ උණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෙංගමාලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිකා වර්ග [/FONT][FONT=&quot]271[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මානුෂික පිය සෙනෙහස[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගණන් තැබීමටවත් හැකිද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි[/FONT][FONT=&quot]”. [/FONT][FONT=&quot]දෙවියා කාළය අවසාන වන ([/FONT][FONT=&quot]End of Time Theory) [/FONT][FONT=&quot]තෙක් බලා සිටින බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් [/FONT][FONT=&quot]“Time Mark” [/FONT][FONT=&quot]කරමින් සිටීම කෙතරම් දුරට උචිතද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ අදාළ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]දිනයට හෙවත් විනිශ්චය දිනයට[/FONT][FONT=&quot]” (Judgement day) [/FONT][FONT=&quot]පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ තහනම දැම්මේ කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එය ඔහුගේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සියල්ල කළ හැකි බවට[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]හෙවත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සර්වබලධාරී[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බවට කෙතරම් ගැළපේද[/FONT][FONT=&quot]?…[/FONT]
    [FONT=&quot]ලියන ලද්දේ: [/FONT][FONT=&quot]Mr. Damith Kethaka[/FONT] (sinhalabuddhist ඇසුරිනි)
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]