Portable~App~එකක්~හදමු

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka

TZUYA.png


~ Portable Application එකක් හදමු ~
﹊﹊﹊﹊﹊﹊



අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද Portable Application එකක් හදාගන්නේ කියලා.
ඇත්තම කියනවානම් මටත් මේ ක්‍රමය හම්බ උනේ අන්තර්ජාලයෙන්ම තමයි. ඒත් මේ ගැන නොදන්න අපේ එළකිරි සාමාජිකයන්ව දැනුවත් කරන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.


Portable Application එකක් කියන්නේ මොකක්ද?
≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂


පරිගණක මෙහෙයුම් පද්ධතියකින් වෙනමම ක්‍රියාකරවීමට සාදාගත් මෘදුකාංගයක් Portable Application එකක් ලෙස හඳුන් වනවා.
ස්ථාපිත කිරීමකින් තොරව මෙම මෘදුකාංග ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක් තුල ක්‍රියාකරවීමට හැක.
එබැවින් මෙවැනි මෘදුකාංගයක් අතේ ගෙන යාහැකි ගබඩාකිරීමේ උපකරණක (Portable Storage) ආධාරයෙන් ඔබට අවශ්‍ය ස්ථානයකට රැගෙන ගිය හැක.



Portable Application එකක් සාදාගත හැකි ක්‍රම කීපයක් ඇත. WinRAR භාවිතා කර ඉතා පහසුවෙන් මෙවැනි මෘදුකාංගයක් සාදාගත හැක.
නමුත් එම ක්‍රමය සංකීර්ණ මෘදුකාංග සඳහා යොදාගත නොහැක.මම කියන්න යන ක්‍රමයෙන් ඕනෑම මෘදුකාංගක් Portable Application එකක් ලෙස සාදාගත හැක.

මේ සඳහා අපට 'Thinstall Setup Capture' නම් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය ඔබට අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගන්න පුළුවන්.

gVt0w.jpg


Download Thinstall Setup Capture

බාගත කරගත් Thinstall Setup Capture මෘදුකාංගය ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ ස්ථාපිත කරගන්න.



දැන් අප මේ මෘදුකාංගයෙන් Portable Application එකක් සාදාගන්නා අකාරය බලමු
≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂



1]. ස්ථාපිත කරගත් 'Setup Capture' මෘදුකාංගය ක්‍රියා කරවන්න.
NMGuS.png




2]. 'Start' බොත්තම ක්‍රියා කරවන්න

kNdVk.png




3]. ඔබගේ පරිගණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇති කොටස තෝරා දෙන්න. පසුව 'Pre-Install Scan >>' බොත්තම ක්‍රියා කරවන්න.
සැ.යු. : Portable Application එකක් ලෙස සාදාගැනීමට යන මෘදුකාංගය මේ අවස්ථාවේදී මෙහෙයුම් පද්ධතිය තුල ස්ථාපිත නොකර තිබිය යුතු අතර, ස්ථාපිත කර ඇත්නම් එය ඉවත් කර මෙම පියවර සිදු කරන්න.

OZ1bE.png

මෙහිදී ඔබගේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ ස්ථාපිත කර ඇති සියලූම මෘදුකාංග පිළිබඳව සොයා බැලීමක් සිදුවේ.
මේ සඳහා ගතවන කාලය ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ස්ථාපිත කර ඇති මෘදුකාංග ප්‍රමාණය මත රඳා පවතී.



4]. ඉහත ක්‍රියාවලිය අවසාන වූ විට Portable Application එකක් ලෙස සාදාගැනීමට අවශ්‍ය මෘදුකාංගය ස්ථාපිත කරගන්න. අදාල මෘදුකාංගය සඳහා අවශ්‍ය crack/pathෆයිල් තිබේනම් ඒවාද ස්ථාපිත කරගන්න.
(මෙහිදී මම තෝරා ගත්තේ 'MADHURA Dictionary'මෘදුකාංගයයි)

5cw4D.png



5]. ස්ථාපිත කිරීම අවසාන වූ පසු 'Post-Install Scan >>' බොත්තම ක්‍රියා කරවන්න.

6TBzH.png

මෙහිදී ස්ථාපිත කරන ලද මෘදුකාංගය පරීක්ෂාවට ලක්වන අතර ඒ සඳහා ගතවන කාලය තෝරාගත් මෘදුකාංගය මත රඳා පවතී.



6]. ඉහත ක්‍රියාවලිය අවසාන වූ විට එහි ප්‍රතිපල ලෙස සෑදෙන ෆයිල්ස් save කිරීම සඳහා අවශ්‍ය ස්ථානය සකසා 'Save Results >>' බොත්තම ක්‍රියා කරවන්න.

YBAUQ.png




7]. සියලූම ෆයිල්ස් save වූ පසු Setup Capture මුදුකාංගය වසා දමන්න.

iSGtU.png




8]. දැන් එම ෆයිල්ස් ඇති ස්ථානයට ගමන් කරන්න. (ඉහත උදාහරණයට අනුව "C:\Program Files\Thinstall.VS\Captures")
එහි Portable Application එකක් ලෙස සාදාගැනීමට යන මෘදුකාංගය නමින් ෆෝල්ඩර එකක් දැකිය හැක.

Zku5U.png




9]. දැන් එය තුලට ගමන් කර ඒ තුළ ඇති 'Package.ini' ෆියිල් එක තෝරා එහි right click කර 'Edit' තෝරන්න.

එහි '[Compression]' කොටස හා '[Isolation]' කොටස පහත පරිදි Edit කරගන්න.

YVbng.png

ඉහත පරිදි වෙනස් කර 'Package.ini' ෆයිල් එක save කර වසා දමන්න.



10]. දැන් '%Desktop%' නම් ෆෝල්ඩරය තුළට ගමන් කරන්න.

Zzgm4.png


එම ෆෝල්ඩරය තුළ ඈති '##Attributes' නම් ෆයිල් එක cut කර '%Desktop%' පිටතට පැමිණ paste කරගන්න.
FsfzN.png




11]. ඔබ දැන් සිටින ෆෝල්ඩරය තුළ ඇති '%ProgramFilesDir%' හා '%SystemSystem%' ෆෝල්ඩර් හැර අනෙකුත් සියලු ෆෝල්ඩර්ස් මකා දමන්න.

vCGB6.png




12]. අනතුරුව 'build' නම් ෆයිල් එක double click කර ක්‍රියා කරවන්න.

djmd0.png


මෙහිදී 'bin' නමින් ෆෝල්ඩරයක් සෑදෙන අතර එය තුළ අදාල මෘදුකාංගය නමින් ෆයිල් එකක් දැකිය හැක. එය අප සාදා ගත් Portable App එකයි. :yes:
yA6gL.png




13]. 'Thinstall Setup Capture setup' ස්ථාපිත ෆයිස් සමඟ ඇති 'Patch (v3.049)' ෆයිල් එක භාවිතා කර සෑදෙන ලද Portable App එක Patch කරගන්න.

7cHHc.png



මෙන්න අපි හදා ගත්ත MADHURA Dictionary Portable App එක :D

http://www.mediafire.com/?2xl9fr2ezy0gmar

ඔයාලත් මේවගේ Portable App එකක් හදල බලන්

Written By chathu_ac @ ElaKiri.com
All Rights Reserved © 2011