Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

ඔන්න මචන්ලා අපේ එළකිරි ජෝතිෂ්‍යය පන්තියේ පලවෙනි පාඩමට ලැබුණ හොඳ කමෙන්ට්ස් හින්දම මම හිතුව දෙවෙනි පාඩමත් ඉක්මනටම දාන්න...

හොඳයි අද අපි අපේ දෙවෙනි පාඩම පටන් ගම්මු...
ඊට කලින් පලවෙනි පාඩමට හිටපු නැති අය පලවෙනි පාඩම මෙතනින් බලන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=1187700

පලවෙනි පාඩම නැතුව දෙවනි පාඩමට සෙට් වෙන්න එපා...
මොකද එතකොට දෙවෙනි පාඩම තේරෙන එකක් නෑ...

ඒ නිසා බලපු නැති කට්ටිය පලවෙනි පාඩම බලලම සෙට් වෙන්න... :)
මොකද මේක අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන දෙයක්...

හොඳයි මචන්ලා අද අපි අපේ දෙවෙනි පාඩම පටන් ගම්මු...
මම ඊයෙම තීරණය කළා අද අපේ එළකිරි යාලුවන්ට මොනවද කියලාදෙන්නේ කියල...

අද අපි කලින් දවසේ වගේම තියරි පොඩ්ඩකුයි ඊට පස්සේ ඔයගොල්ලන්ට තමන්ගේ හඳහන අරගෙන තමන්ගේ තමන්ගේ හඳහනේ තියෙනවද කියලා බලාගන්න පුළුවන් එළකිරි වගේ ධන යෝග කීපයකුත් කියල දෙන්නම්....

ඊයේ පාඩමයි අද පාඩමේ මුල කොටසයි ඉගෙන ගත්තහම ඔයගොල්ලන්ට ඒ ධන යෝග තමන්ගේ හඳහනේ තියෙනවද කියල බලන්න අවශ්‍ය දැනුම එනවා... :)
ආසයි නේද..???? :)

හොඳයි අද අපි අපේ පාඩමට කෙලින්ම බහිමු...
හොඳයි මචන්ලා අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ ජෝතිෂ්‍යයේ එන ග්‍රහ දෘෂ්ටි ගැනයි...

ඔයගොල්ලෝ අහල ඇති නේද හඳහන් අංකල්ලා කියනවා,

" තුන්වෙනි භාවයේ ( 3 වෙනි කොටුවේ ) ඉන්න රවි පස්වෙනි භාවයේ ඉන්න ශනිට දෘෂ්ටි දෙන නිසා.."
" ලග්නයේ ( 1 වෙනි කොටුවේ ) ඉන්න කුජ ග්‍රහයා හත්වෙනි භාවයේ ඉන්න ශනි දකින නිසා.. "
දකිනවා කියන්නෙත් දෘෂ්ටිය දෙනවා කියන එකම තමා හොඳේ... :)

මෙව්වා ඇහුවහම අපිට හිතෙනවා නේද මේ මොන හරුපයක්ද මේ කියන්නේ කියල... :P
හැබැයි අද මේක ඉගෙන ගත්තම හිතෙයි හෙන සිම්පල් සීන් එකක්නේ කියල... :)

හොඳයි මචංලා මොනවද මේ දෘෂ්ටි කියන්නේ... එහෙමත් නැත්තන් " දකිනවා " කියන්නේ...
දෘෂ්ටි දෙනවා කියන්නේ එහෙමත් නැත්තං සරල කිව්වොත් "දකිනවා" කියන්නේ යම් භාවයක (කොටුවක) ඉන්න ග්‍රහයෙක් එම භාවයේම හෝ වෙනත් භාවයක ඉන්න ග්‍රහයෙක්ට බලපෑමක් ඇති කරනවා එහෙමත් නැත්තන් බැල්මක් දානවා... කියන එක...

විශේෂයෙන් සඳහන් කරන්නේ ඕනේ මචන්ලා මම මෙතැනදී " එම භාවයේම " කියන වචනය දැම්මේ සමහරු හිතන් ඉන්නේ එම භාවයේ ඉන්න ග්‍රහයන්ට එම භාවයේ ඉන්න අනිත් ග්‍රහයන්ට දෘෂ්ටි කියන සීන් එක නෑ ,උන් එකට ඉන්නවා විතරයි කියල... ඒක වැරදියි මචන්ලා...
යකෝ අනිත් කොටුවල ඉන්න එවුන්ටා බැල්ම දාන්න කලින් තමන්ගේ කොටුවේ ඉන්න එකාට කොහොමාත් බැල්ම දාන්න එපැයි... හැම තැනම එහෙමනේ.. :P :P :P :P

ඇත්තටම මචන්ලා මෙතැනදී අපි ගොඩක්ම මේ දේ ඉගෙන ගන්නේ ග්‍රහයෝ අනිත් කොටුවල ඉන්න ග්‍රහයන්ට එල්ල කරන දෘෂ්ටි ගැන ඉගෙන ගන්නයි.. :)
තමන්ගේ කොටුවේ ඉන්න එකාලට කොහොමත් දෘෂ්ටිය දානවා.. ඒක අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ... :) ඔන්න ඒක හොඳට මතක තියා ගන්න මචන්ලා... :)
හැබැයි මචන්ලා හොඳට මතක තියාගන්ඩලා "රාහු සහ කේතු " යන ග්‍රහයන් දෙදෙනා විතරක් තමන් ඉන්න කොටුවේ අයට දෘෂ්ටිය දාන්නේ නෑ..
හරි මචන් ඔන්න දැන් අපි මේ දෘෂ්ටි හරියට ඉගෙන ගමු.. මෙන්න මේ ටික කටපාඩමින් මතක තියෙන්න ඕනේ... :)

-සියලුම ග්‍රහයෝ ( රාහු සහ කේතු හැර ) තමන් සිටි රාශිය දකී...

-සියලුම ග්‍රහයෝ ( රාහු සහ කේතු ඇතුළුව ) තමන් සිටි රාශියෙන් 7 දකී...

-රවි , චන්ද්‍ර , ශනි, යන ග්‍රහයන් තිදෙනා තමන් සිටි රාශියෙන් 3 සහ 10 දකී...

-කුජ සහ බුධ යන ග්‍රහයන් දෙදෙනා තමන් සිටි රාශියෙන් 4 සහ 8 දකී...

-ගුරු සහ ශුක්‍ර යන ග්‍රහයන් දෙදෙනා තමන් සිටි රාශියෙන් 5 සහ 9 දකී...

-රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනා තමන් සිටි රාශියෙන් 5 , 7 , 9 , සහ 12 දකී...

-කලින් කිව්වා වගේ රාහු සහ කේතු දෙදෙනාට තමන් සිටි රාශිය නොපෙනේ...


ඔන්න මචන්ලා ඔච්චරයි දෘෂ්ටි කියන්නේ... :)
මෙහෙම කිව්වහම සමහරුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි සමහරුන්ට තේරුම් ගන්න බැරි වෙයි...

ඒ කොහොම උනත් කමක් නෑ මම ආදර්ශ කේන්දරයකින් ඒ ආදර්ශ කේන්දරයේ දෘෂ්ටි බලන හැටි කියල දෙන්නම්...
එතකොට එළකිරි වගේ වැඩේ මීටර් වෙයි... :)
ඔන්න එහෙනම් බලන්නකෝ මේ ආදර්ශ කේන්දරය... මේ ඊයේ එකමයි... :)

kHHuv.png


ඔන්න මචන් අපි දැන් බලමු මේ කේන්දරේ 4 වෙනි කොටුවේ ඉන්න ශනි කාටද දෘෂ්ටි දාන්නේ කියල... :)
මතකනේ කිව්වා සියලුම ග්‍රහයෝ තමන් සිටින රාශියට දෘෂ්ටි දානවා කියල... දැන් ශනි ඉන්නේ 4 නේද???
4 වෙන කවුද ඉන්නේ...???
කවුරුත් නෑ නේද... ආ එහෙනම් එයාට දෘෂ්ටි දෙන්න තමන්ගේ රාශියේ කවුරුත් නෑ...

තව කිව්වා නේද සියලුම ග්‍රහයෝ තමන් සිටි රාශියෙන් 7 දකිනවා කියල...
" තමන් සිටි රාශියෙන් "????
මේ මොකක්ද මේ...??? :) අපි බලමු....
මෙන්න මේකයි ඒ කතාවේ තේරුම...
ශනි ඉන්නේ 4 නේද???
එහෙනම් 4 ට අංක 1 ක දීලා වාමාවර්තව ගණන් කරන්න... එතකොට අංක 7 එන්නේ කීවෙනි කොටුවටද???
10 වෙනි කොටුවට නේද???
එහෙනම් 10 වෙනි කොටුව තමයි ශනිට තමන් සිටි රාශියෙන් 7 වෙනි රාශිය වෙන්නේ... එහෙනම් මේ කේන්දරේ ශනි, 10 වැන්නට දෘෂ්ටි දානවා...

10 වැන්නේ ඉන්නේ කවුද???
10 වැන්නේ ඉන්නේ රවි සහ කුජ නේද???
ඒ කියන්නේ ශනි ග්‍රහයා රවි සහ කුජ කියන ග්‍රහයන් දෙදෙනාට දෘෂ්ටි දානවා...
දැන් වැඩේ මීටර් නේද??? :) :) :) :)

තව කිව්වා නේද ශනි තමන් සිටි රාශියෙන් 3 සහ 10 රාශි වලට දෘෂ්ටි දෙනවා කියල...
ශනිගෙන් 3 වෙනි රාශිය( ශනි සිටි රාශියෙන් 3 ) කියන්නේ 6 වැන්නට නේද?? ( ශනි ඉන්න 4 වෙනි කොටුවට අංක 1 දීල වාමාවර්තව ගණන් කලාම.. )
6 වැන්නේ කවුද ඉන්නේ.. කේතු ඉන්නවා...
ඒ කියන්නේ ශනි ග්‍රහයා කේතුටත් දෘෂ්ටිය දානවා... :)

එතකොට ශනිගෙන් 10 වැන්න කියන්නේ 1 වෙනි කොටුව නේද??? එකේ කවුරුත් නැති නිසා අවුලක් නෑ...
ඔය විදියට රවි කාටද දෘෂ්ටි දෙන්නේ... චන්ද්‍රයා කාටද දෘෂ්ටි දෙන්නේ කියල.. ඒ වගේම කුජ කාටද දෘෂ්ටි දෙන්නේ... බුධ කාටද... ගුරු කාටද බැල්ම දාන්නේ... එතකොට ශුක්‍ර කාටද දෘෂ්ටිය දාන්නේ... එවගේම රාහු.. ඇයි කෙතුත් ඉන්නේ.. එයාත් කාටද දෘෂ්ටි දාන්නේ කියලා ඔයාලට කියන්නේ පුළුවන් නේද??? :)
හරි අවුල් වගේ නම අපි ම්ම්ම්ම්ම්.... ගුරු කාටද දෘෂ්ටි දෙන්නේ කියල බලමු... :)

ගුරු ඉන්නේ 5 නේද??
සියලුම ග්‍රහයෝ තමන් ඉන්න රාශියට දෘෂ්ටි දෙනවා කිව්වා නේද???
එහෙනම් ගුරු ඉන්න රාශියේ තව ඉන්නේ කවුද??
කවුරුත් නෑ ..එහෙනම් එයාට තමන්ගේම රාශියේ කියල දෘෂ්ටි දාන්න කවුරුත් නෑ...

එතකොට සියලුම ග්‍රහයෝ තමන් සිටි රාශියෙන් 7 ට දෘෂ්ටි දානවා නේද???
ගුරු ඉන්න 5 ඉඳල පිළිවෙලට ගුරු ඉන්න තැනට අංක එක දීල වාමාවර්තව ගණන් කලාම අංක 7 එන්නේ 11 වෙනි කොටුවට නේද???
11 හේ ඉන්නේ බුධ නේද??
එහෙනම් ගුරු ග්‍රහයා බුධටත් දෘෂ්ටිය දානවා.. :)

හරි තව කිව්වා නේද ගුරු තමන් සිටි රාශියෙන් 5 සහ 9 ට දෘෂ්ටි දානවා කියල....
හරි ගුරුගෙන 5 කියන්නේ මොන කොටුවටද???
9 වෙනි කොටුවට නේද???
ඒකෙ කවුරුත් නෑ... ඒ නිසා අවුලක් නෑ...

එතකොට ගුරුගෙන් 9 වෙනි කොටුව මොකක්ද??
පලවෙනි කොටුව ( ලග්නය ) නේද???
ඒකෙ කවුරුත් නැති නිසා දෘෂ්ටි දෙන්න කවුරුත් නෑ...

ඒ කියන්නේ කලින් කිව්වා විදියට ගුරු දෘෂ්ටි දෙන්නේ බුධට පමණයි.. :) :) :) :)

දැන් අපේ එළකිරි කොල්ලන්ටයි කෙල්ලන්ටයි පුලුඅවන් නේද මේ වගේ අනිත් ග්‍රහයෝ දෙන දෘෂ්ටි ගැනත් කියන්න... :)
ඔච්චරයි ඔය මහ ලොකු දෘෂ්ටි... :)

දෘෂ්ටි ගැන කියල දෙන්නමම ගොඩක් මහන්සි වෙන්න වෙච්ච නිසා මම ඔයගොල්ලන්ට අද කියල දෙන්න හිටපු ධන යෝග ඊළඟ පාඩමට කියල දෙන්නම්... :)
අවුලක් නෑ නේ... :)

ටයිප් කරලම මට මහන්සියි.... :(

මචන්ලා මම මේක කරන්නේ මහන්සි වෙලා උඹල වෙනුවෙන්මයි...
මම මේක මගේ දැනුමෙන් මචන් ලියන්නේ...
මේ එක පාඩමක් ලියන්න ගොඩක් වෙලා යනවා.. :yes:

ඔයගොල්ලන්ට තේරෙන විදියට ගලපලා ලියන්නත් එපැයි...

මම හැම සති අන්තයකම ඔයගොල්ලන්ට පාඩම් දෙකක් කියල දෙන්නම්...

පුළුවන් අනිත් හැම වෙලාවකත් දාන්නම්... :)

ඉතින් මචන්ලා...
අදට පංතිය ඉවරයි...

මේක කියවල නිකන්ම යන්න එපා...

ඔයගොල්ලන්ගේ අදහසුත් ලියල යන්න...

හොඳයි නම් REP + දුන්නටත් කමක් නෑ... :)
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අඩෝ 2වෙනි කොටසත් දාලා නේද? එල මචං :)
Bookmark කරගත්තා,කියවලාම අහන්නම්කෝ තේරෙන්නේ නැති තැනක් එහෙම තිබුනොත් ;)
 
  • Like
Reactions: nj542

nj542

Member
Jul 25, 2007
3,747
28
0
ela ela....
digatama karagena yamu... :)

drishti dammahama grahayonge power eka adu wadi wena hatith dammanam hondai neda? :)
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ela ela machan ! poddak hitapun man rep tiaka anith unta dila ennum :
    "You must spread some Reputation around before giving it to Geethmada again"
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නියමයි මචෝ..... මේක එච්ච‍ර අමාරු ගේමක් නෙමෙයි වගේ නේද?? උඹ කියල දෙන විදිහ නම එල කිරි මචෝ....