අනේ දෙවියනි ඔබ කොහිද ??
ක්‍රිස්තියානිය සහ දෙවියන්
ක්‍රිස්තියානිය එක මහෝත්තම, සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ (Book of revelation) හෙවත් හි 1:8 හා :17 ඡේදයන් මෙසේ පවසයි.” මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද, අවසානයද මමය”. ”මම ඒ ශ්‍රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද, පැමිණී සිටින්නා වූද, පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). ක්‍රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ “පිතා ද (The Father), පුත්‍රයාද (The Son- Jesus), ශුද්ධාත්මයාණන් වහන්සේද (The Holy Spirit)” යන්නය. මේ පැවැත්මට ඔවුන් “ත්‍රිත්වය” (“Holy Trinity”)ලෙස හඳුන්වයි.
ඉස්ලාමය සහ දෙවියන්
ඉස්ලාමයේ ද විශ්වාධිපති යැයි කියන දෙවියන් වහන්සේට අමතන නාමයන් රාශියක් ඇතත් ඉන් ඉතාම වැදගත් නාමය වන්නේ “අල්ලාහ්” යන්නය. එහෙත් ඉස්ලාමය අනෙක් ආගම් ද්විත්වයෙන් වෙනස් වන්නේ මේ දෙවියන්ගේ චරිත ලක්ෂණ ලෙස ඔවුන් ඉදිරිපත් කරන විග්‍රහය අනුවය. අනෙක් ආගම් ද්විත්වය “කාරුණික, සමාව භජනය කරන සුළු, සානුකම්පික, ප්‍රේමාන්විත, දයාබර, පියෙකු වන් දෙවියෙකු දකිතත්” ඉස්ලාමය දකින්නේ “චණ්ඩ, භයංකර, දණ්ඩනයෙන් පාලනය කරන සාහසික” දේව ස්වරූපයකි.
සුරාහ් 6:133 – අල්ලාහ් ට ඇවැසි නම් නුඹව විනාශ කොට ඒ වෙනුවට නුඹෙන් පැවත එන වෙනත් අයෙකු යෙදිය හැක.
සුරාහ් 112 – අල්ලාහ් එකම දෙවියායි (Allahu Akbar). ඔහු හැර දෙවියකු නොමැත. ඔහු සදාකාළිකය. සර්ව සම්පූර්ණය
සුරාහ් 57:3 – ආරම්භයද, අවසානයද, පිටතද, ඇතුළතද ඔහුමය.
….දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….
මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්‍රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.
“මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.
“වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”
නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.